මෙන්න මෙතන ඉඳලා අපට හැම දෙයක්ම වරදිනවා. – මානව විද්‍යාඥ පණ්ඩුල ඇඳගම

සාහිත්‍යය සම්බන්ධයෙන් අපට හොඳ සම්භාව්‍ය පදනමක් තියෙනවා. සාහිත්‍යයික පසුබිමක් ඇති මානව විද්‍යාඥයෙක් හැටියට ඔබ අපේ ඒ සාහිත්‍යයික පැවැත්ම ගැන වඩා පුළුල් ආකාරයකින් බලාවි යැයි මා සිතනවා….?

මම මුලින්ම කියන්නම්, සාහිත්‍යය කියන්නේ කාගෙවත් නිර්මාණයක් නෙවෙයි. එහි ඇත්තේ මිනිස් සිත් සන්තානයේ 175167245ඇතුලාන්තයෙන් මතුවන විඤ්ඤාන එමෙන්ම ආකල්පයි. ඒවා නිර්මාණාත්මකව මෙන්ම විචාරාත්මකව ප‍්‍රකාශයට පත් වීමෙන් තමයි සාහිත්‍යයක් ඇති වෙන්නෙ. ඒ නිසා සාහිත්‍යය කියන්නෙ ප‍්‍රබල ප‍්‍රකාශන මාධ්‍යයක්. එවැනි පුළුල් දෘෂ්ඨියකින් අපි සාහිත්‍යය දෙස බැලිය යුතුයි. අපේ ඒ බැල්ම පුද්ගල දෘෂ්ඨි කෝණ වලට, පුද්ගලික න්‍යාය පත‍්‍ර වලට කොටු කර ගැනීම වැරදියි. සාහිත්‍යය කියන සංඥා නාමය අත් හැරියම එතැන තියෙන්නේ පුළුල් මානව ප‍්‍රකාශනයක්. හ\ුණාගැනීමේ පහසුව තකා පසු කාලයකදී අපි එයට සාහිත්‍යය යැයි කියනවා. දැන් වෙනකොට ඒවා ලේබල් වෙලා තියෙනවා, කවිය, නවකතාව, නාට්‍යය ඔන්න ඔය ආකාරයට. ඒ නිසාම අපි අසමත් වෙලාත් තියෙනවා ඒ තුළ තියෙන පොදු මානව හරය හ\ුණාගන්න. කොහොම වුණත් අපේ පැරණි, විශේෂයෙන්ම සම්භාව්‍ය සහ ජන සාහිත්‍යය අද දක්වාම ඊට අදාලව යම් ඉතිරියක් කරලා තියෙනවා. ශබට බැහැ ඒක එහෙම නොවෙයි කියළ කියන්න. මං අහන්නෙ එහෙම ඉතිරියක් වුණේ ඇයි? අර අපි මතු කරපු මානව හරය ඒ සාහිත්‍යයනිට සම්බන්ධ වෙලා තිබුණා. ඒක තමා හේතුව.

නමුත් නූතන සාහිත්‍යයේ පැතිරීම කොහාටද ගිහින් තියෙන්නෙ. ෙලෙංගිකත්වයට, අපරාධ සංස්කෘතියට, වෛරයට, ත‍්‍රාසයට, මෝහයට ඔන්න ඔහොමයි. නමුත් එයින් අදහස් වෙන්නෙ නැහැ පැරණි සමාජය තුළ ඒ දේවල් නොතිබුණාය කියල. ඔය කියපු හැම දෙයක්ම ඒ සමාජ වලත් තිබුණා. ඒත් එය ප‍්‍රකාශ කළ ආකාරයෙන්, අද වගේ සමාජයට තර්ජනයක් වුණේ නෑ. එය ප‍්‍රකාශයට පත් වූ ආකාරය තුළ නිර්ව්‍යාජ සමාජ සංයමයක් තිබුණා. අම්බලමක සිටි මිනිසෙක් තනි මඟ යන ළඳක් දැක කළ ආරාධනය ඔබට මතකයිනෙ. ඇය ඊට දුන් පිළිතුරත් ඔබත මතක ඇති.16

