ඔහුගේ මරණය හෙවත් පොදු සමාජ කලාකරුවාගේ ඉරණම

අපේ අතීත කලාව, සාහිත්‍යය සංස්කෘතිය ජාතික වූ වටිනාකමක් සමඟයි අපට දකින්නට ලැබෙන්නෙ. විශේෂයෙන්ම සිනමාව සහ නාට්‍ය ප‍්‍රබෝධයක් තිබු එකල ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ ප‍්‍රාග්ධන හිමියන් ද තමන් තෝරා ගත් කලා මාධ්‍යය av-14-1ගැන ඇල්මකින් පසු වුණ බවක් ද පෙනී යනවා. මේ සියලූ කාරණා හමුවේ කලාවත්, ඒ කලාවේ නියැලූණු ශිල්පීනුත් කේන්ද්‍ර කරගත් සමාජ සංස්කෘතියක් ද නිර්මාණය වෙනවා. ඒක හරිම සුන්දර ප‍්‍රවණතාවක්. නමුත් මෙතන තියෙන ප‍්‍රශ්නය තමයි එසේ බිහිවුණු ඒ කලා ශිල්පීන්ගේ ජීවිත පැවැත්මට සරිලන ආකාරයේ සමාජ ආරක්ෂණ ?කවරණයක් ලැබුණාද කියන කාරණාව.

මිනර්වා නාට්‍ය සමාගම, වැනි ව්‍යාපාරික සමාගම්, බී. ඒ. ඩබි. ජයමාන්න වැනි චරිත හරහා ගොඩ නැඟුණු ඒ යුගය පසු කාලීනව ඇති වුණු සමාජාර්ථික වෙනස්කම් හමුවේ අප අතරින් ඈත් වී යනවා. ඒත් සමඟම ඒ තුළ ජීවත් වූණු ශිල්පීන් සතුව පැවැති ආර්ථික පැවැත්ම ද ඒ අයට අහිමි වෙනවා. එහි ප‍්‍රතිඵලය තමයි ඒ නව සමාජාර්ථික වෙනස්කම් හමුවේ මේ කලාකරුවන් අසරණ වීම. උදාහරණයක් හැටියට රුක්මණී දේවි ව ගත්තොත් ඇය අවසාන කාලය ගත කලේ අර කීව අසරණකමත් සමඟයි. නමුත් ඒ වන විටත් ඇය අපේ රටේ නිළි ?ජින. ජනපි‍්‍රයම ගායිකාව. එවැනි පසුබිමක් තුළ අත පාන්න, ආයාචනා කරන්න වැනි දේකට යන්න ඇයට පුළුවන්කමක් ද නැති බව පැහැදිලියි. ඒ නිසා කඳුළු අතරින් සිනාසෙනවා වැනි තත්වයකට තමයි මේ කලාකරුවන් පත් වුණේ. ස්ථිර ආදායම් මාර්ගයක් නැතිව අනාරක්ෂිත සමාජ පැවැත්මක් ඇතිව රුක්මණි දේවය ලැබූ ඒ ඉරණම ගැන මේ රටේ සංස්කෘතික බලධාරීන් දැන සිටියාද කියල නං මම දන්නෙ නෑ.

විමල් කුමාර ද කොස්තාගේ මරණය අපට පෙන්වා දෙන්නේ අදටත් මේ තත්වයේ වෙනසක් නැති බවයි. මේ කලා ශිල්පීන් නිසා මුදල් ආයෝජනය කළවුන් උපරිම මුදලක් උපයා ගත්තා. ඒක නැහැයි කියන්න බැහැ. නමුත් ඊට සාපේෂව මේ කලාකරුවන්ට ලැබුණ ජීවිත ආරක්ෂාව කුමක්ද? එහෙම වැඩ පිලිවෙලක් අදටත් නැහැ.

