විල්පත්තුවට මුකුත්ම වෙලා නැද්ද?

” මේ ශත වර්ෂය ගෙවී යන්න තවත් බොහෝ කාලයක් තිබියදීම මේ සුන්දර වන පෙත් සමුහය ලක් පොළොවේ තව දුරටත් දක්නට නොලැබෙනු ඇත. නොනැසී ඉතිරි වෙතොත් ඒ ජාතික වනෝද්‍යාන කිහිපයක්ම වෙනු ඇත.” එසේ කීවේ යටත් විජිත සමයේ මෙන්ම නිදහසින් පසු යුගයේදීත් මෙරට විසු මෙරට වන සම්පත ගැන මහත් ආදරයක් දැක්වු ඩග්ලස් රැුෆල් නම් ඉංග‍්‍රීසි ජාතිකයාය. එහෙත් ඔහුට වැරදුණි. ඒ ඔහු ඉතිරි වෙතැයි සිතූ ජාතික වනෝද්‍යානද මේ වන විට වැනසෙමින් ඇති නිසාය. ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය විල්පත්තු ජාතික වනෝද්‍යානයයි.01

මේ ආකාරයට ජාතික වනෝද්‍යාන විනාශයට පත් වෙමින් ඇත්තේ අද ඊයේ සිට නොවේ. 2011 වර්ෂයේදී පුවත්පත් මඟින් වාර්තා කළ අන්දමට කෘෂිකාර්මික ව්‍යාපෘතියක් උදෙසා මෝදර විල්ලූව හා තවුසමඩම යන විල්පත්තුවේ පේ‍්‍රරක කළාපය ආශ‍්‍රිතව අක්කර 245 ක් තරම් වන ප‍්‍රදේශයක් එළිපෙහෙලි වී තබේි. පුත්තලම් දිස්ත‍්‍රික්කයේ වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මේ වනාන්තර බිම් මෙසේ එළි පෙහෙලි කිරීම පසුබිමේ ප‍්‍රදේශ්ීය දේශපාලනඥයන් දෙපළක්ම සිටින බවටද වාර්තා වුණි. ඒ සඳහා වගකිව යුතු රාජ්‍ය නිලධාරියකුගේද සහාය ලැබී තිබේ. මේ ආකාරයට රාජ්‍ය මට්ටමේ සහායෙන් සිදු කෙරුණු උක්ත කටයුත්තේදී දැව කපා හෙළීමත් ඒවා ඉවත් කිරීමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු වූ බවට ද වාර්තා වුණි. නමුත් රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් තිබූ පමණින් එය නීත්‍යානුකූල යැයි සිතන්නට පුළුවන්ද?

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධනය වු වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත – 9වගන්තිය ප‍්‍රකාරව වනෝද්‍යාන මායිමේ සිට සැතපුමක් ඇතුළත (පේ‍්‍රරක කළාපය* යම් සංවර්ධන කටයුත්තක් පවත්වාගෙන යන්නට පළමුව ජාතික පරිසර පනත අනුව යමින් පරිසර බලපෑම් පිළිබඳ ඇගයීම් ක‍්‍රියාවලියකට එය යටත් කළ යුතුය. ඒ එනුව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පුර්ව ලිඛිත අනුමැතියක් ඊට අවශ්‍යය. 1990 03 27 අංක 12 දරන පළාත් පරිසර ප‍්‍රඥප්තියට මෙන්ම 1998 මාර්තු 27 දින 1020 – 21 දරන ගැසට් පත‍්‍රයට අනුව යම් වනාන්තර ඉඩමක් සංවර්ධන කටයුත්තක් සඳහා එළි පෙහෙලි කරන්නේ නම් එසේ එළි කරන බිම් ප‍්‍රමාණය හෙක්ටෙයාර එකකට වඩා වැඩි නම් ඊට අදාළ කටයුතු ආරම්භ කරන්නට පෙර පරිසර ඇගයීම් බලපෑම් වාර්තාවක් ලබා ගත යුතුය. තවද එය ලිඛිත අනුමැතියක් විය යුතුය. එහෙත් ඉහතින් කී ව්‍යාපෘතිය සඳහා ඒ නෛතික අනුමැතිය ලබාගෙන තිබුණාද?

