ඇගේ නිර්දෝෂි බව – ලේ වැකි තලපයක් බවට පත් විය.

1951 වර්ෂයේදී ඇය මෙලොව එළිය දුටුවාය. ඒ කුපායෙන් නැමැති ගමේ දීය. ෂා රජුගේ සරණ මංගල්‍යය යෙදී තිබුණේත් ඈ උපන් ඒ දවසේ දීමය. ”එහෙයින් ඇයට රජුගේ මනාළියගේ එනම් සොරායා කුමරියගේ නම තබන ලදී.” එහෙත් පසුව ඇය විවාහ වී සිය අවසන් දරුවා උපත ලබන දවස වන විට රටේ දේශපාලන තත්වය මුළුමනින්ම වෙනසකට ලක් වෙමින් තිබිණි. ඒ අනුව ”ෂා රජු බලයෙන් පහකර හරිමින් අයතොල්ලාහ් කොමෙයිනි ගේ මුලධර්මවාදී රජය 1979 දී බලයට 51ljl4u0rsl-_sx336_bo1204203200_-1පැමිණීයේය. ඒ හා සමඟම ෂා රජුගේ පාලන කාලයෙහි සාධාරණ හේතු සහිතව සිරගත කළ සාමාන්‍ය අපරාධකරුවන් ඇතුළු බොහෝ සැක සහිත මූලාශ‍්‍රයන් ඇති පුද්ගලයන් රටේ සිපිරි ගෙවලින් නිදහස් කරනු ලැබිණි. ඒ වන විට රට පුරා පැතිර යමින් පැවති ආගමික උන්මාදයෙන් ප‍්‍රයෝජන ගනිමින් මෙවන් පුද්ගලයෝ බොහෝ පිරිසක් විශේෂයෙන්ම කුරානය සහ එහි පිළිවෙත් ගැන අවම වශයෙන් මූලික දැනුමක් හෝ නොමැති පිරිසක් පුජක ලෝගු ලා ගත්තෝ තම තමාට රිසි ලෙස ’මුල්ලා’ යන පදවිය පිරිනමාගෙන තනිවම පොහොසත් වීමේ අවස්ථා සොයමින් නැත්නම් හුදෙක් තම සැක සහිත අතීතය බලධාරීන්ගෙන් වසංගු කර ගැනීමේ අරමුණින් රට පුරා සරන්නට වූවෝය. මේ කෘතියේ එන සොරායාගේ මරණයට හේතු වූ යන්ත‍්‍රණයට උපකාරී වූ ෂෙයික් හසාන් එවන් එක් පුද්ගලයෙකි.” THE STONING OF SORAYA M කෘතියේ කතුවර ෆ්‍රෙයිඩෝන් සහෙබ්ජාම් තමන්ද අයත් වන ඉරාන මුස්ලිම් සමාජයේ සංස්කෘතික මුලධර්මවාදී විකෘතිය සහ ඉන් නිරූපිත සමාජ ව්‍යසනය එසේ විස්තර කරන්නේ කෘතියට දීර්ග පෙරවදනක් සම්පාදනය කරමිනි. ඒත් සමඟම තමන් තෝරා ගත් ප‍්‍රස්තුථය ගැන පැහැදිලි නිශ්චිතාර්ථයක් සපයමින් ඔහු මෙසේ ද පවසා තිබේ. ”පූර්ණ වශයෙන්ම මේ කෘතිය රචනා වන්නේ ගල් ගසා මරා දැමීමේ සිදුවීමක් අරභයාය.”

මෑතකදී උක්ත කෘතිය චූලානන්ද සමරනායක අතින් ”සොරායා – ගල් ගසා මරා දැමු ගැහැණිය” නමින් සිංහල බසට ද නැඟුණු අතර අපගේ මේ වීමංසනය එකී සිංහල පරිවර්තනය පාදක කර ගත්තකි.

