එය ලේඛකයාගේ හදවතින් ආ ඉකි බිඳීමක් වැනිය.

පවුල නම් සමාජ ඒකකය ආසියානු සමාජ පැවැත්ම තුළ මුල් බැසගෙන ඇත්තේ ශිෂ්ටාචාරයේ මුල සිටමය කීවත් එහි වරදක් නැති තරම්ය. එහෙත් දහනව වන සියවස උදා වන විට ආසියානු සමාජයය යටත් විජිතවාදී අත්දැකීම් ඔස්සේ බටහිර සමාජ සංස්කෘතික ආකල්ප සමඟ ගැට ගැසෙන්නට වුයේය. ඒත් සමඟම නාගරීකරණය නම් සමාජ විපර්යාසයට මුහුණ 134948-004-ba002271-1දීමට ද එයට සිදු විය. මේ සමාජ වෙනස්කම් හමුවේ ආසියානු සමාජයේ පවුල කේන්ද්‍රීය පැවැත්ම බරපතල අභියෝගයකට මුහුණ පෑ බව අතිශයෝක්තියෙන් තොරවම පැවසිය හැකිය. අප සම්බන්ධයෙන්ද මෙය නුහුරු අත්දැකීමක් නොවීය. කෙසේ වෙතත් මේ තත්වය සාහිත්‍යයික වශයෙන් ප‍්‍රතිනිර්මාණය කිරීමට වඩාත් උනන්දුවක් ඉන්දියානු සාහිත්‍යකරුවන් දැක්වුවාය යන්න පැහැදිලි ඇත්තක් වේ. අතීතයේ ස්ථාවරව පැවති ගැමි සමාජ සංස්කෘතික මෙන්ම සමාජාර්ථික පරිසරය මේ නව සමාජ වෙනස්කම් හමුවේ කෙමන් පිරිහෙන්නට වු අතර එහි ප‍්‍රතිඵලය වුයේ රැුකියා අවස්ථා සොයමින් යට කී ගැමි ප‍්‍රජා කොටස් නගරයට සංක‍්‍රමණය වීමය.

මෙසේ නගරයට පමිණි මේ මිනිසුන් මහල් නිවාස සංකීර්ණයන්ට අයත් නිවාස හෝ පේලි ගෙවල් වශයෙන් ගත හැකි කුඩා නිවාස පරිශ‍්‍රයන්හි පදිංචි වෙමින් වැටුපක් සහිත ?කියාවකට යොමු වීම සිදු විය. ඒත් සමඟම ඔවුන්ගේ පැවැති ආකල්ප මෙන්ම සිතුම් පැතුම් වෙනස් සමාජ සංස්කෘතියතක් සමඟ වෙනස් වීම ද නියත වශයෙන්ම සිදු විය. ඒ අනුව එය වැළැක්විය නොහැක්කක් විය. ඉනුත් මේ වෙනස්කම් වඩාත් තදින් බලපෑම් කළ සමාජ ව්‍යුහයක් වේ නම් ඒ අර අප මුලින්ම කී පවුල නම් වු සමාජ ඒකකයයි. විශේෂයෙන්ම ඒ හා පැවැති බැඳීම්, ඊට අයත් සමාජ වටිනාකම් හා සංවේදිතාවන් වෙනස් වෙමින් ඇතැම් විට අහෝසි වු ආකාරය ද ඒත් සමඟම ඔවුන්ගේ ජීවිත වලට වෙනත් අරුත් එකතු වු අයුරුත් සිය ආඛ්‍ය්‍යනයන්හි ප‍්‍රස්තුථ බවට පත් කර ගැනීම විශේෂයෙන්ම ඉන්දියානු සාහිත්‍යය තුළ අසීරුවෙන් දැකගත හැකි තත්වයක් නොවේ.