encroched-area-4

තවද 1935 අංක 19 දරන සංශෝධිත ඉඩම් සංවර්ධනය කිරීමේ ආඥා පනතද මීට අදාළය. ඊට අනුව මේ ආකාරයේ මහා පරිමාණ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට පෙර එයට අදාළ බලධාරි රාජ්‍ය ආයතන වල අනුමැතිය ලබා ගත යුතුය. ඒ ආකාරයෙන් ගත් කළ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පුරා විද්‍යා, ගොවි ජන සේවා, ඉඩම් කොමසාරිස් යන දෙපාර්තමේන්තු හරහා ලබා ගත යුතුව තිබුණු අනුමැතිය අර කීව ව්‍යාපෘතිකරුවන් ලබාගෙන තිබෙනවාද? ප‍්‍රාදේශීය දේශපාලනඥයන් රාජ්‍ය මට්ටමේ නිලධාරීන් සමඟ එකතු වී පසුගිය කාලය පුරා සිදු කළාවු පාරිසරික ව්‍යසනයන්ට මෙය කදිම උදාහරණයක් නොවන්නේද?

විල්පත්තුව යනු හුදු ජාතික වනෝද්‍යානයක් පමණක්ම නොවන බවද මතක තබා ගත යුතුය. විශේෂයෙන්ම මෙරට වංශ කතාවේ මුලාරම්භයට අදාළ බොහෝ පුරා විද්‍යා සාක්ෂි විසිර ඇති මේ කළාපය පුරා විද්‍යා භූමියක්ද වේ. එවැනි භූමියක් සුන් කරමින් පැවැති රජයේද පූර්ණ ආශිර්වාදය මැද පුත්තලම සහ මන්නාරම යා කරමින් ඉදි කළ මාර්ග පද්ධති විල්පත්තු ජාතික වනෝද්‍යානයට මුකුත්ම හානියක් සිදු කොට නැද්ද? මෙය පවතින ප‍්‍රහ්නයට සෘජුව සම්බන්ධකම් පවත්වන්නේ නැතැයි මෙහිදී යමෙකුට ප‍්‍රකාශ කළ හැකිය. නමුත් පවත්නා ප‍්‍රශ්නය මේ ආකාරයෙන් නිර්මාණය වීමට අර කීව සිද්ධීන් සේවය නොකළේ යැයි පැවසීමට ඔවුන්ට පුළුවන්කමක් නැත.

පළාත් තුනකින් සමන්විත වනෝද්‍යානයක් වන විල්පත්තුව මැදින් විශාල වනාන්තර කළාපයක් බිම හෙළා පරණ මන්නාරම මාර්ගය ලෙසින් නම් කොට එය වන විනාශයක් නොවේ යැයි කීවෝ කවරහුද? දැනට ගණන් බලා ඇති අන්දමට කි. මී. 33ක් තරම් වු වනාන්තර ප‍්‍රදේශයක් මේ වෙනුවෙන් විනාශ කොට තිබේ. වනෝද්‍යානයේ දකුණු මායිමේ එළුවන්කුළම ප‍්‍රදේශයෙන් ආරම්භ වන මෙය උතුරු මායිම දක්වා විහිදේ. ඊට සම්බන්ධව තවත් මාර්ග ගණකාවක්ම ඉදි කිරීමටද කටයුතු කොට තිබේ. මෙම මාර්ග සඳහා පස් ලබා ගැනීමේදී වනෝද්‍යානයේම විල්ලූ ගණනාවක් හාරා විනාශ වෙන ආකාරයෙන් කටයුතු කොට ඇති බවද අනාවරණය විය. ඊට අමතරව වනය තුළ අක්කර 8ක් තරම් ප‍්‍රදේශයක එළි පෙහෙලි කරමින් ස්වාභාවික කඳු ගැට ද සමතලා වන අයුරින් පස් ලබාගෙන ඇතැයිද වාර්තා වී තිබේ. මේ ආකාරයට පස් ලබා ගැනීමෙන් විනාශ වූ වනාන්තර ප‍්‍රදේශය කොටියන් බහුලව හැසිරුණු උන්ගේ නේවාසික කලාපයක් වැනි භූමියක්ය යන්නද කිව යුතුව තිබේ.

