එකමත් එක දවසකට එන – වැලන්ටයින්

වැලැන්ටයින් දවස. මම හිතනවා මෙය එක්තරා කාලයක ඇතිවුණු සිතිවිල්ලක්ය කියළා. විශේෂයෙන්ම අපේ රට ඇතුලේ එය සෘජුවම ව්‍යාපාරික සංස්කෘතියත් සමඟ බද්ධ වෙලා තමයි සිය පැවැත්ම නිර්මාණය කර ගන්නෙ.

අපි දන්නවා මෙය බටහිරින් ආවක්ය කිගළා. ලෝක යුද්ධ දෙකක් අවසානයේ බටහිර වශයෙන් අපට දක්නට ලැබෙන්නේ විසිරී ගිය සමාජ සංස්කෘතියක්. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ විසිරීම එක්තැන් කරගන්න. ඒ සඳහා ඔවුන් සංකල්ප නිර්මාණය කරගත්තා. වැලැන්ටයිත්ගේ දවස ඇති වෙන්නෙත් ඒකෙම ප‍්‍රතිඵලයක් හැටියටයි. ඒ කියන්නේ වැලන්ටයින් තවත් සංකල්පයක් කියන එකයි.stvalentine

අපි ගැන කතා කලොත් ඒ වගේ දරුණු සමාජ විසිර ගෑමක් අපි අත් විඳින්නේ නෑ. අපේ සාම්ප‍්‍රදායික ගැමි සංස්කෘතිය ඇතුලේ තිබුණු සංයුක්ත පවුල් ඒකකය එවැනි විසිර යෑමකට ඉඩ තිබ්බෙත් නෑ. ඒ අනුව ගෙදරට ගොඩ වදිනවා කියන්නෙම එක්තැන් වීමක්. අපි එකතු වෙලා කතා බහ කළා. ගෙදර කෑම මේසයත් අපිව එකතු කළා. ඒ නිසා එකතු වෙන්න අපට අළුතින් සංකල්ප වුවමනා වුණේ නෑ.

නමුත් දහනව වන සියවස අවසානයේ දී අපේ රට ඇතුලේ නාගරික සමාජ සංස්කෘතිය අපට දැනෙන ආකාරයෙන් ශක්තිමත් වෙනවා. ඊට සාපේක්ෂව අපේ ගමේ නිවස අපට දැනෙන විදිහට ඈත් වෙන්නත් පටන් ගන්නවා. නගරය ඇතුලේ බෝඩිංකාර ජීවිතයක් කරා අපි තල්ලූ වෙනවා. ඒ තත්වය තුළම නාගරික පවුල් සංස්කෘතියක් ඇති වෙනවා. ඒත් එතැනදී අර එකමුතු පවුල් ඒකකය නැති වෙනවා. ඉතිහාසයේ මෙතෙක් අත් නොවින්ද හුදෙකලාවක් අපට දැනෙන්න පටන් ගන්නවා.

ගම්පෙරළිය නවකතාවේ ගැමි සංයුක්ත පවුල් ඒකකය තුල හැදුණු වැඩුණු නන්දා පියල් සමඟ විවාහ වී නගරයට ඇවිත් කලියුගය නවකතාවේදී මේ තත්වය අත් විඳිනවා. සිය දරුවන්ගේ හැසිරීම් තුළින් ඇය මේ දේ අත් විඳිනවා. දරුවන්ගේ ආකල්ප අදහස් තූලත් ඇය ඒ දේ අත් විඳිනවා. ඒක සමාජ හුදෙකලාවක්. ඒ තත්වයෙන් අත් මිදෙන්න නන්දා නම් සංස්කෘතික ගැහැණිය සිය සැමියාගේ ඇසුරට වැඞ් වැඩියෙන් සමීප වෙන්න උත්සහා කරනවා. ඒත් වැඩක් වෙන්නෙ නෑ. නන්දා සහ දරුවන් අතර පියල් ”නිශ්ශබ්ද විලියම්” කෙනෙක් බවට පත් වෙනවා. ඒ ගැමි සංස්කෘතික වියෝව සහ නාගරික සමාජ සංස්කෘතියේ උදාව කියන ඒ පසුබිමේ තමයි ” යුගාන්තය” නවකතාවේ කබලාන පවුලත් ඔවුන්ගේ දරුවන් වන චමරි වගේම මාලින් කබලානයේ දේශපාලනයත් ගොඩ නැගෙන්නේ.

