අදුරු රැයක ඔබ පිටව ගියේය.

බ‍්‍රාති එය මෙසේ කියවීය.

”වඩාත්ම බිය තැනැත්තා, අන්ධකාරයේ දොරගුළු විවර කළ තැනැත්තා වේ.”

”අ\ුරු රැුයක ඔබ පිටව ගියේය. අ\ුරු රැුයක රහසින් ඔබ නැවත නොපැමිනෙන්නේ කිමද? කිසිවෙකු ඔබ නොදකිනු ඇත. ඔවුන් ඔබ සොයන්නේ තාරකා තුළ බමණි. නින්දෙන්ම කෑ ගසමින් සුජාතා අවදි වන්නීය.”

එහෙත් ඇයට ඒ ආකාරයෙන්ම ඒ වන විට ඇය හමුවේ තිබු රෞද්‍ර සිහිනයක් වන් ජීවිතයෙන් අවදි වීමට හැකි වීද? දිගින් දිගටම ඇයට සිදු වුයේ ඒ බිහිසුණු එහෙත් නිශ්ශබ්ද ඝාතනය දෙස කල්පනාවෙනුත් නොකල්පනාවෙනුත් බලා සිටීමටද?. ඒ කම්පනයක් හමුවේ තමාගේ ජීවත්වීම අරබයාද ඇයට තිබුණේ වැටහීමකට වඩා නොවැටහීමකි.9789381672549

විටෙක ඇය සෝමුගේ මව හමු වීමට යන්නේත් තවත් විටෙකදී ඇය නන්දිතා වෙත රැුඳෙන්නේත් එවැනි නොවැටහීමක් එසේ නැත්නම් තමන් විෂයෙහි හ\ුණා නොගත් දෙයක් හ\ුණා ගැනීමට යැයි සිතේ. එසේ බලන විට ජීවිතය යනු සිතා ගැනීම් සමුහයක් පමණක්ද? එසේ නැත්නම් එය මෙසේ යැයි ඇති කරගන්නා උපකල්පන වැන්නක්ද? ඒ කෲර නිශ්ශබ්ද ඝාතනය ජීවත් වන්නවුන් සඳහා ලබා දුන් ජීවිතය පිළිබඳ අර්ථ නිරූපණය මොන විදිහේ එකක්ද?

ඉහත කියවීම අප වෙත ගෙන එන්නේ  MOTHER OF 1084 කෘතියයි. මහේස්වතා දේවි නම් බෙංගාලි ජාතික ලේඛිකාව ලියු නවකතාවක් වන එය ”1084 ගේ අම්මා” නමින් ස්ිංහලයට නැඟී ඇත. ඒ කුමාර පෙරේරා අතිනි. අංක 1084 යැයි කියන්නේ එක පෙලට මරා දමන ලද තරුණයින් අතර වු එක් තරුණයෙකුට හිමි අංකය විනා අනෙකක් නොවේ. මුලදීම කියැවුණු බ‍්‍රාති යනු ඔහු යි. සුජාතා යනු ඔහුගේ මවයි. නන්දිතා කියන්නේ ඝාතනය නොවු එහෙත් දරුණු වධ හිංසනයෙන් ආබාධිත තත්වයට පත් බ‍්‍රාතිගේ පෙම්වතියයි. සෝමුගේ මව යනුවෙන් එන්නේ බ‍්‍රාතිත් සමඟ මරා දුමුණු සහෝදර විප්ලවාදී තරුණයෙකුගේ මවයි.

Image.jpg

බ‍්‍රාති සහ සෝමු සමාජ පංති දෙකකට අයත් වුහ. ඒ අනුව ඉහල සමාජ පංති පසුබිමකින් බ‍්‍රාති පැමිණෙද්දී සෝමු අයත් වුණේ පහල සමාජ පංතියකටය. එහෙත් ඔවුන් දිවි පිදුවේ එකම අරමුණක් වෙනුවෙනි. ඒ වඩා යහපත් වු සමාජ දේශපාලන ආස්ථානයක් උදෙසායි.

