යේසුස් වහන්සේ අම්මාට “ස්ත‍්‍රිය” යැයි කීහ.

සිංහල සාහිත්‍ය වංශයට එකතු වූ මුල්ම ක‍්‍රිස්තු භක්තික ලේඛකයා අලගියවන්න මුකවේටි තුමා යැයි මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි. ඔහු කලින් බෞද්ධයෙකුව සිටියේය. හටන් කාව්‍ය සාහිත්‍යයට අයත් වන ඔහුගේ ”කුන්ස්තන්තීනු හටන” සිංහල සාහිත්‍ය වංශයට අයත් ප‍්‍රධාන පෙලේ කිතු සාහිත්‍ය කෘතියක් හැටියට ගැනෙයි.

”රන හස වනී තා fd1-1.jpg
ගුණයෙන් යුතු විනී තා
තෙදියතක මා තා
රකී මුළු ලොව යේසු මාතා”

කෙසේ වුව කිතු සාහිත්‍යයේ ආදි කර්තෘ ධූරය හිමි විය යුත්තේ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාට යැයි මහාචාර්ය ආරියරත්න වැඩි දුරටත් පවසයි. ”පෙදෙන් බුදු සිරිත පැවසීමේදී භාවිතා කරන්නට යෙදුණු යම් යම් ක‍්‍රමෝපායෝ වෙත් ද ඒ සකලවිධ ක‍්‍රමෝපායක් මැ පෙදෙන් කිතු සිරිත පවසන්නට ද උපයෝගි කරගෙන තිබේ.” (ජාකෝමේ ගොන්සාල්වේස් – තෝරාගත් කෘති*

ඒ අනුව සිංහල බස හදාරමින්,, සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍ය පරිශීලනයෙන් ඔවුන් විසින් මෙරට පොදු සාහිත්‍යයට කරන්නට යෙදුණු ඒ එකතු කිරීම්, ශාස්තී‍්‍රය ග‍්‍රන්ථයක් වශයෙන් සංග‍්‍රහ කිරීම වැදගත්ය. එහෙත් ඒ තරමටම ඒ වෙනුවෙන් විමර්ශනාත්මක විග‍්‍රහයක් ද අවශ්‍යය. කෙසේ වුව මෙය ඒ වෙනුවෙන් ගත් ප‍්‍රයත්නයක් නම් නොවේ.c7158edd2e243a3869b2da9a83529937

මෙරට කිතුනු සාහිත්‍යයේ කැපී පෙනෙන චරිතයක් වන ගොන්සාල්වේස් පියනම මෙරට ජන සංස්කෘතියට කිතු සමය ආදේශ කිරීමට ගත් ප‍්‍රයත්නය තුළ අපූරු උත්ප‍්‍රාසයන් ද මතු වී තිබේ. උදාහරණයක් හැටියට ”සුගති උද්‍යාන” වර්ණනාවේ එන ආදම්ගේ උයනේ අපට කිතුනු සංස්කෘතියේ එන පලතුරු විශේෂ කිසිවක් හමු නොවේ. පියනම කියන ආකාරයට එහි ඇත්තේ කරඹ, මොර, පේර, ජම්බු, ජමනාරං අුන්නාසි, පලූ මෙන්ම වීර ය. මරියා කන්‍යාවක් වුණත් යේසු මෙලොවට බිහිව ඇත්තේ ඇගේ කුසිනි.

”පුන් සඳ වළාවෙන් පෑව්වා ලෙසිනේ
රන් කරඬුවෙන් එළියට ගත් මැණික මෙනේ
තුන් ලොව පසි\ු පිතු දෙව් කුමරුන් එදිනේ
පින් ඇති මරිය කන්‍යා කුසිනි බිහි වුණේ”

බුදුගුණාලංකාරය වැනි කෘතියක් අනුව යමින් ගොන්සාල්වෙස් පියනම ගෙන ඇති ඒ ප‍්‍රයත්නය තුළ ඇත්තේ විරසකයකින් තොරව ආගන්තුක දේශයක සමාජ සංස්කෘතික පරිසරයකට ගැලපී පවතින්නට එතුමන් ගත් ප‍්‍රයත්නයයි. තවද විරසකයකින් තොරව ඒ කටයුත්ත කරගැනීමට පියතුමා සමත් වී ඇති බවක් ද දැකිය හැකිය.z_p91-foundation

මේ කියන කිතුනු සාහිත්‍යයේ තවත් විශේෂතා ද වේ. ඒ අනුව ක‍්‍රිස්තුස් වහන්සේ සිය මව් ඇමතීමට යොදන්නේ ”ස්ත‍්‍රිය නම් පදයයි. ඒ ”මන්ද කියා කිවහොත් උන් වහන්සේ උකුන් වේලේ අම්මා කියා අඬ ගැසුවොත් ඒ ආදරේ අකම්පාලයෙන් මෑණියන්ගේ ජීවිත හානි වෙන්න පුළුවන් කියන කාරණාවෙන් අම්මා කියා කීවේ නැතැයි දැන ගන්නේය.”