valentines_day_geoffrey_chaucer_hoc

එහෙම ගොඩ නැගෙන නාගරික සංස්කෘතියට තවදුරටත් වෙනස්කම් එකතු කරමින් ටෙලිවිෂන් එක අපේ රටට පැමිණෙනවා. ගමේ සංයුක්ත පවුල් ඒකකය මුළුමනින්ම අහෝසි නොවු නව නාගරික සංස්කෘතිය ඇතුලේ තිබුණු ඒ ලක්ෂණ නැතිම කරල දාන තත්වයක්ද ඒ නිසා ඇති වෙනවා. එතකොට ටෙලිවිෂන් සංස්කෘතිය හරහා ඇති වීමක් වුණා නං එය සලකා බැලිය යුත්තේ අර නැති වීමට සාපේක්ෂවයි. උදාහරණයක් හැටියට ඒ වන විටත් මුළුමනින්ම අහෝසි නොවී තිබුණු කෑම මේසයේ කතා බහ සම්පුර්ණයෙන්ම අහෝසි වෙන්නේ ටෙලිවිෂන් එකේ පැමිණීමත් සමඟයි.

අපි ටෙලිවිෂන් එක අර ගන්නේ වෙනස්ම විදිහකටයි. බටහිර රටවල් ටෙලිවිෂන් රූම් එක තුළට ගත්ත ටෙලිවිෂන් එක අපි ආලින්දයට අර ගන්නවා. ඒ ආකාරයට පටහිර මිනිසා එය පෞද්ගලික අත්දැකීමක් බවට පත් කර ගනිද්දී අපිට එය පවුලේ අත්දැකීමක් බවට පත් වෙනවා. එතකොට මේ නව තත්වය විසින් පවුලේ කතාබහ තවදුරටත් නවතා දමනවා. ඒ යන්ත‍්‍රයේ ක‍්‍රියාකාරීත්වය හමුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට අනුගත වෙන්නට හැම පවුලේ සාමාජිකයෙකුටම සිද්ද වෙනවා.

මේ විදිහට නිර්මාණය වෙන තත්ව උපදින මූලය තමයි 80 දශකය අවසානයේ ඇති වෙන මහා දේශපාලන ඝාතනය. අද පවතින සමාජ ස්ථරයට දෘෂ්ඨිමය වශයෙන් මඟ පෙන්වීමක් ආභාෂයක් ඒ නිසා ලැබෙන්න තිබුණා නම් ඒ දේ එහෙම පිටින්ම නැති වෙනවා. විචාරය නැති වෙනවා. විග‍්‍රහය ඝාතනය වෙනවා. ඒ විදිහට ඒ හිස් තැන නිර්මාණය වෙනවා.

මේ හිස්තැන දේශපාලනයත් හිස් කරනවා. අතීතයේදී දේශපාලනඥයන්් නිර්මාණය වුණේ සමාජ නායකත්වයක් තුළිනුයි. අද එහෙම තත්වයක් නෑ. අද තියෙන්නේ දේශපාලන ප‍්‍රතිරූප. විවිධ අරුත්, අරමුණු වෙනුවෙන් නිෂ්පාදනය කළ චරිත දේශපාලනඥයන් බවට පත් වෙනවා. එහෙම බැලූවම දේශපාලන නායකත්වය කියන්නේ හෙජමොනියක් විතරයි.

february-14-2016-125855-am-pst

මේ හැම දෙයක් සමඟම FASHION – BEAUTY CULTURE යන දේවල් සමාජ වටිනාකම් බවට පත් වෙනවා. ඒ වෙනස් නාගරික විලාසයන් හමුවේ ස්වයංපෝෂණීය ගැමි සමාජ පැවැත්ම මුළුමනින්ම වාගේ පැවැත්මක් නැති තැනකට පත් වෙනවා. නිෂ්පාදකයා යටපත් වී පාරිභෝගිකයා බලවත් වෙනවා. අන්තිමේදී COMMERCIAL කියන එක සමාජ කියැවීමක් ලෙසින් ගන්න තරමටම අපි පිරිහෙනවා. ලෝක මට්ටමින් නිෂ්පාදිත විශ්ව ගම්මානය සංකල්පයත් අපි එතැනට ඈඳා ගන්නවා.

