එවැනි ජනතාවක් ලෙහෙසියෙන් පරාජය කරන්න බැහැ – නාට්‍යවේදි රන්ජිත් ධර්මකීර්ති

අද දවසේ අප රස විඳිමින් සිටින්නේ සිංහල ගැමි නාටකයෙන්ම උපන් නාට්‍ය හා රංග කලාවක්ම නෙවෙයි. එය වනාහි විදේශීය ආභාෂයන්ගෙන්ද පෝෂණය වු නාගරික සංස්කෘතියේ අවශ්‍යතාවන් නියෝජනය කරන්නා වූ කලාවක්. මා විශ්වාස කරනවා අත්දැකීම් බහුල නාට්‍යවේදියෙකු හැටියට ඔබට හැකියාවක් තිබෙනවාය කියල ඒ සම්බන්ධයෙන් විග‍්‍රහයක් ඉදිරිපත් කරන්න…..?

මම කැමතියි නීතිඥ ජෝන් ද සිල්වා යුගයෙන් මගේ කතාව පටන්ගන්න. ඒ වනාහි අද මෙන් විද්‍යුත් මාධ්‍ය මුල් කරගත් පුළුල් විනෝදාස්වාදයක් සහිත වූ සමාජයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් නව වෙළඳ ආර්ථිකයක් සමඟ ගොඩ නැෙඟමින් තිබුණා. ඒ නාගරික සමාජයට එවැනි විනෝදාස්වාද මාධ්‍යයක් අවශ්‍ය වෙලා තිබුණා. පිටකොටුව – මල්වත්ත ප‍්‍රදේශයේ නාට්‍ය පෙන්වන්න පුළුවන් ආකාරයේ මඬුවක් ඉදි වන්නේ එවැනි පසුබිමකයි. ඒත් සමඟම නොයෙක් ආකාරයේ නාට්‍ය රඟ දැක්වීම් ඉදිරිපත් වෙනවා. විදේශ නාට්‍ය කණ්ඬායම්ද එහි පැමිණ තිබෙනවා. අපට ‘බලිවාලා‘ ‘පාර්සි‘ වගේ නාට්‍ය කණ්ඩායම් ගැන අහන්න ලැබෙන්නේ ඒ අනුවයි. හැබැයි ඔය කියන කාලයේදී අපේ රටට් දියුණු ගැමි රංග කලාවකුත් තිබුණා. තොවිල් පවිල් වගේ යාතු කර්ම විතරක් නෙවෙයි කෝලම් වැනි රංග කලාවන්ද තිබුණා. නමුත් අර කීව අලූතින් බිහි වුණ නාගරික සමාජ සංස්කෘතියට ඒ ගැමි නාට්‍ය සම්පුදායන් ගැලපුණේ නැහැ. ඒ නව නාගරික සමාජයේ ඉල්ලූම තිබුණේ වෙනස් නාට්‍ය කලාවකටයි. ඒ වෙනස නීතීඥ ජෝන් ද සිල්වා හ\ුණාගන්නවා. ඔහුගේ නාට්‍ය නිර්මාණයන්හි එකල පැවැති සමාජ දේශපාලන ප‍්‍රශ්න ඇතුළත් වුණා. පරාධීනත්වයට එරෙහිව ජාති වාත්සල්‍යය රැුව් දුන්නා. ඒ අතර ඔහු විදේශීය නාට්‍ය සිංහලට නඟා ඉදිරිපත් කිරීමද සිදු කලා. නීතිඥ ජෝන් ද සිල්වාගේ කාලයේදීම තමයි ”ප්‍රොසීනියම්” නම් රංග ශාලා ක‍්‍රම වේදය මෙරට ස්ථාපිත ස්ථාපිත වෙන්නෙ.

0ebe2dbd-70c3-4fdf-b551-a7eb8b30cb40

”ප්‍රො” යන්නෙහි තේරුම ”ඉදිරියෙන් පවතින” යන්නයි. ”සීනියම්” කියන්නේ ”දර්ශනය”ටයි. එවැනි අරුතක් තමයි එයින් කියවෙන්නෙ. ඉදිරියෙන් තිරයක් සහිත රඟහලක් මේ අනුව එකල නාට්‍ය කලාවට අදාලව ප‍්‍රධාව සංරචකය බවට පත් වෙනවා. මෙවැනි රඟහලක් තුළ නාට්‍යයකට නියමිත කාලයක්ද නියම වෙනවා. ඒ පැය දෙකක් වැනි කාලයක්. රංගාලෝකය ද එහි නිර්මාණ අවශ්‍යතාවක් බවට පත් වෙනවා. මුල් කාලයේදී ඒ සඳහා යොදා ගත්තේ ගෑස් ලාම්පුයි. මේ ආකාරයට ඉතා පැහැදිලිවම මේ නාගරික නාට්‍ය කලාව අපේ ගැමි නාට්‍ය කලාවෙන් වෙනස් වෙනවා.

