මස් කඩකාරයො ඉන්නවා ජනතාව ඉල්ලන දේ දෙන්න. – ගාමිනි වියන්ගොඩ

12033094_946593902065391_6337100624462528346_n

කොදෙව් සමාජ මානසිකත්වය ගැන අපි අදටත් කතා කරනවා. විශ්ව සාහිත්‍යය කියැවීමක අවශ්‍යතාව පෙන්වා දෙනවා. භාෂා පරිවර්තනය තුළ යම් ප‍්‍රමාණයකට විශ්ව සාහිත්‍ය හඳුණා ගැනීමකුත් තියෙනවා. ඒත් පොදුවේ ගත්තම අපි තාමත් ඉන්නෙ අර සීමාසහිත මානසිකත්වයේම තමයි කියා මා කිව්වොත්….

ලෝක සාහිත්‍යය සිංහලට එනවා. පරිවර්තන සාහිත්‍යයේ ඒ පුළුල් වීමට සාපේක්ෂව සමාජ පරිවර්තනයක් ද අපි බලාපොරොත්තු වෙනවා. මම කියනවා ඒ දේ සිදුවෙමින් තිබෙනවාය කියළා. ඔබ කීව විදිහට අර කොදෙව් මානසිකත්වය තවමත් මුළුමනින්ම පරාජය වෙලා නෑ තමයි. ඒත් ඒක එක ?යක ජයග‍්‍රහණයකින් සිදු වෙයිද කියන එකත් ප‍්‍රශ්නයක්. නමුත් පරිවර්තනීය තත්වයක් එිදුවෙමින් පවතිනවා. කාලයත් සමඟම ඒ දේ සිද්ද වෙයි. අපි බලාපොරොත්තු සහගතව සිටිමු.

ab-1.jpg
මේ දිනවල සමාජ මෙන්ම දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටින සංවාදයක් පවතිනවා. දේශපාලන ලියුම්කරුවෙකු හැටියට ඔබත් එතැන සිටිනවා. නමුත් මෙවැනි සංවාදයකදී අපේ රටේ සාහිත්‍යකරුවන්ගේ මැදිහත් වීම ගැන ඔබට තක්සේරුවක් තියෙනවද?

සාහිත්‍යය කලාවයි විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික පැවැත්මයි අතර සම්බන්ධයක් දකින්න බැහැ. ඒ කොහොම වෙතත් මේ දේශපාලන වාතාවරණය මේ විදිහට ගොඩ නැගෙන්නේ යුද්ධයෙන් පසුවයි. යුද්ධයේ ම ප‍්‍රතිඵලයක් හැටියටයි. ඒ අනුව මෙතැන තියෙන්නේ සංසිද්ධියක් වශයෙන් යුද්ධය ගත්තම එහි විනාශය හමුවේ පොදුවේ කලාකරුවන් ඇති කරගත් සංවාදය කුමක්ද කියන ප‍්‍රශ්නයයි. ඒක සාමාන්‍ය ප‍්‍රශ්නයක් නෙවෙයි වැදගත් ප‍්‍රශ්නයක්.

4cf8981a22ebacf407158974ae352dd6_XL.jpg

සමාජගත වන යුද මානසිකත්වය පාලනය කිරීමට, සහජීවනය වෙනුවෙන් අදහස් ඇති කර ගැනීමට ඔවුන් කටයුතු කලාද , කොතෙක් දුරට ඊට දායක වුණාද කියන ප‍්‍රශ්නය අපේ නිර්මාණ සාහිත්‍යකරුවන්ට අදාළව එතැන තියෙනවා. හිටියත් අතලොස්සක් විතරයි. යුද සමයන්හී දි මනුෂ්‍ය පැවැත්ම සම්බන්ධයෙන් කලාකරුවන් සංවේදි වු ආකාරය ගැන ඕනෑ තරම් ලෝක නිදර්ශන තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව අපේ රටේ එවැනි බිහි වීමක් සිදු වුණාද? බොහෝ අය ඒ විනාශයට පක්ෂපාතී වුණා. එහෙම නැති අය නිශ්ශබ්ද වුණා. යුද්ධය අවසන් වු පසුව සමාජ සංහිූිඳියාවක් වෙනුවෙන් කටයුතු කරන්න ඔවුන් ට අවස්ථාවක් ලැබුණා. නමුත් ඒ දේ වගේම දිනා ගත් සාමය සහෝදරත්වයේ සමාජ සංස්කෘතියක් කරා ගෙන යෑමේ අවස්ථාවත් ඔවුන් මඟ හැරියා. ඒක කෙරුණෙත් නෑ. එක ජාතියක් පමණක් උත්කර්ෂයට නඟන තත්වයක් තමයි දිගින් දිගටම නිර්මාණය වුණේ. ඒ සාමකාමී කාලය සමස්ත ජයග‍්‍රහණයක් ලෙසින් නොසලකා එක ජාතියක, එක ආගමක උූන්මාදනීය ජයක් හැටියට ගැනීමම තමයි අවසානයේදී විධායක බලය ඉහල අධිපති බවක් දක්වා ගෙන යාමට පසුබිම සකස් කළේ. මං අහන්නේ ඒක රටේ ජයග‍්‍රහණයක් වුණාද?

