මව් කිරිත් විෂ කරන පලිබෝධ නාශක

දරුවන්ට දිය යුත්තේ උසස්ම දේය යන්න පසුගිය කාලය පුරාම රාජ්‍ය මට්ටමින් ඇසුණු උත්සවාකාර කියමනක් විය. ඒත් සමඟම දරුවන්ට මව් කිරි තරම් අනික් සුදුසු ආහාරයක් නැතැයි යන්නද නිතර අසන්නට ලැබෙන වාගාලාපයකි. නමුත් අද අප ජීවත් වන සමාජ පරිසරය තුළ මේ පරමාදර්ශිත කියුම්වල වටිනාකමක් පවතිනවාද යන්න ප‍්‍රශ්නයක් වේ. විශ්ව සත්‍යයක් වුණත් ප‍්‍රායෝගික තත්වයෙන් තොර නම් ඉන් වැඩක් නැත්තේය.agro-chemicals-250x250-250x250

වර්තමානයේ භාවිතයට ගැනෙන ඇතැම් පලිබෝධ නාශකයන්හි සංයුතිය සහ ඒවා ශරීරගත වන ආකාරය දෙස බලන විට මව් කිරි තවදුරටත් දරුවාට දිය යුතු විශිෂ්ටතම තත්වයෙන් පවතිනවාද යන්න ඇත්තටම ගැටළුවකි. පසුගිය කාලයේ දිවයින පුරා අහඹු ලෙස එකතු කරගත් මව් කිරි නියැඳි පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ සියයට 19.5 කින් ’ඞී.ඞී.ටි’ අවශේෂත් සියයට 43.2 කින් ‘බී. එච්. සී’ අවශේෂත් ’ඩි ඇලඩ‍්‍රින් සියයට 27 කිනුත් ඒවායේ අන්තර්ගතව පවතින බවයි.

ශී‍්‍ර ලංකාවේ ඉහළම කෘෂි නාශක භාවිතයක් ඇති ගොවි කළාපයක් වශයෙන් ි නුවර එළිය හ\ුණාගෙන තිබේ. ඒ අනුව එහි අර කී පලිබෝධ නාශක අන්තර්ගතය ඉහළ අගයක පවතින බවද ඉහත කී වාර්තාව පෙන්වා දෙයි. එසේ බලන කළ අපේ අනාගත පරපුර මෙලොව එළිය දකින්නටත් පෙර සිටම වර්තමාන පලිබෝධ නාශක විෂට ගොදුරු වී ඇති බව පැහැදිලිය. විශේෂයෙන්ම වාණිජ මට්ටමින් සිද කෙරෙන එළවළු වගාවේදී යොදා ගන්නා අධි සාන්ද්‍ර පලිබෝධ නාශක මීට හේතු වි ඇතැයි යන්නද මෙහිදී හ\ුණාගෙන ඇත. ඒ අනුඑ දිවයින පුරා එකතු කරගත් එළවළු සහ පළතුරු නියැඳි අතරින් තහවුරු කරගෙන ඇත්තේ ඒවායේ දිගු කල් පවතින ආකාරයෙන් රසායනික වස විස අන්තර්ගතව ඇති බවයි. ඒ අනුව ’ඞී. ඞී. ටි’ සියයට 61 ක්ද, ’බී. එච්. සී’ සියයට 28 ක්ද ඒ සමාන අගයෙන්ම ඩි ඇල්ඞී‍්‍රන්ද අන්තර්ගතව ඇති බවයි. ඒ හැරුණු කළ ’එන්ඩි‍්‍රන්’ සියයට 6 ක්, ’හෙප්ටා ක්ලෝර් සියයට 13 ක් එන්ඩොසල්ෆොන් සියයට 25ක් වශයෙන්ද අන්තර්ගතව ඇතැයි ද අනාවරණය වී තිබේ. වෙන එකක් තියා උතුරු නැගෙනහිර පැවැති සිවිල් යුද සමයේදී පවා යාපන කළාපයෙන් ලබා ගත් එළවළු, පළතුරු නියැඳි වලින් ප‍්‍රකාශ වූයේ ඒවායේ ’ඞී.ඞී.ටි’ අන්තර්ගතය සියයට 53 ක් බවයි. ’බී.එච්.සී’ සියයට 73 ක් වශයෙන් සටහන් විය. තත්වයේ බරපතලකම අමුතුවෙන් ලිවිය යුතු නැතැයි සිතමි.

