භීෂණයට අරුතක් නැත. එය භීෂණයයි.

දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වී තිබිණි. තායිලන්ත – බුරුම දුම්රිය මාර්ගය මරණයේත්, විනාශයේ්ත් අවසාන සීමාවටම පැමිණ තිබුණේය. එහෙත් ජීවත්වීමේ අධිෂ්ඨානය ඇතැම් විට ඒ සියල්ල මැඬගෙන ඉදිරියට යන අවස්ථා තිබේ. අප කතා කරන්නට යන්නේ ඒ බව පවසන නිර්මාණාත්මක ආඛ්‍යායනයක් ගැනය. මුල් අවස්ථාවේදී එය හුදෙක් ආදරය ගැන flanaganපවසන්නක් යැයි පෙනී යා හැකි වුණත් තවදුරටත් වුවමනාවෙන් කියවාගෙන යන්නෙකුට තමන් ගැඹුරු ඇතුලාන්තයකට ඇදී යන බවක් දැනෙනු ඇත. එමෙන්ම තේමාවේ විශිෂ්ටත්වයද අත්විඳිනු ඇත. ඒ අනුව ජීවත්වීම සම්බන්ධයෙන් (විඳදරා ගැනීම යන අරුතින්* ලියැවුණු වීර කාව්‍යයක් යැයි ද හැෙඟනු ඇත. 2014 වර්ෂයේ බුකර් සම්මානයෙන් පිදුම් ලද මේ කෘතිය Narrow Road to the deep North නම් වෙයි. රිචඞ් ෆ්ලැන්ගන් එහි කතුවරයා වන අතර ඔහු ඔස්ටෙ‍්‍රිලියානු ජාතිකයෙකි. එය ජීවත්වීමේ අධිෂ්ඨානය ගැන ලියැවුණු වීර ආඛ්‍යානයක් පැවසු විචාරකයෝ හිඟ නොවුහ.

එහි එන ඩොර් රිගෝ එවත්ස් නම් වෛද්‍යවරයා ජීවත්වීම සම්බන්ධයෙන් නිර්මිත පර්යාලෝකයක් වැනි යැයි කීමේ කිසිදු වරදක් නැත. තවද ඒ චරිතය නිරූපණය කොට ඇති ආකාරය දෙස බලන විට එය හඳුන්වා දිය හැකි සුදුසුම ආකාරයත් එයම වේ යැයි කියා තිබේ. ඒ අනුව ඔහු හරහා එම කතාව අතීතයත් වර්තමානයත් අතර දෝලනය වෙනු දැකිය හැකිය. එවැනි දෝලනයක් තුළ ඔහුගේ අත්දැකීම් ප‍්‍රකාශයට පත් කෙරෙන්නේද පිලිවෙලක් ඇතුව නොව අහඹු ලෙස සිහි වන අයුරිනි. කෘතියේ ශෛල්‍යය එයයි. වෛද්‍ය ඩෝර්ගේ චරිතය ජීවත් වීම පිළිබඳ පර්යාලෝකයක් ලෙසින් නිර්මාණය වන්නේ එවැනි පසුබිමකය.