අනිත් අතට පොදුවේ ගත්තම කලාකරුවන්ගේ භූමිකාව කුමක්ද? රාජ යුගයක් වෙනුවෙන් පෙනී සිටීම ද? අතීතයේත් 424043_386920191336318_8307188_nරාජාණ්ඩු තිබුණා. නමුත් බලයේ විමධ්‍යගත වීමකුත් තිබූණා. ප‍්‍රාදේශිය පාලන සංවිධානයන්ට ඒ රාජාණ්ඩු ඇහුන්කන් දුන්නා. එහෙම වෙන්නෙ එවැනි විමධ්‍යගත වීමක් ජනතා පාලනයක් වෙනුනෙන් අවශ්‍ය නිසානෙ. නමුත් අපේ කලාකරුවෝ මේ තත්වය තේරුම් ගත්තද?

අපට, පැහැදිලිවම පිලිගන්න සිද්ද වෙනවා නිර්මාණ සාහිත්‍යය අවසාන විග‍්‍රහයේදී දේශපාලන කියැවීමක්ද වෙනවාය කියන කාරණය. යහ පාලනය නමින් අද මතු වී ඇති සමාජ – දේශපාලන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයද එවැනිම කියැවීමකට ලක් විය යුතු යැයි මා කීවොත්….

යහපාලනය ලෙසින් මා දකින්නේ බලය බෙදා ගැනීම නම් තත්වයයි. එතකොට මේ බලය උපදින්නෙ කොහෙන්ද? ජනතාවගෙන්. බලයෙ මූලය තමයි ජනතාව. ඒ බලය නියෝජනය කිරීම සඳහා නියෝජිත මණ්ඩලයක් බිහි වෙනවා. එහෙම තමයි ජනතා බලය දේශපාලන සංස්ථාවක් බවට පත් වෙන්නෙ. පසුව එහි කළමනාකරණ කටයුතු වෙනුවෙන් ආයතන මට්ටමෙන් ක‍්‍රියාකාරීත්වයක්ද ඇති කර ගන්නවා. පාර්ලිමේනතුව මුල් කොටගෙන අධිකරණය, පොලිසිය වැනි සංස්ථාපිතයන්හි බිහි වීම උදාහරණයන් හැටියට දක්වන්න පුළුවන්. ජනතාව සිටින්නෙ එළියෙ. එහෙම සිටින ජනතාවගේ ජනතා බලය යහපත් අන්දමින් කළමනාකරණය කිරීමේ කාර්යභාරය පාර්ලිමේන්තුවට පැවරෙනවා. නමුත් නමුත් මේ වන විට ්එකී ක‍්‍රියාවලිය තුළ පවත්නා පිලිගත නොහැකි දේශපාලනමය හැසිරීමි නිසා යහපාලනය නැමති සංවාදය මතු වී තිබෙනවා. මේ කියන ජන බලය තෝරා ගත් නියෝජිතයන්ට පැවරෙන්නෙ මැතිවරණයකින්ය කියන කාරණාවත් අපි දන්නවා. නමුත් අපට එකවරම නොදැනෙන කරුණකුත් මෙතැන තියෙනවා. ඒ තමයි මැතිවරණයකින් පසුව ජනතාවට බලය අහිමි වෙනවාය කියන කාරණාව. ඇත්තම කිව්වොත් මැතිවරණයකින් පසුව ජනතාව නිර්-බල කෙරෙනවා. අදට අදාළව ගත්තොත් ජනතා නියෝජිතයන්ද නිර්-බල කොට තිබෙනවා. කැබිනට් එක පවා ඊට ගොදුරු වී තිබෙනවා. අවසානයේදී ඒ ජනතා බලය එක පුද්ගලයෙකු අත ගොනු වී තිබෙනවා. එවැනි පුද්ගල කේන්ද්‍රීය අධිපතිවාදයකට එරෙහිව තමයි යහ පාලනයක් එවශ්‍ය වෙලා තියෙන්නෙ. අද තිබෙන සමාජ, දේශපාලන සංවාදයේ මුහුණුවර තමයි ඒ.

