ඔබට මතකද මට්ටකුණ්ඩලී කතා වස්තුව. – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

Exif_JPEG_420”දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති විය යුතු ”
හුණුවටයේ කතාව’ නාට්‍යයේ ඒ ගායනය අපේ කාලයේදී අතිශය ප‍්‍රකට ගායනයක් ම වුණා. අප දන්නා තරමින් ජර්මන් ජාතික නාට්‍යකරු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගැන මුල් වරට මෙරට සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රය තුළ පුළුල් කතා බහක් ඇති කරන්නෙත් ඒ නාට්‍යයමයි. බ්‍රෙෂ්ට් ගේ ”කොකේසියන් චෝක් සර්කල්” නාට්‍යය තමයි ඒ නමින් සිංහලට නැගී තිබුණෙ. ඒ කොහොම වුණත් නාට්‍ය නිෂ්පාදක හෙන්රි ජයසේන බ්‍රෙෂ්ට් ගේ කතා පුවත මිස ඒ සුවිශේෂ රංග රීතිය සිංහල වේදිකාවට ගෙන ආවේ නැතැයි යන විවේචනයක්ද ඒත් සමඟම ඇති වුණා. කොහොම වුණත් මේ කතා බහ අප ඇති කර ගන්නේ ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දුත් සමඟයි. ආචාර්ය මයිකල් සිය ආචාර්ය උපාධිය සඳහා තෝරා ගත්තේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් රංග රීතියයි. ජර්මනියේ බර්ලින් ිහුම්බෝල්ඞ් විශ්ව විද්‍යාලයේ සිදු කළ ඒ පර්යේෂණාත්මක හැදැරීම නම් කොට තිබුණේ ”ධනේශ්වර සමාජ ක‍්‍රමය තුළ නව නාට්‍ය කලාවක් බිහි වීම, බ්‍රෙෂ්ට්ගේ බලපෑම ගැන අවධානයෙන් යුක්තව” යනුවෙනුයි. මේ – ඒ සම්බන්ධයෙන් මෙන්ම අපගේ නාට්‍ය ක්ෂේත‍්‍රයේ බ්‍රෙෂ්ට්ගේ හැසිරීමට අදාලව ඔහුත් සමඟ ඇති කරගත් සංවාදයකි.

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නම් ඒ වෙනස් ආරය එසේ බිහි වීමට බල පෑ ජර්මානු සමාජ දේශපාලන ඉතිහාසය ගැන මුලින්ම ඇසුවොත්…?

බ්‍රෙෂ්ට් ඉපදුණේ 1898 අවුරුද්දෙ. 1956 වසර වෙන කොට ලෝකයටත්, විශේෂයෙන්ම ජර්මනියටත් වැදගත් වු ලෝක සංසිද්ධීන් තුනක් ගැන මෙහිදී කතා කළ යුතුව තිබෙනවා. පළමුවැනි ලෝක යුද්ධය ඉන් එකක්. එතකොට බ්‍රෙෂ්ට් අවුරුදු දහසයක තරුණයෙක්. දෙවැනි සිද්ධිය තමයි දෙවැනි ලෝක යුද්ධය. තුන්වැනි ලෝක සිද්ධිය, 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය. මේ සිද්ධි තුන පිළිවෙලින් ඔහුතේ ජීවිතයටත්, කලාව හා දර්ශනවාදයටත් දැනෙන සුළු බලපෑමක් කරනවා. ඒ වගේම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇති වන සීතල යුද්ධය නම් දේශපාලන තත්වයත් බ්‍රෙෂ්ට්ගේ ජීවිතය තුළට ඇතුළු වෙනවා. එසේ සීතල යුද්ධය නමින් හැඳින්වෙන්නේ යුද්ධයක් නොවු එහෙත් බටහිර සහ සෝවියට් රටවල් අතර ඇති වී තිබු මතවාදී පිල් බෙදීමයි. එතැනදී ඔහු සිටියේ සමාජවාදී බල කඳවුර ලෙසින් හැඳින්වුණු සෝවියට් පාර්ශවයේයි. ඒ විතරක් නෙවෙයි ඔහුගේ සමකාලීන මිතුරන් වු පැබ්ලො පිකාසො, චාලි චැප්ලින් ඒ කාලයේ ප‍්‍රගතිශීලි දේශපාලනය වශයෙන් තෝරාගෙන තිබුණේ සෝවියට් පාර්ශවීය දේශපාලනයයි. එි ආකාරයට ඒ අදහස් සමඟ සෘජුව සහ නිර්භයව ගනුදෙනු කළ නිසාම මේ තිදෙනාට එවකට ඔවුන් විසූ ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටමං වීමට පවා සිදු වුණා.

