ලා රත් පැහැ අරුණළු මැද – අලූත් ඉරක් පායනු ඇත.

විමලරත්න කුමාරගම, මහගම සේතර වර්තමාන සිංහල කාව්‍ය සාහිත්‍යයේ ඉකුත් වත්හි ප‍්‍රදීපස්ථම්භයන් දෙකකි. මෙම කවීන් දෙදෙනාගේ නිර්මෘනයන් විමසුමට ලක් කිරීමෙහි ලා අප පෙළඹ වු හේතුව ඔවුන්ගේ අනුස්මරණයන් දින ගණනක පරතරය ඇතිව යෙදී තිබීමම නොවේ. සිංහල කාව්‍යයේ වර්ධනය උදෙසා ඔවුන් ඉටු කළ ඵෙතිහාසික වූ කාර්යභාරය නිසාය.download

රොමැන්ටික්වාදී බලපෑමත් ඒ නිසාම වාගේ ස්වභාව ධර්මය ගූඪ ලෙස අගය කිරීමත්, සමාජයේ මතුපිට තලය ස්පර්ශ කිරීමෙන් පමණක් ගත් අවබෝධයත් බොහෝ දුරට විද්‍යමාන කළ කොළඹ යුගයේ කවිය ඉන් මෑත් කොට ජීවමය ගුණයෙන් පිරිපුන් මාවතකට යොමු ගළේය කුමාරගම.

බුද්ධිය මුල් කොටගත් දෑසකින් ලොව බැලීමට මෙහෙය වූ නිසඳැස් කවීන් සාම්ප‍්‍රදායික අවබෝධයෙන් දුරස්ව පොදු ජන විඥානය හඳුණා ගැනීමට නොහැකිව කාව්‍ය රචනා කළ යුගයකදී සිංහල කවිය හා මුසු වූයේය සේකර.

සංහිඳ ලඟ බාරයට කිරි ඉතිරූ වන අතු කඩා ගස් දෙබලක දැවටූ වන්නියේ ජනතාව අයියනායක දෙවියන්ගේ පිහිට අයැද සිටියහ. බිඳෙන් බිඳ පයිප්පයෙන් වැටෙන ජලය ඩැහැ ගැන්මට බෙලෙක්ක ටින් ?ගත් ළමෝ වට වී සිටයහ.

බුද්ධියේ පාර ඔස්සේ සිදාදියට ගිය ඔහු ආපසු ගමට එන්නට පාර කියන මෙන් අම්මාගෙන් අයැද සිටියේය. වනයේ වෙසෙන අලියෙකුට වැට කඩුළු කුමකටද ඇසූ ඔහුට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනිණි.mahagama-sekara

කළු ගැහී තරඟයට ඉහළ ගිය සිමෙන්ති බිත්ති අතර ඇඳක්, පුටුවක්, මේසයක් වු ඔහු නිව්යෝක් නම් පුරවරයෙහි සිට ගමේ වෙල් එළියට පායන හඳ දුටුවේය. පුලා සමඟ පලූ ගස් දෙබලක මැස්සෙත්, සයිමා සමඟ කැටවල අස්සෙත් සිටියදී ඔහු වන රොද මුදුනට ඉස්සෙන අඩ හඳ පලූව දුටුවේය.

කොළඹ යුගයේත්, නිසඳැස් යුතයේත් බිහි වු කාව්‍ය අතරින් කුමාරගමගේ හා සේකරගේ නිර්මාන ඉදිරියෙන් සිටින්නේ එබැවිනි.

සිව්්පද ආකෘතියට පමණක් සීමා වු කොළඹ කවිය ආකෘතිමය බාධකය බිඳගෙන ඉදිරියට ගෙන ගියේ කුමාරගමය. මහ පාර නම් තුඩා ගතින් නිසඳැස් කවියට ආදර්ශයක් ගත හැකි දැයි නිහතමානීව කල්පනා කරන මෙන් ඔහු ඉල්ලා සිටියේය.

නිසඳැස් ආකෘතිය තුළට සීමා වූ සිංහල කවිය ඉන් මෑත් කොට ආකෘතිමය විවිධත්වයක් කරා මෙහෙය වූයේ සේකරයි. අවසාන යුගයේදී ස්වාධීන කවි මගක් ඔහු සතු වූයේ එබැවිනි.