මේ ආකාරයට ගොඩ නැගුණු නාට්‍ය වෙනුවෙන් හොඳ පේ‍්‍රක්ෂකාගාරයක් ඇති කර ගන්නත් ජෝන් ද සිල්වා සමත් වෙනවා. ලිපිකරුවන්, වරාය කම්කරුවන් වෙන එකක් තියා මරදාන ප‍්‍රදේශයේදී තමන්ගේ ගැල් ලිහා දමන ගැල්කරුවනුත් ඔහුගේ නාට්‍ය බලන්න ආවා. අද මරදානේ ටවර් රඟහල තියෙන්නේ එදා ඒ නාට්‍ය පෙන්වපු තැනයි. එහෙම ගොඩ නැගුණු ටවර් නාට්‍ය සංස්කෘතියේ රජු බවට පත් වෙන්නේ නීතිඥ ජෝන් ද සිල්වා නාට්‍යකරුවායි.

නමුත් පසු කාලීනව මේ නාට්‍ය ආකාරය කලාත්මක වශයෙන් පරිණාමයකට ලක් වෙනවා…..?

ජෝන් ද සිල්වාගේ නාට්‍යවල තිබුණේ අද්භූතය මුල් කොටගත් රසයක්. ඒ කාලයේ සාහිත්‍ය කෘතිවල පවා මේ තත්වය අපට දකින්න තිබුණා. එය වෙනස් වෙන්නේ ගම්පෙරළිය වැනි නවකතා හරහා යථාර්තවාදී දෘෂ්ඨිය සාකච්ඡුාවට ලක් වෙන්න ගත්තට පස්සෙ. ඒ යථාර්තවාදී බව ඉදිරියේ අද්භූතවාදයට තවදුරටත් පවතින්න පුළුවන් වුණේ නෑ. ඒත් සමඟම කොළඹ විශ්ව විද්‍යාලය මේ යථාර්තවාදී සම්ප‍්‍රදායේ කෘති වේදිකාව මත අත්හදා බැලීම සිදු කලා. එය ක‍්‍රමයෙන් ජනප‍්‍රිය වුණා.

නමුත් ආචාර්ය සරච්චන්ද්‍ර සිය අධ්‍යයනයන් සහ අත්දැකීම් අනුව යමින් ඒ යථාර්තවාදී සම්ප‍්‍රදායෙන් බැහැර වෙන තත්වයක්ද පසුව අපට දකින්න ලැබෙනවා. ජපානයේ නෝ, කබුකි වැනි සාම්ප‍්‍රදායික නාට්‍ය අත් කරගෙන තිබූ සම්භාව්‍ය තත්වය නිරීක්ෂණය කරන ඔහු එවැනි දේශීය සාම්ප‍්‍රදායික ගැමි නාට්‍ය සම්ප‍්‍රදායක් සොයා යෑමේ උත්සහායක යෙදෙනවා. ශෛලිගත නාට්‍ය සම්ප‍්‍රදාය යනුවෙන් පසුව අප හ\ුණාගන්න නාට්‍ය රීතිය වේදිකාව මත ප‍්‍රතිනිර්මාණය වෙන්නේ එහි ප‍්‍රතිඵලයක් හැටියටයි.

535392_104491576399651_229417374_n.jpg

ඒ වගේම පනස් හයේ බණ්ඩාරනායක ජයග‍්‍රහණය ඊට පසුබිම් වෙන බවත් කිව යුතුයි. ජාතික සංස්කෘතිය සම්බන්ධයෙන් ඇති වූ ප‍්‍රබෝධය, විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පුළුල් වීම, සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් මැදිහත්වීමක් සිදු වීම යන මේ සමාජ දේශපාලන කාරණාත් ඊට පසුබිම් වෙනවා. අපේ ගැමි සංස්කෘතික මුල් සොයා යෑම වෙනුවෙන් හටගත් ඒ පොදු උනන්දුව තුළ ශෛලිගත නාට්‍ය සම්ප‍්‍රදායට හොඳ ඉඩක් ලැබෙනවා. ගැමි නාට්‍ය රංග කලාව සම්බන්ධ අත්හදා බැලීම් වලට උනන්දුවක් ඇති වෙනවා. ෙමි නාට්‍ය ප‍්‍රබෝධය නිසාම ජාතික නාට්‍ය උළෙලක්ද බිහි වෙනවා. මා හිතනවා 60 දශකය තමයි සිංහල නාට්‍යයේ ස්වර්ණමය සමය කියලා.