ඒ හෙළ කිතුණු සාහිත්‍යයේ මුල් ආරම්භයයි. එහි නූතන කාලය න විිට මේ සම්බන්ධතාව වඩාත් සමීප ආකාරයකින් අප කරා පැමිණෙන බවක් දැකිය හැකිය. ඒ තත්වය ඇති කළ ප‍්‍රධාන ධාරාවේ නියෝජනයක් ලෙස මර්සිලින් ජයකොඩි පියනම ගත හැකිය. උන් වහන්සේ මෙසේ පවසන්නාහ.

”මා ඥානාර්ථ ප‍්‍රදීපයට ආවේ පත්තරය භාරගෙන සෑහෙන වැඩ කොටසක් කරන්නට හිතාගෙනයි. දැනටත් පල කරන ලංකාවේ පැරණිම පුවත්පත තමයි ඥානාර්ථ ප‍්‍රදීපය. නමුත් පැරණිකමේ හැටියට දියුණු වෙලා තිබුණෙ නෑැහැ. එකම ක‍්‍රමයට තමයි ඕක හැමදාම පල වුණේ. පත්තරේ එහෙම නොදියුණු තත්වයේ තියෙන්න හේතුවක් හැටියට මා දැක්කේ අපේ අය හොඳින් සිංහල ඉගෙන ගත්තේ නැතිකමයි. පොත් පත් ඉගෙන ගෙන උපාධි ලබා ගත්තු අය හිටයා. ඒ වුණාට ඒ අය සිංහල උගත්තු නෙවෙයි. කවුරු මොනවා කිව්වත් සිංහල හොඳට ඉගෙන ගන්න තියෙන්නේ පිරිවෙනින්. අපේ කවුරුත් එතැනින් සිංහල ඉගෙන ගෙන නැහැ.” (මල් පැළේ උපන් පියතුමා)

0c6dcfc6652ace1c2718f7bb2b184608
ංයකොඩි පියතුමා කුමාරතුංග මුන්දාසගේ ’සුබස’ සඟරාව සමඟ සම්බන්ධතා පැවැත්වු අයෙකු බව කිව යුතුයි. ?පියෙල් තෙන්නතෝන්, ජයන්ත වීරසේකර, අමරසිසි ගුණවර්ධන, යන ශාස්ත‍්‍රවන්තයින්ගේ ඇසුරද ඒ නිසාම ඔහුට ලැබී තිබුණේය.

ජාකොමේ ගොන්සාල්වෙස් මෙන්ම මර්සිලින් ජයකොඞ් යන පියතුමන්ලාගේ කාර්යභාරය ඔවුන් විසූ කාලයට සාපේෂය. යුග දෙකක් තුළ සිටිමින් ඔවුන් විසින් තමන්ට පැවැරුණු කාර්යභාරය ඉටු කරනු ලැබ තිබේ. ඒ අනුව ගොන්සාල්වේස් පියතුමා සෘජුවම මුහුණ දුන්නේ ධර්ම ¥ත ව්‍යාපාරයකටය. නමුත් ජයකොඩි පියතුමා නියෝජනය කරන්නේ එවැනි ධර්ම ¥ත ව්‍යාපාරයක් අවශ්‍යම නොවු කාලයක්ය. ඒ කෙසේ වුව අවශ්‍යතාවන්හි කුමන වෙනස්කම් තිබුණත් ඔවුන් දෙදෙනාම සිය නිර්මාණාත්මක මාධ්‍යය බවට පත් කරගෙන සිටියේ පොදුවේ හැඳින්වුවහොත් සාහිත්‍ය කලාවයි. නමුත් එහිද වෙනසක් තිබුණි.

ඒ අනුව ගොන්සාල්වෙස් පියනම තමන්ට පැවැරුණු කාර්යය වෙනුවෙන් සාහිත්‍යය කලාව සුදුසු මාධ්‍යයක් කර ගනිද්දී ජයකොඩි පියනමට එවැනි සෘජු අවශ්‍යතාවක් නොතිබිණි. එනිසා ජයකොඩි පියනම සිදු කරන්නේ සිය ආගම සමය තුළ සිටිමින් ජාතික සාහිත්‍ය කලා සංස්කෘතියට සිය නිර්මාණ දායකත්වය සැපයීමය. උදාහරණයක් ලෙස ”සුදු සඳ එළියේ නළ මත පොපියන හිරිමල් කැකුළක රොන් කෙමියේ” වැනි ගීතයක් එක් අතකින් ඔහුගේ ඒ නිර්මාණ දායකත්වය පෙන්වා දෙන තරමටම අනිත් අතින් ඔහුගේ ඒ නිර්මාණ කෞෂල්‍යයේ වෙනස් ආරක් ද පෙන්වා දෙයි. එහි අර ධර්ම ප‍්‍රචාරක හැඩරුව දැකිය නොහැකියි. කෙසේ වුව අවසාන විග‍්‍රහයේදී මේ දෙපාර්ශවයම පොදුවේ සමාජීය වශයෙනුත් සාහිත්‍යය සහ සංස්කෘතික වීෂයයිකවත් සිදු කළා වූ එකතු කිරීම පහසුවෙන් ප‍්‍රතික්ෂේප කළ හැක්කක් නොවේ.

