නිදහස් වන විනාශයක ආරම්භය

”කැලෑ ගම් වැසියන් සැබෑ මහත්වරුන්ය. ආගන්තුක සත්කාරයට ඔවුහු මහත් සේ කැමති වෙති. අවංකය. හෘදයාංගමය. නිරන්තරයෙන් නියඟය හා ගං වතුර සමඟ පොර බදන ඔවුහු ජීවිතයේ සරල නිරහංකාර අව්‍යාජ සතුටක් විඳිති. ….අද නොයෙක් ංනපද ක‍්‍රම නිසා වනාන්තරයෙන් විශාල ප‍්‍රදේශයක් එළි පෙහෙලි වෙමින් පවතී. අලූතෙන් මේ ජනපද වලට පැමිණෙන්නවුන්ගේ ගතිගුණ පාරම්පරික කැළෑ ගම් වැසියන්ගේ ඇවැතුම් පැවැතුම් වලට වඩා වෙනස්ය. ඔවුහු දබරයට කැමැත්තෝය. වනාන්තරයෙහි සෞන්දර්යය පිළිබඳව හැඟීමක් ඔවුන්ට නොමැත. නාගරික ගතිගුණ දරන්නවුන් වන සම්පත් සු?ක ගැන්ම සඳහා කටයුතු කරතැයි සිතීම උගහටය.”

”ලංකාවේ වියළි කළාපයෙහි ජීවත් වන්නේ බුද්ධිමත් ජනතාවකි. වර්ෂාපතනය සපයා දෙන වැසි 14249091_338924189781431_373378570_n
වනාන්තර කවර හේතුවක් නිසාද යන්න ඔවුන්ට තේරුම් ගත හැකිය. එහෙත් අවාසනාවකට
මේ ගැන අවබෝධයක් නොමැති රජයේ නිලධාරීහු සිටිති. සමහර විට ඒ ඔවුන්ගේ අනවබෝධය
විය හැකිය. නැතහොත් ඒ ගැන දැන ගැනීමට අවබෝධයක්, උනන්දුවක් නොදැක්වීම විය
හැකිය. අවුරුද්දේ අතිශය වියළි කාල සීමාව වන ජූලි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වැසි වනාන්තර නොහොත් හරිත රේඛා හේතු කොටගෙන රටට ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් සපයා දීමට උපකාරී වේ. එය නියං රකුසාගේ දැඩි ග‍්‍රහණය ලිහිල් වීමට ආධාරයකි. ….වියළි කළාපයට අයත් ලෙස හ\ුන්වනු ලබන ප‍්‍රදේශයට අවස්ථානුකූලව ප‍්‍රමාණවත් වර්ෂාවක් කලින් කලට හෝ තවමත් ඇද හැලෙන්නේ දැනට ශේෂව පවත්නා වනාන්තර නිසාය. ඒ වැහි වලා පොළොව සරුසාර කිරීමට උපකාරී වේ. කොළඹ කාර්යාලයන්හි විශාල සිතියම් දිග හැරගෙන වියළි කළාපය, නාගරික ප‍්‍රදේශ, ගොවි කෙත් බිම් ආදිය ගැන විමසා බැලීම් නොකඩවාම සිදු කෙරේ. ගංගා ආශ‍්‍රිතව පවත්නා වනාන්තර රේඛාවන් නිසා ඒ අවට ප‍්‍රදේශයට වර්ෂාපතනය එක්තරා ප‍්‍රමාණයකට හෝ ලැබීම නිසා සරුසාර වේ.”