මෙම කෘතිය ලියන මහේස්වතා දේවි නම් බෙංගාලි ජාතික ලේඛ්කාව සමාජ ක‍්‍රියාකාරිනියක ලෙසින්ද ප‍්‍රකටය. කෘතියක් වශයෙන් ගත් කළ එහි එන පරිකල්පනීය වටිනාකමට සාපේක්ෂව තියුණු සමාජ නිරීක්ෂණයක් දකින්නට ලැබෙන්නේ ඒ නිසා විය යුතුය. 1960 – 70 යන දශකයන්හි ඉන්දියාවට අයත් බටහිර බෙංගාලයේ නැක්සල්බාරි නම් ප‍්‍රදේශයේ පැන නැඟුණු ප‍්‍රදේශයේ නම අනුව යමින් ”නැක්සලයිට්” නම් වූ දේශපාලන ව්‍යාපාරයේ හැසිරීම සහ එහි ඉරණම ගැන ඇය සිදු කළ සියුම් සමාජ නිරීක්ෂණය එමෙන්ම නිර්මාණශීලි සාහිත්‍යකරුවෙකුගේ පරිකල්පනය 1084 ගේ මව‘හි එන වෙසෙස් වටිනාකම් වේ. විශේෂයෙන්ම එවැනි ප‍්‍රබල දේශපාලනික ඉරණමක් හමුවේ මැද පාංතික සංවේදිතාවන් සහිත කාන්තාවක් වශයෙන් සුජාතා මුහුන පාන සමාජ අතරමංවීම වෙනත් ආකාරයකට කිවහොත් හුස්ම හිරවෙන තෙක් ඇය මුහුණපාන සමාජීය වුත් මානසික වුත් අපහසුව කදිම නිරූපණයක් යැයි කීව හැකි තැනක තිබේ. එය එසේ වන්නේ අර කීව කාරණය නිසා බවද පැහැදිලිය. ඇය නියෝජනය කරන ඒ සමාජ පංතිය කොයි ආකාරයෙනිවත් ඒ තරුණ දේශපාලන ව්‍යාපාරය මද වශයෙන්වත් හඳුණාගැනීමට දක්වන අකමැත්ත එසේ නැත්නම් ප‍්‍රතික්ෂේප කිරීම සුජාතාටද අදාල වන්නකි. එහෙත් මවක් වශයෙන් ඇය ට එහිදී බ‍්‍රාති යනු සිය පුත‍්‍රයාය යන්න ප‍්‍රතික්ෂේප කළ නොහැකි වේ. කතුවරිය කතාව ඉදිරිපත් කිරීමසඳහා ප‍්‍රයෝජනයට ගන්නේ අන්න ඒ සංවේදි තැනයි. ඒ අනුව සුජාතා සිය පංතිමය සීමාවෙන් ක‍්‍රම ක‍්‍රමයෙන් ඔබ්බට යමින්,, එක් අතකින් අර කී තරුණ ව්‍යාපාරයේ හැඩ රුවත්, අනිත් අතින් එය තුළ හැසිරෙන සෝමු වැන්නවුන්ගේ පංතිමය වෙනසත් අවසානයේදී ඒ සියල්ලන් නියෝජනය කරන මනුෂ්‍ය සංවේදිතාවත් ් සියුම් හදකින් හ\ුණා ගනියි. අවසානයේදී සංසිද්ධියක් වශයෙන් එහි පවත්නා විග‍්‍රහය ගැන, මානුෂික කැපවීම ගැන ද අවබෝධයක් ලබා ගැනීමටද ඒ අනුව ඇය සමත් වේ. එහිදී නන්දිතාගේ ඇසුර ඇයට වඩාත් වැදගත් වන සැටියක් පෙනෙයි. එමෙන්ම ඒ සෑම සිද්ධියක් මෙන්ම චරිතයක් තුළමත් මනුෂ්‍ය සාධාරණත්වයක් ඇය දකී. එය ප‍්‍රතික්ෂේප කළ නොහැකි යථාර්තයක් යැයි හඟී. කතුවරියගේ සමාජ නිරීක්ෂණය මතු නොව මනුෂ්‍ය හැසිරීම් කෙරෙහි සංවේදිතාව කොතරම් සියුම් ලෙසින් ගැලපෙනවාද යන්න දත හැක්කේ කෘතිය කියවීමෙන්ම පමණි.

hazar_chaurasi_ki_maa

”ඔහුට (බ‍්‍රාති* එරෙහිව නැඟිය හැකි එකම චෝදනාව වුයේ සමාජ ක‍්‍රමය පිළිබඳව ඔහු තුළ වු විශ්වාසයේ බිඳ වැටීමයි. සමාජයත්, රජයත් යෙදී සිටින ගමන් මෙඟන් නිදහස ලබා ගත නොහැකි බව ඔහු විසින් තීරණය කොට තිබිණි. තාප්ප මත සටනි පාඨ ලිවීමෙන් පමණක් ඔහු නතර වුයේ නැත. ඒ පාඨ සඳහා ඔහු තමා පවරා දීමක්ද සිදු කළේය.”