මේ ආකාරයට ගල් ගසා මරා දැමීම ඉස්ලාම් දහම බල පවත්වන ප‍්‍රදේශයන්හි නිල වශයෙන් තහනම් කර ඇතත් එය කළ යුතු යැයි සිතනා කවර ආගමික අධිකාරියකට එවැන්නක් යෝජනා කිරීමට අවස්ථාවක් ඇතැයි යනුවෙන් ද කතුවරයා පවසයි. ”මුස්ලිම්වරයෙකු මක්කම කරා වන්දනාවේ යන විට සිය ගමනේ අවසාන දින ඔහු අරෆත් කන්ද පසු කරයි. එහි සාතන් නිරූපණය කරන අයුරින් යෝධ ගල් කනු තුනක් තිබේ. ඒ ස්ථානයේදී වන්දනාකරුවෝ ගල බැගින් අතට ගෙන පිරිපහදුවීමේ සංඥාවක් ලෙසඉන් අර කනු වලට සංකේතාත්මකව පහර එල්ල කරති. සිය සැමියාගේ විශ්වාසය කඩ කරන කාන්තාවක යනු ඉතා දුෂ්ට එකියක වන්නේය., එහෙයින් ඇයට ගල් ගසා මරා දැමිය යුතුමය. මෙවැනි පැරණි චාරිත‍්‍ර ප‍්‍රධාන නගරයන්හි අනුගමනය නොකෙරෙන බව නිසැකය. එහිදී කරන්නේ වරදකරු එල්ලා මරා දැමීමයි. විපරම්කාරී දැස් වලින් වහන්ව ගල් ගැසීම සිදු වනුයේ රටේ ඉතාම දුෂ්කර පළාත්වල සහ ක\ුකරයෙහිය. ඉන් පසුව මේ ගම් වැසියෝ තමන් විසින් කරන ලද කාර්යය ගැන කයිවාරු ගසන්නෝ සිය ”අති විශිෂ්ට කර්්තව්‍යය” වෙනුවෙන් ඉහළම ආගමික අධිකාරියෙන් ආශිට්වාද ලබන්නෝය. නගරවලදී නම් පරපුරුෂ සේවනය පිළිබඳ චෝදනාවන්ට ලක්වන කතකට නොයෙක් විට පූජකයෙකුට මුදලක් ගෙවීමෙන් සිය පාපය සමා කරගත හැකිය. එහෙත් ගැටලූව වන්නේ බොහෝ සිදුවීම් වල දී කාන්තාව දිළි\ු පුද්ගලයෙකු වීමයි. එහි අරුත ඈ සැබැවින්ම වහළියක යන්නයි. නිහඬව ඉවසා දරා සිටීමේ අල්පම හිමිකම හැරුණු විට ඇයට කිසිදු අයිතිවාසිකමක් හිමි නැත. සෑම සැමියෙකුටම මෙවන් පරපුරුෂ සේවනය පිළිබඳ නඩුවකින් ජය ලැබීමට අවශ්‍ය වන්නේ ඇසින් දුටු සාක්ෂ්‍යකරුවන් දෙදෙනෙකු පමණි. සාමාන්‍යයෙන් මේ සාක්ෂ්‍යකරුවන් මිතුරන් සහ ඒ කුමන්ත‍්‍රණයේම හවුල් කරුවන්ය. චූදිත කාන්තාව පැත්තෙන් ගත් කළ ඇයට සිදු වනුයේ සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට ය. එය කළ නොහැක්කකි. කිසිවෙක් හෝ ඇගේ පිහිටට නොඑති. ඇය වෙනුවෙන් කිසිවෙක් හෝ සාක්ෂ්‍ය නොදෙති.”

