ටෙලිවිෂන් සංස්කෘතිය තුල සාහිත්‍ය කියවීම.

ටෙලිවිෂන් සංස්කෘතිය අප රටට හඳුන්වා දුන් මුල් අවධියේදී ම නිර්මාණ සාහිත්‍ය යන්න ඒ තුළ තිබුණා. ඒත් බොහෝ tv-and-books_000011849370xsmall-203x300දුරටම එය සීමා වුණේ පොතක් හඳුන්වාදීමට, එහෙම නැත්නම් අදාල සාහිත්‍යකරුවා සමඟ කෙටි පිළිසඳරක යෙදීමටයි. මෙතැන ලොකු දෙයක් කරන්න ඉඩක් නැහැ, එහෙමයි ඒ අය එදා හිතුවේ. ඒ අනුව යම් කෘතිිියක් ගැන ගැඹුරු සාකච්ඡුාවකට නොයන තැනක සිටිමින් අති සරල කතා බහකට අපේ ටෙලිවිෂනයේ සාහිත්‍ය කියවීම සීමා වුණා. ඒ විතරක් නෙවෙයි එය සම්මතයක් හැටියටද පිළිගැණුනා.

ඒ වගේම තවත් සීමාවක් තිබුණා. ඒ තමයි ටෙලිවිෂන් සංස්කෘතිය ඇතුලේ සාහිත්‍ය කියවීම යනු තවත් එක වැඩ සටහනකට සීමා වීම. ඒ නිසා විශේෂත්වයකින් තොරව ඒ මොහොතේ හමුවන නිවේදකයෙකු හරහා එම වැඩ සටහන සිදු කරන තරමටම ටෙලිවිෂන් සාහිත්‍ය කියවීම පිරිහුණා. එම වැඩ සටහනට සහභාගිවන සාහිත්‍යකරුවාට කිසිදු සහතිකයක් තිබණේ නෑ, තමන්ගේ සාහිත්‍ය කෘතියට අදාලව ප‍්‍රාමාණිකව කෙසේ වෙතත් අවම අවබෝධයක් වත් ඇති අයෙකු තමන් ඉදිරියේ සිටිමින් තමන්ව මෙහෙය වනවාය යන්න ගැන. නිවේදකයා ද බොහෝ විට සිදු කලේ සාහිත්‍යකරුවාට කතා කරන්නට ඉඩ දෙමින් වැඩ සටහන පවත්වා ගෙන යාමයි. එතකොට මොකක්ද සිද්ද වුණේ? සාහිත්‍යකරුවා තමන් කළාවූ කටයුත්ත ගැන පුනරුච්චාරණයක් ඉදිරිපත් කිරීමයි. ඒ ප‍්‍රතිරාවය අළුත් පාඨකයකුව බිහි කරන්න සමත් වුණේ නැහැ. මොකද එතැන ප‍්‍රශ්න කිරීමක් නැහැ.

use-old-tv-as-dvd-storage-box-1-500x331-copy1.jpg

මෙය වෙනස් විය යුතුයි කියන තැන මම සිටියා. මගේ ඒ වුවමනාව තමයි ”සිරස” ටෙලිවිෂන් නාලිකාවේ Book Mark (මංසල* නිර්මාණය කළේ. ඒ සඳහා කිංස්ලි රත්නායක එහිදී මට ලබා දුන් සහාය අමතක කළ නොහැකියි. ඒ සඳහා ඔහු මට විනාඩි දහයක කාලයක් ලබා දුන්නා. පොතක් යැයි කියූ පමණින් අපට සිහිපත් වෙන චිත්ත රූපයක් හෝ රූප තියෙනවා. කුඩා වියේ ඉඳළම අපි එය හඳුනා ගත්ත විදිහක් තියෙනවා. ඒත් ටෙලිවිෂන් එක කියන්නේ විෂුවල් මීඩියා එකක්. එතකොට ඒ රූපමය මාධ්‍යය පොතක් හඳුනාගන්නේ අර කීව විදිහට අප එය හඳුනාගන්නා ආකාරයට නෙවෙයි. ඒ අනුව ටෙලිවිෂන් එකෙන් සාහිත්‍ය කියවීම යනු වෙනස්ම භාවිතාවක්. ඒත් ඒ වෙනස් භාවිතාවට කිසිම අයිතියක් නැහැ සාහිත්‍ය කෘතියකින් පාඨකයා තුල අවදි වන පරිකල්පනීය චිත්ත රූප විනාශ වන ආකාරයට හැසිරෙන්න. ඒ නිසා ටෙලිවිෂන් එකේ රූප වින්‍යාශය තුළට සාහිත්‍ය කියවීම ගොනු කිරීම හරිම ප‍්‍රවේශමින් කල යුත්තක් වෙනවා. බොහෝ සාහිත්‍ය කෘති සිනමාවට නැගූ පසුව බොහෝ විට අසාර්ථකවී තිබෙනවා. ඊට හොඳ උදාහරණයක් තමයි මාර්කේස් ගේ ”කොළරා කාලේ ආලේ” නවකතාව. එය සිනමා කෘතියක් බවට පත් වූ තැනදි නවකතාවක් වශයෙන් එය ලබාගත් ජනප‍්‍රියත්වය ඒ ආකාරයටම ලබා ගැනීමට අසමත් වෙනවා. මෙවැනි උදාහරණ ඔස්සේ අප තේරුම් ගත යුතු දෙයක් තමයි පාඨකයාට චිත්ත රූප ලබා දෙන සාහිත්‍ය කෘතියක් දෘශ්‍ය රූප බවට හැරවීමේදී අප බෙහෙවින් ප‍්‍රවේෂම් විය යුතුය කියන කාරණය. ඒ වගේම ඒ වෙනුවෙන් අපට පාඨකයකු ගේ සහ දෘශ්‍ය මූලික කලා ශිල්පියෙකුගේ අත්දැකීම් අවශය වෙනවා.

bits-sloan-tmagarticle-copy-copy.jpg

(මීළඟට – තාක්ෂණික ශිල්පයක එන සංස්කෘතික කියැවීම)

14344684_10208635588701380_4323605925545686295_n

 

පරාක‍්‍රම ඒකනායක.

 

 

Views –  1,823

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s