මෙකී විෂය ප‍්‍රස්තුථයක් වශයෙන් යොදා ගැනීමේදී ඒ ගැන වඩාත් සංවේදි වු මතු නොව ඒ දේ එසේ නොවීනම් යහපතැයි කියා සිතුවා වු සාහිත්‍යකරුවෙකු හැටියට රබීන්ද්‍රනාත් තාගෝර්ට හිමි වන්නේ වඩාත් උස් තැනක් යැයි සිතේ. ඉනුත් ඔහුගෙ THE BROKEN NEST (THE RUINED NEST) නම් කෘතිය අර කීව තත්වය වඩාත් සංවේදි ලෙසින් ඉදිරිපත් කරන්නේ යැයි බොහෝ විචාරකයෝ පවසති.

charulata-14

ප‍්‍රකට පරිවර්තකයෙකු වන සේනාරත්න වීරසිංහ එය ”චාරුලතා” නමින් සිංහලට නඟා තිබේ. ඒ එය කියැවීමක් වශයෙන් තමන් සතු කර ගැනීමේ හැකියාව සිංහල පාඨකයාට මේ නිසා තිබේ. කෘතියක් වශයෙන් ගත් කළ එය අප මුලින්ම පෙන්වා දුන් සමාජ විපර්යාසය ආසියානු පවුල කේන්දී‍්‍ර‍්‍රයව සිදු කලා වු ඒ සමාජ බලපෑම ප‍්‍රස්තුථ කර ගත්තකි. අතිශය නිර්මාණාත්මක අයුරකින් තුන් ඈ\ුතු චරිත නිරූපණයක් හරහා ඉදිරිපත් කෙරෙන ආකාරය ද ඊට ලබා දී ඇත්තේ සුළුපටු වටිනාකමක් නොවේ. ඒ අුනුව භූපති යනු ඒ පවුලේ ප‍්‍රධානියාය. යටත් විජිතවාදය හරහා පැමිණි බටහිර ආකල්ප හිසින් ගත්තෙකු යැයි කිව හැකි තරමට ඔහු ඒ අදහසුත් සමඟ බැඳී සිටියි. එපමණක් නොව එකී ආකල්ප ප‍්‍රචාරය කරනු වස්418jzsmdijl-_sx331_bo1204203200_ හෙතෙම පුවත්පතක්ද සංස්කරණය කළේය. කෙසේ වෙතත් එය එතරම් ප‍්‍රචලිත පුවත්පතක් වන්නේ නැත. එකලට සාපේක්ෂව භූපති වැනි ඉහළ මධ්‍යම පංතික චරිත බොහෝ විට පොදු රසිකත්වයෙන් මෙන්ම එකී ජන ඇසුරින්ද වියෝ වු අය වුහ. තවද ඒ තරමටම සිය කුටුම්භය තුළ ද හුදෙකලා වූ චරිත බවට ද පත් වුහ. විවාහය යනු නෛතික හෝ සමාජීය චාරිත‍්‍රයක් යැයි ගන්නා තරමටම ඒ තුළ තිබිය යුතු මානුෂික සබඳතාව නොසලකා හරින තත්වයක ඔවුහු පසු වුහ.

නමුත් සාම්ප‍්‍රදායික සමාජය තුළ විවාහයේ නෛතික බව අරුමයක් ලෙසින් සැලකිණි. එය ශක්තිමත් වුණේ සංස්කෘතික වටිනාකම් සහ සමාජ සාරධර්ම වලිනි. අනිත් අතට එය හුදු පුද්ගල සම්බන්ධතාවකින් එහාට ගිය සමාජ සම්මුතියක් මෙන්ම වගකීමක් හැටියටද ආසියානු සමාජය ඊට බරක් පටවා තිබිණි. උක්ත කෘතියේ එන චාරුලතා හැදී වැඩෙන්නේ එවැනි සමාජ සංස්කෘතික පරිසරයක් තුළය. එමෙන්ම ඇය නිර්මාණ සාහිත්‍යයික හැකියාවකින් යුත් එකියක් ද වුවාය. දේශීයත්වය ගැන හැඟීමක් ඇතිව සිටි ඇය ගැන තාගෝර්ට නිර්වචනයක් තිබුණා යැයි සිතමි. ඒ අනුව ”ගෝරා” නවකතාව ලියමින් ඔහු දක්වන ඒ නිර්වචනය චාරුලතා නම් චරිතය විෂයයිකවද අදාල වන්නක් වේ.