sub-bannerim3-600x234

1966 ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දකුණු ආසියාතික ප‍්‍රකාශයට අනුව මිනිස් පැවැත්මට අදාල නිදහස් අයිතියක් ලෙසින් ”ආහාර” පිලිගෙන ඇත. තවද තිරසාර පැවැත්මක් ලෙසින් ද පිලිගෙන ඇත. නමුත් ඉහතින් කළ පෙන්වා දීමත් සමඟ මෙය කියවන කල එකී පිලිගැනීම් නිකංම නිකං පිලිගැනීම් පමණක් දැයි සිතේ. ස්වභාව නියමයේ ආහාර ජාලය තුළ මිනිසා යනු තවත් එක් සාමාජිකයෙකු පමණක් යැයි පිලිගැනීමෙන් මනුෂ්‍ය පැවැත්මට කිසිදු අසාධාරණයක් සිදු නොවේ. එහි තේරුම ඒවභාව නියමයේ සෙසු ජෛව ප‍්‍රජාවන්ට හානියක් හෝ විකෘතියක් ඇතිවන අයුරින් කි‍්‍රයාත්මක වීමේ අයිතියක් මිනිසාට නැති බවය. නමුත් විශේෂයෙන්ම බටහිර සංවර්ධනය හරහා සිදුව ඇත්තේ ඒ අයිතියක් නැති අයිතිය තහවුරු කිරිමට වඩා වැඩි දෙයක් නොවේ. ඉහත තත්වය ඇති වන්නේ එහි ප‍්‍රතිඵලයක් හැටියටය.danger-agrochemicals-warning-sign-options-1mm-semi-rigid-pvc-options-size-300x400mm-11273-p

කෙසේ වුව මේ ආකාරයෙන් විෂ රසායන ශරීරගත වීමට එරෙහි සිවිල් විරෝධතාවක්ද ලොව පුරා ගොඩ නැඟී තිබේ. පලිබෝධ නාශක පිළිබඳ ක‍්‍රියාකාරී අන්තර්ජාතිකය (Pesticide Action Network PAN) සමඟ කටයුතු කරන සිවිල් ක‍්‍රියාකාරි ජාලය ඊට උදාහරණයකි.

පලිබෝධ නාශක නිෂ්පාදනය කරන්නේ දැවැන්ත බහු ජාතික සමාගම් ඉදිරියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට (ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය* ගෘහවාසී බළලෙකුට තරම්වත් ශක්තියක් නැතැයි යන චෝදනාවද මෙහිදී අමතක කළ නොහැකිය. ඊට සාපේක්ෂව පලිබෝධනාශක විරෝධි අන්තර්ජාතික ක‍්‍රියාකාරී ජාලයේ මැදිහත් වීමෙන් ”සමස්ත ජෛව ප‍්‍රජාවේ යහ පැවැත්ම වෙනුවෙන් විෂ විරෝධි අිනයක් සෑම වසරකම දෙසැම්පර් 3 දාට යොදා ගැනීම සුළු මට්ටමින් හෝ ඇති කරගත් රසායන විෂ විරෝධයක් වේ. එය ඇති කරගන්නා ලද්දේ 1998 වසරේදීය.

එවැනි පසුබිමක අද ලොව පුරා භාවිතා කෙරෙන රසායනික විෂ එහි ස්වභාවය අනුව ප‍්‍රධාන කොටස් 3 කට බෙදා තිබේ. එය මෙසේය.

agro-chemicals_ghanainternet05

1 ක්ලොරීන් අඩංගු කාබනික සංයෝග
2 පොස්පරස් අඩංගු කාබනික සංයෝග
3 කාබනේට් සංයෝග

විවිධ වෙළඳ නාම යටතේ අප රටේ කෘෂිකර්මාන්තයේදීත්, ගෘහස්ත මෙන්ම වෙනත් වගාවන්හීදීත් ඉහතින් කී විෂ සංයෝග අන්තර්ගත නිෂ්පාදන භාවිතයට ගැනෙන බව අනාවරණය කරගෙන තිබේ. ඉනුත් මුලදී සඳූහන් කරන්නට kයෙදුණු ’ඞී.ඞී.ටි’, ’බී.එච්.එස්’, ’හෙප්ටා ක්ලොරො’, ’ඇල්ඩ‍්‍රීන්’ හා ’ඩි ඇල්ඞී‍්‍රන්’ යනු දරුණුම විෂ කාරකයන් යැයි හ\ුණාගෙන තිබේ. එමෙන් ම දිගුකල් පවතින රසායන ¥ෂක අතරේ ඉහලින්ම පවතින්නේ යයි ද පෙන්වා දී තිබේ. තවද කාබන් විකිරණ පරීක්ෂන මඟින් තහවුරු කොට ගෙන ඇති ආකාරයට මෙකී සංයෝග වසර 12 කටත් වැඩි කාලයක් වියෝජනය නොවී ආහාරදාම ඔස්සේ සංසරණය වෙමින් හානි පමුණුවන්නේය.

