පරමාදර්ශි කොමියුනිස්ට්කාරයාගේ ඉරණම හෙවත් උතෝපියාවේ අභාවය

”මම 1922 දී උපත ලදිමි. කොමියුනිස්ට් පරමාදර්ශයන් තුළ හැදී වැඩුණෙමි. මම කිසිදාක 1917 න් පසු රුසියාවේ ගොඩ නැඟුණු සමාජ සංස්ථාව සාධාරණීකරණය කරන්නෙකු නොවීමි. එහෙත් මම ඒ තුළ හැදී වැඩුණෙමි. එහි සියළු වටිනා පරමාදර්ශයන් හඳුණා ගතිමි. පරමාදර්ශි කොමියුනිස්ට්කාරයෙකු නැතහොත් අධ්‍යාත්මික කොමියුනිස්ට්කාරයෙකු වශයෙන් හැඳින්විය හැකි මිනිසෙකු බවට පත් වූයෙමි. ස්වකීය කණ්ඩායම හා රට වෙනුවෙන් ජීවත් වූ හා වැඩ කළ, ස්වකීය ජනතාව වෙනුවෙන් තමා සතු සියල්ල කැප කිරීමට සූදානමින් සිටි, මඳ පමණින් සෑහිමට පත් වූ, සැප සම්පත් නිලතල හඹා නොඟිය පුද්ගලයෙකු අපි එදා පරමාදර්ශි කොමියුනිස්ට්කාරයෙකු වශයෙන් සැලකුවෙමු. මම දැනටත් ඒ ප‍්‍රතිපත්ති මත ?ඳී සිටිමි. මම දැන් බටහිර ජීවත් වන නමුදු දේපල හා වස්තුව තරම් මා නොඉවසන දෙයක් නැති බව උදාහරණයක් වශයෙන් සූහන් කරමි.” (පෙරවදන අලෙක්සන්දාර් සිනොවියෆ් එසේ පවසන්නේ The Russian Tragedy- The Death of Utopia නම් සිය කෘතියෙනි. එච්. ජයරත්න විසින් ”රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය” මැයෙන් එය සිංහලට නඟා ඇත්තේ රුසියානු බසින්ම යැයි කියැවේ.

රුසියානු, සෝවියට් සාහිත්‍යයට ගැන අපට අලූත් හඳුන්වා දීමක් අවශ්‍ය නොවිය හැකිය. එහෙත් සිනොවියෙෆ්ගේ මෙම කෘතිය සිංහලට නැඟීමත් සමඟම එයින් මතු වන අධ්‍යාත්මික කොමියුනිස්ට්කාරයා යන කියැවීම පශ්චාත් විප්ලවීය රුසියානු සාහිත්‍යයට අයත් අලූත් විග‍්‍රහයක් වශයෙන් අප හමුවේ ප‍්‍රකාශයට පත් වී තිබේ. එපමණක් නොව ඔහු එය ප‍්‍රකාශයට පත් කරන ආඛ්‍යාන ශෛල්‍යය ද මෙතෙක් අප අත් නොවිඳි අන්දමේ ආරයක් යැයි කීමෙන් වරදක් සිදු වෙතැයි නො සිතේ.