තවද ”කලාකරුවන් ලේඛකයන් සහ විද්වතුන් ලෙස රඟ පෑමක යෙදෙන කො\ු ඇටයක් නොමැති අවස්ථාවාදී දෙපිටකාට්ටුවන්ගෙන් සැදුම්ලත් සමාජයක් ප‍්‍රතික්ෂේප කරනනන්ට හිමිවන දඬුවම මරණයයි.” ඒ අනුව ”ඔවුන් සියළු දෙනාම මරණයට නියම කෙරිණි. ඕනෑම අයෙකුට ඔවුන් මරා දැමීමට අවකාශ ඇත. පවතින සංස්ථාපිත තත්වයන් පුතික්ෂේප කරනු ලැබූ මේ තරුණයන් මරා දැමීම සඳහා ඕනෑම පාර්ශවයකට අයත්, ඕනෑම ඇදහිල්ලක නිරත සියලූම පුද්ගලයින්ට සීමා රහිත ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතියක් පවතී. එසේ මරා දැමීම සඳහා යමෙකුට නීතියෙන් හෝ අධිකරණයෙන් විශේෂ අවසරයක් ලබා දීම අවශ්‍ය නොවේ.” මර්දනය ඒ සා නින්දනීය වඩාත් පහැදිලි කරනවා නම් අවඥා සහගත එකක්ම වුයේය.

කෙසේ වුව සුජාතා ක‍්‍රමයෙන් අවබෝධ කරගන්නේ බ‍්‍රාති වෙතින් ප‍්‍රකාශයට පත් වන මතුපිට වරෝධයම නොවේ. සාමාන්‍ය තරුණයෙකු වෙතින් දැකිය නොහැකි පුද්ගල ඇතුලාන්තයක්ද ඇය ඔහුගෙන් දකී. ”පුද්ගලයෙකුට තමා බවට පත් වෙන එක මොන තරම් අමාරුද?” බ‍්‍රාති එසේ පවසා තිබේ. සිය පුතුගේ එම කියුම සාතිශය ලෙසින් ඇයට අවබෝධ වන්නේ ඔහුගේ මරණයෙන් පසුවය. ඒ මරණය නිමිති කරගෙනය. ඒ බව පල කරමින් ඇය මෙසේ පවසයි. ”අද මට මං වෙලා මගේ හදවත නියෝග කරන විදිහටම ක‍්‍රියා කරන්න ලැබෙනවනං” එහි අරුත පැහැදිලිය. තමන්ට පහසුවෙන් ජය ගත නොහැකි මැද පාංතික වූ සමාජීය වශයෙන් නියෝගාත්මක සීමාවක ඇය බෙලසුන් වී සිටියි. ඒ බව තහවුරු කරමින් කෘතියේ මෙවැනි සටහනක් ද දැකිය හැකියි.

wirter-mahasweta-devi_85e969c4-54ad-11e6-bc43-9f8bec77897c

”කුඩා අවධියේ සිටම ඇය පුරුදු පුහුණු කොට තිබුණේ ජීවිතය පුරාම යුතුකම් ඉටු කිරීමටය. ඇය දැඩි ව ඊට අනුගතව සිටියාය.” එහෙත් තමන්ට සාපේක්ෂව නන්දිතාගේ පැවැත්ම ගැන ඇය සංවේදීව කල්පනා කරයි.ලෙයින් සහ ගකඩින් සිදු කළ මර්දනයක් හමුවේ ඇගේ විඳ දරා ගැනීම ගැන ඇය මවිතයට පත් වී සිටියි. එහෙත් ඒ නිසාම ඇය මේ වන විටත් අර්ධ අන්ධ භාවයකට පත් වී සිටියි. නන්දිතා සිය ඉකුත් ජීවිතයේ සංක්ෂිප්ත අවලෝකනයක් සුජාතා හමුවේ මෙසේ මෙසේ එක්තැන් කරන්නේ එවැනි පසුබිමක සිටිමින්ය..