මොහාන් ශ‍්‍රීයන්ත ආරියවංශ

එය ආගමික නොව ජාතික මෙහෙවරක් වේ. – බෙනඩික් ජෝශප් පියතුමා.

10 වන සියවසේ සිටම ක‍්‍රමාණුකූලව මෙරටට කිතු සමයේ බලපෑම ලැබුනා. 15 වැනි පාප් වහන්සේ විදේශයන්හි ධර්ම ¥ත කටයුතු වල නිරත වන අයට ප‍්‍රකාශ කළ ප‍්‍රධාන කරුණක් තිබුණා. ඒ තමන් යන දේශයේ ජනයාගේ භාෂාව වගේම සාහිත්‍යය මැනැවින් හදාළ යුතුය යන්නයි.

ඒ අනුව දියෝගුද කුඤ්ඤේ නම් පෘතුගීසි ඉතිහාසඥයා සිංහල බස හොඳින් දත් කිතුනු පූජකවරුන් ගැන සඳහන් කරනවා. 1610 දී ජේසු නිකායික පූජකතුමෙක් අතින් යාඥා සම්බන්ධයෙන් සිදු කළ සාහිත්‍යයික කටයුත්තක් ගැන අසන්නට ලැබෙනවා. කෙසේ වුව සිංහල ව්‍යාකරණය හැදෑරීමට අදාලව මුල් ගෞරවය හිමි කරගන්නේ එම්මානුවල් කොස්තා පියතුමන්ය.c4171d2c221c3d28f6b3acf1ed2f763c

මේ අයුරින් ගොඩ නැෙඟන කිතුනු සාහිත්‍යය ව්‍යාපාරයේ කැපී පෙනෙන සාහිත්‍ය නිදර්ශනයක් හැටියට ”කුන්ස්තන්තීනු හටන” හඳුන්වා දිය හැකියි. එය කතෝලික සභාවේ සිතුම් පැතුම් බොහෝ දුරට ඉදිරිපත් කරන බවද පැහැදිලියි. තවද බෞද්ධ සාහිත්‍ය මුලාශ‍්‍රයන් හා කිසිදු වෙනසක් නොපෙනෙන ආකාරයෙන් ඉදිරිපත් කොට තිබීමද එහි එන විශේෂත්වයක්.

ජුසේ වාස් පියතුමා ද මෙරට කිතුනු සාහිත්‍යයේ කැපී පෙනනන චරිතයක්. ඒ වගේම සිංහල භාෂා සාහිත්‍යය හැදෑරීමේ වැදගත්කම පෙන්වා දුන් පියතුමෙක්. එතුමාගේ ඇසුර ලබන ගොන්සාල්වෙස් පියතුමා එය තවත් ඉදිරියට ගෙන යනවා. ඒ අනුව සිංහල භාෂා සාහිත්‍ය හැදෑරීමත්, නාඩගම් ආදි නාට්‍ය කලා ඇසුරින් එවැනි සංස්කෘතික කලා නිර්මාණයන්හි යෙදීමත් නිසා එතුමන් කිතුනු සාහිත්‍ය ව්‍යාපාරය තුළ කැපී පෙනෙන ස්ථානයක් අත් කර ගන්නවා.download

ඒ වගේම සාහිත්‍යය විෂයයිකව මහත් මෙහෙවරක් කළ එඞ්මන්ඞ් පීරිස් මෙන්ම ප‍්‍රංශ ජාතික මොන්තඤ්ඤ පියයතුමාත් සිහි කට යුතුයි. මෑත කාලීනව සිංහල භාෂා සාහිත්‍යය මැනැවින් දත් අයවළුන් නැති බව පවසමින් කටයුතු කළ මර්සලීන් ජයකොඩි පියතුමන්වද අමතක කළ නොහැකියි.

සහිත්‍යය හැරුණම මෙරට ජාතික සිනමාව සම්බන්ධයෙන්ද කිතුනු සාමයික බලපෑම පැහැදිලිවම දකින්න පුළුවන්. කෙට්යෙන් කිවහොත් අප රටට අදාළව කිතුනු සංස්කෘතික කලා දායකත්වය සැලකිය යුත්තේ ජාතික සංස්කෘතික මෙහෙවරක් හැටියට මිස හුදු ආගමික සේවාවක් හැටියට නොවෙයි.

{රන්දිව පුවත්පත – 2014. 12. 21 }

Views – 1,144

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s