GREEN ඉලෙක්ට්‍රොනික් – එය ජාවාරමක් නොවිය යුතුය

ආයු කාලය අවසන් වීමෙන් පසු බැහැර කෙරෙන ඕනෑම ඉලෙක්ට්‍රොනික භාණ්ඩයක් හෝ උපාංගයක් ඉලෙක්ෙඉ‍්‍රානික අපද්‍රව්‍ය වශයෙන් හඳුණා ගැනෙයි. ලොව පුරා ඒ ආකාරයට බැහැර කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප‍්‍රමාණය ටොන් මිලියන 40 ක් පමණ වෙතැයි ප‍්‍රකාශයට පත් වී තිබේ. ඒ අනුව ලෝක මට්ටමින් වසරකට බැහැර කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප‍්‍රමාණය සෙසු ඝන අපද්‍රව්‍ය මෙන් තුන් ගුණයකි. එහිදී සංවර්ධිත රටවල් සිය රටවලින් විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමට තුන්වන ලෝකය යොදා ගැනීම තවදුරටත් අප‍්‍රකට ප‍්‍රවෘත්තියක් නොවේ. 2013 වර්ෂයේදී පරිසර අමාත්‍ය සුසිල් පේ‍්‍රම ජයන්ත මහතා ලංකාව සම්බන්ධයෙන්ද ඒ තත්වය අදාල යැයි පිලිගත්තේය. ඒ අනුව අප වැනි රටවලට අපනයන වෙළ\ම මුවාවෙන් භාවිතයෙන් බැහැර කළ ජංගම දුරකථන, පරිගනක වැනි ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ගෙන්වීමේදී ඒවා පාවිච්චි කරන ලද කාලය වසර 3ක් විය යුතු යැයි නියම කොට පසුව 2 දක්වා අඩු කළ යුතු යැයි ද යෝජනා කෙරුණි. ඒ අනුව ශ‍්‍රී ලංකාව එකී අපද්‍රව්‍ය බැහැර කෙරෙන භූමියක් වශයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතුය යන ස්ථාවරයේ එදා ඒ ඇමතිවරයා සිටියේය.img_slide-02

ඒ කරුණු කොයි හැටි වුණත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් රටකට ජාතික ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. අප රටට අදාළව එහි පුර්ණ අධිකාරීත්වය හිමිව ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියට ය. එසේ එම අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ එමෙන්ම ඒ සඳහා නියෝජිත ආයතන පත් කෙරෙන්නේ ඔවුන්ගේ බලපත‍්‍රය යටතේ බැවින් එය නිසි ලෙසින් බැහැර කෙරෙන්නේ දැයි සොයා බැලීමේ වගකීමක් අධිකාරියට තිබේ. නමුත් ප‍්‍රශ්නය වී තිබෙන්නේ ඔවුන් ඒ වගකීම නිසි ලෙස ඉටු කරනවාද යන්නය.

විශේෂයෙන්ම කඩවත ප‍්‍රදේශයේ ගොඩ ගැසුණු ඉලෙක්ට්‍රොනික කුණු කන්ද ගැන එසේ සිය අවධානය යොමු කිරීමට යට කී ආයතනය සමත් වුයේද? ලොරි වලින් ගෙන එන එම අපද්‍රව්‍ය එතැනදීම කඩා බිඳ අවශ්‍ය දේ ?ගෙන සෙසු සියල්ල එතැන දමා යන්නේ අර කීව ආයතනය පයිසයකටවත් ගණන් නොගෙනය. නමුත් එම ආයතනය නඩත්තු කිරීමට විශාල වශයෙන් මහජන මුදලක් වාර්ෂිකව වෙන් කෙරේ.