Richard-Flanagan-014.jpg

මිනිසෙකු හැටියට මේ වෛද්‍යවරයා නිහතමානි අයෙකු විය. ඔහු යහපත් අනාගතයක් බලාපොරොත්තු වුණේය. පිලිගත් උසස් පවුලක තරණියක වූ එල්ලා සමඟ පෙමින් වෙලී සිටි හෙතෙම තමන් කරන කියන දේ ගැන හොඳ අවබෝධයකින්ද RichardFlanagan_300w.jpgපසු වුණේය. මුලදීම කී ආකාරයට ඒ වනාහි දෙවැනි ලෝක යුද්ධය පැවැති කාලයයි. වෛද්‍ය ඩෝර් රිගෝව ජපන් හමුදාව යුද සිරකරුවකු වශයෙන් අත් අඩංගුවට ගනියි. එය නින්දා සහගත ඉරණමක් ලෙසින් නැවත හඳුන්වා දිය යුතු නැතැයි සිතමි. යුද සිරකරුවාව ඈත පළාතකට යැවෙයි. මිනිස්සු මැස්සන් මෙන් මිය යති. ඒ ඔහු එහදී දකින දර්ශනයයි. මරණය ඒතරමටම සුලබ අත්දැකීමක් බවට පත් වී තිබිණි. එහි තේරුම ජීවත්වීම ලොව පවත්නා කිසිම වටිනාකමක් නැති තත්වයකට ඇද වැටී තිබුණාය යන්නයි. ඔහු වෛද්‍යවරයෙකු බව ඇත්තය. එහෙත් කිසිදු වෛද්‍ය උපකරණයක් හෝ ඖෂධයක් අත නැති අවාසනාවන්ත යුද සිරකරුවකු බවට ඒ මොහොතේ හෙතෙම පත්ව සිටියේය. එහෙත් ජීවිතය නම් වු ප‍්‍රබල හැඟීමෙන් අත් මිදෙන්නට ඔහුට හැකි වුයේ නැත. තමා අවට සිටින සිරකරුවන්ට හැක උපරිම අයුරින් ප‍්‍රතිකාර කිරීමට යුද සිරකරුවෙකු වූ වෛද්‍යවරයා කටයුතු කලේ එවැනි මානසික පසුබිමක් ඇතිවය. කෙසේ වුණත් ඒ කාලය අවසානයක් නොපෙනුණ පීඩනයේත්, වේදනාවේත් කාල වකවානුවක්ම විය. අල්පමාත‍්‍රයක හෝ පැවැත්මක් නැති තැනකට ජීවිතය ඇද වැටී තිබිණි. ජීවත්වීම නමින් වු ඒ හ\ුණා ගැනීම භයානක හිස්කමක් විනා අන් යමක් නොවීය.කිසිදා සුවපත් නොවන උමතු ස්වභාවයක්, කටුක සීතලක් මෙන් අවට පැතිරී තිබුණි. සිරකරුවෝ අමානුෂික ලෙසින් දුක් විඳ අවසානයේදී මිය ගියහ. මිය නොගොස් ඉතිරි වුයේ අතලොස්සක් යැයි කිව හැකි මිනිසුන් සංඛ්‍යාවකි. වෛද්‍ය ඩෝර් රිගෝ ඒ අයගෙන් එකෙකු විය. ඒ නිසාම පසු කාලයක යුද වීරයෙකු ලෙස ඔහු සම්මානිත චරිතයක් බවට පත් වුයේය. ඒත් එහෙම වුණත් හුදු වීරත්වය අභිබවා ගිය දැවැන්ත ජීවිත අත්දැකීමක් ඒ වන විට ඔහු ලබා සිටියේය. වඩා පළල් කාර්යභාරයක් ඒ වන විට ඔහු සිය ජීවිතයෙන් ප‍්‍රකට කොට තිබුණේය. ඒ අනුව පැවැති භීෂණකාරී වාතාවරණය හමුවේ ජීවිතය ගලවාගෙන පැමිණීමේ සාධකය මත ඔහු යුද වීරයෙකු ලෙසින් සම්මානයට පාත‍්‍ර .වුණත් ඒ පීඩාකාරී භීෂණය තුළ ඔශුට අහිමි වු ඒ අහිමි වීම් නින්දාවට ලක් වු ඒ ඔහුගේ ජීවිතය එවැනි සම්මානයකින් යළි තිබූ තැනටම ගෙන ආ නොැකි බව පැහැදිලි විය. ඇත්ත තත්වය එයයි. එසේ ගත් කළ මේ යුද වීරයා බි\ුණු මිනිසෙකි. ”මෙය අතිතයෙන් උපන් විරූපි කතාවකි”යි කතුවර රිචඞ් ෆ්ලැන්ගන් පවසයි. (එය ඉංග‍්‍රීසි පිටපතේ සඳහන් වන්නේ Muddy Story වශයෙනි.)

Richard_Flanagan_17258.jpg

කෙසේ වුව ඒ ආඛ්‍යානයේදී කතුවරයා සිරකරුවන් ගන මෙන්ම ජපන් හා කොරියන් ආරක්ෂකයින් ගැනද පරිච්ෙඡ්ද වශයෙන් ගෙන වෙන වෙනම විස්තර ඉදිරිපත් කරයි. එමෙන්ම සිදු වු ව්‍යසනයත්, එහි ව්‍යාකූලත්වයත් නිරූපණාත්මකව ඉදිරිපත් කිරීමටද ඔහු කටයුතු කරයි. එය සංකීර්ණ තත්වයක් බවත් එනිසා තත්වය සියුම්ව වටහාගත යුතුය යනුවෙතුත් රිචඞ් ෆ්ලැන්ගන් වටහාගෙන ඇති බවට දිය හැකි හොඳම නිදර්ශනය කෘතියට ඔහු තබා ඇති නමයි. කතුවරයා එය ලබා ගෙන ඇත්තේ බෂෝ නම් උසස් හයිකු කවියාගේ කාව්‍ය පාදයකිනි. ලෝක පැවැත්ම නම් බලය හමුවේ මිනිසාගේ පැවැත්ම කොතරම් අස්තිර හුදෙකලාවක්ද යන්න ඉන් ගම්‍ය වේ. එය ඉතා සියුම් සංවේදිතාවකින් යුතුව ඉදිරිපත් කිරීමම කෘතියේ පැහැදිලි අරමුණ බව පෙනී යන්නේ යැයි පැවසේ. ඇත්තටම එය වනාහි සංකීර්ණ ජීවිත නිරූපණයක් මය. නිදර්ශණයක් ලෙස ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන ප‍්‍රදේශ වලට බෝම්බ හෙලීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීමක් හමුවේ ඊට පිළිතුරු ලබා දීමේ අවස්ථාව ලබන වෛද්‍ය ඩෝර් රිගෝගේ පිළිතුර පෙන්වා දිය හැකිය. එය මෙසේය. ”එදාටත් අදටත් අදාළව ගත් කල එය තුළ ඊට අයත් යැයි කිව හැකි අර්ථයක් නැත.” එය වෙනත් අයුරකින් මෙසේද විස්තර කෙරේ. ”භීෂණයට අරුතක් නැත. භීෂණය යනු භීෂණයමයි”