zinoviev-by-babenko

අලෙක්සන්දාර් සිනොවියෙෆ්

අලෙක්සන්දාර් අලෙක්සන්ද්රවිච් සිනොවියෙෆ් රුසියාවේ වොල්ගා නදිය අසල කස්ත්‍රෝමා නම් කුඩා ගම්මානයේ උපත ලැබූවෙකි. අපට මෙතෙක් හමු වූ රුසියානු සහ සෝවියට් සාහිත්‍යධරයින් මෙන් නොව හෙතෙම වචනයේ සැබෑ අරුතින්ම පශ්චාත් විප්ලවීය සාහිත්‍යකරුවෙකි. මෙහි මුලින්ම ආ සටහනින් ඒ බව මොනවට පැහැදිලි වේ. 1946 දී මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දර්ශනය පීඨයට ඇතුළු වන ඔහු ආචාර්ය උපාධිය ලබා ගන්නේ කාල් මාක්ස්ගෙ Das Kapital හී තර්ක පසුබිම ගැන නිබන්ධනයක් සපයමිනි. අදහස් හා මතවාද විෂයයිකව ඔහු සිටියේ ස්තාලින් විරෝධය තුළය. එය කොතරම්ද යත් සොළොස් හැවිරිදි වියේදී ස්තාලින් ඝාතනය කිරීම අරමුණු කොට ගත් අන්තවාදී ශිෂ්‍ය කණ්ඩායමක ක‍්‍රියාකාරී සාමාජිකයෙකු හැටියටද සිනොවියෙෆ් කටයුතු කොට තිබේ. ඒ කොයි හැටි වුණත් පසු කාලීනව තර්ක ශාස්ත‍්‍රඥයෙකු 9785926500650.jpgමෙන්ම සමාජ විද්‍යාඥයෙකු වශයෙන් විද්වත් ආස්ථානයක පිහිටන ඔහු රුසියාවේ බිඳ වැටීම සම්බන්ධයෙන් සමාජ අටුවාමය නවකතා කිහිපයක්ම රචනා කරන්නේ (මේ කෘතිය ඉන් එකකි.* සැලකිය යුතු විශ්ලේෂණීය හැකියාවක් පෙන්වමිිනි. විශේෂයෙන්ම මිහයීල් ගොර්බචොව් ගේ පෙරස්ත්‍රොයිකා දේශපාලන ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය හරහා නිර්මාණය වූ පරමාදර්ශි හෙවත් අධ්‍යාත්මික කොමියුනිස්ට්කාරයාව පලවා හැරියා වූ ඒ සමාජ දේශපාලන ගතිකත්වය ඔහු සිය ආඛ්‍යානයට අසු කරගත් එක් ආකාරයක් මෙසේය.

”එක්තරා කාලයක සෝවියට් අධ්‍යාපන ක‍්‍රමය ලෝකයේ හොඳම අධ්‍යාපන ක‍්‍රමය ලෙසින් ලොව පුරා පිලිගැනී තිබිණි. දැන් එයට මඩ ගසති. ඒ පාසැල් ගොඩනැගිල්ල දැන් පෞද්ගලික පාසැලක් බවට පත් ව ඇත. එය අළුතින් ඉදි කරන ලද්දක් ලෙසට රූපවාහිනියේ ප‍්‍රචාරය කරන ලදී. එහෙත් මගේ දරුවන් ඉගෙන ගත්තේ එම පාසැලේ ය. නොමිලේ ඉගෙන ගත් අතර විශිෂ්ට අධ්‍යාපනයක් ද ලැබූහ. සෝ්වියට් පාසැල ගැන ජන මාධයයන්හි ප‍්‍රචාරය කෙරෙන සියල්ල අවලාදාත්මක අසත්‍යයන් බව කවුරුත් දනිති. එහෙත් කිසිවෙකු ඊට විරුද්ධ නොවීම පුදුම සහගතය. සෝවියට් යුගයේ ලද ජයග‍්‍රහනයන් ස්වකීය ජයග‍්‍රහණයන් ලෙස තමන් වෙත පවරා ගැනීමත්, ස්වකීය අඩුපාඩු සෝවියට් යුගය වෙත පැවරීමත් දැන් කොතරම් හුරු පුරුදු දෙයක් බවට පත්ව තිෙබිද යත් පැරණි පරම්පරාවේ නියෝජිතයන් ට පවා ඉතිහාසය පැටලී ඇත. සෝවයට් යුගය පශ්චාත් සෝවියට් යුගයෙන් වෙන් කර හඳුණා ගැනීමට නොහැකි වී ඇත.”(30 පිටුව*