මෙම නවකතාවේ සොරායා ගේ ඉරණම තීරණය වන්නේද උක්ත සඳහනේ අවසානයට කියැවුණු ආකාරයටමය. සත්‍ය කතාවක් වු සොරායාගේ මෙම කතාව වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙකු වන ෆ්‍රෙයිෙ`ඩා්න් සහෙබ්ජාන් නවකතාවක් ලෙසින් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නේ එකී කලාත්මක කර්තව්‍යය වෙනුවෙන් තමන්ට ඇති නිසඟ හැකියාව මේ යැයි මොනවට පෙන්වා දෙමිණි. විශේෂයෙන්ම ඇගේ ඉරණමේ ඇති ඒ කණගාටුදායක භාවාතීෂය බව මැනැවින් හසුරුවා ගැනීමට ඔහු දක්වන හැකියාව පුවත්පත් කලාවේදියෙකු මෙන්ම ශූර නවකතාකරුවෙකුද වු ගාර්ෂියා මාර්ගෙක්ස් කියූවක් සිහිපත් කරයි.

1652f0ed-eecd-427c-b169-1a74a64c3c58.jpg

Freidoune Sahebjam

” පුවත්පත් කලාවේදියෙකුට හොඳ නවකතාකරුවෙකු වීමටද පුළුවන.”

ඒ අනුව ක‍්‍ර‍්‍රියාත්මක වන සහෙබ්ජාම් සොරායාගේ ඉරණම තුළ පවත්නා අතිශය භාවාතිෂය කම්පනය එමෙන්ම ඇය ඒ තුළ ගිල්වා දමන ආකාරය තුළ ඇති බිහිසුණු අසාධාරණයට එරෙහිව කිසිදු හඬක් ඒ නුගත් ගම්මානයෙන් පැන නොනඟින බව දැක එයට අවශ්‍යම වු ඒ පැහැදිලි කිරීම වෙනුවෙන් වෙසෙස් චරිතයක් තෝරා ගනියි. ඇගේ නම සහ්රාය.

කතුවරයා සහ්රා ගැන කරන විස්තරයට අනුව ඇය කුඩා කළ සිටම යම් බුද්ධිමත් බවක් පෙන් වු එකියකි. මළ පොතේ අකුරක් නොදත් මිනිසෙකු හා විවාහය ප‍්‍රතික්ෂේප කරමින් ඒ සමාජය තුළ සැලකිය යුතු අන්දමේ නිර්භීතකමක් පෙන්වීමට ඇය සමත් වෙයි. පසුව ඇය විවාහ වන්නේ කාලයට සාපේක්ෂව උගත්කමක් ලෙසින් පිළිගත හැකි අකුරු කියවිය හැකි මිනිසෙකු සමඟය. ඔහු තමන්ට වඩා පමණටත් වඩා වැඩිමහල්ය යන කරුණ සහ්රා ගැටළුවක් නොකරගන්නේ අර අකුරු උගත් කියන කරුණ සැලකිල්ලට ගනිමිනි. නමුත් එවැනි තෝරා ගැනීමක් පසුබිමේත් ඇයට උපදින්නේ කමකට නැති පුත‍්‍රයෙකි. සොරායාගේ සැමියා වන්නේ ඒ වැඩකට නැති එකාය.16650108_1452542034779515_767619382_n