එකල නාට්‍ය අත් පිටපත් සමීක්ෂණ මණ්ඩලයක් මඟින් තෝරාගත් නාට්‍ය පිටපත් වලට රුපියල් 750ක් පිරිනමන වැඩ පිළිවෙලක්ද තිබුණා. ඒ කාලයේ ඒ මුදලන් මුළු නාට්‍යයම වුණත් කරන්න පුළුවන්කමක් තිබුණා. මගේ නැංගුරම නාට්‍ය පිිටපත ඒ මුදල ලැබු එකක්. මේ ආකාරයට නාට්‍ය කලාව මුල් කොටගත් පුළුල් සමාජ දේශපාලන අනුබලයක් එකල ගොඩ නැගී තිබුණා. ඒ වගේම අදට සාපේක්ෂව උගත් සමාජයක්, ඒ වෙනුවෙන් හටගත් උනන්දුවක් එදා මේ රටේ තිබුණා. ඒ නිසා උගත් විනිශ්චයක් නාට්‍ය කලාවට ලැබුණා. ආධුනිකයන්ට ඉදිරියට ඒමේ අවස්ථාව තිබුණා. මමත් ඒ කාලයේ ආධුනිකයෙක්. ඒ නිසා මම ඒ ගැන හොඳින්ම දන්නවා.9780413181107-uk

නමුත් ඔබ, ඒ දේශීය නාට්‍ය සම්ප‍්‍රදායේම කොටස්කරවෙක් නොවේ යැයි මා කීවොත්…..?

ඇත්ත, මගේ නිර්මාණ ආභාෂය ලැබුවේ මහා රුසියානු නාට්‍ය සම්ප‍්‍රදායෙන් යැයි කීමේ වරදක් නෑ. විශේෂයෙන්ම මක්සීම් ගෝර්කිගෙ Lower Depth (හිරු නැති ලොව) සමාජ දේශපාලන පීඩනයක් තුළ වෙසෙන පීඩිතයන් එය ප‍්‍රකාශ කරන ආකාරය දැක ගන්න පුළුවන්. ඒ වගේම එකල පැවැති දේශපාලන සංවාදයත්, ඒ කෘති හරහා ගොඩ නැඟුණු පුළුල් මානව දෘෂ්ඨියත් නිසා එය අපේ වේදිකාවට ගෙන එන්න අවශ්‍ය නිර්භීතකම මට ලබා දුන්නා. ඒ වගේම ස්ටැනිස්ලව්ස්කිගේ යථාර්තවාදී රංග රීතිය අත්හදා බලන්න මම එය අවස්ථාවක් කර ගත්තා. ඉන් පසුව එවැනිම අත්හදා බැලීමකට ඉයුජින් අයනෙස්කෝගේ නාට්‍යයක් මා තෝරා ගත්තා. ”හස්තිරාජ මහත්තයා” නමින් වේදිකාගත වෙන්නේ එයයි. අදට සාපේක්ෂව එවැනි අත්හදා බැලීම් ඔස්සේ නාට්‍ය කලාව ඉදිරියට ගෙන යා හැකි තත්වයක් එදා තිබුණා. ටෙලි නාට්‍ය හරහා කුරුවල් වූ හීන වින්දනයක් සහිත පේ‍්‍රෂකාගාරයක් නෙවෙයි එදා තිබුණෙ. ඒ අයට හොඳ වින්දන ශක්තියක් තිබුණා. ප‍්‍රාදේශීය පළාත්වල තරුණ පිරිස් මුදල් සම්මාදම් කරලා නාට්‍ය කණ්ඩායමක් සති අන්තයේදී තමන්ගේ ප‍්‍රදේශයට ගෙන්වා ගත්තේ ඒ වින්දනීය උනන්දුව නිසායි. මුදල් උපයන්න හිතාගෙනම නෙවෙයි. නමුත් අද හැම දේකම මිනිස්සු දකින්නෙ මුදල් විතරමයි. ජනතාව බැලිය යුත්තේ මොන වගේ නාට්‍යද කියල තීරණය කරන්නෙත් ඒ මුදල් බලයම තමයි.

ඔබ කියන ආකාරයට කිසිම සිවිල් බලයක් අද ජනතාවට නැ…..?

ජනතාවගේ සිවිල් බලය නිර්මාණය කරන ප‍්‍රබලම මාධ්‍යයක් තමයි කලාව. ඒ බව සෝවියට් විප්ලවය හොඳින්ම සනාථ කරලා තියෙනවා. පසුගිය අතීතයේ මෙරට නාට්‍ය ප‍්‍රබෝධයෙන් ශක්තිමත් වුණෙත් කලා රසඥතාව මුල් කොට ලත් ජනතාවගේ සිවිල් බලයයි. එවැනි ජනතාවක් ලෙහෙසියෙන් පරාජය කරන්න බැහැ.