”අල්ලා ගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසා ගෙන දෙතන බිළි\ුගේ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නං අය්යණ්ඩි ගම රට දුර හින්දා”

මේ ආකාරයට තනි මඟ ගිය ඒ ළඳගේ ඉරියව් තුලින් ඔහු අවදි කරගත් සරාගීත්වය ඇය එකින් එක බිඳ දමන්නේ එහෙමයි. ඒ අනුව තමන් හැඳි රෙදි පට අතකින් ඔසවා ගෙන යන්නෙ මඩ තැවරෙන නිසා මිස වෙනත් හේතුවකට නොවේය කියළයි ඇය පටන් ගන්නෙ. ඒ වගේ සල්ලාල ආරාධනයක් කළ ඔහුට අය්යණ්ඩි කියළයි ඇය පිළිතුරු දීම අවසන් කරන්නෙ. එදා මිනිස්ුන්ටත් රාගය, ද්වේශය, මෝහය, බය තිබුණා. ඒත් ඒ සියල්ලමත් සමඟ සමාජ සංයමය කියන දේත් තිබුණා. කුල්ලෙන් පොළන්නා වගේ රොඞ්ඩ ඉවත ලා හරය රැුක ගැනීමේ නිසඟ අවබෝධය ඔවුන්ට තිබුණා. සාහිත්‍යය කියන්නෙ දැනුම, ඉතිරිය. ඒ සියල්ලටම තමයි අපි සහිත බව (සාහිත්‍යය* කියන්නෙ. ඒ අනුව එතැන පැවැත්මක් තියෙනවා. අපේ අතීත සාහිත්‍යයේ පැවැත්ම තමයි, ආදර්ශය, ගුණ ධර්මය මත පදනම් වුණු සාරධර්ම පද්ධතිය. එවැනි සාරධර්ම සංග‍්‍රහයක් සමඟයි එය නිර්මාණය වෙන්නෙ.

9366918371_ae7a0057e5_b.jpg

ස්ත‍්‍රී පුරුෂ සම්භෝගය කියන්නේ සමාජයට අකැප ක‍්‍රියාවක් නෙවෙයි. එය සමාජගත අවශ්‍යතාවක්. මානව අයිතියක්. මම එය ප‍්‍රතික්ෂේප කරනවා නෙවෙයි. නමුත් එය තිබිය යුතු තැනින් උඩට අරගෙන, උළුප්පා පෙන්වමින් අමු අමුවේ ඉදිරිපත් කිරීම තුළ අමුතු ප‍්‍රගතිශීතිත්වයක් තියෙනවාද? සමාජ සංයමය සමඟ බැ\ුණ් අපේ පැරණි සාහිත්‍යයේ තිබුණේ නිවීමක්. ඒක දැවීමක් නෙවෙයි.

ඔබේ ඒ විස්තර කිරීම තුළ විශේෂයෙන්ම අපරදිග සාහිත්‍යයික මතවාද, ඒ ආකල්ප ප‍්‍රතික්ෂේප කරන තත්වයක් දැකිය හැකි යැයි මා කීවොත්…?40137

ඊට පිළිතුරක් හැටියට මැකෝලි සාමිවරයාගේ අනාවැකියක් බ\ු ප‍්‍රකාශය මතක් කර දෙන්නම්. ඔහු කියනවා බටහිර අධ්‍යායනයේ පරමාර්ථය විය යුත්තේ සමින් කළු පැහැ වුණත් සිතින් සුදු මිනිසුන් මේ රට වලිනුත් බිහි කර ගැනීමය කියළා. පසුව ආනන්ද කුමාරස්වාමි පෙන්වා දෙනවා ඇත්තටම මේ ආසියාතිකයන් සුදු මිනිස්සුන්ටත් වඩා සුදු මිනිස්සු වෙමින් තමන්ගේ උරුමය තමන්ම වනසා ගන්නවාය කියලා. මම විරුද්ධයි අන්න ඒ දේට. සාහිත්‍යය මුල් කොට ගත් සියලූ කලා ශිල්ප බටහිර ආකල්පම හඹා යමින් තමන් සතු මුල් සිඳ ගන්නවාට මම විරුද්ධයි. කිසිම විරුද්ධතාවයකින් තොරව බටහිර සමාජ ආකල්පවලට ගැති වෙනවාට මම විරුද්ධයි. මේක ඇවිල්ලා සම්පුර්ණයෙන්ම බටහිරකරණය වීමක්.

