ජීවත් වීමේදි මිනිසාට මිනිසාගේ උණුසුම අවශ්‍යයි.

51bkilu83jl-_sx323_bo1204203200_”අන්තවාදී කොමියුනිස්ට් පාලන තන්ත‍්‍රය විසින් ක‍්‍රියාත්මක කරන ලද උපක‍්‍රමශීලි පුද්ගලත්ව ෙඡ්දනය ඔහුගේ සියුම් පෑන් තුඩින් ප‍්‍රකාශයට පත් වුයේ ඒ තත්වය ඔහුව බෙහෙවින්ම ළතැවුලට බඳුන් කරන ලද බැවිනි. එනමුදු චීනයේ භෞතික සහ මානසික පරිසරය පලූදු කරමින් සංස්කෘතික සහ අධ්‍යාත්මික ¥ෂණයට අර ඇන්දේය යන චෝදනාව මත බලධාරීන්ගේ උදහසට ලක් වු විට දේශපාලන සරණාගතයකු වශයෙන් බීජිං නුවර හැරදා පලා යන්නට ඔහුට සිදු විය.” පශ්චාත් කොමියුනිස්ට් පාලන සමයේදී චීනය තුළ ක‍්‍රියාත්මක වූ අතීත දේශපාලන ක‍්‍රියාකාරකම් නැවත අවධාරණය කිරීම හෙවත් වර්තමාන පුද්ගලත්වය විසුරුවා හැරීම නම් බරපතල දණ්ඩනයට යටත් වීමට සිදු වු පශ්චාත් විප්ලවීය චීන ලේඛකයෙකු වශයෙන් ගා ඕ ෂිං ජෙන්ව හඳුන්වා දිය හැකිය. ඒ ආකාරයට දේශපාලන දණ්ඩනයට යටත්ව පිවුවහල් වීමට සිදු වු එකී කාලය ඔහු නිකරුණේ ගත කළා යැයි නොසිතිය යුතුය. ඇත්ත වශයෙන්ම දීර්ග සංචාරයක් වු ඒ පිටුවහල් සමයේදී ඔහු දීර්ග ලියැවිල්ලකටද අත ගැසුවේය. පසු කලෙක Soul Mountain නමින් ඉංගී‍්‍රසියට පරිවර්තනය වන්නේ ඔහුගේ ලිවීමයි. මේ වන විට එය ”දිව් ගිර” නමින් ස්වර්ණ කාන්ති රාජපක්ෂ අතින් සිංහල බසටද නැඟී තිබේ. කෘතියේ චීන නාමය ”ලිං ෂෑන්” ය.gao-1-big

ලෝක දේශපාලනය තුළ සමාජවාදී කඳවුරේ නාය යෑම විසින් චීනයට සිය දේශපාලන ස්ථාවරත්වය ගැන බරපතල ලෙසින් සිතන්නට බල කළා විය යුතුය. විශේෂයෙන්ම එඞ්ගාර් ස්නෝ නම් ඇමරිකානු ජාතික පුවත්පත් කලාවේදියා හා මා ඕ සේතුං අතර පැවැත් වූ සාකච්ඡුා වලදී ඒ බව හෙළිදරව් වී තිබේ. වත්මන් පරපුර ඉකුත් විප්ලවීය අත්දැකීම් සම්බන්ධයෙන් කිසිදු හැඟීමක් හෝ දැනීමක් ඇත්තවුන් නොවේ යැයි මා ඕ එහිදී චොු්දනාවක් වශයෙන් ඉදිරිපත් කොට තිබේ. සංස්කෘතික විප්ලවය නම් දේශපාලන ක‍්‍රියාන්විතය නිර්මාණය වන්නේ එවැනි පසුබිමක් තුළය. කෙසේ වුව එය දෘඪ දේශපාලන හස්තයක් බවත්, ඒ නිසා සිදුවන්නේ මිනිසාගේ පුද්ගලත්වය විසුරුවා හැරීම මෙන්ම වර්තමානය නම් වෙනසට අතීතයෙන් බලපෑම් කිරීම (එය බලහත්කාරයක් ලෙසින් ගැනීම වඩාත් උචිත යැයි සිතමි.* බවත් පවසමින් එය නොඉවසන තත්වයක් වර්තමාන පරපුර හරහා ප‍්‍රකාශයට පත් විය. ෂිං ජෙන් ද ඒ ප‍්‍රකාශනයේ කොටස්කරුවෙක් යැයි පැවසීම වරදක් යැයි නොසිතමි. තවද වර්තමානයේ ඔවුන් ඒ දෙස සතුරු ආකල්පයකින් බැලීම නොවැළැක්විය හැකි තැනක තිබිණි. ”දස මසක් පුරා යැංසි ගංගාධාරය දිගේ කිලෝ මීටර් 15 000 ක දුරක් ඔබමොබ යමින් ගත කළ ඔහු පෙරලා බීජිං පුරවරය කරා පැමිණියේ එම සතුරු ව්‍යාපාරය අඩපණ වී තමාට ආරක්ෂිත පරිසරයක් ගොඩ නැඟුණාට පසුවය.”