”භාරත ලලනාව ඔහු ඉදිරියේ පෙනී සිටියේ සුචරිතා ලෙසිනි. ඇය පහළ වී සිටින්නේ භාරත ගෘහය පින්බර එකක් බවට පත් කර සුන්දරත්වයකින් හා ආදයකින් එය මිහිරි බවටත්, පවිත‍්‍ර බවටත් පත් කිරීම සඳහාය. භාරත වර්ෂයේ දරුවන් හදා වඩා ගන්නා, රෝගීන්ට සේවා කරනා, තැවෙන්නවුන්ට සහනය දෙන, හෙලා දකින ලද්දවුන්ට පේ‍්‍රමයෙන් ගෞරවය පුද කරන සිරි දෙව් දුවක ලෙස ඔහු ඇය දුටුවේය. කරදර ඇති අවස්ථාවන්හීදි අන්ත දීන පුද්ගලයා පවා අත් නොහරියි. අවඥාවට පත් නොකරයි. …..සැමදා ඉවසන ක්ෂමාවෙන් පූර්ණ වු කෙනෙකි. ඇගේ පේමය ක්ෂය නොවන දානයක් සේ ඇයට දෙවියන් ගෙන් ලැබී තිබේ.” (ගෝරා – පරිවර්තනය චින්තා ලක්ෂ්මි)

charulata-6.jpg

කෙසේ වෙතත් භූපති මේ තත්වය පිලිනොගත් බව පැහැදිලිය. මුලදීත් කී ආකාරයට බටහිරින් ලත් අධ්‍යාපනය ඇති එකී ආකල්ප හා සමාජ සංස්කෘතික මුලාශ‍්‍රයන්ගෙන් යැපෙන මේ ඉහළ මැද පාංතික චරිත දේශීය සාහිත්‍ය කලා කියැවීම හෝ ආස්වාදනය නොකළහ. මහත්මා ගාන්ධිගේ ඇසුර ලැබුවත් ජවහාර්ලාල් නේරු පවා නියෝජනය කලේ භූපතිලාගේ සමාජ පැවැත්මය. ඊට සාපේක්ෂව චාරුලතා සිටියේ මුලින්මත් කී ආකාරයට දේශීය සාහිත්‍යය කලා කෙරෙහි ඇති කරගත් ඇල්මකිනි. සාහිත්‍යයික වශයෙන් ඇයට තිබූ හැකියාවත් ඒ අතර උද්‍යාන අලංකරණය ගැන වු නිසඟ ප‍්‍රතිභාවත් කැපී පෙනෙන අයුරින් නිරූපණය වී තිබේ. අමල් සිටින්නේ මේ දෙදෙනා අතරින් මතු වන සමාජ ආස්ථානයකය. ඒ අනුව එක් 13912332_185795738504541_6566876430299855811_nඅතකින් දේශිය කලාව මෙන්ම සාහිත්‍ය සේවනය කරන ඒත් සමඟම නව ආකල්ප සහ මතවාද ගැන ද කමීප වන තත්වයක් අමල් වෙතින් දැකිය හැකි වේ. අළුත් අදහස් ඇති පොත පත, සඟරා රැුගෙන එම නිවසට එන අමල් රැුඩිකල් අදහස් ඇති විරෝධාකාල්පනිකයෙකුට වඩා හිතෛෂී සහෘදයෙකු ලෙසින් පෙනී යාම විශේෂත්වයක් වේ. පරිවර්තක සේනාරත්න වීරසිංහ පෙන්වා දෙන අන්දමට මෙම කෘතිය, මනුෂ්‍ය සන්තානයේ ඇතුළත ගවේෂණය කරන තරමටම මානව සමාජයේ අන්තර් පුද්ගල සබඳතා නිරූපණය කරන්නක් ද වෙයි.