විමල් කුමාර ද කොස්තාගේ මරණය අපට තවත් කරුණක් සිහිපත් කර දෙනවා. ඒ තමයි මේ සමාජ පංතියෙන් ආපු කලාකරුවෝ නිර්මාණකරණයේ යෙදිලා තියෙන්නේ තමන් සතුව පාග්ධනයක් කෙසේ වෙතත් ප‍්‍රමාණවත් මුල්‍ය වත්කමක් හෝ තිබුණු පසුබිමක නොවේය කියන කාරණය. උදාහරණයක් හැටියට කිව්වොත් පහුගිය කාලයේ දි මෙරට නාට්‍ය කරුවෝ ඒ කටයුතුවල යෙදුනේ වෙනත් ?කියාවක් කරන අතරවාරයේදීයි. එහෙම ?කියාවක් කරලා ලබා ගත් fbb67434වැටුපෙන් තමයි කලා කටයුතුත්, සිය පවුල්වල කටයුතුත් යන මේ දෙකම කරගෙන තියෙනිනෙ. ඒත් එහෙම ?කියාවක් හෝ නැති ව හුදෙක් රඟපෑමෙන් හෝ වෙනත් ශි්ල්පයකින් පමණක් ලද ආදායමකින් ජීවත් වූ කලාකරුවන් පිරිසක් ද මේ අතර හිටියා. විමල් කුමාර ද කොස්තා කියන්නෙ එහෙම කෙනෙක්.

එවැනි අනුවේදනීය උදාහරණ ඕනෑ තරම් තියෙනවා. කැළණිය ප‍්‍රදේශයේ හිටියා ප‍්‍රසිද්ධ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේම කැමරා ශිල්පියෙක්. තමන්ගේ නිර්මාණ වෙනුවෙන් සම්මාන පවා හිමි කරගත් මේ පුද්ගලයා අවසාන කාලයේ දී කෑමට යමන් සොයා ගන්න තමන් සතුව පැවැති කැමරා ආමිපන්න උපකරණ පමණක් නොව සම්මාන ටික පවා විකුණලා තියෙනවා. ඒ සියල්ලම අහිමි වූ තැන හිඟා කාලත් තියෙනවා. විමල් කුමාර ද කොස්තා මුහුණ පාන්නෙත් ඒ සමාන ඉරණමකටම තමයි. වරක් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඔහුට යම් ප‍්‍රතිපාදනයක් ලබා දිය හැකි දැයි සොයා බලන්නටය කියා මට මතක හැටියට සිරි කහවල, කොස්තාගේ ලිපිනය ඉල්ලා සිටි අවස්ථාවේ දී මා ඔහුට එය දුන්නත් ඒ ගැන සොයා බලන්න මට බැරි වුණා. නමුත් මා සිතන්නේ එහෙම යමක් ඉල්ලා ගෙන කොස්තා යන්න නැතුව ඇති. එහෙම වුනත් ඒ වෙන කොටත් හුඟක්ම ආර්ථික අමාරුකම් මැද යි. මා දන්නා තරමින් ඔහු ජීවත් වෙලා තියෙන්නෙ. තමන්ගේ ළමයින්ටවත් අධ්‍යාපනයක් ලබා දෙන්න මේ නිසා ඔහුට බැරි වුණා. කවුරු හරි කියනවා නම් ඔහු බීමට ඇබ්බැහිවෙලා හිටියාය කියල ඔව් ඒක ඇත්තක්. නමුත් එහෙම වුණේ ඇයි? තමන්ගේ ජීවිතයේ බර දරාගන්න පුළුවන් තැනක ඔහු සිටියේ නැහැ ඒ වෙන කොට. ඒ කරුණ මඟ හැරලා අපි අර කාරණාව විතරක් මතු කරන එක වැරදියි.

ujk.jpg

cine-taru-04

මෙතන තියෙන්නෙ පුද්ගල දුර්වලතාවක් පිළිබඳ කතාවක් නෙවෙයි. විමල් කුමාර ද කොස්තා වැනි චරිත කලාකරුවන් බවට පත් වෙන්නෙ මුලික ධනයක් ඇති සමාජ පංතියකින් ඇවිත් නෙවෙයි. ඒ නිසා ඒ අයගේ ඉරණමත් සමඟ සමාජ විග‍්‍රහයක් ද තිබෙනවා. අද විශ්ව විද්‍යාලයක් වන විද්‍යාලංකාර පිරිවෙන ආශ‍්‍රිතව ඔහු ජීවත් වූ කාලයක් ද තිබුණා. 71 කැ?ල්ල නිසා වසා දමා තිබු පිරිවෙන නැවත විවෘත කළාට පසුව විමල් කුමාර ද කොස්තා නිතර එහි යන එන පුද්ගලයෙකු බවට පත් වුණා. එසේ පැමිණ අපට වඩා වැඩිහිටි සිසුන් හා එක් වෙමින් කැන්ටිමට ගොඩ වී ආප්පයක් වැනි දෙයක් කා තේ එකක් බොමින් කතා බහ කරමින් සිටිනු මා දැක තිබෙනවා. එකල ඒ පිරිවෙනේ සිටි ප‍්‍රධාන පෙලේ ආචාර්යවරයෙකු වූ ගාමිණි හත්තොටුවේගම අභිරූපණ රංග කාර්යයන් සඳහා කොස්තාව සහභාගි කර ගත්තා. විමල් කුමාර ද කොස්තා කියන්නේ එවැනි සමාජගත ගැවසීමක් තිබුණු පොදු සමාජයේ කලාකරුවෙක්.