19-thank-you-stalin

අලෙක්සන්දාර් සිනොවියෙෆ් සමාජ අටුවාමය නවකතා වශයෙන් වෙනස් ආකාරයක ආඛ්‍යාන ශෛල්‍යයක් ගොඩ නඟා ගන්නේ එකී සමාජ දේශපාලන නිරීක්ෂණය තථ්‍ය ස්වරූපයෙන්ම පොදු පාඨකයා අතරට ගෙන යෑමට ය. ඒ පොදු පාඨකයා වෙහෙසට පත් නොකොට එකී නිරීක්ෂණය සහ විශ්ලේෂණය ඉදිරිපත් කිරීමේ අන් මඟක් ඔහු නොදුටු නිසා ය.

”සමාජ අටුවාමය නවකතා” ( Sociological Novels) යන පදය සිංහල පාඨකයාට එතරම් හුරුපුරුදු එකක් dcb3e1396a88aa95bf1d23409bd14145නොවනවාට සැකයක් නැත. එය නව සාහිත්‍ය මාදිලියකි. එහි නිර්මාතෘවරයා වශයෙන් සැලකෙන්නේ අලෙක්සන්දාර් ඇලෙක්සාන්ද්රවිච් සිනොවියෙෆ් ය. ඔහුගේ ‘සමාජ අටුවාමය නවකතා‘ අනෙකුත් සාහිත්‍ය ධාරා වලින් වෙනස් වන්නේ කෙසේදැයි යන ප‍්‍රශ්නයනිතැතින්ම පැන නඟී. එම නවකතා වලින් විද්‍යාත්මක සමාජ ගවේශනයන්ගේ ප‍්‍රතිඵල පාඨකයා වෙත ඉදිරිපත් කෙරෙයි. එහෙත් එය ඉදිරිපත් කෙරෙන්නේ නිර්මාණාත්මක සාහිත්‍ය ප‍්‍රයෝග උපයෝගි කර ගනිමිනි. එහිදී ගවේෂන නිගමන හා වෙනත් සමාජයීය අදහස් උදහස් හා මතවාද පාඨකයා වෙත ගෙනහැර දක්වනු ලබන්නේ සාම්ප‍්‍රදායික නිර්මාණාත්මක සාහිත්‍යයේදී සිදු කෙරෙන්නාක් මෙන් කතාවේ චරිතවල වචන වලින් හා හැසිරීම් රටාවෙනි. උදාහරණයක් වශයෙන් රුසියාවේ දේශපාලන පෙරලියේ ගොදුරු බවට පත් වූ කෝටි සංඛ්‍යාත පවුල් වලින් එක් පවුුලක් හරහා ඒ හැමටම පොදු වු ඉරණම සමාජවිද්‍යාත්මක විග‍්‍රහයක් තුළින් මෙම නවකතාවෙන් ඉදිරිපත් කිරීම දැක්විය හැකිය.” (පෙරවදන – එච්. ජයරත්න*

මේ ආකාරයට ස්තාලින් යුගයේ සිටම සෝවියට් දේශපාලන යාන්ත‍්‍රණය තුළ නිර්මාණය වෙමින් පැවැති විසංවාද, බල අරගල විසින් පෙරස්ත්‍රොයිකාව නිර්මාණය කෙරුණේද, නොඑසේ නම් අවස්ථාවාදී පෙරස්ත්‍රොයිකාව පැවැති විසංවාද , මතවාදී සීමාවන් මැද වුව ශක්තිමත්ව පැවැති දේශයක් පරණ යකඩ ගොඩක් ගානට සලකා සිල්ලරට විකුණා දැමුවේ ද යන්න යන්න විමසා බැලීමේ අරමුණින් සිනොවියෙෆ් යට කී ශෛල්‍යය නිපදවාගෙන ඇති බව පැහැදිලිය. එනිසාම එය හුදු සාහිත්‍ය අලංකාරයක් ලෙසින් ගැනීම නිෂ්ඵල කටයුත්තක් වේ. රුසියානු ශෝකාන්තය යනු තථ්‍ය අන්තර්ගතයකි. ඒ වෙනුවෙන් ඔහු නිපදවා ගත් ආකෘතිය අර අන්තර්ගතය පැවසීමට යොදවා ගත් මාධ්‍යයක් පමණි. ඊට වඩා වටිනාකමක් එහි නැත. තවද ඒ මාධ්‍ය හරහා ඔබ වෙත එන්නේ අවශ්‍යම කරන හැදෑරීමක්ය කියන කරුණ ද මෙහිදී අමතක නොකළ යුතුය.

