ඒ ’’දුයිෂෙන්’’ දිගාමඬුල්ලේ ද සිටියේය.

”අල්තිනායි සුලෙයිමානාවා කිහිප වරක්ම ඔරලෝසුව දෙස බැලුවාය. අමුත්තන් මහ මග’ට බැස විසිර යාමට පටන්ගත් twoපසු දොළ පාර අසල සිටගත් ඈ මහත් වූ ඕනෑකමකින් යුතුව ක\ුගැට මත පිහිටි පොප්ලර් ගස් දෙස මහත් ඕනෑකමකින් යුතුව බලන්නට වූවාය. සරත් සමය නිසා එම කොළ රත් පැහැයක් ගෙන ඇත. ස්ටෙප්ස් බිම්වල නිල් පැහැති ක්ෂිජිතයේ හිරු බැස යමින් තිබිණි. නිවී යන හිරු එළිය පොප්ලර් ගස් මුදුනට වැටීම නිසා මළානික දුක්මුසු රත් පැහැයක් ඇති විය.

‘දැන් ගස්වල කොළ හැලෙන වාරය වසන්තයේදී ගස් පීදිගෙන එන විට හැබෑ ලස්සන‘ යැයි මම කීවෙමි.

‘මමත් දැන් හිතුවේ ඔය ගැනමයි‘ කියමින් දිගු සුසුමක් හෙළු ඈ මදක් නිසළව සිට තොළ මතුළාය. ‘ඔව් හැම ජීව ප‍්‍රාණයකටම තමාගේම වසන්තයකුත් තමාගේම සරත් සමයකුත් තියෙනවා‘ ” චිංගීස් අයිත්මාතොව් නම් සෝවියට් ලේඛකයා සෝවියට් දේශයේ නැගීම තුළ වෙනස් වූ සමාජ වෙනස සහ පුද්ගල ඉරණම සිය ”මුල් ගුරුවරයා”නම් කෘතියෙන් කී සැටියි ඒ. (බලන්න ‘ගුරු ගීතය‘ සිංහල පරිවර්තනය* නමුත් මෙතැන් සිට ඔබ කියවන්නේ ඊට වෙනස් කෘතියකි.Exif_JPEG_420

”යසට වැඩ කරමින් තිබූ පොඩි මාමාගේ ගුවන් විදුලි යන්ත‍්‍රය එදා අක‍්‍රිය වු මොහොතේ අපට ඇති වුයේ බලවත් සංවේගයකි. එවකට මුළු ගමටම තිබුණු එකම ගුවන් විදුලි යන්ත‍්‍රය මෙය බැවින් අසල්වාසීහුද මාමාගේ නිවසට පැමිණ ‘අනේ අපොයි’ කීහ. අපේ ලොකු අත්තා පරලොව ගිය දිනයේ මෙන්, එදින මටද ඇති වුයේ මහා දුකකි. එහෙත් මගේ දෛවය විසින් ගුවන් විදුලි යන්ත‍්‍රය ලෙඩ කොට, මා ගුරුවරයෙකු කිරීම සඳහා පාර කපා ඇති බව ඒ මොහොතේ මා හට නොදැණුනි.” නමුත් වැදගත්ම කතාව තියෙන්නේ මේ කියන පුද්ගලයා ගුරුවරයෙකු වීම තුළ නොවේ. ඔහුගේ ඒ ගුරු ජීවිතය ගෙවී ගිය සමාජ වටපිටාව අද – වර්තමානයත් සමග ගැට ගැසීමට ඔහු ගත් අප‍්‍රමාණ වෙහෙස තුළය.

තමන්ව ගුරුවරයෙකු කළේ අධ්‍යාපන නිලධාරි සීබල් මල්කොටුව යැයි ඔහු පවසයි. ඒ නිලධාරියා එදා ඔහුට මෙසේ පවසා ඇත.Exif_JPEG_420