e-waste-3 (1).jpg

අනිත් අතට මධ්‍යම පරිසර අධිකාරිය අදාල අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීිකරණය සඳහා බලපත‍්‍ර ලබා දී තිබු ඇතැම් ආයතන ද එම බලපත‍්‍රයට මුවා වෙමින් එසේ කටයුතු කොට ඇතැයි යන චෝදනා ද පහසුවෙන් බැහැර කළ හැකි ඒවා නොවේ. තවද එම ආයතන තමන් විසින් නිෂ්පාදනය කරන ලද්දා වු නිෂ්පාදනවල අපද්‍රව්‍ය ද එසේ බැහැර කොට ඇතැයි ද පැවසේ. අදාල බලධාරි ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරිය මෙවැනි තත්ව පසු විපරමට ලක් කලේදැයි ප‍්‍රශ්න කළ යුතුව තිබේ. මෙවැනි බලපත‍්‍රධාරි ආයතන සැලකෙන්නේ අදාල ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් ?ස් කොට ප‍්‍රතිචක‍්‍රීකරණයට යොමු කෙරෙන නියෝජිත ආයතන හැටියටය. ඒ අනුව බැහැර කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලබා දිය යුතු ආයතන 4ffde65b5731494218218051b42eac0cවන්නේද ඒවාමය. ඉදින් එවැනි බලපත‍්‍රලාභි වගකීමක් ඇති එවැනි ආයතන ප‍්‍රතිචක‍්‍රීකරණය පසෙක තබා තමන්ට ලැබෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් අවශ්‍ය කොටස් උපුටා ගෙන සෙසු කොටස් විවෘත පරිසරයටම මුදා හරින්නේ නම් එය බරපතල තත්වයකි.

අපද්‍රව්‍ය එසේ රැුගෙන ඒම ද කොන්ත‍්‍රාත්කාර කටයුත්තක් බවට හෙලි කරගෙන තිබේ. ඒ අනුව එම ලොරි රථ ඒවා ලබාගෙන ඇත්තේ ප‍්‍රධාන පෙලේ ආයතන වලින් බවට හෙලිදරව් වී තිබේ. එම ආයතන ඔවුන්ට ඒවා අළෙවි කොට ඇත්තේ වෙන්දේසි මඟිනි. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ බලපත‍්‍රයක් අතැතිව එකතු කරගත්තා වු එකී අපද්‍රව්‍ය වෙන්දේසි මඟින් තුන්වන පාර්ශවයකට අළෙවි කිරීෙමි ් ඉඩක් ඔවුන්ට නැත. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් පුළුල් පසු විපරමක් අවශ්‍යය. විශේෂයෙන්ම මට්ටක්කුළිය, පන්චිකාවත්ත, මරදාන මෙන්ම මාළිගාවත්ත යන ප‍්‍රදේශයන්හි ඊට අදාළව පුළුල් මෙහෙයුමක් කළ යුතුය.

ewaste-equipment

ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට එසේ අවිධිමත් ලෙස බැහැර කොට ඇති අපද්‍රව්‍ය අතර ප‍්‍රතිචක‍්‍රිකරණ කටයුතු සඳහා බලපත‍්‍ර ලත් ප‍්‍රධාන පෙලේ ආයතනයන්හි නිෂ්පාදන ද තිබී හමු වී ඇත. ඒ අනුව ඉතා පැහැදිලිවම මධ්‍යම පරිසර අධිකැරිය බලාපොරොත්තු වූ ප‍්‍රතිචක‍්‍රීකරණය මෙතැන සිදු වී නැත. ඒ වෙනුවට සිදු වී ඇත්තෙ ඒවා තවත් පාර්ශවයකට විකුණා මුදල් කර ගැනීම ය. එහෙත් එවැනි ආයතනවලට බලපත‍්‍ර ලබා දී සිය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එම ආයතන වලට ලබා දෙන්න යැයි මධ්‍යම පරිසර අධිකාරිය පොදු සමාජයට නිෙවිදනයක් නිකුත් කරන්නේ අදාල බලපත‍්‍රයෙන් එවැනි වගකීමක් ඔවුන්ට පැවැරී ඇති නිසාය.2