සත්වයන් කෙරෙහි පතළා වූ කුළුණු ගුණය පෙන්වන රුක් කලාවන් ඔහුගේ දැතේ මහිමයෙන් නිම වු කැටයම්, පිළිරූ, තෙලිතුඩින් නිම වූ සිතුවම්, කැමරාවෙන් මැවු සලරූ කුමාරගමගේ නිවසේ හුදෙකලාව සසුම්ලයි. මිනිස් ඇස ඒ දෙස යොමු නොවුවාක් සේය.

තෙළි තුඩින් ඇඳි රූ හා පොත් කවර මීයැසියෙන් ඔපවත් වූ ගී පබැඳුම් කව් නළු හා සිනමා සිතුවම්, සේකර සමඟ අතීතයට විහිදුනු මාවත ඔස්සේ නිහඬ ගමනක යෙදේ.

රදාවානේ තුං මං හන්දියේ ඉදි කළ සොහොනේ අළු බ\ුන මහ පාරේ ගසා සුනු විසුනු කොට තිබුණි.

නාරම්පනාවේ මහ පාර අයිනේ ඉදි කළ සොහොන කටු කොහොළින් වැසී කා හටත් අමතක වී ගොසිනි.

එහෙත් අයියනායක, හේරත්හාමි, අලියා වැටුණු වැව, ආරච්චිල, පුලා, සයිමා, යසෝධා නිරංජලා, ප‍්‍රබුද්ධ, රමණි (මරණි* …

ඊයෙත්
අදත්
හෙටත්
පෙළ ගැසී සිටිති.

මහගම සේකර විමලරත්න කුමාරගම – නිර්මාණ ඇගැයීමේ විචාරාත්මක සංවාදය
මහනුවර සහෘද ශාර්කාවේ මෙහෙයවීමක්

කවි පොතින්…9558156280

”යම් ගොඩනැඟිල්ලක පියගැට පෙල මුදුනේ
සිටි ඇය වෙතට නොදැනිම මගේ ඇස ඇදුනේ
ඇගේ හිස් බැල්ම වැද ඇයි හද ගිනි වැදුනේ
මගේ සිත එදා නැත දෙවියන් වෙත , ?\ුනේ

ඇගේ උකුලේ
තෙමැසි දරුවෙකි
ඇගේ පියොවුරු
විදහා ඇත
බිළි\ුගේ බඩගිනි නිසා.

ලොව දුක් ගැහැට ඇය කෙත් තුළම දිටියෙමි
සුව සම්පතද ඇය දුටුවනම දිටියෙමි
මවකගෙ දරු සෙනෛහෙ ඇති බලය දිටියෙමි
ඇය දුටුවනම මම දෙවියන් ද දිටියෙමි”

විමලරත්න කුමාරගම

”මක් නිසාද යත් 15749793_303394530058109_2005710778_n
තව සුළු මොහොතකින්
හෙට
අද වෙයි
පුතු
හෙට පිබිදෙන විට
පෙර ගිරගින්
ලා රත් පැහැ අරුණළු මැද
අලූත් ඉරක් පායනු ඇත
ඒ ඉර රත් පැහැ වුයේ
ඔබ වෙනුවෙන්
මේ පරපුර
අප
වැගුරූ ලේ වලිනුයි

බුදු වී පලක් ඇද්ද
ධර්මය වටහා ගත හැකි කෙනෙකු නැතොත් ?
සත්‍යය දැනගත හැකි කෙනෙකු නැතොත් ?
සුන්දර බව වටහා ගත හැකි කෙනෙකු නැතොත් ?
පාන් බාගයක් ගන්නට
බස් රියකට නැඟ ගන්නට
පොර කන හටන් කරන සමාජයක
එවැනි ශ‍්‍රාවක පිරිස් කිසි දිනෙක ඇති නොවේ.

ධර්මය වටහා ගත හැකි
සත්‍ය සුන්දර බව දැන ගත හැකි
උත්තර සමාජයක් ගොඩ නැඟුමේ මුල් පියවර
කෑමෙන් බීමෙන්
ඇ\ුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වු ලොවක් තැනීමය.”

මහගම සේකර

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s