ඔහොම හිනා වෙන කොට නුඹ ලස්සනයි උමා – සුදත් ගාමිණි බණ්ඩාර

තුමුල නමුණුකුළ ගිරි හිස cvhg.jpg
උදුල සඳ මඬළ දුටු ලෙස
?වටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනාවෙන කොට නුඹ
ලස්සනයි උමා….

80 දශකය බොහෝ සමාජ දේශපාලන අත්දැකීම් ඔස්සේ කවි සිත් පොහොසත් කළ සමයක් විය. කවියත්, ගීතයත් එකට අත්වැල් බැඳගත් කාලයක් විය. පුවත්පතකට ලියූ කවියක්, පසුව ගීතයක් බවට පත් වී නොවක් ජනප‍්‍රියත්වයකට පත් වීම එකල්හි නොසිදු විය හැක්කක් නොවීය. ඉහතින් දක්වා ඇත්නත් ඊට හොඳ උදාහරණයකි. අදටත් මුළුමනින්ම සුවපත් නොවූ වේදනාකාරී සමාජ දේශපාලන ගැටුමක් වන ජනවාර්ගික විරසකය කොතරම් සියුම් ලෙසින් කවියෙකුට අත් විඳිය හැකිද යන්න පෙන්වා දෙන එම පද රචනය මුලින්ම අප කියවුයේ පුවත්පතක පළ වු කවියක් හැටියටය. එය ලියූ කවියා නමින් සුදත් ගාමිණි බණ්ඩාර ය. ඒ සම්බන්ධයෙන් ඔහු සහ අප අතර ඇති වූ කතාබහයි මේ.

ඒ 80 දශකයෙන් පැමිණි කවියකු වශයෙන් ලද සමාජ ප‍්‍රවේශය ගැන මුලින්ම දැනගන්න කැමතියි…?

ඇත්තම කිව්වොත් 80 දශකය මැද භාගයේ දී තමයි කාව්‍යකරණයට මම පිවිසෙන්නෙ. ගුරුවරයෙකු හැටියට මම මගේ මුල් පත්වීම අරගෙන මැද ඔය (මහියංගන අධ්‍යාපන කලාපය* ප‍්‍රදේශයේ තමයි ඔය කියන කාලයේ දී මම හිටියෙ. අතිශයින්ම දුෂ්කර ප‍්‍රදේශයක්. මැද ඹයේ මිනිස්සු හේන් ගොවිතැන් කරලයි ජීවත් වුණේ. දරුවන්ට අධ්‍යාපනය යන්න වැදගත් කොට සැලකුණේ නෑ. මුලින්ම ජීවත් වෙලා ඉන්න ඔවුන්ට සිදු වුණා. එහිදී තමන්ගේ ප‍්‍රධානම ජීවනෝපාය වු හේන් ගොවිතැන් කටයුතු සඳහා දරුවන්ගේ සහාය ලබා ගැනීම ඔවුන්ට ඊට වඩා වැදගත් වුණා. මේ මිනිස්සු නගරබද ජීවිතයක් ගැන දැනගෙන හිටියේ නෑ. ගමට විදුලි බලය තිබුණෙත් නෑ. ඒ සමාජ නිර්ධන බවත් සමඟ මා සිටි ඒ කාලය මට කවි නිමිති සොයා දෙන්න ඇති. ජීවත් වීම නම් ඒ අවදි වීම කවි ලියන්නට මාව පෙළඹවූවා විය හැකියි. එතැන තිබුණා මනුෂ්‍ය සංවේදිතාව. අදත්, ඔබ එහි ගියත්, විදුලි බලය ලැබී තිබුණත් අර මා කලින් කීව වියළි කටුක පරිසරයේ විඩාවෙන් ඒ ජීවිත තොර වෙලා නෑ. ඒ ශුෂ්ක පරිසරයේ ජල හිඟයත් සමඟ ඔවුන්ගේ ඒ වේදනාකාරී අරගලය අදටත් අවසන් වෙලා නෑ. ඒ ආකාරයට අවදි වූ කවි සිතකින් මම මුල් කාලයේ පුවත්පත් වලට ලියු අත්දැකීම් එක්තැන් කිරීෙමි ප‍්‍රතිඵලයක් හැටියට තමයි ”සාමිචිය” කාව්‍ය සංග‍්‍රහයක් 1990 දී එළි දකින්නෙ. එහි ”දුකට කියන කවි” හි එනවා මෙවැනි අත්දැකීමක්.

15211532_231125750642495_1007617646_n.jpg

”බින්තැන්නේ ඉස්කෝලෙ කුමක් වැනිtea_field_of_uva_province_which_i_see_from_a_railroaduva_provincesri_lanka
කිසිදා අළුත් නොවනා අම්බලම වැනි
කකුල් ඇඳි කැඩුණු ඩෙස් පුටු කුමක් වැනි
බාල පක්සඝාතය වැළඳුණා වැනි”

ඔබට මතකයිනෙ 80 දශකය අවසන් කාලය. ඒ දේශපාලන කැරළිකාරීත්වය ඔබ ද විසූ ඒ ඌව කළාපයේ දුෂ්කර ගම්මානයටත් එය දැනුණා… එහෙම නේද?