84a341a99af848fb46199547d286f6df

”සෝවියට් කණ්ඩායම් සාමුහිකත්වය විනාශ කිරීම අපේ ජනතාව මුහුණ දුන් දරුණුම රෝගාබාධයයි. පුදුමය දනවන කරුණ නම් එය කිසිදු ප‍්‍රතිවිරෝධයකින් තොරව කාටත් නොදැනීම සිදු වීමයි. එය සීමාවකින් තොරව සිදු වූ අන් සියලූ වෙනස්කම් වලට පදනම සපයතැයි කිසිවෙකුට කල්පනා නොවීය. එමඟින් පුද්ගලයා කෙරෙහි බල පැවැත් වූ ප‍්‍රධානතම පාලනයෙන් ඔහු නිදහස් විය. එනම් ස්වකීය වට පිටාවෙන් සිදු කෙරුණ පාලනයයි. …..කණ්ඩායම් සාමුහිකත්වය සහිත සමාජය මරා දමා ඇත.”(45 පිටුව*

කෙසේ වුව කෘතිය තුළින් නැගෙන සලකා බැලීම වන්නේ මේ තත්වය ආපසු හැරවිය නොහැකිද යන්නයි. ඉතිහාසයේ නියමය වන්නේ ඒ ගලා යෑමට යළි හැරීමක් නැති බවයි.

”ඉතින් යන ගමන ආපසු හරවන්න බැරිද?”

”ආපසු හරවන්න බෑනෙ. මොස්කව් නගරේ විතරක් ලක්ෂ ගණනක් පුද්ගලික ව්‍යාපාරික ආයතන තියෙනවා. ඒවායෙ මිනිස්සු කී දෙනෙක් වැඩ කරනවද? දශ ලක්ෂ ගණනක්. ඒ අයගෙන් වැඩි පිරිසක් රාජ්‍ය සේවකයෝ බවට පත් වෙන්න ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වෙයිද? ඒ වගේම සියල්ලන්ටම ?කියා සැපයීමේ හැකියාවක් ආණ්ඩුවටත් නෑ. දැනටමත් පෞද්ගලික දේපල හිමිකරුවන්ගේ ධූරාවලියක් ගොඩ නැගිලා ඉවරයි. දැන් ඔවුන් කොච්චර ශක්තිමත් වෙලා ද කියනවා නම් සමාජ සංවිධානයේ වෙනසක් කිරීම ගැන කතා කිරීමේවත් තේරුමක් නෑ. දැන් මිනිස්සු ඒකට හුරු වෙලා. නියමයක් වගේ පිලි අරන්. පාලකයොත් එයට අනුග‍්‍රහය දක්වනවා. (47 පිටුව*