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය යනු සුළුපටු කටයුත්තක් නොවේ. අද ලොව පවතින මිල අධිකම කටයුත්තක් වශයෙන් එය හ\ුන්වා දිය හැකිය. එනිසා බලපත‍්‍රයක් ඒ සම්බන්ධයෙන් ලබා ගන්නා පුද්ගලයෙකු හෝ ආයතනයක් ෙවි නම් එවැනි මිලක් සහ වගකීමක් දැරීමට සුදානම් විය යුතු වේ. උදාහරණයක් හැටියට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් හැටියට බැහැර කෙරෙන කැතෝඞීන් ටියුබය ප‍්‍රතිචක‍්‍රීකරණය යනු ලොව ඉහළම මිලක් සහිත කටයුත්තක් වේ. එපමණක් නොව ඒ සඳහා හැකියාවක් ඇති ආයතන ද ලොව පවතින්නේ සීමිත වශයෙනි. එහෙත් ඒක එහෙමය කියා ඒ සම්බන්ධයෙන් වගකීමකින් තොරව කටයුතු කිරීමට කිසි¥ බලපත‍්‍රලාභියෙකුට පුළුවන්කමක් නැත. එතැනදී මධ්‍යම පරිසර අධිකාරිය වුණත් ඒ සම්බන්ධයෙන් සුදුසු දැනුමකින් සහ අවධානයකින් කටයුතු කිරීම අවශ්‍යය. කූඨ ආයතනවල නොමඟ යැවීම් වලට අසු නොවී කටයුතු කල හැකි වන්නේ එවිටය. අපට දැනගන්නට ලැබුණු අන්දමට එක් ආයතනයක් කැතෝඞීන් ටියුබය දෙකට කපා බැහැර කිරීම සුදුසු ක‍්‍රමවේදයක් ලෙසින් උපදෙස් ලබා දී ඇත. එය ප‍්‍රතිචක‍්‍රීකරණයක් ලෙසින් හඳුන්වා දෙමින් ඒවා කැපීම සඳහා අවශ්‍ය උපකරණ පවා ගෙන්වීමට එම ආයතනය සුදානම් වී තිබේ. මෙයින් සනාථ වන්නේ ඇතැම් බලාරීන්ව පවා නොමඟ යැවීමට ඒ කූඨ ව්‍යාපාරිකයන් සමත් වී ් ඇති බවයි.

ඇත්ත වශයෙන්ම එතැනදී ඒ අයගේ අරමුණ වුණේ ටියුබය කපා එහි ඇතුළත් වෙළඳපල වටිනාකමක් සහිත ලෝහමය කොටස් ලබා ගැනීම නම් එහි තේරුම එහි සෙසු කොටස් ඊයම්, රසදිය වැනි අහිතකර රසායනිකයන්ද සමඟ පරිසරයට මුදා හැරෙනවාය යන්නයි. එවැනි නොමඟ යැවීමක් වැදගත් උපදේශයක් ලෙසින් සලකා ඊට අවසර දුනහොත් සිදු විය හැකි දේ සම්බන්ධයෙන් අදාල බලධාරීන්ට අවබෝධයක් තිබිය යුතුය. දැනුමක් සහ ප‍්‍රාමාණික උගත්කමක් ඒ සම්බන්ධයෙන් මේ අයට අවශ්‍යය ය.

ඒ කොයි හැටි වුණත් මේ කටයුත්ත නිසි වගකීමකින් ඉටු කරන බලපත‍්‍රලාභිහුද මේ අතර සිටිති. ඒ නිසා කළ යුතුව ඇත්තේ පොදුවේ බලපත‍්‍රලාභීන් සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් පවත්වා ගැනීම වෙි. ජනතාව සිය බදු මුදලින් මෙවැනි ආයතන නඩත්තු කරන්නේ ද ඒ නිසාමය. ඒ මිසක් ඇමතිවරුන්ට සැප දීමට නොවේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s