අපිට ෙහෙම වෙන්නෙ ඇයි? අපි ජීවත් වෙන්නෙ ¥පතක. ඒ දුපත් සීමාවට අපි හුරු වෙලා අවසානයි. නිශ්චිතවම අපි1860svalentine දන්නවා අපේ සීමාව. අපි එයින් සෑහීමකට පත් වෙලා ඉවරයි. ඒ විදිහට අප සැරි සැරීම කියන දේ දන්නෙ නෑ. දිගු සංචාරයන් පිළිබඳ අත්දැකීම් අපට නෑ. අපි ”ට‍්‍රිප්” යනවා. පුර්ව සැලසුමක් ඇතිව යන ඒ ගමනේ අවසානය අපි දන්නවා. කොටින්ම කිව්වොත් ඒ ට‍්‍රීප් එක ඇතුලේ සිදුවිය හැකි හැම දෙයකි ගැනම අපි කල් තියා දන්නවා. ඒ නිසා ඒක අළුත් අත්දැකීමක් වෙන්නෙ නෑ. අවශ්‍යතාවයකට නගරයට ගිහිල්ලා එනවා වගේ වැඩක්. ඒක සැරිසැරීමක් වෙන්නෙ නෑ. නොහිතන ආකාරයේ සංචාරයකින් ලැබෙන අත්දැකීම් එතැන නෑ. ඒ නිසාම අවදි වෙන පරිකල්පනයක් අපට නෑ.

ඊලගට කාරණාව තමයි අපි මිනිස්සු හ\ුණන්නෙ නැතිකම. මිනිසුන්ව අපි හ\ුණන්නෙ ඥාතීන්, අසල්වැසියන්, ගෙදර සාමාජිකයින් හැටියටයි. ඒකත් නිශ්චිතයි. වටහා ගැනීමක් නෑ. හ\ුණාගැනීමක් විතරයි එතැන තියෙන්නෙ. අපේ සාහිත්‍යය තුළ පවා ගැඹුරු චරිත නිරූපණ දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්.

90 දශකය අවසානයේදී ”වැලැන්ටයින්” ව අපට හඳුන්වා දෙනවා ප්‍රොජෙක්ට් එකක් විදිහට. සැලකිය යුතු ආකාරයේ සමාජ සංස්කෘතික හිස් කමක් සහිත කාලයක තමයි අපි වැලැන්ටයින්ව හ\ුණා ගන්නෙ. කිසියම් හෝ සමාජ කියැවීමක් මේ චරිතය නිසා අපට ලැබෙන්නේ නෑ. ඒත් වෙනම තැනකින් නිෂ්පාදනය කළ ආදරණිය වටිනාකමක් ඊට ලබා දෙන්න වාණිජ පැවැත්ම සමත් වෙලා තියෙනවා. ඒ වගේම හිස් වු සමාජ සංස්ඛෘතියක් සහිත වර්තමානයට එය ආරෝපණය කරන්නත් ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒත් ඉතා පැහැදිලිවම වැලන්ටයින් ආදරය කියන්නේ ව්‍යාජ අලංකාරයක්.

හැබැයි මේ තත්වය අපට දකින්න ලැබෙන්නේ නාගරික සමාජ සංස්කෘතිය තුළ හොඳින් තහවුරු වු සමාජ මුල් සහිත උසස් පංකිනයන් අතර නෙවෙයි. ගමත් නගරයත් අතර අතරමං වු, හොඳින් තහවුරු වීමට අසමත් වූ ෆුට් බෝඞ් එකේ යන සමාජ පංතිකයන් අතර තමයි බහුලවම මේ තත්වය දකින්න ලැබෙන්නෙ. තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් උපන් අවිනිශ්චිත බව නිසා උපන් නිරන්තර අසහනයක් ඔවුන් තුළ ඇති වී තිබෙනවා. ඒ අසහනය විසින් ඔවුන් තුළ ම ඔවුන්ව වංචනිකයන් බවට ද පත් කොට තිබෙනවා. ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය තමයි වැලැන්ටයින් ආදරය.

අවසානයේදී ව්‍යාපාරිකයන් මේ විදිහට සමාජ අසහනයෙන් දැපුණු නාගරික සංස්කෘතිය තුළ අතරමං වුණ බහුතර ප‍්‍රජාව තමන්ගේ ඉපයීම් වෙනුවෙන් යොදා ගෙන තිබෙනවා. ඒක තමයි වැලැන්ටයින් ආදරය.

14344684_10208635588701380_4323605925545686295_n

 

පරාක‍්‍රම ඒකනායක.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s