රට මැද සුනාමිය

ඊළඟට එළැඹෙන්නේ දෙසැම්බර් මාසයයි. අපේ කාලයේ ඛේදවාචකයක් වූ ත්සුනාමි නම් සාගර භූ කම්පනය ඇති වූ මාසයයි. මෙතෙක් කාලයකට ජපන් නාමයෙන් හැඳින්වුණ ඒ ස්වාභාවික ව්‍යසනය එම පාරිසරික කලාපය හා බැඳී පැවතුණත් අද වන විට ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිත භූ කලාපය ද ත්සුනාමි අවදානමක් සහිතය යනුවෙන් නම් කොට තිබේ. වසර කීපයකට පෙර ලද ඒ බිහිසුනු අත්දැකීම නිසාම අප අදටත් දෙසැම්බරය පිලිගන්නේ භීතියත් ශෝකයත් එකට මුසු වු හැඟීමකිනි. නත්තල් ප‍්‍රීතිය පවතින්නේ ඊට පසුපසිනි.dsc06021-e1292411149120-1

එහෙත් මේ මොහොතේ දී අපගේ අවධානය යොමු කෙරෙන්නේ රට වට සාගර කලාපය තුල සැඟ වී ඇති ඒ ත්සුනාමි අවදානම ගැන නොවේ. ඊට වෙනස් තත්වයක් ගැන ය. එය ඇත්තේ රට මැද ය. ඒ අනුව ඇති විය හැකි භූ කම්පන තත්වයක් හමුවේ මහා ජල ප‍්‍රවාහයකින් භූමිය සේදී විනාශයට පත් වීමේ අවදානමකට කඳුකරය අද මුහුණ පා තිබේ. එය සිදු වන්නේ කඳුකරයේ භූගත පිහිටීම් ගැන නිරාකූල අවබෝධයකින් තොරව කඳුකරය පුරා ඉදි කොට ඇති දැවැන්ත වේලි සහ කොන්ක‍්‍රීට් ජලාශ හේතු කොට ගෙන යැයි භූ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ අද ඊයේක සිට නොවේ. ඉනුත් මහාචාර්ය පී. ඩබ්. විතානගේ සිදු කොට ඇති පෙන්වා දීම වඩාත් වැඩි අවධානයකට ලක් වී තිබේ. ( cd41c4135b10a7b6f4a7cd8ce2e9703eලියුම්කරු ද ඔහුත් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡුාවක් පවත්වා තිබේ.*

මහාචාර්ය විතානගේ පවසන අන්දමට විශේෂයෙන්ම කඳුකර භූ ගර්භය තුළ භූ පැල්මවල් වශයෙන් හඳුණාගත හැකි පිහිටීම් තිබේ. මෙම පිහිටීම් භූමියක යථා පැවැත්ම සම්බන්ධයෙන් අවශ්‍යම තත්වයක් ද වේ. එමෙන්ම මෙවැනි පිහිටීමක් සහිත භූ ව්‍යුහයක් තුළ තෙල් නිධි හට ගැනීමක් ද සිදු විය හැකි යැයි මහාචාර්ය විතානගේ පැවසුවේය. නමුත් මැද පෙරදිග තෙල් කලාපයට හා සමාන තත්වයකින් අපගේ භූ කලාපය තුල ද තෙල් නිධි නිර්මාණය වීමක් ගැන ඔහු එයින් අදහස් කළේ යැයි පැවසීමට පුළුවන් කමක් නැත. ඇත්ත වශයෙන්ම ඔහුගේ පෙන්වා දීම වුණේ එවැනි භූ කලාපයක ඇති විය හැකි භූ නිර්මාණාත්මක වෙනස්කම් ගැන ය.

කෙසේ වුව මෙතැනදී වැදගත්ම අවධාරණය වන්නේ එම භූ පැල්මවල් අදාල කලාපයේ ස්ථාවරත්වය නිර්මාණය කරනවා z_jun-p11-natural-disastersය කියන කරුණයි. ඒ නිසා ම ඒවා මත විශාල වූත් කෘතීම වූත් බරක් පටවා තැබීම නොකළ යුත්තක් වේ. නමුත් උඩරට කඳුකරයේ ඉදි කොට ඇති දැවැන්ත කොන්කී‍්‍රට් ජලාශ පැහැදිලි වශයෙන්ම අනාගත අවදානමක් බවට පත් වන්නේ මෙම පසුබිම තුළ ය. ඒ ආකාරයට භූ පැල්මක් මත එවැනි ජලාශයක් ඉදි වීමෙන් සිදු වන්නේ එම දැවැන්ත ජල ස්කන්ධය යට කී භූ පැල්මට අසීමිත තෙරපුමක් හෙවත් පීඩනයක් ඇති කිරීමයි. භූ ගතව ඇති කෙරෙන එකී තෙරපුම හෙවත් පීඩන පසු කාලීනව භූ කම්පන තත්ව ඇති කිරීමේලා හේතු විය හැකි යැයි ඔහු පැවසීය. මහාචාර්ය විතානගේ එසේ ප‍්‍රකාශ කරන්නේ ලංකාව භූ කම්පන අවදානම් කලාපයකට ඇතුළත්ව නො තිබු කාල වකවානුවකය යන කරුණ ද මෙහිදී මතක තබා ගැනීම වැදගත් ය. කෙසේ වෙතත් අද වන විට උඩරට කඳුකරය ඉතා පැහැදිලිවම භූ කම්පන අවදානමක පවතින පසුබිමක මහාචාර්ය විතානගේ කී ඒ කියුම කොහෙත්ම නොසලකා හැරිය නොහැකි තත්වයක පවතී.

මෙසේ බලන විට පසුගිය කාලය පුරාම සංර්ධෙයේ නාමයෙන් අප හමුවේ නිර්මාණය වී ඇත්තේ බරපතල අන්දමේ ආපදාවන්ය. වෙනසකින් තොරව දැනට සිදු වෙමින් පවතින්නේත් ඒ දේම ය. ඊට ගොදුරු වීම හැරෙන්න වෙනත් විකල්පයක් ජනතාවට ඉතිරි වී නැත.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Views – 1,994

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s