බලය, බලය සහ බලය

BNM

59850-004-10CCAF3C.jpgඇතැමුන්ට අනුව ඔහු ලොව සිටින අග‍්‍රගන්‍ය දාර්ශනිකයා ය. මේ අතර පශ්චාත් නූතනවාදී අදහස් ප‍්‍රවාහයේ මූල පද්ධතිය ලෙසින් ද ඔහුව හඳුන්වන්නෝ ද වෙති.අප මෙසේ කතා කරන්නේ ජර්මන් ජාතිකයෙකු වන මහාචාර්ය ෆෙඞ්රික් නීට්ෂේ ගැනය. නමුත් ප‍්‍රස්තුථය ඔහුම නොවේ.

නීට්ෂේ ට අනුව ලෝක පැවැත්ම යනු බලය අත්පත් කර ගැනීම විෂයයික සනාතනික අරගලය මිස අනෙකක් නොවේ. කොටින්ම කිවහොත් අද්‍යතන සමාජ පුරුෂාර්ථ වශයෙන් අද අප හ\ුණාගන්නේ ද බලය හා ගනුදෙනු කරන අදහස් මෙන්ම ආකල්ප සමූහයකි.

ඒත් සමඟම පශ්චාත් නූතනවාදී අදහස් ගැන ද කතා කිරීමට සිදු වී තිබේ. මේ අදහස් අදටත් අප උූපයෝගී කර ගන්නේ සාහිත්‍යය හා බැඳුණු විචාර සංස්කෘතියක් හැටියට වුණත් විශේෂයෙන්ම බටහිර සමාජයට අදාලව එය වනාහි පූර්ණ වශයෙන්ම සමාජ සංස්කෘතික පතිසංස්කරණයකි. යුද ගැටුම්, ආගමික අධිපතිවාදය, ඒ නිසා උපන් සමාජ අරාජිකත්වය, බලය පිලීබ ප‍්‍රතිගාමී දේශපාලන අර්ථ නිරූපණ හමුවේ ඊට මුහුණ දීම සහා එවැනි සමාජ සංස්කෘතික මතු නොව කලාව සම්බන්ධයෙන් සාධනීය අර්ථ නිරූපණයක අවශ්‍යතාව එදා යුරෝපය හමුවේ පැවතිණි. එමෙන්ම බලය පිළිබශක්තිමත් වූත්, සාධනීය වූත් අර්ථ විග‍්‍රහයක් ද ඔවුහු සෙවුහ. පශ්චාත් නූතනවාදී අදහස්හි නැඟීමත්, නීට්ෂේගේ බලයනම් වු දාර්ශනික විග‍්‍රහයත් මතු වන්නේ මෙවැනි පසුබිමකින්ය යන කරුණ මෙහිදී අමතක නොකළ යුතුය.

e345e841982418cc3c1c1460c27e02ae
Jacques Derrida

කෙසේ වෙතත් පශ්චාත් නූතනවාදී අදහස් ලෝකයට ලැබීම සම්බන්ධයෙන් නීරස කතාවක් ද තිබේ. සදය උපහාසයක්ද දනවන ඊට අනුව එක් ආචාර්යවරයෙක් සිය ශිෂ්‍යයෙකු ද සමඟ පාළු බිමක් මැදින් ගමන් කරමින් සිටියේය. ගමනේ පාළුව මකා ගන්න කුමක් සාකච්ඡුාවක් තිබුණි නම් මැනැවයිි සිතූ ආචාර්යවරයා ඒ බව සිය සිසුවාට ද දැනුම් දී ඇත. ශිෂ්‍යයා කළේ තමන්ගේ උපාධියට එන මාතෘකාවක් ඒ සහා නම් කිරීමය. ආචාර්යවරයාද ඒ ගැන කතා කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වී ඇත්තේ ඊට අදාලව හැදැරීමක් ඔහු කර තිබූ නිසා ය. ඒ නිසා ආචාර්යවරයා ඒ ගැන කතා කරන්නට වු අතර ශිෂ්‍යයා ද ඊට සවන් දෙමින් පසු පසින් පැමිණ ඇත. යම් දුරක් එසේ යද්දී සිසුවා දිගටම නිහඬව සිටින්නේ මන්දැයි විමසා බැලීමට ආචාර්යවරයා පසු පසට හැරෙද්දී ශිෂ්‍යයා ඒ අහලකවත් නැති බව දැක තිබේ. පාළු බිමක දෙසුමක් පවත්වන තැනකට අප මහාචාර්යවරයා පත් වී සිටියේය.