”අධ්‍යාපන දෙපාර්තෙමින්තුවේ වුවමනාව උඩ ඔය ළමයාව අම්පාරට යැවීම පිළිබඳව මාත් පෞද්ගලිකවම කණගාටු වෙනවා. නමුත් අම්පාර දැන් ඉතා සීඝ‍්‍රයෙන් දියුණු වෙන පළාතක්. සද්ධාතිස්ස රජතුමාගේ දිගාමඬුළු රාජධානිය, දැන් ගල්ඔය සංවර්ධන මණ්ඩලය මගින් කැළේ එලි කරලා ජනපද පිහිටුවාගෙන යන කාලයක්. මා හිතන්නෙ ඔය නාමල්තලාව කියන පාසලත්, ඒ වගේ ජනපදයක තියෙන ඉස්කෝලයක්. ඒ නිසා අම්පාරට ව්ශාල ගුරු හිඟයක් තියෙනවා. ඒ හිඟය නැති කරන්න තමයි මේ වගේ අලූත් පත්වීම් දෙනකොට එහාටම දෙන්නෙ. ඒ නිසා බොහොම සන්තෝසෙන් ගිහින් ඒ ඉස්කෝලෙ වැඩ භාර ගන්න.”

එදා ඒ අම්පාර ප‍්‍රදේශය මේ තරුණ ගුරුවරයාගේ ඇස ගැසුණේ මෙසේය.

”කළ ගෙඩි තුන හතරක් හිස මත තබාගෙන සමබරතාව ?ක ගෙන දෙඅත් දෙපසට විහිදුවමින් උජාරුවට උදේ වතුර ගෙන යන කාන්තාවන් දැකීමෙන් මම පුදුමයට පත් වීමි. වෙරළට ඔබ්බෙන් සාගරයේ සිටුවන ලද ලී කණුවල නැඟී දෙපා පටලවාගෙන මාළු ඇල්ලීමට බිලි පිත්ත අල්ලාගෙන සිටින මිනිසුන් දුටු විට දැනුණේ දුකකි. එහෙත් එය සුන්දර දසුනකි.”

galoya-arunaseneviartne-large-1024x682

එසේ මඟ දසුන් දකිමින් අවසානයේදී හෙතෙම තමන් පත්වීම් ලද නාමල්තලාව ඉස්කෝලයට පැමිණ තිබේ. ” අපි ගොඩනැඟිල්ල තුළට ගොඩ වීමු. එහි වහළත්, බිත්තිත් පොල් අතු ය. එහෙත් බිමට සිමෙන්ති දමා තිබුණ්ි. …..ගොඩනැඟිල්ල සිනමා ශාලාවක් තරම් විශාලය.”

මේ තරුණ ගුරුවරයාගේ නම ගුණශීල අඹේවත්තය. නිදහසින් පසු ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාරය පැවැති සමාජය වෙනස් කරමින් අද අප අත් විඳින වර්තමානය නිර්මානය කිරීමට මුල් වු ආකාරය ගැන තම අත්දැකීම් විස්තර කරමින් ඔහු විසින්ම ලියන ලද ”දිඟාමඬුලූ ගුරු ගීතය” නම් කෘතිය මෙරට විද්වත් සාහිත්‍යවේදීන්ගේ අවධානයට ලක් වුණේ දැයි පැහැදිලි නැත. එහෙත් ඒ නිසාම මෙවැනි අත්දැකීම් බහුල ලේඛකයන්ගේ කෘති පොදු පාඨකයාගෙන් ඉවතට යාමට ඉඩ නොදිය යුතුය.

”පත්වීමේ ලිපිය පරිදි මා සිත තුළ ඇඳී තිබුණේ විචිත‍්‍ර චිත‍්‍රයකි. ගුරුවරුන් දහයක් දොළහක්වත් ඇති ළමුන් දෙතුන් සියයක්වත් සිටින පාසලක් මා සිතෙහි ඇඳී තිබුණි. ඒ නිසා මම සංවේගයට පත්ව ටකරන් මඬුව දෙස බලා සිටියෙමි.” කොහොම වුණත් එතැනින් පලා යාමේ අදහසක් මේ තරුණ ගුරුවරයා තුළ පැන නැඟුණේ නැත. ඒ අනුව ඊලඟට එළැඹ්ණේ සියල්ල විඳ දරා ගනිමින් ඉදිරි අවස්ථාවන්ට මුහුණ දීමේ කාලයයි. ඒ ඉදිරි තත්ව පිළිබඳ යම් අවබෝධයක් පාසැලේ මුල් ගුරුතුමාගෙන් ඔහු ලබන්නට ඇත. හිටපුු පොලිස් නිලධාරියෙකු වු ඔහු නව ගුරුවරයාට මෙසේ පවසා තිබේ.