soul_mountain_by_veroveveart-d65o5bc.jpg

මිනිසාට මිනිසාගේ උණුසුම නැතිව ජීවත් වි හැකිද? එසේ ඒ උණුසුම අහිමි වීම, ඒ නිසා තමන් තුළම ඇතිවන අනාරක්ෂිත බව, කොටින්ම කිවහොත් ඒ සමාජ වියෝව ඉල්ලා සිටින දේශපාලන නිර්වචනය ගා ඕ ෂිං ජෙන් සිය කෘතියෙන් ඉදිරිපත් කරයි. නැතහොත් ඒ වෙනුවෙන් ඔහු මෙි කෘතිය ඉදිරිපත් කරයි. විශේෂයෙන්ම 1966 – 76 දශකයක කාලයක් තුළ ක‍්‍රියාත්මක වූ සංස්කෘතික විප්ලවය විසින් ඇති කළා වු සමාජ වෙනසක් වෙි නමි ඒ වෙනස යට කී තත්වය නිර්මාණය කරනු ලැබුවේ ් යැයි ෂිං ජෙන් නොසිතුවා යැයි සිතන්නට පුලුුවන් කමක් නැත. තවද ඒ වෙනස ආරක්ෂා කිරීමට පාලන තන්ත‍්‍රය විසින් කරන ලද බල කිරීම නිසා සිය නාට්‍ය අත් පිටපත් ගණනාවක් ජීවිතාරක්ෂාව පතා පුලුස්සා දැමීමට සිදු වූයේ යැයි ශහු කියන විට එය ප‍්‍රතික්ෂේප කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නයද මෙහිදී පැන නගී.27e987374fbc1183173061cc9f70a798

සාමාන්‍ය මිනිසෙකු වුව යම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ කිසියම් ආකෘතියක් අනුව යමිනි. ලේඛකයකු සිය පරිකල්පනීය හැකියාව ඔස්සේ වඩාත් උස් තැනකට ගන්නා එකී ආකෘතිය අවසානයේදී කලාවේ ශිල්ප උපක‍්‍රමයක් බවට ද පත් වේ. ඒ අනුව යමින් නවකතාවක් වේවා වෙනත් ඕනෑම කලා ප‍්‍රකාශනයක් වේවා හඳුණාගැනීමේදී සම්මත ආකෘතියම මුල්කර ගැනීම පොදු සංසිද්ධියක් බවට පත්ව තිබේ. ඒත් ”දිවි ගිර” නමින් සිංහලයට නැෙඟන ”ලිං ෂෑන්” කෘතිය ඒ සම්මත නවකතා ආකෘතියත් සමඟ පවතින්නක් නොවේ. අනිත් අතට ඒ ලේඛකයාගේ අසීමිත විඳීම හමුවේ සම්මත ආකෘතිය නම් හඳුණා ගැනීම ඊට කොහෙත්ම ප‍්‍රමෘණවත් නැති ක්ෂුද්‍ර වු යමක් බවට පත් වී තිබේ. එවැනි අවස්ථාවක කළ යුතූ සුදුසුම ක‍්‍රියාව ෂිං ජෙන් සිදුකොට තිබේ. ඒ අර සම්මතයෙන් ඉවත් වීමයි. දස මසක් තිස්සේ තමන් විසින් විඳින ලද ඒ ගැඹුරු හුදෙකලාව අවසානයේදී ඔහුට ආකෘතියක් ලබා දී තිබේ. එසේ ගත් කළ ”දිවි ගිර” නම් මෙම කෘතිය හුදු කතා වස්තුවක් නොවේ. ඒ තුළ පවත්නේ ගැඹුරු නිශ්ශබ්දතාවයක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. තවද එකී නිශ්ශබ්දතාව ඇතුලාන්තය තුළින් ගැඹුරු හුදෙකලාවක නින්නාදයක් ද ඒත් සමඟම ඇසෙන්නේ නම් ඔබ ඊට සවන් දිය යුතුය. මන්ද යත් එහි ඇත්තේ එක් මිනිසෙකු මිනිස් උණුසුමෙන් පිටමං වී සිටි කාලයක තනිවම විඳගත් සංවේදි හුදෙකලාවක්ම වන හෙයිනි.