කුපායෙන් ගමෙන් ඔබ්බට යමින් නගරයත් සමඟ සම්බන්ධතා ඇති කරගන්නා මේ මිනිසා දේශපාලනික සම්බන්ධතා ද ඇති කරගනිමින් එතුළින් උපදවා ගන්නා අයුතු සිවිල් බලය මත මානව විරෝධි කටයුතුවලට කර්තෘකයෙක්ද වෙයි. ඒත් සමඟම නාගරික ගැහැණියක සමඟ ඇති කරගන්නා විවාහ සම්බන්ධතාවයකින් පසු ඇය හා විවාහ වීමට තීරණය කරයි. ඒ සඳහා සිය ගැමි බිරිඳ වු සොරායාගෙන් දික්කසාද වීම අවශ්‍ය වේ. ගෘහ ජීවිතයේ බොහෝ වධ වේදනාවන්ට මුහුණ දෙමින් අසීමිත ඉවසීමකින් ජීවත් වූ සොරායා දික්කසාදයට විරුද්ධ නොවුණත් සිය නීත්‍යානුකූල බිරිඳව දික්කසාද කිරීමේදි අදාළ වන්දි මුදල ගෙවීමට සැමියා සුදානම් විය යුතුය. ඉස්ලාම් නීතිය එයයි. ගොර්බාන් අලි නමින් හැඳින්වෙන ඇගේ ස්වාමිපුරුෂයා ඇමරිකන් සිගරට්, ගනිකා ඇසුර මතු නොව නැගී එමින් තිබූ ආගමික මුලධර්මවාදී දේශපාලනයත් සමඟද හොඳින් සම්බන්ධ වී සිිටියේය. වන්දි මුදලක් නොගෙවාම සිය බිරිගෙන් නිදහස් වීමට ගොර්බාන් අලි ප‍්‍රයෝජනයට ගන්නේ ඔහුගේ මේ දුශ්චරිතවත් පසුබිමයි. තවද ඉරාන සමාජයේ වූ දැඩි පුරුශාධිපත්‍යය ද ඒ සඳහා ඔහුට නොවක් අනුබලයක් සපයයි. අවිහිංසා විරෝධි මෙම සමාජ කුමන්ත‍්‍රණයේ නායකත්වය හිමි කරගන්නේ ආගමික අන්තවාදයත් සමඟ මතු වී පැවැත්මක් සොයා මේ ගමට පැමිණෙන ෂෙයික් හසාන් නම් ව්‍යාජ මුල්ලාවරයාය. ඔහුගේ සමාජ විරෝධි එමෙන්ම මනූෂ්‍ය ඝාතනීය පසුබිමද මීට අදාළය. ඒ හැරුණු කළ සැමියාගෙන් ප‍්‍රතික්ෂේප වන සොරායාගෙන් ලිංගික අසුරක් බලාපොරොත්තු වු මේ මිනිසා ඉන් ලද පරාජයෙන්ද වේදනා විඳිමින් සිටියේය. මේ සියල්ලත් ඒ හා බැඳුනු අනුෂාංගික තත්වයනුත් හේතු කොටගෙන සොරායා නම් ගැහණියට ගල් ගසා මරා දැමීම නිර්මාණය වුයේ යැයි පැවසීම අතිශයෝක්තියක් යැයි නොසිතමි. අනිත් අතට නිර්මාණය වෙමින් පවත්නා එම තත්වය සිය අත්දකීමෙන්ම හ\ුණාගන්නා සහ්රා ඒ සම්බන්ධයෙන් සොරායාට අනතුරු ඇඟවීම් සිදු කරයි.

The-Stoning-of-Soraya-M-2008-Movie-Free-Download-HD-720p.jpg

”උඹ හොඳට පරිස්සම් වෙන්ව ඕනෑ.” ඇය කීවාය. ”ඔය ගොර්බාන් අලි වගේම හෂෙමුත් කලින් හිටපු මිනිස්සු නෙවෙයි. හෂෙම් තනිකඩයා වුණ දා ඉඳලා ඌ උඹේ මිනිහගේ පස්සෙන් වැටිලා ඉන්නෙ කීකරු බල්ලෙක් වගෙයි. උඹේ මිනිහා සිදාදියේ තියෙන හැම දහජරා ගතියක්ම අපේ ගමට අරං ඇවිල්ලයි තියෙන්නෙ.” එවැනි පසුබිමක් තුළ සොරායාගේ සැමියා සිටින්නේ පාදඩ නාගරික සංස්කෘතියකත් මෙන්ම අවස්ථාවාදි දේශපාලන හැසිරීමකත් නියෝජිතයෙකු වශයෙනි. ඔහු අර නූගත් ගැමි ප‍්‍රජාව අතරට පිවිසෙන්නේ ඒ නියෝජනයත් සමග’ ඇති කරගත් කූඨ අධිපතිවාදයක්ද සමගය. නිදර්ශනයක් හැටියට ගොර්බාන් අලි සහ ෂෙයික් හසාන් නම් ව්‍යාජ මුල්ලාවරයාගේ නිශ්ශබ්ද හ\ුණාගැනීම පෙන්වා දිය හැකිය. ඒ ව්‍යාජ මුල්ලාවරයා ගමට සේන්දු වු මුල් අවස්ථාවේදී ඔහුට හමුවන ගොර්බාන් අලි මේ පුද්ගලයාගේ අපරාධකාරී පසුබිම සැනින් හ\ුණා ගනියි. නමුත් ඔහු එය හෙලි නොකරයි. ඊට කෘතගුණ දැක්වීමක් වශයෙන් ව්‍යාජ මුල්ලාවරයා ගොර්බාන් අලි කෙරෙහි අවනත බවක් පානු දැකිය හැකිය. සොරායාගේ ඉරණම තීන්දු කරන්නේ ඔවුන්ගේ ඒ කුප‍්‍රකට එකඟතාවයය යන්න කෘතිය කියවාගෙන යන කල්පනාකාරී පාඨයෙකු අපහසුවකින් තොරව වටහා ගනු ඇත.