ඒක මෙහෙමයි. මා මුලින්මත් කී ආකාරයට නගරබද ජීවිත අත්දැකීම්වලට හුඟාක් ඈතින් තමයි ඒ අය වාසය කළේ. පැවැත්මක් හැටියට එය අතිශයින් කටුක හුදෙකලාවක් බව කියන්නම වෙනවා. උගතුන්ග් බිහි වීමක් සිදු වෙන්මෙ නැති තරම්. ඔබ කීව 80 දශකය අවසානයේ දේශපාලන සංසිද්ධියත් සමඟ මේ ගම සෘජුවම සම්බන්ධ වෙන්නෙ නෑ. ඒ මිනිස්සු අහිංසකයි. එහි තේරුම සටන්කාමී නෑ කියන එකයි. තමන්ගේ දුක් කම්කටොළු තමන් තුළම විඳ දරා ගනිමින් ජීවත් වීමක් ගැන මිසක් ඉන් එහාට ගිය සමාජ දේශපාලන වශයෙන් සංවිධානය වීමක් ගැන දැනුවත් වීමක් ඔවුන්ට තිබුණේ නෑ.අවම ආර්ථික තත්ව මැද යම්තම් ජීවිතේ ගැටගසා ගන්නා මේ මිනිස්සු සාමාන්‍ය මට්ටමින්වත් අධ්‍යාපනය ගැන සිතන තැනක නෑ. දරුවෝ ප‍්‍රාථමික ශ්‍රේණි වලදීම පාසැල හැර යනවා. ඇතැමෙක් අ. පො. ස. (සා.පෙ.* දක්වා අසීරුවෙන් පැමිණියත් එතැනින් එහා ගමනක් පෙන්වන්නෙ නෑ. එවැනි පසුබිමක සමාජ දේශපාලන විරෝධතා කියන්නේ මේ අය නොදත් විෂයක්.rain-generic_650x400_71457950721-415x260

ඔබ එන්නේ කොහේ ඉඳල ද… හේතුවක් ඇතිවයි මම එහෙම අහන්නෙ?

බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් හාලි ඇළ බ‍්‍රදේශයෙන්. අදටත් එහි ප‍්‍රදේශවාසියෙක්.

එවැනි ජීවිතයක් ඔස්සේ මැද ඔයට යන ඔබ ඊද පස්සෙ සේන්දු වෙන්නෙ මොන වගේ ඉසව්වකට ද?

90 දශකය මුලදී මම තවත් පස් අවුරුදු සේවා කාලයක් සඳහා වෙනස්ම පරිසරයකට පිවිසෙනවා. බදුල්ල දිස්ත‍්‍රික්කයට නුදුරු තේ වතු ඇසුරේ වැඩුණු යම්තාක් දුරකට මැද පාංතික සමාජ ලක්ෂණ පෙන්වන ජන කලාපයක් වන එය මහ වත්තේගම නමින් හැඳින්වෙනවා. ජන වාර්ගික ප‍්‍රශ්නය නමින් අප හඳුණා ගන්නා සමාජ කියැවීම මගේ කවියට පිවිසෙන්නේ මේ කාලයේදීයි. එම සමාජ ගැටළුව පාදක කරගෙන කවි ලියන්නෙකු හැටියට මා සම්බන්ධයෙන් සාකච්ඡුා ඇති වෙනවා. මම මෙහි එන කාලයේදීත් අවාසනාවන්ත කළු ජූලියේ කළු පැල්ලම් දකින්න පුළුවන් වුණා. ”දුම්බර මතකයේ කවි” ලියවෙන්නේ ඒ වේදනාකාරි අත්දැකීම් වල ප‍්‍රතිඵලයක් හැටියටයි.

13524369_146693359085735_6523375895353863076_n.jpg

මේ වතුකරයේ සිටි සිංහල තරුණයෙක් ”ූඋමා” නම් දමිළ තරුණියකට බැඳි සෙනෙහසින් පෙම්වතෙකු බවට පත් වෙනවා. ඔහු සිය ආදරය දින පොතක සටහන් කරනවා. ඒ දින සටහන් ඇසුරින් තමයි මම ”දින පොතක ලියු කවි” ලියන්නෙ. ඔහුගේ ඒ දින සටහන් ආරම්භ වෙන්නෙ අර කීව 83 අවුරුද්දේ අවාසනාවන්ත ජූලි මාසයට කලිනුයි. ඔහුගේ අවසාන දාන සටහන අපට හමු වන්නේ අගෝස්තු මාසයේදී යි. ”මගේ දිවිය මත තබා නොමැකෙන තිලකයක් …..නුඹ ගියා.” ඒ විදිහට ඒ දින සටහන් අවසන් වෙනවා. පසුව එය මගේ කවියක අත්දැකීමක් බවට පත් වෙනවා.15239373_231125563975847_692780209_n

බදුල්ලේ දී අපට දකින්න ලැබෙන්නෙ සුළු ජන කොටස් හා සම්මිශ‍්‍රණය වු සමාජ සංස්කෘතියක්. වතුකරය ඇසුරේ ඉන්දීය දමිළ ප‍්‍රජාවක්ද දැකිය හැකියි. සිංහල ජනතාව නිම්න ආශ‍්‍රිතව කෘෂිකාර්මික දිවි පෙවෙතක් ඇසුරේත්, මැද පාංතික ජනතාවක් වශයෙන් නගරාශ‍්‍රිතවත් වාසය කරනවා. ඒ අනුව සිංහල දමිළ ඇසුර හොඳින් පවත්නා කලාපයක් හැටියට ඌව පළාත හඳුන්වන්න පුළුවන්.