rflanagan1.jpg

වෛද්‍යවරයාට සිය මුල් පෙම්වතිය ඒ වන විට අහමිි වී සිටියාය. ඒ අහිමි වීමට එරෙහිව වෙනත් විවාහයක් කර ගැනීමේ හැකියාව ඔහුට තිබුණත් එයින් ලද තමන්ගේම දරුවන්ට ආදරය කිරීමට ඔහුට තිබූ හැකියාව අහිමි වීම නම් කොයි ආකාරයෙන්වත් නැවත ලබා ගැනීමට වෛද්‍යවරයා අසමත් වුයේය. නමුත් ඔහු සිටි ජපන් සිර කඳවුරේ ආරක්ෂකයා වු 26flanagan-jumboනකමුරා නම් යුද්ධයෙන් පසු යහපත් මිනිසෙකු ලෙසින් පමණක් නොව දයාබර පියෙකු වශයෙන්ද නැවත සමාජගත වීමට සමත් වී සිටියේය. මිනිසුන් විවිධය. ඔවුන්ගේ හැසිරීම් සංකීර්ණය. කුමන හෝ භීෂණයක් හමුවේ එය වඩාත් අසීමිතය. ඒ අනුව මෙම කෘතියේ ප‍්‍රධානම සංරචකය කුමක්ද? ඒ අනිකක් නොවේ. ජීවිතයට අදාළව මේ හොඳය මේ නරකය යනුවෙන් වෙන්කොට පෙන්වා දීමට ඇති නොහැකියාවයි. එයට වස්තු වු අත්දැකීම ඒ තරමටම නරකය. වෙන් කොට හ\ුණාගත නොහැකි තරමටම සංකීර්ණය. මිනිසුන් නිර්මාණය වන්නේ සම්, මස්, ඇට, නහර වලින් පමණක් නොවේ. ඒ වගේම කෙනෙකුගේ පෞද්ගලිකත්වය නිර්මාණය වන්නේ ඔහුට හෝ ඇයට වුවමනා ආකාරයටද නොවේ. එවැනි විග‍්‍රහයක් තුළ වෛද්‍යවරයා සහ නකමුරා යන මේ දෙදෙනාමත් ඔවුන් මුහුණ පෑ නිශ්චිත සමාජ දේශපාලන අත්දැකීමක ප‍්‍රතිඵල වෙති. ඔවුහු ඔවුන්ගේ ස්වාමිවරුන් නොවෙති. එහෙත් ඒ බව ප‍්‍රකාශයට පත් වෙන්නේ ද අප සාමාන්‍ය තත්වයන් තුළ හ\ුණාගන්නා අන්දමේ සරල තත්ව හරහා නොවේ. අප බලාපොරොත්තු නොවු අන්දමින් බොහෝ විට ඒවා ප‍්‍රකාශයට පත් වේ. නිදර්ශනයක් හැටියට යහපත් මිනිසෙකු වු වෛද්‍යවරයා සිතින් සිතිය නොහැකි තරමේ අත්දකීම් සමුහයක දුක් වේදනා විඳ දරා ගනිමින් ජීවිතය අත් නොහැර පැමිණ එහෙත් අවසානයේදී සමාජගත වන්නේ යහපත්ම මිනිසෙකු හැටියට නොවේ. අනිත් අතට එවැනි බලාපොරොත්තුවක් අප හමුවේ නොතබන නකමුරා යළි සමාජගත වෙන්නේ අතිශයින් යහපත් මිනිසෙකු හැටියටය. මේ වෙනස විග‍්‍රහ කළ හැක්කේ කෙසේද? කෙසේ වුව මේ සියල්ලෝම අවසාන විග‍්‍රහයේදී අර කීව සමාජ දේශපාලනයෙන් උපන්නවුන් වෙති. මිනිසා ස්වාධීන යැයි කිව හැක්කේ කාටද?

Richard-Flanagan.jpg

Narrow Road to the deep North නම් මේ කෘතිය සම්භාව්‍ය තලයේ යුද නවකතාවක් හැටියට පිලිගැනෙයි. ඒ අමානුෂික ක‍්‍රෑරත්වය මතු නොව භෞතික පැවැත්මක් තුළ විඳ දරාගත නොහැකි අන්දමේ වේදනාවන් ද එළියට ඇද පෙන්වන එහිලා සමත් වු නවකතාවක් හැටියටද එය සාකච්ඡුාවට ලක් වී තිබේ. වැදගත්ම දේ වන්නේ ඒ ක‍්‍රෑරත්වය, වේදනාව මෙන්ම විඳ දරා ගැනීම් නිරූපණය කිරීමට කතුවරයා දක්වන සාමාර්ථයයි. ඒ සියල්ල මැද එහි අලංකාරය සහ චාම් බව නොවක් ලෙසින් පවත්වා ගැනීමේ ලා ඔහුට තිබූ හැකියාවයි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s