ඉසව්වක් නැති සීමාවක සිට ලියමි

අපේ ටෙලි සංස්කෘතියේ මුලාරම්භය පවතින්නේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව තුළයි. ඒ නිසා ගුවන් විදුලියට අනන්‍ය නාටකීය ස්වභාවය ටෙලි සංස්කෘතියටත් ඇතුළත් වුණා. අද වන විට එය පමණ ඉක්මවා ඒ තුළ ලැඟුම් අරගෙන tumblr_mxtt2kpr0q1r0u2xjo1_500තිබෙනවාද කියළත් හිතෙනවා. කොහෙමෙ වුණත් එය යම් අනන්‍යතාවක්ද ගොඩ නගනවා. ඒ අනුව බටහිර සෝප් ඔපෙරාව මේ රටේ දී ටෙලි නාට්‍යයක් බවට පත් වෙනවා. මේ ආකාරයට එසේ අප ලද නාටකීය ආභාෂයම තමයි අදටත් ටෙලි කැමරාව තුළින් ප‍්‍රකාශ වෙන්නෙ. එහෙම බැලූවම ප‍්‍රතිඵලය පැහැදිලියි. කෙරෙන්නේ රූපගත කිරීමක්. ඉදිරිපත් වෙන්නේ ප‍්‍රධාන වශයෙන්ම නාටකීය ස්වභාවයක්.

කොහොම වුණත් අපේ පුර්ව කාලය සෑම අතින්ම පොහොසත් සමයක්. අපේ පුර්ව කාලීනයන් මෙරට සංස්කෘතිය කියවා තිබුණා. ඒ නිසා සිය පොදු පේක්ෂකයා හමුවේ ඔවුන් පොහොසත් සමාජ අත්දැකීම් ඇති මිනිසුන් වුණා. ඒ අයට අත්දැකීම් තිබුණා. එය විමසිය හැකි ඥානයක් තිබුණා. ඔවුන්ගේ ඒ සමාජ ඥානය, ජීවිත පරිඥානය විසින් මුවහත් කරන ලද නිර්මාණශීලත්වය ආකර්ශනීය මුහුණුවරක් මුල් කාලයේ දී ටෙලි සංස්කෘතියට ලබා දුන්නා. ඒ වන විට මුළුමනින්ම මෙරටට ආගනුතුක වු මාධ්‍යයකට ආගන්තුක බවින් තොර අනන්‍ය සාධාරණත්වයක් ලබා දුන්නේ හොඳ කියවීමක් තිබු ඒ මිනිසුන් විසිනුයි. භාරතීය විචාරකයෙක් කියා ඇති අන්දමට එවැනි ජීවිත පරිඥානයකින් මුවහත් නොවු පරිකල්පනය ඇත්තා, අං, කුර, මෙන්ම වල්ගා නැති ගවයින්ට සමානයි.

අපගේ පූර්ව කාලීනයින් ටෙලි මාධයය වෙනුවෙන් ටෙලි නාට්‍ය සංස්කෘතියක් බිහි කලේ සරල සැහැල්ලූ කලා භාවිතාවක් හැටියටයි. ඔවුන්ගේ ශකයතා පසුබිම දිහා බලන කොට එය ඔවුන්ට තරම් නොවන කටයුත්තක් යැයි කීවත් වරදක් නෑ. ඒත් ඒ අය මේ නව කලා මාධ්‍යයට හොඳ සමාජ කියවීමක් ලබා දුන්නා. උදාහරණයක් හැටියට නිහාල්සිංහයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු ටෙලි නාට්‍යය වන ”දිමුතු මුතු” සාම්ප‍්‍රදායික සමාජ පැවැත්ම තුළ පවුල කේන්ද්‍ර කරගත් සමාජ අධිකාරිය පොදු සමාජ පැවැත්මට සිදු කළ බලපෑම සහ එහි පිරිහීම ගැන කතා කරනවා. පසුව එන ”පළිඟු මැණිකේ” 70 දශකය අවසානයේදී සිදු වු ආර්ථික වෙනස්කම් හමුවේ සමාජ සාරධර්ම මෙන්ම සංස්කෘතික වටිනාකම් මිල මුදල් හමුවේ අළෙවි වු ආකාරය ගැන අපට කියා දෙනවා. අපේ සියලූ ජාතික වටිනාකම් අළෙවිකරණය හා පාරිභෝජනවාදය හමුවේ විනාශ වීම ආරම්භ වුණේ ඒ කාලයේ දීයි.