ඒ වගේම දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ රටක් වශයෙන් ජර්මනිය බරපතල අන්දමේ ආර්ථික අවපාතයකට ගොදුරු වෙලා තිබුණාය කියලත් අපි දන්නවා. එය ලෝක මට්ටමිනුත් පැවතුණා. ලෝක දේශපාලනය ඇතුලේ ෆැසිස්ට්වාදී දේශපාලනයක් නිර්මාණය කලෙත් එවැනිම ආර්ථික කඩා වැටීමක් තමයි. ඊට අදාළව ජර්මනිය තුළ ජාත්‍යෝන්මාදය හරහා හිට්ලර් ඇති කර ගනිමින් තිබු දේශපාලන බලාධිකාරය සහ යුදවාදය කල් තියාම හඳුණාගත් පුද්ගලයෙකු වශයෙන් බර්ටෝලට් බ්‍රෙෂ්ට්ව හඳුන්වන්න පුළුවන්. ඔහු වචනයේ පිරිසිදු අර්ථයෙන්ම යුද විරෝධියෙකු බවට පත් වෙන්නේ එසේ ලද අත්දැකීම්වල ප‍්‍රතිඵලයක් හැටියටයි. ඒ වගේම යුද වාදයට එරෙහි සෝවියට් පාර්ශවය මුල් කරගත් මාක්ස්වාදී සමාජවාදය ගැන ඔහු තදබල විශ්වාසයක් ඇති කර ගන්නේත් ඒ පසුබිමේ සිටිමිනුයි. එහෙත් ඒ තුළත් දේශපාලන සීමාවන් නිර්මාණය වී තිබෙන බව ඔහු නුදුටුවා නොවෙයි. එහෙම වුණත් යුද විරෝධය හමුවේ ඒ සෝවියට් පාර්ශවීය දේශපාලනයත් සමඟ ඔහු බැ\ුණා.

හිට්ලර්ගේ දේශපාලනික බලවත් වීමත් සමඟ බ්‍රෙෂ්ට් ජර්මනියෙන් පලා යනවා. යුද්ධයෙන් පසුව ඔහු නැවත ජර්මනියට පැමිණෙනවා. එහෙම එන්නෙ නැගෙනහිර ජර්මනියටයි. ජර්මන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජය නමින් හැඳින්වුණ සෝවියට් පාර්ශවීය කලාපයටයි.

2d0bf7fb252136d6781a96f416fdfe60.jpg

මා සිතනවා එවකට පැවැති ලෝක සමාජවාදී හැසිරීම ගැන ඔහුට තදබල විවේචනයක් තිබුණාය කියලා….?