චාරුලතාගේ චරිතය තුළට කිමිද බලන්නෙකුට දරුවන් නොමැතිව ඉතා හුදෙකලා ජීවිතයක් ගත කරන ඇයට දැඩි ස්වාමි ඇසුරක් අවශ්‍ය වන බවක් පෙනී යන්නේ යැයි පෙන්වා දෙන පරිවර්තක වීරසිංහ ආඛ්‍යානය අවසානයේදී එකී චරිත විසිරී යන තත්වයක්ද දැකිය හැකි යැයි පවසයි. ඒත් සමඟම බි\ුණු කැදැල්ල නැවත පිලිසකර කර ගැනීමේ හැකියාවක් ද එහි ලා ඉඟි කෙරෙන්නේ යැයි ද ඔහු පෙන්වා දෙයි. ඒ තත්වයම නගා සිටුවන අදහස් ඉන්දියානු නිදහස් සටනේ රැුඩිකල් නායකයෙකු වු සුභාෂ් චන්ද්‍රබෝස් තුළ ද තිබුණේ යැයි සිතේ. වරක් ඔහු මෙසේ පැවසීය.

”මිත‍්‍රවරුනි අප අද සිටින යථාර්තයන් වෙතින් ඔබගේ නෙත් ඉදිරියේ මැවෙන අනාගතය කෙරෙහි යොමු කරන ලෙස මම මොහොතකට ඉල්ලා සිටිමි. කුමක් පිටුපස අප දුවන්නේ දැයි ප‍්‍රතක්ෂ කර ගැනීම උදෙසා අපි අපගේ හදවත් පරීක්ෂා කර බැලිය යුතුය. එය අපට මෙන්ම අපෙන් පසුව එන පරම්පරාවන්ට් දර්ශනයක් ඇසුරේ වැඩෙන්නටත්, සිය ඉදිරි ක‍්‍රියා මාර්ග සකස් කර ගැනීමටත් ඒ දේ අරුත් සපයනු ඇත.”

කෙසේ වෙතත් ජාතික සංස්කෘතික ප‍්‍රබෝධයකින් නිදහස් සටනක් මෙන්ම ඊට පසුබිම සැපයු පුළුල් සාහිත්‍ය කලාවක් එදා ඒ භාරත සමාජයට තිබුණත් බටහිර බලපෑම් හා ධනවාදී සමාජාර්ථික හැසිරීම් හමුවේ ඒ බි\ුනු කැදැල්ල තිබු තත්වයෙන්ම පිලිසකර කර ගැනීමේ ඒ බලාපොරොත්තුව ඉදිරියට නොආවේය. චාරුලතා වුව වර්තමානයේදී අත් කර ගෙන ඇත්තේ සිහිනෙන් ගෑ සුවඳක් වැනි මතකයක් වේ. කෙසේ වෙතත් අතීතය තුළ කෙමෙන් පසු බැස ගියා වුණත් ඒ හෘදයාංගම ආමන්ත‍්‍රණය අද්‍යතන ඉන්දීය සමාජය තුළද යම් තත්වයකින් හෝ නින්නාද වන්නේ යැයි සිතේ. තාගෝර්ගේ කෘතිය ඉංග‍්‍රීසි බසට පරිවර්තනය කිරීමට දායක වු කොළොම්බියාවේ මයිසුර් සරසවියේ කථිකාචාර්යවරියක් වන මාරි ම් ලාගෝ ඒ සම්බන්ධයෙන් කියුවක් පරිවර්තක වීරසිංහ උචිත ලෙස ඇද දක්වා තිබේ. ඒ අනුව ඇය පවසන්නේ මෙම කෘතිය ලේඛකයාගේ හදවත තුළින් නැගී ආ ඉකි බිඳීමක් වැනි ප‍්‍රකාශයක්ය කියායි. එහෙත් ඔහු එය මානව සංහතිය වෙනුවෙන් හඬ නගා ප‍්‍රකාශ කොට තිබේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s