559286_3902755740207_552623233_n.jpg

Parakrama Ekanayake

ඒත් සමඟම අපේ සාම්ප‍්‍රදායික එහෙත් සාරධර්මගරුක පවුල් සංස්ථාව ඇද වැටෙන්න පටන් ගන්නවා. ඉහත කී තත්වයට ඒ කාලයේදි හැම ගමකම වගේ සිදුවුණු විදෙස් ?කියා සොයා පිටත්ව යෑමත් හේතු වුණු අන්දම පෙන්වා දුන් ගෙලි නාට්‍ය අත්දැකීමක් ලෙස ”ලා හිරු දහසක්” පෙන්වා දිය හැකියි. ඉන් පසුව මේ තත්වය නාගරික මැද පාංතික සමාජයට ත් බලපෑම් කරමින් එහි පවුල් සංස්ථාද විසුරුවා දමමින් පුද්ගල ඛේදවාචක නිර්මාණය කළ අයුරු ”යශෝරාවය” සහ ”¥ දරුවෝ” වෙතින් දකින්න පුළුවන් වුණා. මේ ඛේදවාචකයන්ම අවසානයේදී අපේ රට ඇතුලේ පොදු සමාජ යථාර්තයක් බවටත් පත් වෙනවා.

මේ ගම්පෙරළියට මොබයිල් ෆෝන් එක එකතු වෙන්නේ අපට හොඳින් මතක මෑතකදීයි. එතැනදී මොබයිල් ෆෝන් එක කටයුතු කරන්නේ සන්න්වේදන උපකරණයක් හැටියට නොවෙයි. සමාජ බලපෑමක් හැටියටයි. ඒත් සමඟම සමාජය තුළ වු සංවාදශීලිත්වය ක‍්‍රමානුකූලව අහෝසි වෙනවා. වෙන එකකි තියා පොදු සමාජය තුළදී සිදුවන එකට හමුවීම් වලදී නිසඟයෙන්ම වාගේ ඇතිවෙන කතා බහ පවා තතර වෙනවා. ඒ තත්වයම වඩා බරපතල අන්දමින් පවුල් සංස්ථාෙවි එකමුතුවටත් බලපෑම් කරලා තියෙනවා. ඒ බව අපි දකිනවා. ඒ වගේම විඳවනවා. මේ විදිහට අපට අහිමි වෙන්නේ ජීවත්වීෙමිදී මිනිසාට අවශ්‍යම කරන මනුෂ්‍ය සංෙවිදීතාවක් නොවේදැයි කියා සිතන්න අදටත් අපේ සුදානමක් ඇති බවක් පෙනෙන්නෙ නෑ.

art-museum-television-small-97220.jpg

අද අපි ජීවත් වෙන්නේ දඩයමක් තුළයි. අපි ඊට ”මාකර්ටින්” කියා කියනවා ඒ තුළ මනුෂ්‍ය සංවේදිතාව කියන්නෙත් නිෂ්පාදනයක් වගේම අළෙවි භාණ්ඩයක්. රටක් හැඬවුවා යැයි කියන සුනාමි ඛේදවාචකය ගැන සිතා බලන්න. රටම ඒ තුළ එකතු වුනෘ. ශෝක වුණා. ඒ්ත් කෙටි කාලයකින් එය තුළම මුල්‍ය අපරාධ නිර්මාණය වුණා. සි්දු වු මනුෂ්‍ය විරෝධි ක‍්‍රීයා අල්පයක් යැයි කියන්න බැහැ. වකුගඩු රෝගී ඛේදවාචකය අද වන විට පූර්ණ ජාවාරමක් එහෙම බලන කොට අපේ රට තුළ තියෙන්නෙ ධනවාදී සමාජයක් නෙවෙයි ධනවැදි සමාජයක්. මුදල් කේන්¥ කරගත් මෙවැනි සමාජයක තතු ඉතා හොඳින් පෙන්වා දෙනවා චාලි චැප්ලින්ගේ ”මොඩන් ටයිම්” කියන චිත‍්‍රපටය.

මේ සියල්ල මැද ටෙලි සංස්කෘතිය පමණක් සියලූ දොසින් බැහැරව නිරුපද්‍රිතව පවතින්නෙ නැහැනෙ. නියත වශයෙන්ම අර කීව සමස්ත පරිහානිය එය තුළක් දකින්න ලැබෙනවා. සිතීම, පරිකල්පනය ඉවතට යනවා. ඒ සියල්ල අන්තර්ජාලයේ යූ ටියුබ් එකෙන් ගැනීමට යොමු වී තිබෙනවා. අන්තර්ජාලයෙන් යැපීම නිර්මාණාත්මක පරිකල්පනයක් ලෙසින් විළි බිය නැතිව සිතන තැනමටම ටෙලි සංස්කෘතිය පිරිහෙනවා. මගේම ජීවිත අත්දැකීම් ඒ බව මට පෙන්වා දී තිබෙනවා.

පරාක‍්‍රම ඒකනායක

(මීලඟට – ”මගේ කතාව”)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s