ඔව් ඒ සම්බන්ධයෙන් ඔහුට විවේචනයක් තිබුණා. ඒ නිසාම එය තුළ ඔහුත් විවේචනයට ලක් වුණා. මා මුලදිත් කී ආකාරයට බ්‍රෙෂ්ට් යුදවාදය කොන්දේසි විරහිතවම ප‍්‍රතික්ෂේප කරනවා. නමුත් එවකට සිටි පාලක පක්ෂය ඊට වෙනස් තැනකයි හිටියෙ. ඔවුන් බ්‍රෙෂ්ට්ට පෙන්වා දුන්නා යුද්ධයේ සාධාරණ පැත්තකුත් තිබෙනවාය කියලා. ඒ අනුව සාධාරණ අරමුණු වෙනුවෙන් යුද කළ හැකියි. පසුව ඔහු මේ සම්බන්ධයෙන් නැගෙනහිර ජර්මන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජ පාලනයත් සමඟ මුහුණට මුහුණ සංවාදයක් ද ඇති කර ගන්නවා. එතැනදී ඔහු සෘජුවම යුදවාදයට එරෙහි ආස්ථානයකට යනවා. එහෙම වුණත් නැගෙනහිර ජර්මනිය තුළම තමයි ඔහුගේ පැවැත්ම නිර්මාණය වුණෙත්. ඔහුව නඩත්තු කිරීම රජය දිගටම සිදු කලා. ඒ අනුව එක අතකින් ඔහුගේ මතවාදය නිසා ඒ කටයුතු එසේ සිදු කිරීම රජය අත හැරියේ නෑ වගේම ඒක එහෙම වුණාය කියල බ්‍රෙෂ්ට් සිය මතවාදය අතහැරියෙත් නෑ.

මාක්ස්වාදී විචාරය සමඟත්, විශේෂයෙන්ම ජෝර්ජ් ලූකාෂ් ගේ අදහස් සමඟත් මා සිතනවා ඔහු විවේචනාත්මක වුණාය කියලා……?michael-fernando-photo-1--250x313.jpg

විචාරකයෙක් හැටියට ලූකාෂ්ගේ අදහස් සම්බන්ධයෙන් බ්‍රෙෂ්ට්ගේ එකඟතාවක් තිබුණෙ නෑ. ජෝර්ජ් ලූකාෂ් කියන්නේ දේශපාලනමය වගේම කලාව විෂයයිකවත් ස්වභාවවාදී අදහස් පල කළ ප‍්‍රධාන පෙලේ විචාරකයෙක්. නමුත් නාට්‍යකරුවෙකු වු නිසාම විය යුතුයි බ්‍රෙෂ්ට් ආකෘතිය පැත්තට වැඩි නැඹුරුතාවක් දැක්වුවා. ඒත් ඒත් එකම ආකෘතියක පිහිටන්න ඔහු කැමති වුණෙත් නෑ. අනිත් අතට සෞන්දර්යය ප‍්‍රකික්ෂේප කිරීමක් ඔහු අතින් සිදු වුණා යැයි අපට සිතන්නටත් බැහැ. සෞන්දර්යය විෂය සම්බන්ධයෙන් ඔහුට මතයක් තිබුණා. කොහොම වුණත් මුලිකම කරුණ තමා බ්‍රෙෂ්ට් යුද විරෝධියෙක්ය කියන එක.

මාක්ස්වාදය තුළ වුණත් කම්කරු පංතික දේශපාලනය වැනි කියවීම් වලදී බ්‍රෙෂ්ට් එතැනදී වඩාත් පුළුල් අරුතින් ගත්තේ මනුෂ්‍යත්වය නම් සංසිද්ධියයි. ඒ අනුව වඩා යහපත් සිත් ඇති මිනිසුන් තමයි ඔහුගේ සෑම නිර්මාණයක්ම වගේ ඉලක්කය වුණේ.

ඒ බ්‍රෙෂ්ට්වියානු අත්දැකීම ලංකාවට අදාලව ගත්තොත්…..?71w4wrerdgl

අපේ රටේ මුලින්ම බ්‍රෙෂ්ට් නාට්‍යයක් රඟ දැක්වෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ලූඩොවයික් නිසා බව කිව යුතුයි. ඒ තමයි ”සෙට්සුවාන්හි යහපත් කාන්තාව.” එය විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යයන් සහභාගි කරවාගෙන සිදු කළ නිෂ්පාදනයක් වුණා. මෙතනදී විශේෂයෙන්ම කිව යුතු කරුණක් තියෙනවා, ලූඩොවයික්ගේ බිරිඳ ගැන. ඇය හංගේරියානු ජාතික යුදෙව් කාන්තාවක්. ඒ නිසාම බ්‍රෙෂ්ට් රංගය සම්බන්ධයෙන් සමීප ඇසුරක් ඇයට තිබුණා. එම නිෂ්පාදනයේ රංග භූමි අලංකරණය මෙන්ම ඇ\ුම් නිර්මාණය සම්බන්ධයෙන් ඇය කටයුතු කලේ එවැනි පසුබිමක සිටිමිනුයි.