fd14907655_1299641266746000_5493070934585564956_n.jpg

මධ්‍යතන යුගයේ විශේෂයෙන්ම යුෝපා ඉතිහාසය කැත කල ආගම සහ වර්ගවාදය මුල් කොටගත් දේශපාලනය ඒ රටවල බිහි වුණ සාහිත්‍යකරුවන් මෙන්ම සිවිල් ක‍්‍රියාකාරිකයන් අතින් පරාජය වෙද්දී දකුණු ආසියානු කලපය තුළ විශේෂයෙන්ම ජාතික දේශපාලනය පවා සොලවා බිම දැමිය හැකි තත්වයකයි ඒ සීමාවන් අදටත් පවතින්නෙ. අපට අදාළව ගත්තොත් අපේ කලාකරුවන් එමෙන්ම සාහිත්‍යකරුවන් ජනතාව ඉල්ලන දේ දිය යුතු නොවේ දැයි අසන තත්වයක් පවා ඒ තුළ තියෙනවා.

ජනතාවට ඉදිරියෙන් සිටිය යුතු පිරිසක් තමයි සාහිත්‍යකරුවෝ පොදුවේ ගත්තොත් කලාකාරයෝ කියන්නෙ. ඒත් හොඳින් බැලූවොත් අපට දකින්න බැරිකමක් නෑ බොහෝ විට ඒ බොහෝ දෙනෙක් සිටින්නේ ජනතාවටත් වඩා පසුපසින්ය කියන තත්වය. එහෙම ජනතාවට පසු ්පසින් යන කලාකරුවන් අවශ්‍ය කරන්නෙ නෑ. කොහොම වුණත් එහෙම යන අය තමයිz_p08-present කියන්නෙ ඔබ අර කියපු ජනතාව ඉල්ලන දේ දෙනවාය කියන කතාව. ජනතාව ඉල්ලන දේ දෙන්න කලාකරුවන් අවශ්‍ය කරන්නෙ නෑ. මස් කඩකාරයො ඉන්නවා ජනතාව ඉල්ලන දේ දෙන්න. ජනතාව පාන් ඉල්ලූවම බක්කරේ ඉන්නවා ඒ දේ දෙන්න. එළවළු වෙළෙන්දා කරන්නෙත් ජනතාව ඉල්ලන දේ දෙන එක තමයි. එතකොට කලාකරුවාගේ කාර්යභාරය වෙන්න ඕනෙත් ඒකමද?

ඒ වගේම ඔබ මතු කරපු ආගම කියන සංසිද්ධිය ගත්තොත්, එතැනදීත් වැඩියෙන්ම බයවෙලා ඉන්නෙ සාහිත්‍යකරුවො. පොදුවේ ගත්තොත් කලාකාරයෝ. මම හිතන්නෙ නෑ දුටු ගැමුණු යුගයේදීවත් මේ තරම් ආගම් උමතුවක් තිබුණාය කියළා. අද ආගම්වාදී ව්‍යාපාර හැම පැත්තෙන්ම ඉදිරියට ඇවිත් තියෙනවා. එහෙම ඇවිත් කැත දේශපාලනයකට හොඳ ආවරණයක් ද ලබා දීලා තියෙනවා මේ ආගම. මෙතන ලොකු අවදානමක් තියෙනවා. සාහිත්‍යයකරුවන්ගේ වගකීම වෙන්නෙ ඒ අවදානම පෙන්වා දීම නෙවෙයි ද? ඒත් ඉතාම ස්වල්ප දෙනෙක් තමයි ඒ මැදිහත්වීම කරන්නෙ. වැඩි දෙනෙක් ඉන්නෙ ඒ අවදානම නිර්මාණය කරන පැත්තෙ. තවත් අය එය නොසලකා ් කටයුතු කරමින් සිටිනවා. ඒත් මම කියන්නෙ නෑ මම දැන් මේ කතා කරනවා වගේ ඔවනුත් ඉදිරියට ඇවිත් ඒ බව ප‍්‍රකාශ කළ යුතුයි කියළා. නමුත් මම කියනවා එය ඔවුන්ගේ නිර්මාණ භාවිතාව තුළ තිබිය යුතුයි කියළා. ඒත් ඒ සම්බන්ධයෙන් තියෙන්නේ නිහඬතාවක්. ඒ නිසා පවත්නා තත්වය හමුවේ ඒ අයත් වග උත්තරකරුවන් බවට පත් වෙනවා.