sri-lankan-leopard-cub-sankatha.jpg

කෙසේ වෙතත් මෙය පරණ මන්නාරම පාර යන තැනම සිටිමිත් ඒ අනුව වන පෙත කපා එළි කිරීම සාධාරණ යැයි පවසන තත්වයක් ද තිබේ. නමුත් ඔවුන් සඟවන කරුණක්්ද මෙතැනම තිබේ. ඒ පරණ පාරක් ඒ ආකාරයෙන් විල්පත්තුව හරහා තිබුණත් එය කරත්ත පාරකට වඩා වැඩි දෙයක් නොවේය යන්නයි. එමෙන්ම කාලයාගේ ඇවෑමෙන් එය අභාවිතයට ගොස් ඇති අතර 1938 02 25 දින මෙම භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමේදී එකී කරත්ත පාරද වනාන්තරයටම අයත් වූවක් ලෙසින් සලකා තිබේ යැයි පරිසරවේදීහු පෙන්වා දෙති. තවද කි. මී. 49 ක් තරම් වු මේ මාර්ගය ප‍්‍රදේශවාසීන් විසින් භුක්ති විඳින ලද එකක් වශයෙන් පිලිගැනුණක්ද නොවේ. අදටත් මාර්ග සංවර්ධන අධිකාරිය, තිබුණා යැයි කියන ඒ පරණ පාර මාර්ගයක් වශයෙන් පිලිගෙන නැත. එසේ බලන කළ සිදු වී ඇත්තේ වනාන්තරයටම අයත් නීත්‍යානුකූල ප‍්‍රදේශයක් නීතියට පටහැනිව එළි පෙහෙලි කිරීමකි.

ඒ හැරුණු කළ පුතුලම් සහ මෝදරගම් ආරු අතර ඉදි කොට ඇති පාලම් මෝල්ලූකුලම් නමින් හැඳින්වේ.ඒ ආසන්නයේද කිලෝ මීටරයක් තරම් දිග එපමණම පළල වනාන්තර ප‍්‍රදේශයක් එළි කොට පෞද්ගලික අයිතිය හැඟවීමට කටු කම්බ පවා ගසා තිබූ තත්වයක් ගැනද වාර්තා වී තිබේ. මේ ආකාරයට වෙන් කරගෙන ඇත්තේ අලි ඇතුන්ගේ ගැවසුම් කළාපයක්ය යන කරුණද සිහි තබා ගැනීම වැදගතය. මේ මානව ක‍්‍රීයාකාරකම් හේතු කොටගෙන තනි වනාන්තර භූමියක් වශයෙන් පැවැති විල්පත්තු වන භූමිය අද වන විට දැකීමට පුළුවන් වන්නේ කැබලි වලට කැඞී ගිය ¥පත් එකතුවක ආකාරයෙනි. මේ වනාහි වනාන්තරයක් පැවැතිය යුතු සැබෑ ආකාරය නොවේ.

පාදඩ දේශපාලනය නිසා විනාශයට පත් වෙමින් ඇති මෙරට ප‍්‍රධාන පෙලේ වනෝද්‍යානයක් වන විල්පත්තුව තුළ කිසිවක්ම සිදු වී නැද්දැයි යන්න මේ තත්වය මත තබා සලකා බැලිය යුත්තක් වේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s