මාර්ටින් වික‍්‍රමසිංහගේ ගම්පෙරළිය නවකතාවේ ජිනදාස සිය අවසාන ජීවන පැවැත්ම වශයෙන් තෝරා ගන්නේ සිංහලේ ගොස් වෙළ\මක් කිරීම. මේ කියන සිංහලේ අයිති වෙන්නෙත් ඌව පළාතටමද?

ගම්පෙරළිය නවකතාවේ එන සිංහලේ අයිති වෙන්නේ ඌව පළාතේ බිබිලේ ප‍්‍රදේශයටයි. පළමු වශයෙන් වෙළඳ සංස්කෘතියක් ඇති වෙන්නේ සිංහලේ ආශ‍්‍රිතවයි. ඒ විදිහටම වෙළඳ කටයුතු ස\හා දකුණේ මිනිස්සු බදුල්ලටත් පැමිණ තිබෙනවා. එහෙම පැමිණි අය අතර මුස්ලිම් සහ යාපන දමිළ ජනතාවත් සිටිනවා. උඩරට ගැමියෝ කෘෂිකර්මාන්තයට මිසක් වෙළ\ාමට බැස්සේ නෑ.

ඊට අදාළව ඔබේ කවිය….?15226491_231125553975848_2032554433_n

ඔව්, ඌව පළාතේ පාරිසරික සුන්දරත්වය වගේම ගැමි දිවිය වගේම අර කීව සමාජ සංස්කෘතික විවිධත්වයත් මගේ කවියට පසුබිම් වෙනවා. අද තත්වයට අනුව ගත්තත් බදුල්ල කියන්නේ වෙළ\ නගරයක්ම නෙවෙයි. බණ්ඩාරවෙල වැලිමඩ ගත්තොත් එළවළු වගේම මල් වගාව නිසා ඇති වුණු වෙළඳ සංස්කෘතියක් අපට දකින්න පුළුවන්. අදටත් බදුල්ලේ එදා පැවැතතුණ ඒ සුන්දර හුදකලාව නැත්තෙම නෑ. නමුත් රජයේ ආයතන පිහිටුවමින් යන නිසා පරිපාලන නගරයක ස්වරූපයක්ද ඇති වෙමින් තිබෙනවා. ඒ පසුබිමේම රජයේ මෙන්ම වෙනත් ?කියාවල නියුතු සේවා මූලික මැද පංතියක් ද බිහි වෙමින් සිටිනවා. ප‍්‍රධාන පෙලේ කැබිනට් ඇමතිවරු මේ කළාපය නියෝජනය කළත් සෙසු ප‍්‍රදේශ වලට සාපේක්ෂව දේශපාලන පෙරලි, කැපී පෙනෙන ආර්ථික සංවර්ධන ව්‍යාපෘති, සංස්කෘතික විප්ලව මෙහි සිද්ද වුණේ නෑ. එහෙම තත්වයක් වර්ධනය වුණේ නැ

එතකොට කවියෙක් හැටියට ඔබ සිටින තැන…?

ගුරුවරයෙක් හැටියට ලද අත්දැකීම් කාව්‍යමය ස්ථානගත කිරීමකට මා යොමු කළා යැයි හිතෙනවා. උදාහරණයක් හැටියට ”සුළඟ සමඟ යමු” කාව්‍ය සංග‍්‍රහය රැුත හැකියි.පංති කාමරක කොටු වීමෙන් තොරව නිර්දිෂ්ඨ අධ්‍යාපනයෙන් එහාට යන්න කළ ආරාධනයක් එහි තියෙනවා.

”සුළඟ එන විට
පන්ති කාමරයටtrain3
සට සට හඬින් වෙව්ලයි
සෑම පොත් පිටුවක්ම
නොදැනේද දරුවෙනි එවිට
නාස් පුඩු හකුළුවන පුස් ගඳ
සුළඟ මා දෙසවනට
නැවත පවසයි මේ ලෙස
කොටු නොවී සීනුවට
නැවුම් හුස්මක් ගැනීමට
එනු මැනවි ඔයබඩ ට
ඉදින්
නොයා කෙලෙසද මා
සුමිතුරු සුළඟ හා
වරෝ මගෙ දරුවනි
සුළඟ හා යමු අපි…

මේ ලිපිය ම්ුලින්ම පල වුණේ 2014 06 01 ”රන්දිව” පුවත්පතෙහිය

සාකච්ඡුා කළේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Views – 6,166

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s