gal-oya-national-park-sri-lanka

”මහත්තයෝ මේ නාමල් ඔය ව්‍යාපාරයත් ගල් ඔය ව්‍යාපාරයේම කොටසක්. ඉඟිනියාගල තියෙන සේනානායක සමුද්‍රයට අමතරව තව වැව් පහක් තියෙනවා. නාමල් ඔය හරස් කරලා තමයි නාමල් ඔය ජලාශය හදල තියෙන්නෙ. මේ ජලාශයෙන් පෝෂණය වන ජනපද කීපයක් තියෙනවා. එයින් මේ ඉස්කෝලෙ තියෙන්නෙ ගම්පහ ජනපදයෙ. මීට යාබද ජනපදයෙ ඉන්නෙ ගාල්ලෙන් ආපු අය.” නාමල්තලාව ඉස්කෝලෙ ගොඩ නැඟුණේ ඒ ජනපද සංස්කෘතියේ අනාගතය වෙනුවෙනි. එහෙත් එය අතිශයින් අතිශයින් දුක් සහිත අත්දැකීමක්ම විය.

”දිනක් මම සතර වැනි පංතියට උගන්වමින් සිටින විට පිරමි දරුවෙකු නිතර නිතර නිදා වැටෙන බව දැක්කෙමි.මම ඔහු වෙත ගොස් ඇයි නිදිමතදැයි ඇසුවෙමි. ඉතා අහිංසකව මා දෙස බලා ‘ඔව්’ යැයි කීවේය. අඩක් පියවෙන දෙනෙත් මා වෙත යොමා ’ඊයේ ? ගහ උඩ සිටියේ’ යැයි ද කීවේ මා පුදුමයට පත් කරවමිනි.
’?ට ගහ උඩ ඉන්නේ කොහොමද?’dsc_0687-copy-2-8x61
’ගහ උඩ මැස්සෙ හිටියෙ’
මම දරුවාගේ හිස අතගාමින් ’ඔයා තනියෙන්ද ? ගහ උඩ මැස්සෙ හිටියෙ’ යි ඇසුවෙමි.
’නෑ අක්කත් එක්ක’ එසේ කියත්ම මගේ ගත දැවී ගියේය.
’ඇයි අක්කත් එක්ක ? ගහ උඩ හිටියෙ?’ මම යළිත් ඇසීමි.
’හේනට එන අලි එළවන්න’
’ඇයි තාත්තා නැද්ද?’
’තාත්තා ගමේ ගියා’
’ඇයි අක්කා අද ඉස්කෝලෙ ආවෙ නැත්තෙ?’
’දවල්ට කෑම උයන්න’
’ඇයි අම්මා නෙවෙයිද කෑම උයන්නෙ’
’අපට අම්මා නැහැ”

එවැනි දුක් සහිත මනුෂ්‍ය සංවේදනා මතින් ගොඩ නැඟුණු ඒ ජනපද සමාජ සංස්කෘ.තියේ දුක මෙන්ම සොම්නස ද අත් විඳි මේ තරුණ ගුරුවරයා ඒවා එකින් එක පෙල ගස්වන්නේ සැබෑ ගුරුවරයෙකුගේ මනා ඉවසීමකිනි.

එතෙක් අට වැන පංතිය තෙක් පැවති නාමල්තලාව පාසැල සාමාන්‍ය පෙළ උගන්වන තැන දක්වා පැමිණියේ අතිශය අහම්බයකින් මිස අධ්‍යාපන දෙපාර්තෙමින්තුවේ සැළසුම්ගත වැඩ පිළිවෙලක් නිසා නම් නොවේ. අර තරුණ ගුරුවරයා සිය විශ‍්‍රාමික සමයේදී ගියු ”දිගාමඬුලූ ගුරු ගීයය” හි ඒ බව සඳහන් වන්නේ මේ ආකාරයෙනි.

gal65119812736_d5a0e963fb_b

”සෝමාවතී නිසාම නාමල්තලාවේ සා. පෙළ පන්තිය ආරම්භ වුණා යැයි කීවොත් නිවැරදිය. එවැනි භාරධූර වැඩකට අත ගැසීමට නාමල්තලාවට කිසිම සුදුසුකමක් හෝ යටිතල පහසුකමක් හෝ නොවීය. එය ආවට ගියාට කළ හැකි සෙල්ලම් වැඩක් නොවන බවද මට වැටහී හමාරය. එසේ වුවහොත් එහි සම්පූර්ණ දෝෂාරෝපණය මා වෙත පැවරෙනු නො අනුමාානය.” කෙසේ වුව මේ තරුණ ගුරුවරයා ගම්පහ ජනජදයේ සා. පෙළ හදාරණ තවත් සිසුන් නොසිටියෙන් තවත් එවැනි ශිෂ්‍යයෙක් හෝ කිහිප දෙනෙකු සොයා ඉන් සැතපුම් දෙකක දුරින් පිහිටි ගාල්ල ජනපදයට පැමිණියේය.

