Congratulations to Our time Hero

මා ලද ඇගයුම් සම්මානයේ හේතු පාඨය මා හට ලැබුණු ආකාරයෙන්ම මිතුරන්ගේ දැනගැනීම පිණිස මෙළෙස මුහුණු පොතට එක් කරමි – “දශක හතරකට වඩා ඉහතදී කලාකරුවෙක් ලෙස පරාක්‍රම නිරිඇල්ල නිර්මාණ ක්‍රියාකාරීත්වයට එළඹෙන්නේ ප්‍රබුද්ධ හා සාධාරණ සමාජයක් සඳහා වූ පුළුල් අරමුණක් සහිතවය. 1974 දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම වීදි නාට්‍ය කණ්ඩායම ගොඩනැගීමට දායක වෙමින් එහි සංවිධායකවරයා ලෙස දුෂ්කර මෙහෙවරකට උරදීම සැම අතින්ම සංකේතාත්මකය. ඉන්පසු ඔහු වේදිකා නාට්‍යයද ,සිනමාවද, ටෙලිනාට්‍යයද යන සැම ඉසව්වකම එක සේ නියැලෙමින් දැවැන්ත සහ විශිෂ්ට නිර්මාණ රැසක් ජාතියට තිලිණ කරන්නේ ජාතික මෙන්ම ජාත්‍යන්තර සම්මාන ගණනාවකට හිමිකම් ලබමිනි. ඒ අතර වඩාත් දිගු කාලයක් මහත් කැපවීමෙන් ඔහු ක්‍රියාකාරිවූ කේෂ්ත්‍රයවන වේදිකා නාට්‍ය උදෙසා ශ්‍රී ලංකාවේ වාර්ෂික රාජ්‍ය නාට්‍ය උළෙලේ පිරිනැමෙන විශිෂ්ටම අධ්‍යක්ෂ සඳහා වූ සම්මානය ඔහුට පිරිනැමුණේ වරක් දෙවරක් නොවේ ; හත් වාරයකි.
මෙම ප්‍රබුද්ධ කලාකරුවා ජනවාර්ගික ඝට්ටනය සහ යුද්ධ සන්දර්භය තුළ ක්‍රියාකාරි වූ ආකාරය අනාගත ශ්‍රීලාංකික කලාකරුවන් වෙනුවෙන් ඉහළම පුර්වාදර්ශයක්ද, සියලු පුරවැසියන් වෙනුවෙන් උත්කෘෂ්ට සදාචාර ප්‍රතිරූපයක්ද සපයා ඇත. 2003 වර්ෂයේදී ඔහු නායකත්වයට උරදී ගොඩ නැගූ ජනකරලිය ජංගම රඟහල එහි අන්තර්ගතයෙන් මෙන්ම ආකෘතියෙන්ද ඔහුගේ සමාජ සංස්කෘතික චින්තාවේ ද නිර්මාණ ක්‍රියාකාරිත්වයේද මුදුන් මල් කඩ ලෙස සැලකිය හැකිය. ම්ලේච්ඡ් යුද්ධ සන්දර්භය තුළ කරන්නට නොහැකි ලෙස පෙනෙන සහජිවනාත්මක සංස්කෘතික ආකෘතියක් ඔහුජන කරලිය තුලින් ශ්‍රී ලංකාවට දායාද කළේය; ලංකාවේ නන් පෙදෙස්වලින් පැමිණි සිංහල දෙමල භාෂික විවිධ සංස්කෘතික සම්ප්‍රදායයන් තුල හැදුනු වැඩුණු තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන ජනකරලිය සෙවනට ගෙන ඔවුන් පුහුණු කර ලංකාවේ ප්‍රථම ද්විභාෂික නාට්‍ය හා රංග සම්ප්‍රදායයක් ගොඩ නැගීම ඔහු කල විශිෂ්ටම ජාතික කාර්යයයි.
මෙලෙස සිය කලා සහ සංස්කෘතික ක්‍රියාකාරිත්වය හරහා සාමකාමී සහජිවනාත්මක සමාජයක් සඳහා පරාක්‍රම නිරිඇල්ල දශක හතරකට අධික කාලයක්`නොකඩවා සාර්ථකලෙස ඇප කැපවිය. දැන් ඔහු සිය සමාජ මෙහෙවර තවත් ඉතා වැදගත් ජාතික අරමුණක් වෙනුවෙන් කැප කරමින් සිටි. සහජිවනාත්මක සමාජයක් ගොඩනැගීම උදෙසා රටට දියුණු ජාතික කලා හා සංස්කෘතික ප්‍රතිපත්තියක් අවශ්‍යයයිද ඒසඳහා සමාජය බලමුළු ගැන්වීම අවශ්‍ය යයි ද සිතන කලා කරුවන් පිරිසක් හා එක්ව ඔහු කලා හාසංස්කෘතික ප්‍රතිපත්ති ඒකකය නම් පුරවැසි ආරම්භය හරහා අලුත් ඉදිරිගාමී පියවරක් තබා ඇත.”

Parakrama Niriella
Artistic/Chief Executive Director
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s