නමුත් සමාජ භාවිතාවක් හැටියට ගත්තොත් ආගම මිනිසාට සංස්කෘතික වගේම අධ්‍යාත්මික වටිනාකමකුත් ලබා දෙන පසුබිමක සෘජුවම ඊට විරෝධය පල කිරීමේ නොහැකියාවකුත් තියෙනවා යැයි මා කීවොත්..z_p01-abolition-of-execut

ආගමේ අධ්‍යාත්මික හරය පැහැදිලි කිරීම මෙවැනි සාකච්ඡුාවකින් කළ හැකි යැයි මා සිතන්නේ නැහැ. ආගම කියන්නේ අධ්‍යාත්මික භාවිතාවක්. ඒක තමයි හැම ආගමකම මූලය. ඒත් ඒ අධ්‍යාත්මික ධර්මය සමාජගත වෙනකොට සමාජීය ඕනෑ එපාකම් අනුව ඊට එකතු කිීරීම් සිදු කෙරෙනවා. ඒ එකතු කිරීම් විසින් අර කියපු අධ්‍යාත්මික මූලය වෙනස් කරනු ලබනවා. දිගින් දිගටම ඒ දේ එහෙම වෙනවා. ඒත් සමඟම ආගම ආයතනගත වෙනවා. ඒ ආකාරයට අධ්‍යාත්මික මුල් වලින් ඉවත් කර ගන්නා ආගම නම් ආයතනික ව්‍යුහය සමාජ දේශපාලන ඕනෑ එපාකම් සඳහා යොදා ගැනෙනවා.

අපි පුද්ගලයෙකුව අර ගත්තොත් ඔහු හෝ ඇයව නිර්මාණය කෙරෙන්නේ සමාජ අමුද්‍රව්‍ය සමූහයක් විසිනුයි. ඒ විදිහට මම නම් පැවැත්ම නිර්මාණය වීමට් කුලය, ධනය, බලය යන සමාජ නිර්මිතයන් අවශ්‍ය වෙනවා. එහෙම තමයි පොදුවේ අපි හිතන හැටියට පුද්ගල අනන්‍යතාවන් ගොඩ නැෙඟන්නෙ. මෙතැනදී ආගම සහ ජාතිය මූලිකයි. ඒ වගේම බරපතලයි. එතැනදී මම බෙෘද්ධ නම් සෙසු බෞද්ධයන් සමඟ සමාන වන තරමටම වෙනත් ආගමිකයන් ගැන අව හැඟීමක් ඇති කර ගන්නවා. නමුත් බෞද්ධ දර්ශනය කවදාවත් එහෙම වෙනස්කම් කරන්න අපට උගන්නලා නෑ. බෞද්ධ දර්ශනයට අනුව ආස්මීමානය කියන්නේ ප‍්‍රතික්ෂේප කළ යුතු තත්වයක්. නමුත් අපි අද බෞද්ධකම යොදා ගන්නෙම ආස්මීමානය වර්ධනය කර ගන්න. මේක බුද්ධාගමට විතරක් නෙවෙයි හැම ආගමක් සම්බන්ධයෙන්ම වලංගු තත්වයක්. එහෙම වුණත් ආස්මීමානය ප‍්‍රතික්ෂේප කිරීම කියන කාරණයේදී බෞද්ධාගම මූලිකයි. අනිත් ආගම් වලට වඩා ඉහල අගයකින් ඒ දේ ප‍්‍රතික්ෂේප කළ දර්ශනයකින් තමයි බුද්ධාගම පැවතෙන්නෙ.

අනිත් අතට බෙෘද්ධ දර්ශනය ”අත් හැරීම” මුල් කර ගත්ත දර්ශන වාදයක්. ඒ ආකාරයට අත් හැරීම මුල් කොට ගත් දහමක් ඇතුලේ මේ තරම් ?ස් කිරීමක් සිද්ද වෙන්නේ කොහොමද? මේක සමාජ මෙන්ම දේශපාලන ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නය මඟ හැරලා නිර්මාණකරණයේ යෙදෙන්න කිසිදු සාහිත්‍යකරුවෙකුට හෝ කලාකරුවෙකුට පුළුවන්කමක් නැහැ.

( මේ සම්මුඛ සාකච්ඡුාව 2014. 12. 14 ”රන්දිව” පුවත් පතෙහි පල වුවකි.*

සාකච්ඡුා කලේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Views – 1,544

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s