මේ ආකාරයටම විශ්ව විද්‍යාලයේ වෙනත් නාට්‍ය වලටත් (උදා- ”කපුවා කපෝති”* ඇගේ දායකත්වය ලැබුණා. මේ නිසා අප නොදැනුවත්වම වුණත් ඊඩිත් දුඩොවයික් හරහා බ්‍රෙෂ්ට්වියානු රංග රීතිය පිළිබඳ ආභාෂයක් අපේ වේදිකාවට ලැබිලා තියෙනවා. කොහොම වුණත් මේ නාට්‍යයේ ජර්මන් අර්ථයට අනුව පැවසෙන්නේ සෙට්සුවාන්හි යහපත් මනුස්සයා වගේ අරුතක්. නමුත් එය ඉංග‍්‍රීසියට පරිවර්තනය වෙන්නේ සෙට්සුවාන්හි යහපත් කාන්තාව වශයෙනුයි. අප අරගෙන තියෙන්නේත් ඉංගී‍්‍රකි පරිවර්තනයේ නමයි. මා මුලදීත් කිව්වා බ්‍රෙෂ්ට් සැම විටම මතු කලේ මනුෂ්‍යත්වය නම් වු ඒ පළල් හැඟීමයි.

ඒ කොහොම වුණත් සිංහල වේදිකාවේ වඩාත්ම ජනප‍්‍රිය බ්‍රෙෂ්ට් නාට්‍යය බවට පත් වන්නේ හෙන්රි ජයසේන ”හුනුවටයේ කතාව” නමින් අනුවර්තනය කළ කොකේසියන් චෝක් සර්කල් නම් නාට්‍යයයි. ඒත් එය බ්‍රෙෂ්ට්ගේ සම්පුර්ණ නාට්‍යය නෙවෙයි. මුල් නාට්‍යයේ එන පුර්ව රංගය මුළුමනින්ම අත්හැර දමා ඇති ආකාරයක් සිංහල නිෂ්පාදනයේදී දකින්න පුළුවන්. ඒ කාලයේදීම අපි අර මුලින් කීව සෙට්සුවාන්හි යහපත් කාන්තාව නාට්‍යය සුගතපාල ද සිල්වා ”හිත හොඳ අම්මණ්ඩි” නමින් නිෂ්පාදනය කරනවා. මේ ආකාරයට බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය 34 න් 14 ක් වගේ සංඛ්‍යාවක් සිංහල, දෙමළ ඒ වගේම ඉංගී‍්‍රසි භාෂාවෙන් අපේ රටේ නිෂ්පාදනය වෙලා තියෙනවා.

__1983326_orig.jpg

එහෙම වුණත් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නාට්‍ය රංග රීතිය සම්බන්ධයෙන් නිරවුල් අවබෝධයක අප සිටිනවාද යන්න ප‍්‍රශ්නකාරී තත්වයක්….?

12ඔව්. අපේ රටේ විතරක් නෙවෙයි ලෝක මට්ටමිනුත් එවැනි තත්වයක් තියෙනවා. ඒ අනුව ඔවුන් සිතනවා බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයේ මුලික අරමුණ වුණේ දේශපාලනය ඉගැන්වීම එහෙම නැත්නම් සමාජවාදය පැතිරවීමය කියලා. ජෝන් විලට් ලියු කෘතියක් තියෙනවා ”බ්‍රෙෂ්ට් ඔන් තියටර්” කිගලා. තමන්ගේ නාට්‍ය ක‍්‍රමවේද ගැන බ්‍රෙෂ්ට් විසින්ම සිදු කරන ලද න්‍යායාත්මක පැහැදිලි කිරීමක් එහි එනවා. A Short Organum for the Theatre  (නාට්‍ය කලාවට කෙටි මෙවලමක්* ඒ විදිහටයි එය නම් කරල තියෙන්නෙ. බ්‍රෙෂ්ට් සිය නාට්‍ය කලාව සම්බන්ධයෙන් කරන ලද දීර්ඝතම පැහැදිලි කිරීම වශයෙන් ද මෙය සැලකෙනවා. ඒත් සමඟම සෞන්දර්යවාදය විෂයයික නව කතිකාවතක් වශයෙන්ද සැලනෙනවා.