1463_gao-xingjian_painting-illusion_2014.jpg

”පාළු වු විලෙහි සිටි ජලජ පක්ෂීන් පවා යන්නට ගොසින්ය. ජල තලයෙහි දිදුළන මතුපිට දර්ශනය ඉතා සියුම් ලෙස බොඳව යයි. පන් ගස් අතරින් ගොම්මන් අ\ුර ගලා එද්දී දෙපා යට්න් සීතල ඉස්මතු වෙයි. මගේ සර්වාංගයටම ඒ සීතල දැනෙයි. ?හැයියන් හඬන්නේ නැත. ගෙම්බන් බක බක ගාන්නේද නැත. මේ නම් මා විසින් සොයා ගනු ලබන්නා වූ අති සරල පාළුව සහ තනිගමය.” (45 පිටුව)

එක අතකින් බලන විට මේ කෘතිය බරපතල අභ්‍යාසයක්ද වැන්න. ඒ අනුව ජීවිතයක අත් විඳීම් එකම සම්මතයක් තුළ පවතින්නේ යැයි සිතන්නෙකුට මේ කියවීම වේදනාකාරී අත්දුකීමක් වීමට ද ඉඩ ඇත. ඒ ජෛව අත්දැකීම් එසේ එකම තලයක සිදු නොවන බව ”දිවි ගිර” පවසයි. වෙනත් ආකාරයකට කියනවා නම් වෙනත් අයකු විසින් දෙන්නා වූ අරුත් හෝ ආකෘති මත සිටිමින් තමන්ගේ ජීවිතය නිවැරදිව කියවාගත නොහැකි බවත්,(ඒවායින් යම් ආභාෂයක් ලද හැකි වුණත්* ඒ නිසා සිදු වන්නේ සම්මතය විසින් ඉදිරිපත් කෙරෙන ආකෘතියට (මතයකට හෝ ඇදහීමකට* තමන් ගොදුරු වීමකට වඩා වැඩි යමක් නොවන බවත් ෂිං ජෙන් ඉතා සියුම් ලෙසින් පෙන්වා දෙන්නේ යැයි සිතේ. අවසානයේදී ඔහු ඉතා ගැඹුරින් යමක් අපේක්ෂා කරන බවක් අපට දැනෙයි. ඒ එවැනි කියවීමක් වෙනුවෙන් අළුත් පාඨකයෙකි. ඒ අළුත් පාඨකයාට අවශ්‍යම කරන කතාවක් එතැන තිබේ. එය මෙවැන්නකි.

”මට කතන්දරයක් කියන්නකෝ” අනතුරුව මහා ගං වතුරක් ගැලූවේය. ලොව ඉතිරි වුයේ කුඩා ඔරුවක් පමණී. අයියාත්, ඔහුගේ නංගීත් එකතු වුහ. පාළුව දරා ගැනීමට අසීරු නිසා ෂවුහු එක පොදියට ගුලි ගැසී සිටියහ. සැබෑව වුයේ අනෙකාගේ බස පමණි. ජීවමාන බව තහවුරු වූයේ එමඟින්ය.

36gao_atelier1

”ඔයා මට ආදරෙයි”

සර්පයෙක් කෙල්ලට කාමුක අපරාධයක් කළා. සර්පයා මගේ ලොකු අයියා ය.” (150 පිටුව)

”මේ සියල්ල මෙටස් සිදුවන බස තමා දැන සිටියෙි යැයි ඇය කියන්නීය. ඔබට ඇගේ සිරුර තුළට ඇතුළු වීමට තමා ලඩ හරින බව ඇය දත්තාය. මෙය වළක්වාලන්නට ඇය ගත් සියළු කූඨ උපක‍්‍රම තමාම රවටා ගැනීමක්ය. එහෙත් ඇය මෙසේ තමාට දඬුවම් දෙන්නේ ඇයි? මේ රසය විඳ නොගන්නේ ඇයි? ඔබ ඇයට ජීවිතය ලබා දුන් බව, බලාපොරොත්තු ලබා දුන් බව ඈ පවසන්නීය. දැන් ඇයට අවශ්‍ය වන්නේ ජීවත් වන්නටය. ආශාව යළිත් ඇය හසු කරගෙනය.” (165 පිටුව*

ඉතා පැහැදිලිවම ජීවත්වීම යනු ප‍්‍රබල සංසිද්ධියක් වේ. එනිසාම එය සීමාවන් මැද තීරණය කළ හැක්කක් නොවේ. තවද පූර්ව ආකෘතියක් මත පිහිටමින් ඉදිරිපත් කළ හැකි එකක් ද නොවේ. ඒ බව ෂිං ජෙන් මුලදීම තීරණය කොට තිබේ.. ඉදින් එවැනි පසුබ්මක් තුළ සම්මතයට අනුව එය නවකතාවක් වුණත් නොවුණත් ඉන් ඇති පලය කූමක්ද? වැදගත් වන්නේ ප‍්‍රකාශනයයි. ප‍්‍රකාශනයේ ඇති ප‍්‍රබලත්වයයි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

Views – 1,679

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s