පෙරදිග සහ අපරදිග වශයෙන් සාහිත්‍යයික බෙදීමක් තියෙන බව ැැත්ත. කොහොම වුණත් සාහිත්‍ය රසය විෂයයිකව ඒ බෙදීම කොතෙක් දුරට සාධාරණද කියන එකත් ප‍්‍රශ්නයක්. ඒ වගේම අපරදිගට සාපේක්ෂව පෙරදිය සාහිත්‍යයේ උසස් බවක් අවධාරණය කිරීමේ්දී පිළිගත හැකි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා…..?

ඔව්, ඒ පැහැදිලි කිරීම සඳහා තමයි මම සුදානම් වුණේ. පෙරදිග සාහිත්‍ය කලාවේ කලා රසය මතු කරන්නෙ ධිවනියෙන්. ඒ දේ තමයි ”ධිවනිවාදය” යටතේ අපි සාකච්ඡුා කරන්නෙ.ඒ විතරක් නෙවෙයි පෙරදිග සාහිත්‍ය කලා රසය කියන්නෙම අසීමිත විෂයක්. අනික කොයි ආකාරයෙන් බැලූවත් අවසානයේදී අපට හුරු දහම වන්නේ ධිවනිත බවයි. ඒ වගේම ‘කුලය‘ ගැනත් මට කියන්න දෙයක් තියෙනවා. කුලවාදය නමින් මෙය සාකච්ඡුාවට ලක් වුණේ කිසියම් පහත් ආකල්පයක් ඒ සම්බන්ධයෙන් අප මත පටවලයි. නමුත් භාෂෘමය වශයෙන් කුලය යන්නෙහි අර්ථය ‘පාරිශුද්ධ බව‘ කියන එකයි. ඒ සිදිහට බැලූවම එහි සැකැස්ම වුණත් අවසානයේදී සේවය කලේ විධිමත් සමාජ සංයමයකටයි. ඒ කොයි ආකාරයෙන් හරි අපට ඉලක්කයක් තිබුණා. ඒ තමයි පාරිශුද්ධ බව.

portuguese-influence

ඒ කොහොම වැණත්, මොන ධර්මතාවය යටතේ වුණත් මම කියන්නෙසාහිත්‍යය විසින් සමාජය ව්‍යාකූලත්වයට පත් නොකළ යුතු බවයි. මිනිසා පරිණාමය වන්නේ හුදෙකලා සත්වයකු හැටියට නොවෙයි. ඒ පිටුපසින් සමාජ පරිණාමයක්ද තියෙනවා. අනිත් අතට මානවයා තනියෙන් සිටියා නම් එතැන පැවැත්මක් හැදෙන්නෙ නැහැ. සමාජ පරිණාමයක්ද නැහැ. ඒ නිසා මානව පැවැත්ම කියන්නෙම සාමුහික අර්ථයෙන් සලකා බැලිය යුත්තක්. එතකොට අපේ අදහස්, මතවාද ගොඩ නැගෙන්න ඕන ඒ සාමුහිකත්වය ව්‍යාකූල කරන්න නෙවෙයි. නිරාකූල කරන්නයි. භාෂාව ඇති වෙන්නේ අදහස් සන්නිවේදනය කරගන්න විතරක් නෙවෙයි. තම හැඟීම් මතවාද ප‍්‍රකාශයට පත් කරන්නත් භාෂාව අවශ්‍යයි. ඒ 10සන්නිවේදනය සහ ප‍්‍රකාශනය සාමුහිකත්වය විසුරුවා හරිනවා නම් ඒ දේ හරිද? අපේ සාහිත්‍යය ගොඩ නැගෙන්නේ ගොවි සංස්කෘතියත් සමඟයි. ඒ ගොවි සංස්කෘතිය පොහොසත් සාහිත්‍යයක් ගොඩ නඟා ගන්න අවශ්‍ය දැනුම සහ අත්දැකීම් අපට ලබා දුන්නා. එහෙම බැලූවම අපට අපේ සාහිත්‍යය ප‍්‍රකාශන මාධ්‍යයක් විතරක් නෙවෙයි, ජීවිත අභ්‍යාසයක්ද වුණා. ඒ නිසා ඒ ජීවිත අභ්‍යාසය ජීවිත ප‍්‍රගමනයට යොදා ගැනීමට අපට හැකි වුණා. ඒ වගේම කාලයත් සමාජයත් සමඟ මෙය තව දුරටත් පුළුල් වෙනවා..ඒ අනුව සාහිත්‍ය කලා ඇසුරේ සමාජ විචාරයක්ද ඉස්මතු වෙනවා. ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය තමා අපේ කෝලම් නාට්‍ය සම්ප‍්‍රදාය. මා සිතනවා ඔබට පැහැදිලියි මම ඉදිරිපත් කරන මේ කාරණය.