සාම්ප‍්‍රදායික වැඩවසමිවාදී අදහස්වල සීමාවන්ට එරෙහිව නූතන වාදයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජේම්ස් ජොයිස්, වර්ජිනියා වුල්ෆ්, එස්රා පවුන්ඞ් වැන්නවුන් අසීරුවකින් තොරව නම් කළ හැකි යැයි පැවසේ. යටත් විජිත සමයේ දී සිවිල් නිලධාරියෙකු ලෙසින් මෙරටට පැමිණෙන ලෙනාඞ් වුල්ෆ් අධිරාජ්‍යවාදයට ගැති නොවු සිවිල් නිලධාරියෙකුගේ ලක්ෂණ පෙන්වන්නේ ඔහු ද ඒ අදහස් මැදින් මෙරටට ආ නිසා ය. විශේෂයෙන්ම වික්ටෝරියානු සුචරිතවායේ නිර්මාණශීලි නොවූ නියෝග බඳු

james-joyce
James Joyce

අදහසු් හා මතවාද හේතු කොට ගෙන නව ප‍්‍රගතිශීලි සමාජ සංස්කෘතික මතවාදයන්ට ඉඩ ඇහිරී තිබූ එකල ඊට එරෙහිව නව්‍ය වාදය වෙනුවෙන් පෙනී සිටිමින් නූතන වාදීන් සිදු කොට ඇත්තා වූ ඒ මෙහෙය අමතක කළ නොහැක්කකි. වැදගත් වන්නේ ඒ වෙනුවෙන් ඔවුන් ඇති කළ බුද්ධි ප‍්‍රබෝධය යි. ඇතැම් විචාරකයෙකුට අනුව එකී නූතනවාදය පශ්චාත් නූතනවාදය තරම් කලහකාරී වුයේ ද නැත. අනිත් අතට පශ්චාත් නූතනවාදීන් සිය ආයුධ මුවහත් කළේ නූතනවාදයේ අර කීව බුද්ධි ප‍්‍රබෝධයට ද එරෙහිව ය.

ඒ කොයි හැටි වුණත් නීට්ෂේ, හයිඩෙගර් වැනි දාර්ශනිකයන්ගේ ඉදිරිපත් කිරීම් සහ විග‍්‍රහයන් ද පශ්චාත් නූතනවාදයට සැලකිය යුතු ගාමකත්වයක් ලබා දී තිබේ. ඒ හැරුණු කළ ජින් ලියොටාඞ්, ජෙම්සන් ඩෙරීඩා වැන්නවුන්ගේ අදහස් එය පෝෂණය කොට තිබේ. මේ ආකාරයට අදහස් මෙන්ම මතවාද වශයෙන් පුළුල් සංග‍්‍රහයක් ඒ නිසා ලෝකයට ඉදිරිපත් වුණද ඒ සියල්ල සමඟින් පශ්චාත් නූතනවාදීන් ලෝකයට ලබා දෙන විග‍්‍රහය කුමක්ද? යන පැනයට ප‍්‍රමාණවත් පිළිතුරක් ලබා දීමට ඔවුන් අසමත්ය යන්න, අදටත් ඔවුන්ට එරෙහිව ඇති අවලංගු නොවූ චෝදනාවකි. මේ අතර නූතන වාදයට එරෙහිව ක‍්‍රියාත්මක වීම ස\ුහා බිහි වූ ව්‍යාපාරයක් වශයෙන් ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂය ඔවුන්ව දකී. එය වඩාත් වැඩි අවධානයකට යොමු කරන වෙනත් විචාරක කියමනකට අනුව පශ්චාත් නූතන වාදය බිහි වන්නේ නූතන වාදය සුන්බුන් කරමිනි.