”එයද ගම්පහ ජනපදය මෙනි. කටු මැටියෙන් තනන ලද නිවාස තැනින් තැන විය. හරියට පාරක් තොටක් නොවීය. එහෙයින් වැටෙන් මායිමෙන් පැන නිවෙසක් පාසා ගියෙමි. ”මම නාමල්තලාව ඉස්කෝලයේ ගුරුවරයෙක්. සා. පෙළ පන්තියට සුදුසු ළමයි ඉන්නවද බලන්නයි ආවෙ.” නිවෙස්වල සිටි මව්පියන්ට එසේ සැළ කළෙමි. එහෙත් නොවීය. මම තවත් වැටකින් පැන්නෙමි.”

කෙසේ වෙතත් අවසානයේදී සා. පෙළ පන්තියේ නාම ලේඛණය පහත ආකාරයෙන් සකස් කර ගැනීමට ඔහුට හැකි විය.

1 කේ. ඒ. සෝමාවතී2392165_orig
2 ගූණසිරි පෙම්මාවඩු
3 කේ. ඩබ්. කරුණාදාස
4 ඇම්. ටී. යසපාල
එහෙත් ඒ පාසැලේ ශිල්ප ඉගැන්වීමේ පිළිවෙලක් තිබුණේ නැත. ”කාල සටහන් මෙන්ම කාල පරිච්ෙඡ්ද ද නොමැත. දවසටම සීනුව නාද වෙන්නේ හතර වතාවකි. ඒ උදේ පාසල ඇරඹීමටත්, දවල් විවේකය සහ බාලාංශ පංති ගෙදර යැවීමටත්, විවේකයෙන් පසු පාසැල ඇරඹීසටත්, දවසේ වැඩ නිම කිරීමටත්ය.”

”අපට රතු ඉර ගැසීමටත් අපේ වැඩ නිරීක්ෂණයටවත් කෙනෙකු නැත. අපගේ අධ්‍යාපන නිලධාරියා වුයේ අපේ හෘදය සාක්ෂියයි.”

මේ සියලූ සිද්ධි පසුබිමේ ගල් ඔය සංවර්ධන කටයුතු ගල් ඔය සංවර්ධන මණ්ඩලය යටතේ සිදු කෙරෙමින් පැවැතිණි. ඊට මුල් අනුග‍්‍රහය සැපයුණේ මොරිසන් හඞ්සන් ඉන්ටර්නැෂනල් නම් ඇමරිකානු එමාගමෙනි. ඒ සංවර්ධන ව්‍යාපෘතිය කෙරීගෙන ගිය ආකාරය ගැන අර තරුණ ගුරුවරයා තම ශිෂ්‍යයින්ට මෙසේ කරුණු පැහැදිලි කොට තිබුණි.

”ගරු ඞී.ඇස්. සේනානායක මැති තුමන් ඔය රජරට ජනපද පිහිටුවාගෙන ගිය කාලයේම මේ දිගාමඬුලූ ප‍්‍රදේශයත් සංවර්ධනය කළ යුතු ප‍්‍රදේශයක් හැටියටයි තෝරාගෙන ඉඳල තියෙන්නෙ. ඒ කරුණු කිහිපයක් නිසා.