696119669-bolshevik-revolutionary-vladimir-lenin-mounted-police

කෙසේ වුව මේ ආකාරයෙන් කියවන්නට හැකි වු පමණින් ශෝකාන්තයක් නිර්මානය කලා වු ඒ සිදුවීම් ජාලය සරල ලෙසින් සිදු වී යැයි නොසිතිය යුතුය. දේශපාලන හැසිරීමක් වශයෙන් ගත් කළ පහසුුවෙන් වටහාගත නොහැකි සංකීර්ණත්වයකින් එකී සිදුවීම් සමඟ ඒ කාලය ගත වී තිබේ. රජයට විරුද්ධව කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාව මත බොහොමයක් ව්ප්ලවවෘදීහු ඝාතනය වුහ. අදාල කෘතියට එකතු කොට ඇති උප ග‍්‍රන්ථයේ එසේ ඝාතනයට ලක් වූ කිහිප දෙනෙකුගේ විස්තර දක්වා ඇත. මුලින්ම සිටින්නේ ලියොන් ට්‍රොත්ස්කි ය. අවසානයට සිටින්නේ බුහාරීන්ය. ඔහු ළදරු stalinකොමියුනිස්ට් රාජ්‍යයේ වැදගත් තනතුරු ඉසිළු විප්ලවවාදී චරිතයකි. විශේෂයෙන්ම ට්‍රොත්ස්කි මතවාදයට එරෙහිව, ඒ ට්රොත්ස්කි බල අරගල සමයේදී ඔහු කටයුතු කොට ඇත්තේ ස්තාලින්ට සහාය දක්වමිනි. එහෙත් කෘෂි අංශයේ සීඝ‍්‍ර සමූහ ගොවිපල ක‍්‍රියාකාරීත්වය, කාර්මීකරණය විවේචනය කරමින් ලිපි ලිවීම නිසා ඔශු ස්තාලින් ප‍්‍රමුඛ නායකයින්ගේම දෝෂ දර්ශනයට ලක් වී තිබේ. ඒ අනුව රජයට විරුද්ධව කුමන්ත‍්‍රණය කිරීම සහ සෝවියට් විරෝධි දක්ෂිණාංශික ට්රොත්ස්කි කල්ලියක් නිර්මාණය කිරීමේ චෝදනා මත ඔහුට විරුද්ධව නඩු පැවරුණු අතර වරද පිලිගත් හෙයින් වෙඩි තබා මරා දැමීමට තීරණය කෙරිණි. ඒ මරණයට පෙර ඔහු ලියූ සටහනක් පහත දැක්වේ.

”ජීවිතයෙන් නික්ම යමි. මා ගෙල නමන්නේ ශුද්ධ යැයිද අනුකම්පා විරහිත යැයිද සැලකෙන කම්කරු පන්තියේ පොරොව ඉදිරියේ නොවේ.” එසේ ලියා තබා මරණයට යටත් වූ බුහාරීන්ට එම ඉරණම නියම කළ කොමිසමේ සාමාජිනයන් අතර කෘප්ස්කයා (ලෙනින්ගේ බිරිඳ* සහ කෘෂෙව් ද සිටියේ යැයි සඳහන් වේ. ඒ අනුව රුසියානු ශෝකාන්තය එසේ නිර්මාණය වුණේ මන්ද? යන ප‍්‍රශ්නයට ඇත්තේ සෘජු සරල පිළිතුරක් නොවන බව පැහැදිලි කරන්නා වු උදාහරණ මෙහි ඇතුළත්ය. රුසියානු ශෝකාන්තය හුදු නිර්මාණයක් නොවන බවත් එය වනාහි පුළුල් සමාජ දේපාලන විග‍්‍රහයක් වැනි පිළිතුරක් ඉල්ලා සිටින සංකීර්ණ ඉතිහාසයීය හැසිරීමක් බවත් එහි එන උදාහරණ විමසන්නෙකුට පැහැදිලිවම පෙනී යන්නේය. කතුවරයා කරන්නේ එකී හැසිරීමට අදාල තමන් විසූ සමයේ අත්දැකීම් මෙන්ම සමාජ දේශපාලන උදාහරණ එක්?ස් කර ගැනීමය. එය එහෙම පිටින්ම සමාජ අටුවාවකි. නමුත් සිනොවියෙෆ් එය පෙල ගස්වන්නේ නවකතාවක ආකෘතියෙනි. මෙවැනි බුද්ධි නිෂ්පාදනයන් විශ්ව විද්‍යාල මට්ටමෙන් හැදෑරීමට ලක් විය යුතුය.