nietzsche-zwart.jpg

මේ අනුව පශ්චාත් නූතනවාදීන් මුලින්ම පහර දුන්නේ නූතනවාදීන්ගේ සම්භාව්‍ය වර්ගීකරණයටයි. කලාවට එවැනි උස් පහත් භේදයක් අවශ්‍ය නැතැයි ඔවුහු කීහ. චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට කලාගාරයක් අවශ්‍යම දැයි විමසූ ඔවුහු එය සාප්පු සංකීර්ණයක් තුළ පැවැත්වීමෙන් කිසිම අවුලක් ඇති වෙන්නේ නැතැයි ද කීහ. එවිට බටර් හෝ චීස් හෝ එවැනි

ezra-pound
Ezra pound

පාරිභෝගික ද්‍රව්‍යයක් මිළට ගන්නා අයෙකුට සිය පාරිභෝගික පැවැත්මෙන් එහාට ගොස් කලා රසිකයෙකු වීමේ අවස්ථාව ද හිමි වේ. කෙසේ වුව මෙය විවේචනය ට ලක් වේ. එහිදී පෙන්වා දී ඇත්තේ කලාව නම් වූ නිර්මාණාත්මක සංසිද්ධිය පවත්නා නව වාණිජ්‍ය හසිරීමත් සමඟ සමානුපාතිකව සලකා බැලීමක් එමඟින් සිදු කොට ඇති බවයි. කෙසේ වුව පශ්චාත් නුතනවාදී කියවීම් තුළ අපේ අවධානය දිනා ගන්නා තැන් ද තිබේ.

ඒ අනුව විලියම් ශේක්ස්පියර් ගැනෙන්නේ එක් සම්භාව්‍ය කලා යුගයක් නියෝජනය කරන්නෙකු හැටියටය. එකී සම්භාව්‍ය කලා යුගය විසින් ඔහුව නිර්මාණය කොට තිබේ. ඒ එකී යුගයේ රස විනිශ්චය ස\හා ය. නමුත් කාලයේ වෙනස් වීම හරහා ඉතිහාසයට එකතු වෙන උක්ත කාලය ක‍්‍රමානුකූලව ”ශේක්ස්පියර් යුගය” නමින් හඳුණා ගනියි. අභිවන්දනය කෙරේ. අවසානයේදී අද්‍යතන කාලයේ හැසිරීම් හමුවේ ශේක්ස්පියර් අවලංගු සාධකයක් බවට පත් වේ. එය හිස් වීමකි. පශ්චාත් නූතනවාදීන් පෙන්වා දෙන්නේ එකී හිස් වීමට එරෙහිව වෙනස් ක‍්‍රියා මාර්ගයක් අවශ්‍ය බවයි. ඔවුන්ගේ හැසිරීම අපට පෙන්වා දෙන්නේ ඒ අවශ්‍යතාවයයි.

එතැනදී ”වෙනස් වීම” වැදගත්ය. ඒ අනුව අතීත සම්භාව්‍යත්වයට තව දුරටත් ආදේශක අවශ්‍ය නැත. ඊට ආදේශක

vbelllwoolf
leonard woolf

සැපයීම හෝ ඊට සම වෙන්නට තැත් දැරීම හෝ නිෂ්ඵල කටයුත්තක් වේ. පසුව ඔවුන් ඒ ආකාරයෙන් සම්භාව්‍යත්වයට එරෙහි වීම දර්ශනයක් බවට ද පත් කර ගනියි. එතැනදී සම්භාව්‍යත්වය යන්න සීමාවක් ලෙසින් ගැනීමට ඔවුහු කටයුතු කරති. කලාවට තවදුරටත් එවැනි සීමාවක් තුළ කොටු වීමක් අවශ්‍ය නැත. අනිත් අතට එවැනි සම්භාවනීයත්වයක පැවැත්ම ආරක්ෂා කළ ඒ ප‍්‍රාග්ධන පරිසරයද අද නැත.වෙනස් වන්නා වූ සමාජාර්ථික හැසිරීම් හමුවේ කලාවේ හැඩ තල ද වෙනස් වන්නේ ය. පශ්චාත් නූතනවාදීන් ඒ වෙනස සිදු කලේ කෙසේද යන ප‍්‍රශ්නයට හිමි පිළිතුර වෙනම හැදුරීමක් වේ. එතැනදී ඊට අදාල සෙසු සාධක අතර ”බලය” සාධකයක් වශයෙන් ප‍්‍රධාන වන බැව් පෙනේ.