මුලධර්මවාදී සමාජ පසුබිමක් තුළ ’පුරුශාධිපත්‍යය’ යන්න බිහිසුණු ඉරණමක්ය යන්න මෙම කෘතිය පෙන්වා දෙන තවත් සත්තාවක් වේ. ඒ සම්බන්ධයෙන් පූර්ව අවබෝධයක් තිබු සහ්රා එකී ගමට බලපෑම් කිරීමට තමන්ට හැකියාවක් තිබූ කාලයේදී ඊට එරෙහිව කටයුතු කළාය. ”සහ්රා කිසිම විටෙකත් ගම තුළ පුරුශාධිපත්‍යය ඉවසා සිටියේ නැත. එසේම ගම් වැසියෝද ඇය කෙරෙහි බියමුසු ෞරවයක් පළ කළෝය.” එහෙත් ඒ ආකාරයට ගම් මට්ටමින් වූ යම් ප‍්‍රබුද්ධ ගැමි නායකත්වයන් නිර්දය ලෙසින් පිස දෘ හැරීමට මුලධර්මවාදී විප්ලවය සමත් විය. එකී තත්වය ඉතා අපුරු ආකාරයෙන් කෘතියේ සටහන් වී තිෙබි.

”එහෙත් විප්ලවයේ පිරිමියා සර්ව බලධාරියා බවට පත්ව තිබුණේ සහ්රාට ද පරාජය පිලිගැනිමට මෙන්ම නව නීතියට පාලනය ගෙන යෑමට ඉඩ හැරීමට සිදුව තිබුණේය.”

maxresdefault.jpg

”කුපායෙන් ගම කරා ෂෙයික් හසාන් එනු දුටු දිනයේදී සිය ගම්මානයට යක්ෂයා ඇතුළු වී සිටින බවත්, ඔහුගෙන් ගම ගළවා ගැනීමට කිසිවෙකුට හෝ නොහැකි බවත් ඇය වහාම වටහා ගත්තාය. තරමක අධ්‍යාපනයක් මෙන්ම හැදියාවක් පළ කර සිටි ෙමි මුල්ලාවරයා….. …පිරිමින් සමඟ කතාබස් කරමින් ඔවුන්ගේ හිමිකම් වරප‍්‍රසාදයන් ගැන මෙන්ම තවදුරටත් කාන්තාවන්ට පසු කර යා නොහැකි සීමාවන් පිළිබඳූව ඔවුන් දැනුවත් කළේය. මේ පිරිමි අතරින් බොහෝ දෙනා මුලදී කම්මැළියන් ලෙසින් සැලකුණු අය වූ සේම දැන් කෝපයෙන් පිරී සිටි ඔවුහු නව ඉස්ලාම් දහම තුළ සිය කාළකණ්ණි ජීවිතය පිරිපහදු කර ගනීමේ මූලයක් සොයා ගත්තෝය.” නවකතාකරුවෙකුගේ සියුම් නිරූපණය හා එක් වූ සමා දේශපාලනනිරීක්ෂණයක ප‍්‍රබලත්වය උක්ත ප‍්‍රකාශය තුළ ඇති බව පැහැදිළිය. අපේ කතාකරුවන්ද එය ගුරු අරුතක් සේ ගත යුතු යැයි අප සිතන්නේ විග‍්‍රහයකිත් තොර ළා බාළ විස්තර කිරීම් බොහෝ විට නවකතා ලෙසින් පෙළ ගස්වන නිහීන තත්වයක් අද අප හමුවේ ඇති නිසාය.stoning