”ඔව් දැන් ආපස්සට හිතකකොට එක යුගයක් අවසන් වෙමින් තියෙනවාය කිගලා අපි මොන තරම් අව්‍යාජ විදිහට කල්පනා නළාද? බ‍්‍රාතියි මමයි ශ්‍යාම් බසාර්වල බෝවනිපූර් දක්වා පාර දිගේ දිගටම ඔහේ කතා කර කර ඇවිද්දා. මොනව ගැනද? ළඟදි දැකපු ඕනැම දෙයක් ගැන. මිනිස්සු, ගෙවල්, නියොන් එළි, පාර අයිනේ මල් විකුණන තැනක තිබුණු රතු රෝස, පාරෙ තිබුණු ලියවැල්, බස් නැවතුම් පොළවල අලවා තිබුණු පෝස්ටර්, ඒවායෙ හිනාවෙන මුහුණු, කොතැනක හරි පුංචි කඬේකින් ගත්තු සඟරාවක තිබුණු පුංචි කවි පංතියක අදහස, මේඞ්න් උයනේ මහජන ?ලිවල ඉන්න මිනිස්සු පිස්සො වගේ අප්පුඩි ගහන එක, හින්දි චිත‍්‍රපටවල සිංදු කෑලි, හැම දේකින්ම දැණුන පී‍්‍රතියෙන් කුල්මත් වූ ගතිය අපිට සතුට නවත්තගන්න බැරිව යනව වගේ දැනුණා. දැන් කවදාවත් හහෙම හිතෙන්නෙ නෑ. ඒ කාලෙ ඉවරෙටම ඉවරයි. මුළුමනින්ම යන්න ගිහින්. යුගයක අවසානය. ඒ කාලෙ හිටපු මම මැරිලා ගිහින්.”

ඇත්තටම ඒ කාලය ඉවරෙටම ඉවරද? කෘතියට අනුව නම් එයට නිසි ප‍්‍රතිචාරයක් දැක්වීමට සුජාතා පමණක් නොව නන්දිතාද අසමත්ය. කෙසේ වෙතත් මාතෘත්වයේ සංවේදිතාවෙන් දැඩි ලෙස අවදි වී සිටින සුජාතා ඒ සම්බන්ධයෙන් මෙවැනි නිරීක්ෂණයක යෙදෙයි.

mahasweta-residence-recipient-award-calcutta-year-magsaysay_97ac0964-54ad-11e6-bc43-9f8bec77897c

”නන්දිතා තුළ යමක් මියදී තිබුණි. යමෙකු මියගිය පසු බරින් වැඩෙයි. බ‍්‍රාතිිගේ අත කොතරම් බර වුවාද? සමහර විට මියැදුණු හැඟීම් ද මියගිය සිරුරු මෙන් බරින් වැඩෙනවා විය යුතුය. නන්දිතා ඇගේ මියගිය හැඟීම්වල බරින් දෙපා අද්ද අද්දා ගමන් කරන්නීද? නැවතත් ඇය සාමාන්‍ය ගැහැණියක බවට පත් නොවනු ඇත. බිරිඳක හෝ මවක බවට පත් නොවනු ඇත.”
”වීථි ආලෝක දහරාවලට, මිනිසුන්ට, දුහුවිලි අංශුවෙන් අංශුවට එතරම් තදින් ආදරය කරන්නට හුරු වූවන් සදහටම මාතෘත්වයෙන් බැහැර කෙරී ඇත. නමුත් දරුවෙකුගේ ඇසුරක් විඳීමට නොකමැති, පුරුෂ ඇසුරක් එක් අයෙකුගෙන් තවෙකෙකු වෙත සොය සොයා ඇවිදින, වීදුරුවෙන් වීදුරුවට මත් වතුර හඹා යන, අර්ථ විරහිතව මහ හඬින් සිනාසෙන ගැහැණුන්ට
දරුවන් වැදීමට…” වුවමනා තරම් ආදරය , සෙනෙහස ඇතැයි සුජාතා වටහා ගනියි. ඒ අර ඇයගේ නිරීක්ෂණයේ ප‍්‍රතිඵලයක් හැටියටය. එහෙත් එක් මොහොතකදී සියල්ල අඳුරු වී සුජාතා බිම ඇද වැටුණු බව කතුවරිය වන මහේස්වතා දේවි පවසයි. ඒ සියලූ විඳ දරා ගැනීම් උසුලා ගත හැකි අවසාන සීමාවටම සුජාතා ඒ වන විට පැමිණ සිටියාය යන්න ඒත් සමඟම පැහැදිලි වෙයි.

රුදුරු කම්පනයක් අවසානයේදී අප හමවේ විසිර යන මිනිස් අවසාදිත අපට කුමක් පවසයිද? මේ ප‍්‍රශ්නයට හිමි පිළිතුර කුමක් වුණත් අපගේ පසුගිය අතීතයටද එය අදාළය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ඊට ප‍්‍රාමාණික නිර්මාණාත්මක පිළිතුරක් දිය හැකි සාහිත්‍යකරුවා කවුද? කියන එකය. අපේ ස්වතන්ත‍්‍රමය පිරිහීම ඒ තරමටම දරුණුය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s