ඔව්, නමුත් දහ නව වැනි සියවස වෙනකොට ඔබ කීව ගොවි සංස්කෘතියෙන් ආභාෂය ලද අපේ සාහිත්‍යය බවහිර නුතනවාදී බලපෑමි වලට යටත් වෙනවා. එහිදී සමාජ ශෝධනවාදී ආස්ථානයකටත් අපේ සාහිත්‍යය ගමන් කරනවා. ඊට දිය හැකි හොඳම නිිදර්ශනයක් තමයි පියදාස සිරිසේනගේ ප‍්‍රබන්ධ කතා භාවිතාව…..?.

ඔව් පියදාස සිරිසේන හොඳ උදාහරණයක්. බටහිරින් ආව නවකතා රාමුව ඇතුලේ හිරවෙලා ඒ රීති වලට යට වෙලා ඔවුන්ට අවශ්‍ය ආකාරයේ සාහිත්‍යකරුවෙක් වෙන්න පියදාස සිරිසේනට අවශ්‍ය වෙන්නෙ නෑ. ඊට එහා ගිය කාර්යභාරයක් ඔහුට තිබුණා. ඔබ සමාජ ශෝධනය කියල හ\ුන්වන්නෙ ඒ කාර්යභාාරය තමයි. ඒ වගේම තමයි සද්ධර්මරතනාවලිය ලියපු ධර්මසේන හාමුදුරුවොත්. උන් වන්සේ සාහිත්‍යකරුවෙක් විතරක් නොවෙයි හොඳ මානව විද්‍යාඥයෙක්. එයත් ලේඛකත්වයට එහා ගිය කාර්යභාරයක්.

044_nugagamabuffet1jpg

ඒ තත්වය අපට මෙහෙමත් පැහදිලි කරන්න පුළුවන්. මහාචාර්ය පරනවිතාන පවසා තිගෙනවා, පුරා විද්‍යාව යැයි අප හ\ුන්වන්නේ අපේ පැරැුන්නන්ගේ සමාජය, සමය, සහ සංස්කෘතියයි කිගලා. ඒත් ඔවුන් ඒවා නිර්මාණය කලේ අනාගතයේ බිහිවෙන පුරා විද්‍යාඥයන් යැයි හ\ුන්වන කොටසකට පර්යේෂණ කරන්න නෙවෙයි. ඒ හැම දෙයක්ම ඔවුන්ගේ පැවැත්මත් සමඟ බැ\ුණු දේවල් වුණා.ඒ සඳහා තමයි අද අපි පුරා විද්‍යාවේ නාමයෙන් විවිධ අර්ථකතන සපයන්නෙ. සාහිත්‍ය කලාව වුණත් ඔවුන්ගේ ජීවිතත් සමඟ බැඳී පැවතුණා. ඔවුන්ගේ ජීවිතවල නිවීමක් ඒ සාහිත්‍ය කලාවෙන් සිද්ද වුණා. ජීවිතයෙන් වෙනම අරගෙන අපරාධ, ෙලෙංගික වගේ විෂයන් උළුප්පා දක්වමින් ජීවිත අවුල් කලේ නෑ. හොඳින් මතක තියාගන්න මහාවංශය වුණත් ලිව්වෙ හුදී ජන පහන් සංවේගයට. ඒ සමාජයේ මුලිකම පැවැත්ම වුණේ පහන් සංවේගය.