ෆෙඞ්රික් නීට්ෂේ යන ශේක්ස්පියර්ගේ හැම්ලට් හෝ ඔතෙලෝ වැනි චරිතයක් නොවේ. ඔහු ඉදිරිපත් කෙරෙන බලය නම් වූ කියැවීම තමන්ගේ සම්ප‍්‍රාප්තියට සුදුසු ගමන් මාර්ගයක් බවට පත් කර ගැනීමට පශ්චාත් නූතනවාදීහු කටයුතු කළහ. ඒ අනුව සම්භාව්‍ය යුගය තුළ දී ටොයිලට් පේපර් එකක ඇති වර්ණය සහ සිතුවම නව්‍ය කලා ප‍්‍රකාශනයක් ලෙසින් ගැනීම සමාජ සංස්කෘතික වශයෙන් පමණක් නොව දේශපාලනික වයෙනි ද මර්දනයකට අත වනා ගැනීමක් ව තිබියදී ඔවුහු ක‍්‍රියාත්මක වූහ ඒ අනුව කලාවේ බලපෑම නමින්

virginia-woolf
Virginia Woolf

එතෙක් වූ හඳුණා ගැනීම ”කලාවේ බලය” වශයෙන් අර්ථ නිරූපණය විය. එය බල අරගලයකින් උපන් ප‍්‍රතිඵලයක් වේ. ඔවුන්ට අනුව ෙලෙංගිකත්වය යනු තවදුරටත් රහස්‍යතාවක් හෝ පාපයක් නොවිය යුතුය. වික්ටෝරියානු සදාචාරය අනුදත් ආකාරයට ජීවිතයේ පාපී ම මොහොත ගත කරන කලෙක මෙන් එය කරුවල කාමරයක් තුළ කරන කටයුත්තක් නොවිය යුතු යැයි ද ඔවුහු කීහ. කෙසේ වෙතත් ඔවුන් නරකම තත්වය ලෙසින් දුටුවේ ඒ අඳුරේ සැඟවුණු ෙලෙංගිකත්වය යන තනි සාධකයම නොවේ. සම්භාව්‍ය යුගයේ දී උසස් ය පහත් ය යනුවෙන් කලාව බෙදා දැක්වූ ආකාරයටයි. ඔවුන්ගේ විග‍්‍රහයට අනුව කලාව යනු අනුක‍්‍රමික ගලා යෑමක් වේ. ඒ අනුව සම්භාව්‍ය පරිසමාප්තිය ඒ නිදහස් ගලා යෑමට බාධා පමුණුවන්නකි. තවත් ආකාරයකට කියනවා නම් පරිසමාප්තියක් යනු ගලා යෑමක් අත්හිටුවන්නා වු සංවෘත සංසිද්ධියක් වේ.

ඇත්තම කියනවා නම් මෙය බටහිර ඉතිහාසය තුළ ඇති වු සමාජ සංස්කෘතික කැ?ල්ලකි. ඒ අනුව පශ්චාත් නූතනවාදී අදහස් කියවිය යුත්තේ විශේෂයෙන්ම යුරෝපා ඉතිහාසයත් සමඟය. එහි සැබෑ අරුත් මතු කරගත හැක්කේ එවිටය. කෙසේ වෙතත් කලාවක් වශයෙන් එහි භාවිතාව ගැන ප‍්‍රංශ දාර්ශනික ලියෝටාඞ්ගේ යට දැක්වෙන කියුමද පශ්චාත් නූතනවාදය සම්බන්ධයෙන් වැදගත් හ\ුණා ගැනීමක් වේ.

”එය අනෙකක් නොව මහා ආඛ්‍යානයෙන් ඉවත් වෙමින් සුළු ආඛ්‍යානයට පිවිසීමක් වේ.”

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Views – 1.524

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s