”කොළඹ ක‍්‍රමය යටතේ ලංකාවට පැමිණෙන විෙදු්ශීය විශේෂඥයින්ද ලංකාවේ බලධාරීන්ද ඒ ඒ ප‍්‍රාදේශීය ගම්බද බුදු්ධිමතුන්ද මේ පිළිබඳව දැනුමක් ඇත්තවුන්ගේ උපදෙස් ගැනීමට නොපෙළඹේ. වනාන්තරය කොපමණ අගනා සම්පතක් දැයි වටහා ගැනීමටත්, ඒ ඒ ප‍්‍රදේශයන්හි වර්ෂාපතනය සඳහා ඒ වනාන්තර කෙබ\ු ආධාරයක් සපයක්නේ දැයි නිරීක්ෂණය කිරීමටත් ඔවුහු යුහුසුළු නොවෙති. මොරොක්කෝවෙහි අළුත් වගාවන් ඇති කිරීම සඳහා වනාන්තර එළි පෙහෙලි කිරීමෙන් සිදු වු නස්පැත්තිය මෙයට කදිම නිදසුනක් ලෙසින් දැක්විය හැකිය. අප එවැනි සිදුවීම් කෙරෙන් පාඩම් උගෙනීමට නොපෙළඹෙනුයේ කවර හෙයින්ද? ජනපද පිහිටුවීමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගත හැකි ප‍්‍රදේශ ලංකාවේ ඇත. එහෙත් ”වාසනාව” මත ජනපද යෝජනා ක‍්‍රම බිහි කිරීම යෝග්‍ය ක‍්‍රියා මාර්ගයක් නොවේ. විශාල ධනස්කන්ධයක් වැය කරමින් ඉදි කරන ජනපද යෝජනා ක‍්‍රමයන්ගෙන් සිදුවන අනර්ථ ව්‍යසන ගැනද ඉතා සුක්ෂ්ම විධිමත් අයුරින් සලකා බැලිය යුතුය.”

dsc00604

”මේ සියවස ගෙවෙන්නට බොහෝ කාලයක් තිබියදීම සුන්දර වන පෙත් ලක්දිවින් අතුරුසහන්
වෙනු නොඅනුමානය. ඉතිරි වුවහොත් ඒ ජාතික වනෝද්‍යාන පමණය. දඩයක්කරුවන් සඳහා අභය භූමි, ජාතික රක්ෂිත පමණක් ශේෂ විය හැකිය. ලංකාව උත්තරීතර ටබෟද්ධ රාජ්‍යයකි. එහි සතුන් දඩයම් කිරීම පාපතර ක‍්‍රියාවකි. තහනම් නීති ඒ සඳහා පැනවේ. එසේ වුවද වයස පහළොවේ ගැටවරයින් මේ නීති ක‍්‍රියාත්මක කිරීම ගැන අවනත වේද? වන සතුන් වැනසීම සඳහා යොදා ගන්නා ක‍්‍රමෝපායන් නිසා සිදුවන විපත නොවැළැක්විය හැකිය. අනාගතයේදී සැබෑ සහජ වන සතුන් දකින්නට නොලැබෙනු ඇත. සැබෑ මිනිසුන්ද එලෙසින්ම දැක්ක නොහැකි වෙනු ඇත.”

(වෘත්තියෙන් බ‍්‍රිතාන්‍ය හමුදාවේ උසස් නිලධාරියෙකු වූ ඩග්ලස් ?ෆල් ලංකාවට පැමිණ දකුණු
පළාතේ වනාන්තර පෙදෙසක පදිංචි වුයේ හෘද රෝගියෙකු හැටියටය. යුද්ධයෙන් ලද වෙහෙසත්, රෝගී තත්වයත් හේතු කොට ගෙන එසේ වනාන්තර සීමාවක පදිංචි වු හෙතෙම නාගරික ජීවිතයෙන්ද සම්පූර්ණයෙන්ම ඉවත් වීමට වග බලා ගත්තේය. ඔහු ඒ ගැන මෙසේ ලිවීය. ”ඉකිබිති ස්වර්ග රාජ්‍යයෙන් හිමි වු වරමක් සේ මුහුදුබඩ කුඩා නගරයකට නුදුරෙහි වු වනගත අක්කර කිහිපයක් තුළ පිහිටි කුඩා නිවහනක විසීමට අවස්ථාව මට ලැබිණි. හාත්පස වනාන්තරය සැතපුම් ගණන් ඈතට විහිදී පැවැතී සේම ලූණු ලේවායන්ද පසෙක විය.” පසුව සම්පුර්ණයෙන්ම සුවය ලත් නිරෝගි මිනිසෙකු වශයෙන් සිය රට බලා ගිය හෙතෙම පසුගිය අත්දකීම් අළලා යියූ කෘතිය IN RUHUNU JUNGLE නම් වෙයි. එය සරත්චන්ද්‍ර ජයකොඩි මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලදුව මුලින්ම පළ වුයේ ’දිවයින’ පුවත්පතේ ’බදාදා අතිරේකයේය. පසුව එය කෘතියක් වශයෙන්ද එළි දැක්වුණි. මෙහි පල වන්නේ ඉන් උපුටා ගත් කොටස් කිහිපයකි.

a 202.JPG

gf

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s