ඩයිනමයිට් මාළු දැන් වෙළඳ පොලේ

දිවයින පුරා ඇති මාළු වෙළඳ සැල් මහත් අසීරුතාවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ. ඒ ඩයිනමයිට් දමා මරන මසුන් 1ඒවායේ අළෙවි කරන බවට අනාවරණය වීම නිසයි. මේ ආකාරයට මනුෂ්‍ය ශරීරයට නුසුදුසු ඩයිනමයිට් පුපුරුවා මරා දැමෙන මසුන් එසේ අළෙවි කෙරෙන බවට ලද තොරතුරු මත, පෑළියගොඩ මාළු වෙළඳ සැළ තුළ කල වැටලීමකදී, එසේ අළෙවි කළවුන් කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගැනීමටද කටයුතු කොට තිබේ. කෙසේ වෙතත් ධීවර අමාත්‍යවරයාගේ අවධානය ද ඊට යොමු වී ඇති බවක් ද දැනගන්නට තිබේ. ඒ අනුව සාගර කලාපය තුළ එසේ කටයුතු කරන්නවුන් නාවික හමුදාව ලවා අත් අඩංගුවට ගැනීමට උපදෙස් දී ඇති බවක්ද වාර්තා වේ.

නාරා ආයතනය ද මේ සම්බන්ධයෙන් විශේෂ වැඩ පිළිවෙලකට ගොස් ඇත. ඒ අනුව ඩයිනමයිට් මසුන් අළෙවි කරන්නවුන් අල්ලා ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායක් පිහිටුවීමට ඔවුන් කටයුතු කොට තිබේ. මෙම බලකාය විසින් එවැන්නවුන් කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ. ඒ ද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ භූමියෙනි.

explosion

ඩයිනමයිට් දමා මසුන් මරා දැමීම ගැන ද නාරා ආයතනය පැහැදිලි කිරීමක් ද සිදු කොට ඇත. ඒ අනුව ජී. එස්. පී. 0099931තාක්ෂනයෙන් මත්ස්‍යයන් බහුලව ගැවසෙන බිම් සොයා ගන්නා මෙම ධීවර යාත‍්‍රා පසුව එතැනට කිමිදුම්කරුවන් යොදා ඒ මසුන් ව කොටු කර ගනියි. ඩයිනමයිට් ගසන්නේ එසේ කොටු කර ගත් මත්ස්‍යයන්ටය. ඒත් සමඟම ඒ නිසා කම්පනයටත්, මරණයටත් පත් වන මසුන් පා වී යන විට පහසුවෙන්ම උන් අල්ලා ගැනීම ඔවුන්ගේ ධීවර ක‍්‍රමෝපාය බවට පත් වී තිබේ. ඩයිනමයිට් දමා විශාල මසුන් දඩයම් කිරීම ද මේත් සමඟම සිදු වන්නකි.

මේ නිසා සාගර පරිසරයට සිදුවන විනාශය ද සුළුවෙන් තැකිය හැකි නොවේ. කොරල් පර, සාගර ශාක ප‍්‍රජාව, පොදුවේ සාගර ජෛව පැවැත්ම විනාශයට පත් වීම මේ නිසා පවතින්නේ වැළැක්විය නොහැකි තැනකය. ඉතා පැහැදිලිවම මෙසේ මරා දැමෙන මසුන් මනුෂ්‍ය පාරිභෝජනයට නුසුදුසු බවට වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දී ඇත. අනිත් අතට මේ නිසා සාගර ජල පරිසරය බරපතල අන්දමින් ¥ෂනයට ලක් වීමද විශේෂයෙන්ම පෙන්වා දිය යුතු තත්වයක් වේ.

අනිත් අතින් ගත් කල ඩයිනමයිට් දැමීමෙන් සිදුවන්නේ මසුන්ගේ මරණය පමණක් නොවේ. ඒ මත්ස්‍යයෝ ඒ නිසා බරපතල අන්දමින් හිංසනයටත්, හානියටත් ලක් වෙති. උදාහරණයක් ලෙසින් මසුන්ගේ කරමල් විනාශ වීම, ඇස් ඉගිලී යෑම දැක්විය හැකිය. ඒ හැරුණු කල මසුන්ගේ උදර ප‍්‍රදේශය කපා රුධිරය ගලා යෑමට සැලස්වීමෙන්ද නීති විරෝධි ධීවරයෝ මසුන් මැරීම සිදු කරති.

dynamite_fish

1986 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනතට අනුව ඩයිනමයිට් දමා මසුන් මැරීම සකුරා තහනම් කටයුත්තකි. සෞඛ්‍ය විශේෂඥයින්ට අනුව එසේ මරන මසුන් ආහාරයට ගැනීම බරපතල අන්දමින් රෝගාබාධ ඇති කර ගැනීමක් වේ. එහෙත් එසේ තිබියදීත් මෙරට පාරිභෝගිකයන්ට එරෙහිව සිදු කෙරෙන නීිති විරෝධි ධීවර මාෆියාවේ මෙවැනි කටයුතු මුළුමනින්ම නවතා දැමීමට ආණ්ඩුවකට නුපුළුවන් නම් මැතිවරණ පවත්වා ආණ්ඩු පත් කිරීම ජනතාවගේ පැත්තෙන් වැඩක් නැති වැඩකි.

En. Reporting

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s