මේ කියන පැහැදිලි කිරීම අනුව යන බොහෝ දෙනෙක්් මේ නාට්‍යකරුවාගේ නාට්‍ය, දේශපාලන කාර්යභාරයක් වශයෙන් ගත්තත් ඒ නිබන්ධනයත් සමඟ ඔහු ඒ දේශපාලන කාර්යභාරයෙන් ආස්වාදනීය ආස්ථානයකට පැමිණ සිටින බව පැහැදිලි වෙනවා. සකලවිධ කලාවන්හි මුලික අරමුණ විය යුත්තේ ආස්විදනය ලබා දීම යැයි එහීදී ඔහු පවසනවා. ඒ තුළ දේශපාලන සදාචාරය ගැන ද කතා කළ හැකියි. නමුත් ආස්වාදය මුලික කාර්යභාරයක් හැටියට කලාව සලකන තැනට එතනදී ඔහු පැමිණ සිටිනවා. ඒත් සමඟම අද වගේ විද්‍යා තාක්ෂණය මුල් වු යුගයක පැවැති මුල් යුග වලට සාපේක්ෂව අදහස් මතවාද ගොඩ නැගෙන්න ඕන කොහොමද කියන කාරණයත් ඔහු එහිදී පැහැදිලි කරනවා. උදාහරනයකින් කිවහොත් වහල් වැඩවසම් යුගවල දී මිනිසා සිය ආස්වාදනය සඳහා පුද්ගලයන් අතර මෙන්ම පුද්ගලයන් සහ සතුන් අතර ද්වන්ද සටන් යොදා ගත්තා. නමුත් අද පවතින්නේ විද්‍යා ජයග‍්‍රහණ විසින් නිර්මාණය කළ යුගයක්. මිනිසාට සමාජය වෙනස් කළ හැකිය, එය කළ යුතුය යන්න මතයක් වශයෙන් ඉදිරියට ආ යුගයක්. එය ආස්වාදය මුල් කොට ගත් මතවාදයක් බවට පත් වී තිබෙනවා. මේ ආකාරයට බ්‍රෙෂ්ට් සිය අවසාන කාලයේදී ආස්වාදය මුල් කොටගත් නාට්‍ය කලාවකට යනවා. ඒත් එය එය හුදු විනෝදාස්වාදයක් නෙවෙයි.

බ්‍රෙෂට් රංග රීතිය ගැන කතා කිරීමේදී ”එපික්” (ආඛ්‍යානමය* රංග රීතිය තදින්ම ඉස්මතු කෙරෙනවා. මෙය කොටු කිරීමක් එහෙම නැත්නම් ඔහු සම්බන්ධයෙන් ලඝු කිරීමක් යැයි මා කීවොත්…..?

මමත් කියනවා ඒ කොටු කිරීම වැරදියි කියලා. සෑම රංග ක‍්‍රමයකම ගත යුත්තක් ඇතැයි යන තැන ඔහු සිටියා. ඇරිස්ටෝටල් රංග රීතිය වගේම විකාරරූපි යැයි හ\ුන්වන (මා එය ගන්නෙ විසංගති යන අරුතිනුයි* නාට්‍ය කලාව ගැනත් ඔහු සිය අවධානනය යොමු කොට තිබෙනවා ඒ නිසාම සැමුවෙල් බෙකට් ගේ ”ගොඩෝ එනකං” නාට්‍යය ජර්මන් වේදිකාවටගෙන එන්නත් ඔහු සැලසුම් කලා. ඔහු කිසිම නාට්‍ය ක‍්‍රමයක් ප‍්‍රතික්ෂේප කරලා නෑ.