මට මතකයි මහනුවර වගේ ප‍්‍රදේශවල මගේ නාට්‍ය බොහෝ වාර ගණකන් පෙන්වූවා. එහෙම වෙලත් ශාලාවේ ඉඩ මදිකම නිසා ප‍්‍රවේශපත‍්‍ර අරගෙන හිටගෙන නාට්‍ය බලන්නත් පේ‍්‍රක්ෂකයො හිටියා. ඔවුන් හරි සංවේදි පේ‍්‍රක්ෂක පිරිසක්. ඒ අයට විෂය දැනුම තිබුණා.උගතුන් ගැන නිර්මාණකරුවන් ගැන හ\ුණාගැනීමක් ඔවුන්ට තිබුණා. නමුත් අද ඒ තත්වය නෑ. නාට්‍ය රසිකයා නම් ඒ ශුද්ධ වු වටිනාකම අද පේ‍්‍රක්ෂකාගාරයේ නෑ. විද්‍යුත් මාධ්‍ය හේතු කොටගෙන කුරුවල් වු සමාජයක් සමඟ නාට්‍ය රස වින්දනය ගැන කතා කරල වැඩක් නෑ.

ඒ සමාජ නාය යෑම ද ඔබේ ”මෝදර මෝල” නාට්‍යයෙන් ප‍්‍රකාශයට පත් වෙන්නෙ…..?i01248a-1

ඇත්තටම ඔව්. මෝදර මෝල, එය මෝයක් අද්දර පිහිටි මෝලක්. එහි තේරුම සන්ධිස්ථානයක් කියන එකයි. එතැන තියෙනවා අවදානමක්. ප‍්‍රවාහයකින් ගසාගෙන යෑමේ මෙන්ම නොයෑමේ අවිනිශ්චිතතාව තමයි ඒ අවදානම නිර්මාණය කරන්නෙ. විශේෂයෙන්ම 77න් පසුව ඇති වෙන්නෙ එවැනි සමාජ දේශපාලන අවදානමක්. ඒ එදා ඇති වු පැවැත්ම සහ නොපැවැත්ම අතරින් ඇති වූ සමාජයක් තමයි අදටත් තියෙන්නෙ.

මේ සාකච්ඡුාව පෙන්වා දෙන තත්වය පැහැදිලියි. අපට තිබුණා පොහොසත් නාට්‍ය රංග රීතින් අත්හදා බලපු වේදිකාවක්. ඔබද ප‍්‍රවීණත්වය ලද ඒ වේදිකාව ගැන සමාලෝචනයක් කරන්නැයි ඉල්ලා සිටියොත්….?

ඔව් අපි මුලින්ම කීවා වගේ නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ශෛල්‍යය ගත්තම එය අද්භූතවාදීයි. එය නිර්මාණය වෙන්නෙ අතිශයෝක්තිය හා බැ\ුණු රෝමාන්තික බවකිනුයි. නමුත් පොදුවේ ගත්තොත් ස්ටැනිස්ලව්ස්කි රීතියේ චරිතය තුළට පිවිසෙමින් සිදු කරන්නා වු සභානුභූතිය, එමෙන්ම සමාරෝපය වශයෙන් අප හ\ුණාගන්නා රංග ශෛලිය තමයි අද ලෝක මට්ටමිනුත් පිලිගැනෙන්නෙ. වෙන එකක් තියා ශේක්ස්පියර් නාට්‍ය පවා ඔවුන් අනුදත්් අතිශයෝක්තියෙන් බර වූ රොමැන්ටික් ශෛලිය අත් හරිමින්, අර කීව රංග රීතියට ඇතුළත් වෙමින් සිටිනවා. ඒ වගේම ජර්මන් නාට්‍යකරු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් රංග රීතියත් ජර්මනිය තුළම විවාදයට ලක් වෙලා තිබෙනවා. බ්‍රෙෂ්ට් රීතියට පේ‍්‍රක්ෂකාගාරයක් ග‍්‍රහණයට ගත හැකිද කිනන ප‍්‍රශ්නය ඒ අනුව නිර්මාණය වෙලා තියෙනවා. ඒ දේ අපේ රටේ නම් වුණා. හෙන්රි ජයසේන ”හුණුවටයේ කතාව” බ්‍රෙෂ්ට් රංග රීතියම නෙවෙයි. එය අපට අනන්‍ය ආකාරයෙන් අනුවර්තනය වුණා. ඒ නිසා නාට්‍යයක් හැටියට ජනප‍්‍රිය වුණා. කමුත් බ්‍රෙෂ්ට් රීතියට සාධාරණය ඉටු කරන්න ගිය විජිත ගුණරත්නගේ ”දැති කියත” ජනප‍්‍රිය වුණේ නැහැ. කොහොම වුණත් මේ ගැන සංවාදයක් ඇති වෙනවා නම් හොඳයි.

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s