එමෙන්ම ඉහතින් කී ත‍්‍රිත්ව වර්ගීකරණයට අයත් වන වල් නාශක, දිලීර නාශක, කෘමි නාශක, බැක්ටීරියා නාශක මෙන්ම ඇකිරි නාශක වශයෙන් වාර්ෂිකව කි. ග‍්‍රෑම් 70, 000 ක් පමණ මෙරටට ගෙන්වන බවට වාර්තා වේ. පූර්ණ සාන්ද්‍රතාවෙන් යුතුව මෙරටට ගෙන්වා විවිධ වෙළඳ නාම යටතේ ප‍්‍රති සැකසුම් කොට රට පුරා බෙදා හැරෙයි. ගොවීන් සිය එළවළු සහ පළතුරු වගාවන් සඳහා යොදා ගන්නා මෙම විෂ රසායන ශාක පත‍්‍ර පුටිකා, මූල මණ්ඩලය හා ආවරණ පොත්තෙන් බෝගයේ පත‍්‍ර මල් හා පලයන්හි තැන්පත් වන බව දත යුතුය. මෙය තුළම ස්පර්ශක විෂ යනුවෙන් හ\ුණා ගැනීමක්ද පවතී. ඒවා තැන්පත් වන්නේ බාහිර තලයකය. උදාහරණයක් ලෙස ශාක පත‍්‍ර මතුපිට ඒවා තැන්පත් වීමට පුළුවන. එනිසාම සේදී යෑමෙන් හෝ සෝදා හැරීමෙන් ඉවත් කිරීමටද හැකිය. නමුත් එකී ස්පර්ශක විෂ ක්ලෝරීන් හා සහසම්බන්ධතාවයකින් නිෂ්පාදනය වී ඇත්නම් එය ශරීරගත වීමේ අවදානම නැති නොවේ. කාලය වශයෙන් ගත් කළ මේ අයුරින් කෙමෙන් බරපතල වූ රසායනික තර්ජනයකට අප මුහුණ පා සිටින්නේ 60 දශනයේ සිටමය යන කරුණද මෙහිදී මතක තබා ගත යුතුය.

agrochemicals-pa-linkvet-1

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඞී.ටි.බි. විජේරත්න පවසන්නේ පළතුරු කෘතීමව ඉද වීමට භාවිතා කරන කාබනික් වල ආසනික් අඩංගු බැවින් එවැනි පළතුරු පරිභෝජනය නොකළ යුතු බවය. (බලන්න, සදාහරිත 2011* එමෙන්ම ගෘහාශ‍්‍රිතවත් ඔනැගෝ, පොස්පරස්, ක්ලොරෆයිර්, ෆෝස් ,මැලතියන් සයිගොන්, කාබ්රිල් සහ ක්ලොරොඬේන්ද වග විබාගයකින් තොරව ශාවිතා කරන තත්වයක්ද නිර්මාණය වී තිබේ. ඒ ගෙවත්තේ වෙසෙන මැඬියන්, මදුරුවන් මෙන්ම කැරපොත්තන් පළවා හැරීමටය. එමෙන්ම විසිතුරු පැළෑටි සඳහාය. එහෙත් මේ රසායන විෂ ලියුකේමියා රෝග අවදානම ඇති කරන්නේය යන්න බොහෝ අය නොදන්නා කරුණක් වේ.

ඉහත කරුණු අපට සපයන පරිසරවේදී බන්දුල රුක්ෂාන් බඹරැුන්ද (බලන්න ”සදාහරිත” 2011* ඒ සම්බන්ධයෙන් මෙසේ ද පවසා තිබේ. ”ලංකාවේ වස විස පිටු දැකීමේ කි‍්‍රයා මාර්ගවල තත්වය සතුටුදායක කර ගැනීම සඳහා වන අභියෝතයක් අප මත පැටවී ඇත. මන්ද වස විස මාෆියාවට එරෙහිව කටයුතු කිරීමට රජයටද ශක්තියක් නැති බව පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ රජරට වකුගඩු රෝගයට හේතු කාරකය කෘෂි රසායන බවට නිර්දේශ කළ පර්යේෂණ සමඟ ආණ්ඩුව සහ ජන මාධ්‍ය තටයුතු කළ ආකාරය මැනැවින් කියා පායි. …ලෝකය පුරා පලිබෝධ නාශක විරෝධි අන්තර්ජාතික ජාලය සක‍්‍රීයව මැදිහත් වන පසුබිමක මෙරටෙහි උණුසුම්ව ඇති පර්යේෂණ කණ්්ඩායම් හා සංවිධාන වස විසට එරෙහිව ක‍්‍රියාත්මක වීමේදි තීරක කි‍්‍රයාමාර්ග එළඹිය යුතුව ඇත. ගොවි ජනතාවද තමන්ගේ නියම වාරය පමිණ ඇති බව අවබෝධ කරගත යුතුය. ”

En. Reporting

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s