5-kopek-russian-revolution-70th-anniversary-1987_1189_642874740532ef4l

”මානව සංහතියේ ඉතිහාසය තුළ පහළ වූ ශ්‍රේෂ්ඨතම සංසිද්ධියක් මේ සොහොන් ගැබ තුළ සාමයෙන් සැතපෙන බව කිසිවෙකුට නොදැනෙයි. ඒ කවරක්ද යත් ඒ යුගයේ දැවැන්ත ජයග‍්‍රහණයන් අත්පත් කරගත් මේ මිහිපිට කෝටි සංඛ්‍යාත මිනිසුන්ට ආදර්ශයක් වූද, මානව පරිණාමයේ පෙර ගමන්කරුවා වූද කොමියුනිස්ට් සමාජය කරා යන ගමනේ දශක ගණනාවක් තිස්සේ නියමුවා වශයෙන් කටයුතු කළා වූද ”මානව සංහතියේ දීප්තිමත් අනාගතය” බවට පත් වීමට සැබැවින්ම හිමිකම් පෑවා වූද ඉතිහාසයේ ප‍්‍රථම කොමියුනිස්ට් සුපිරි සමාජය යි. ”zs

”සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුව බිඳ වැටුණේ ඇයි? දැන් එවැනි දෙයක් යළිත් ගොඩ නැගිය හැකිද? ප‍්‍රශ්න විවිධාකාර වුවද ඒවාට දිය හැක්කේ එකම පිළිතුරකි. අනේක විධ වු ජන වර්ගයන් එකට ඒකාබද්ධ කිරීමට පදනම් වු සියල්ල විනාශ කරන ලද හෙයින් සෝවියට් දේශය බිඳ වැටුණේය. දැන් එවැනි දෙයක් යළිත් ගොඩ නැගිය නොහැකිය. මන්ද අනේකවිධ වු ජන වර්ගයන් එකට ඒකාබද්ධ කිරීම සඳහා අවශ්‍ය කිසිදු සාධකයක් දැනට නැති හෙයිනි. එසේම එබඳු එකමුතුවකට කැමැත්තක් නොදක්වන මෙන්ම එයට ඉතාම ක‍්‍රියාශීලීව බාධා කරන ප‍්‍රබල බලවේගයක්ද පැන නැගී ඇත.”

කෙසේ වුව මෙතැනදී කතුවරයා සිදු කොට ඇත්තේ සමස්ත සංසිද්ධිය පිළිබඳව අවසාන විග‍්‍රහයක් ලබා දීමක් නොව තමා ඇසුරු කළ ඒ සිදුවීම් හි තථ්‍ය වාර්තා මෙන්ම අත්දැකීම් ගොනු කොට ඉදිරිපත් කිරීමකි. ඒ අනුව එතැන යම් නිගමනයක් තිබිය හැකිය. එහෙත් හොඳ පාඨයෙකුට එය සමාජ දේශපාලන විග‍්‍රහයක් බවට පත් කර ගැනීමේ විවෘත ඉඩක් ද රුසියානු ශෝකාන්තය තුළ තිබේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ


රුසියානු ශෝකාන්තය

අලෙක්සන්දාර් සිනොවියෙෆ් තර්ක ශාස්ත්‍රඥයෙක්ල සමාජ විද්‍යාඥයෙක්ල සමාජ දාර්ශනිකයෙක් මෙන්ම සාහිත්‍යකරුවකු වශයෙන් රැැසියාවේ පමණක් නොව ජාත්‍යන්තර තලයේ ද කීර්තියක් දිනා සිටියි. විශේෂයෙන්ම Sociological Novels නම් සාහිත්‍ය ප්‍රවණතාවය සම්බන්ධයෙන් ඔහු ට ඇති පිලිගැනීම පුරෝගාමි තලයේ එකකි. එම මාදිලියේ ප්‍රථම නිර්මාණය ලෙස සැලකෛන්නේ ඔහු ගේ , මුදුනෝ ඈනුම් අරිති” ( Yawning Heights) Russian Tragedy. The Death of a Utopia යනු ඒ … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s