ඇත්තටම ඔහු එහෙම චරිතයක්. දිනක් ඔහු බසයෙන් ගෙදර බලා යමින් සිටි අවස්ථාවකදී තරමක වේිගයකින් ගිය බසය ඔහු බැසිය යුතු තැන පසු කරගෙන යද්දී පසුපස අසුනක සිටි කොස්තා ඊට ප‍්‍රතිචාර දැක්වූයේ ”පපඩම් තට්ටයා…… හූ..හූ..” යනුවෙන් හඬ නඟමිනුයි. පසුව බසයෙන් බැස්සේත් රියදුරුගේ තට්ට හිස අත ගා ඔහුට සුහද ව යමක් පවසමිනුයි. කොස්තා වැනි පොදු ජන කලාකරුවන් මෙවැනි සමාජ හැසිරීමක් සමඟ තමයි ජීවත් වුණේ. කලාකරුවාය කියන මවා ගත් ප‍්‍රතිරූප ඔවුන්ට තිබුණේ නෑ.

එහෙම වුණත් මුල් කාලයේ දීම ධර්මසේන පතිරාජගේ චිත‍්‍රපටවල පමණක් නෙවෙයි ඔහුගේ වේදිකා නාට්‍ය වලින් පවා ප‍්‍රබල චරිතාංග නළුවෙක් හැටියට කොස්තා මතු වෙනවා. විශේෂයෙන්ම පතිරාජගේ චිත‍්‍රපට වල දී හැම විටම වගේ ඔහුට හිමි වන්නේ නන්නත්තාර වු චරිත යි. ඒ නන්නත්තාර වීම ඔහුගේ මුළු ජීවිත කාලය පුරාමත් අපට දකින්නට ලැබෙනවා. එය වඩාත් දරුණු වන්නේ එවැනි පොදු සමාජීය කලාකරුවන් වෙනුවෙන් සකස් කළ කිසිදු සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් නොමැති වීම හේතු කොට ගෙනයි. තමන්ගේ නිර්මාණ ප‍්‍රති නිරූපණ හරහා වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් පෙනී සිටි එවැනි පොදු සමාජ කලාකාරයින් මේ ආකාරයේ අයහපත් තත්වයන්ට පත් වීම එක්තරා ආකාරයකින් සමාජ උත්ප‍්‍රාසාදයක් ද වෙනවා.

ශේක්ස්පියර්ගේ ”හැම්ලට් – ඩෙන්මාර්කයේ කුමාරයා” ප‍්‍රාර්ථනා කලේ සාධාරණ සමාජයක්. ඒ අනුව යමින් ඔහු ගොඩ නඟන ඒ සාධාරණ සමාජය ඔහුගෙන් පසුව නැවතත් අයිති වෙන්නේ කලින් හිටපු විකටයින්ට සහ දුෂ්ටයින්ටමයි. අර කියපු පොදු සමාජ කලාකරුවන් ප‍්‍රාර්ථනා කළේ ද එවැනිම සාධාරණ සමාජයක්. එහෙත් ඒ සාධාරණ සමාජය අවසානයේ දී ඔවුන්ට සාධාරණය ඉටු කළ හැටිද මේ කියන ප‍්‍රශ්නයත් විමල් කුමාර ද කොස්තාගේ මරණය විසින් මතු කරලා තියෙනවා. (සාකච්ඡුාවකිනි)

dsc_0354

 

 

සේනාරත්න වීරසිංහ

 

Views – 1,199

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s