1 පුරාණයේ සද්ධාතිස්ස කුමරු තම අය්යණ්ඩිය වු දුටුගැමුණු රජතුමන්ට යුද්ධය සඳහා බත සැපයූ ඉතා සාරවත් භූමියක් වීම.
2 විශාල ජලාශයක් ඇති කිරීමට සුදුසු සැතපුම් දෙකක් පමණ දිග ගල් ඔය විශාල ජල කඳක් රැුගෙන මේ සාරවත් භූමිය මැදින් ගලා යෑම.
3 ඒ අතරම එම ජලයෙන් විදුලිය නිපදවීමට හැකි වීම.
ඉතින් මේ මංගල දිනයේදී ඪී. අස්. සේනානායක මැති තුමන් මොන තරම් ප‍්‍රමෝදයට පත් වුණා ද කියනවා නම් එදින එතුමන් තම කලිසම් කකුල් දෙක නවාගෙන මංගල පස් පිඬැල්ල කපනු වෙනුවට පොරවකින් වැලිකෝ ගසක් බිම වැටෙන තුරුම කපා දමු බවත් ඒ දුටු කල්මුණේ එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඇම්. ඇස්. කාරියප්පර් මැති තුමන්ද පොරවක් ගෙන ගසක් කැපූ රසවත් කතාවක් ගැනත් මා අසා තිබෙනවා යි පවසන විට ශිෂ්‍යයන් ඉතා සතුටට පත් වු බවක් පෙනිණි.”

9661174_origmodern-irrigation-2

ගුණශීල අඹේවත්ත නම්ඒ තරුණ ගුරුවරයා එසේ උගන්වමින් සිටි කාලය ගෙවී ගියේ නව තරුණ පරපුරක් ඉදිරියට කැඳවමිනි. සෝවියට් සාහිත්‍යයේ දුයිෂෙන් හා සමාන අප‍්‍රහිත ධෛර්යයකින් යුතුව කටයුතු කොට විශ‍්‍රාම ගිය මේ අපුරු ගුරුවරයාගේ නමට දිනක් ආරාධනා පත‍්‍රයක් ලැබුණි. ඒ නාමල්තලාව ඉස්කෝලෙ නව විදුහල්පති කේ. කරුණාසේන මහතාගෙනි. එතැන් සිට ඇති වු තත්වය එදා තරුණ – අද විශ‍්‍රාමික ගුරුවරයා ඉතා සංවේදි අයුරින් මෙසේ සටහන් කොට තිබේ.

”ක‍්‍රීඩා පිටිය ඉදිරියෙන්ම සිටි බාලාංශ දරුවෝ පේළියට අප දෙසට එන්නට පටන් ගත්හ. නෙළුම් මල් මිටක් අත රැුඳි පළමු දරුවා එය මා අත තබා දණ ගසා වැන්දේය. ඒ අනුව අනෙක් දරුවෝද තම අතේ තිබූ මල් මා අත තබා වඳින්නට පටන් ගත්හ. මා අත ගොඩ ගැසුණු මල් පසුපස බාග බිත්තිය මත තැබීමට ගුරු මහත්ම මහත්මීහු කටයුතු කළහ. ….දරුවන් දහසක් පමණ වැඳ නිම වූ වහාම කොන්ද කෙළින් කර ගන්න සිතුවා පමණි. විදුහල්පති තුමන්ද නෙළුම් මල් මිටක් මා අත තබා දණ ගසා වැන්දේය. ඒ අනුව මුළු ගුරු මණ්ඩලයම මා අත මල් තබා වඳින්නට පටන් ගත්හ. ඒ නිසා කිසිත් කර කියාගත නොහැකිව ඒ සැමෙඟ් හිස් මත සුරත තබමින් ක\ුළු සැලූවා පමණි.”

කෙසේ වෙතත් ගුණශීල අඹේවත්ත මෙහිදී සෘජුව නොකී කරුණක් රත්න ඔ‍්‍රී විජේසිංහ විසින් මෙසේ අවධාරණය කරනු ලැබ තිබේ.

”දිඟාමඬුලු ගුරු ගීතය අගනුවර ජාතික පාසැල් වලට වී වසර ගණන් සියලූ වරප‍්‍රසාද භුක්ති විඳින ගුරුවරුන් වන පොත් කළ යුතු තරමේ කෘතියකි. වසර හැට හැත්තෑවක් තිස්සේ නිදහස් අධ්‍යාපනයේ සම අවස්ථෘ පිළිබඳව අපි කතා කරන්නෙමු. එකී ඊනියා සම අවස්ථා කෙසේ වුවත් අඩුම තරමින් සාක්ෂරතාව ලබා දෙන්නට දරුවන් වෙනුවෙන් අපමණ දුක් විඳි මේ පුරෝගාමී ගුරු පරපුර ගැන මුළු රටම දැනගත යුතුය.”

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s