විල්පත්තුවේ බොරළු කපපු හැටි….

මේ ප‍්‍රවෘත්තිය අපට ලැබුණේ 2013 වර්ෂයේදීය. ඒ කියන්නේ පසුගිය ආණ්ඩුව තිබූ සමයේදීය. ප‍්‍රවෘත්තියට අනුව මොල්ලිකුළම් – සිලාවතුර මාර්ගය ඉදි කිරීම සඳහා අවශ්‍ය බොරළු ලබා ගැනීමට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් කලාප අංක 4 බොරළුවල ප‍්‍රදේශයෙන් බොරළු කපා ගැනීමට කටයුතු කොට තිබේ. ප‍්‍රධාන පෙලේ ඉංජිනේරු (පුද්ගලික* සමාගමක් කිසිදු නෛතික බාධාවකින් තොරව මේ කටයුත්ත සිදු කරමින් සිටි බවටද වාර්තා වුණි. තවද ඊට විෂය භාර දේශපාලනඥයින්ගේ සහායද ලැබී තිබේ. කර්තව්‍ය සිදු කෙරුණේ ද නවීන යන්ත‍්‍ර සුත‍්‍ර යොදා ගෙන මහා පරිමාණයෙනි. වගකිව යුතු රාජ්‍ය ආයතන විසින් වනාන්තරය තුළ බොරළු කැපීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කළ බවට පරිසරවේදීහු චෝදනා කළහ.

අදාළ වාර්තාවට අනුව මේ ආකාරයෙන් බොරළු කැපීම ආරම්භ වන්නේ එම වර්ෂයේ ජුනි මාසයේදීය. නමුත් බොරළු කපන්නවුන් ප‍්‍රකාශ කලේ එය බොරළු කැපීමක් නොවන බවයි. ඒ අනුව ඔවුන් වැවක් තැනීමේ යෙදී සිටින්නේ යැයි පෙන්වා දී තිබේ. නමුත් ඒ කතාව පූර්ණ බොරුවක් බව පැවසු පරිසරවේදීහු ඊට අදාලව සිය නිරීක්ෂණද ඉදිරිපත් කළහ.

ඒ අනුව අදාළ කටයුත්ත සඳහා ටිපර් රථ 50ක් යොදා ගෙන තිබෙන අතර බැකෝ යන්ත‍්‍ර‍්‍ර තුනක්ද ක‍්‍රියාත්මක වෙමින් පවතී. අඩි විස්සක් පමණ ගැඹුරට වලවල් හාරා තිබේ. අක්කර සියයක් පමණ වන වනාන්තර කළාපයක් සුන්බුන් කොට තිබේ. මේ ආකාරයට ඉදි කෙරෙන්නේ මොන ජාතියේ වැවක්ද?

wilpattu-2.jpg

පරිසරවේදීන්ගේ දෙවන නිරීක්ෂණයට අනුව බොරළු කැපීම සිදු කෙරෙමින් තිබෙන්නේ උස් බිමකය. ඒ ඇසුරේ ජල මුලාශ‍්‍රයක්ද නැත. කොටින්ම කිවහොත් වැවක පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය කිසිදු කිසිදු සුදුසුකමක් ඒ භූමියේ නැත. එසේ නම් මෙය මොන ජාතියේ වැවක්ද?

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධනය කරන්නට යෙදුණු 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අයත් 3, 5, 6 යන වගන්ති සියල්ලම මෙහිදී උල්ලංඝනය වී ඇති බවටත් චෝදනා නැග’ිණි. ඒ අනුව මෙවැනි ඇතුළු වීමක් යථොක්ත පනතට අනුව ජාතික වනෝද්‍යානයක් සම්බන්ධයෙන් නීති විරෝධි ඇතුළු වීමක් වේ. ඒ හැරුණු කළ බැකෝ යන්ත‍්‍ර මඟින් බොරළු කපීම, වනාන්තරය එළි පෙහෙලි කිරීම, මාර්ග සකස් කොට ටිපර් රථ මඟින් බොරළු ප‍්‍රවාහනය කිරීම යන මේ සියළු කටයුතු අදාළ ආඥා පනතට අනුව නීති වරෝධි තටයුතු වේ. එසේ කටයුතු කිරීමේ හැකියාවක් කිසිදු රජයේ නිලධාරියෙකුට හෝ දේශපාලන බලාධිකාරයකට නැත. නමුත් එසේ තිබියදීත් එවකට පැවැති රජයේ බලධාරීහු රජයේ නිලධාරීන් අතකොළු බවට පත් කරගෙන සිදු කළ විනාශය විල්පත්තු භූමියට පමණක් සීමා නොවීය. කෙසේ වෙතත් ඒ දුර්දාන්ත දේශපාලන එැසිරීම ජනතාව විසින් පරාජයට පත් කරන ලද්දේ තවත් රජයකට එය යාවත්කාලීන කිරීමට නොවන බව ද කිව යුතුව තිබේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s