එතකොට භක්තිය යන්නත් අප ගන්නේ එතැනින්ම නේද…?betel11

නැහැ. අපට නැහැ භක්තියක්. අපි භක්තිය සමඟ හිටපු මිනිස්සු නෙවෙයි. අපට තියෙන්නෙ ශ‍්‍රද්ධාව. ශ‍්‍රද්ධාව ලබන්නෙ භාවනාවෙන්. භාවනාව කියන්නේ අවබෝධය ලබා ගැනීමේ මාර්ගයක්. ඒ වගේම භාවනාවෙන් කරන්නේ හිත එක්තැන් කර ගැනීමක්. සිත ශක්තිමත් කර ගන්න භාවනාව හොඳ අභ්‍යාසයක්. එහි ප‍්‍රතිඵලය තමයි ශ‍්‍රද්ධාව. භක්තියට එහි ඉඩක් නැහැ.

ඒ වගේම අපේ පැවැත්ම සමාජයට වැඩදායි පැවැත්මක්. භික්ෂුවක් උදේ පාන්දර හතරට අවදි වෙනවා. පාන්දරින් අවදි වෙලා මිදුළ අමදිනවා. තමන් අවට පරිසරය පවිත‍්‍ර කරගෙන ඉන් පසුව තමන්ගේ වගකීම් ඉෂ්ඨ කරන්න පිටත්ව යනවා. ඒ තමයි බහු ජන හිතාය, බහු ජන සුඛාය කියන වගකීම. මේ තමයි අපේ සමාජ සංස්කෘතිය. අපේ දේශපාලන දෘෂ්ඨිය. යුතුකම් සහ වගකීම් තමයි අපේ අධ්‍යාපනය. ඒක පරහිතකාමී චින්තනයක් සමඟ බැ\ුණු අධ්‍යාපනයක්.

279349-pala---a-traditional-camp-of-farmers-who-spend-the-night-at-to-protect-their-crop-from-wild-animals-mahakatnoruwa-sri-lanka.jpg

නමුත් බටහිර අධ්‍යාපනය මෙරට මුල් අදින්න ගත්තෙ න්‍යාය, සිද්ධාන්ත ඒ වගේම මුල ධර්ම සහිත අධ්‍යාපනයක් හැටියටයි. එතැන නෑ අර පරහිතකාමී බව. අධ්‍යාපන අමාත්‍යාංශය නවීන විද්‍යාව කියළ පෙළ පොත් සම්පාදනය කලේ අතීත විද්‍යාව නැති කරල දාන්න. අන්තිමේදී අප සතුව පැවැති ප‍්‍රායෝගික අධ්‍යාපන හර වගේම දියුණු විද්‍යා ඥානය මුළුමනින්ම ඉවත්කරල දාලා බටහිර ආකෘති ඇතුලේ සකස් කරන අධ්‍යාපනයක් අපට ලබා දෙනවා. මෙන්න මෙතන ඉඳලා අපට හැම දෙයක්ම වරදිනවා එදා සාහිත්‍යවේදීන් සාහිත්‍ය නිර්මාණ බිහිකලේ හුදී ජන පහන් සංවේගය සඳහා වුණත් අද ඉන්නේ ඊළඟ සම්මාන උළෙල බලාගෙන පොත් ලියන සාහිත්‍යධරයෝ වගයක්. බැරි වෙලාවත් බලාගෙන හිටපු සම්මානය නොලැබුණොත් විනිශ්චය මණ්ඩලයේ හත්මුතු පරම්පරාවටම බැන වදිමින් පත්තර පිටු පුරෝනවා. මෙන්න මේ දක්වාම අපි පිරිහිලා තියෙනවා. මේ වගේ සාහිත්‍යයක තියෙනවද පහන් සංවේගයක්.

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

(2013.01.20 ”රන්දිව” පුවත්පත)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s