” පිරිමි නඩුව අහලා ඉවර කළා.” ඒ අපූරු වාගුක්තිය අර කී ආකාරයට ගොඩ නැඟුණු, අසංවේදී දුෂ්ටත්වය – නවකතාකරුවෙකුගේ සියුම් නිරූපණයකින් යුතුව ඉදිරිපත් කෙරුණු ප‍්‍රබල දේශපාලන ප‍්‍රකාශනයකි. ”සිය පුජක ලෝගුවේ අත් සලමින් ජප මාලයෙන් බඳින ලද කුරානය ඉහළට එස වූ ෂෙයික් හසාන් මෙසේ පවසා සිටියේය. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු වේවා. ඉස්ලාම් නීතිය ඉටු කෙරේවා…….සිය වමතින් කුරානය ගත් ඔහු දකුණු අතින් විසල් ගලක් අතට ගත්තේය. එහෙත් ඉන් පහර දීමට පෙර පිරිස වෙතට හරුණු ඔහු මහත් හඬින් මෙසේ මුර ගෑවේය. ’මේ ගල ගහන්නේ මං නෙවෙයි. මගේ අතට මඟ පෙන්වන්නේ මං නෙවෙයි. මගේ අතට මඟ පෙන්වන්නේ දෙවියන් වහන්සේයි…….මට අණ දෙන්නේ උන් වහන්සේයි. ඒ වගේම මං පලි ගන්නේ මා වෙනුවෙන් නෙවෙයි. අපේ ඉමාම්තුමා වෙනුටවනුයි. මේක ඇවිල්ලා මේ ගෑනි කරපු අන්ත දරණු අපරාධය වෙනුවෙන් ගන්න පළියක්.’ ඒ සමඟම පිරිස වෙතින් නැඟී ආ පී‍්‍රති ඝෝෂාව කන් බිහිරි කරවන තරම් වුයේය.”

”දැන් අර කවය මැද සොරායා අවසන් හුස්ම හෙළමින් සිටියාය. ඇගේ හිස මෙන්ම ළය පෙදෙසද ලේ වැකි තලපයකට නොවැඩි දෙයකට පත්ව තිබුණේය. මුළුමනින්ම පාලනයෙන් ගිලිහී සිටි කළබලකාරී පිරිස දැන් පෙළ බිඳගෙන වඩ වඩා ඇයට ළං ව සිටියෝය. ඇය මරා දැමීමට සුදානමින් පසු වූවෝය. ඇගේ හිස් කබළ දැන් එහෙම පිටින්ම පැලී ගිය තුවාළයක් හැර අන් හමක් නොවීය. ඇගේ හකු ඇටය පුපුරා ගොසිනි. දැස මෙන්ම නාසයද පැළී විවර ව තිබුණේය. ඇගේ හිස දකුණු උරහිස ලෙස ඉතිරිව තිබූ මස්ගොඩ මත අපරූපි ලෙස පසෙකට ඇල ව තිබුණේ කිසියම් අරුම පුදුම සැණකෙළි වෙස් මුහුණක් පරිද්දෙනි. ලේ තැවරුණු ලෝගුවෙන් සැරසී ඉදිරි පෙළෙහිම සිටි ෂෙයික් හසාන් සිය අත ඔසවා පිරිසට නිහඬ වන මෙන් සන් කළේය.”
”අල්ලාහු අක්බාර්. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨය. දෙවියන් වහන්සේට ප‍්‍රශංසා වේවා.”

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s