වේදිකාව සහ පේ‍්‍රක්ෂකයා අතර වු සම්බන්ඨය පිඳින්න ඔහුට අවශ්‍ය වුණා යැයි මා සිතන්නෙ නෑ. ඔහුගේ මුලිකම පෙන්වා දීම වුණේ නාට්‍යය, නාට්‍යයක් විදිහට අරගන්න කිගන එකයි. ඒ සඳහා කතනය සහ රූපණය යොදා ගතයුතු බවත්, කතනයෙන් සහ රූපණයෙන් ගොඩ නැගෙන ආඛ්‍යානයට පේ‍්‍රක්ෂකයා සම නොවැදිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා. එමඟින් වේදිකාව සහ පේ‍්‍රක්ෂකයා අතර සම්බන්ධය කඩා බිඳ දැමිය යුතුය වැනි රළු අදහසක් ප‍්‍රකාශ වෙනවා යැයි මා සිතන්නේ නැහැ.

p01gpvbf.jpg

මෙතනදී තමන් භාව විරෝධියෙක්ය යන හ\ුන්වා දීමට ඔහු එකඟ වෙන්නේ නැහැ. ඔහුගේ විරෝධය පල වන්නේ අනන්‍ය සාධාරණයෙනි භාවෝද්දීපනය කළ යුතු යැයි පැවසෙන සෞන්දර්යය විද්‍යාවට යි. යම් භාවයක් තමන්ට අනන්‍ය කර ගැනීම ගැන ඔහු විරුද්ධ වුණා. එතකොට සිතීම ප‍්‍රතික්ෂේප වෙනවා. ඒකයි.

අනික දුරස්ථ හෙවත් ආගන්තුකකරණය ඔහුගේ සොයා ගැනීමක් යැයි කියනවනං ඒකත් වැරදියි. එය අතීතයේදීත් සාකච්ඡුා කරලා තියෙනවා. කලා කෘතියක පැවැතිය යුතු දුරස්ථ බව ගැන ප‍්‍රැන්සිස් බේකන් කතා කරල තියෙනවා. ඒ වගේම ඉමැනුවල් කාන්ට් කලාවෙන් අවබෝධය ඇති කිරීම ගැන අදහස් පල කරලා තියෙනවා. ඒත් සමඟම භරතමුනි සිය ”නිර්වේදය” තුලින් ප‍්‍රකාශ කරන්නේත් මේ ධර්මතාවය යැයි මා සිතනවා. කරුණ රසය, ශෘංගාරය ඇති කිරීමේදි සහායක් එහෙම නැත්නම් අනුභාවයක් ලෙසින් පවතින නිර්වේදය යන්නෙහි අරුත ”සංවේද් නොවීම” යන්නයි. පසුව අභිනවගුප්ත මේ තත්වය තවදුරගත් පැහැදිලි කොට තිබෙනවා. ශෝකය විඳ ගැනීමක්, ශෘංගාරය සිප වැළැඳ ගැනීමක් ලෙසින් ගැනීම අනවශ්‍ය අපහසුවක් ළඟා කරගැනීමක් වන පසුබිමක එයින් වියුක්ත වීම තූල අවබෝධය ලඟා කර ගත හැකිය යන ඒ හ\ුණා ගැනීම තමයි බ්‍රෙෂ්ට්ගේ දුරස්ථකරණයෙනුත් පෙන්වා දෙන්නෙ.

තවද ආසියානු රංගයේ මේ ගුණාංගය තිබූනු බවත් ඔහු පවසනවා. ඔබට මතකද මට්ටකුණ්ඩලී කතා වස්තුව. එහි එන ලෝභී පියා පුත‍්‍රයාගේ මරණය හමුවේ භාවයන් ඇද වැළැඳ ගනිමින් හඬා වැළපෙනවා. එතනට ඒ මොහොතේ එන මට්ටකුණ්ඩලී දිව්‍ය පුත‍්‍රයා එසේ භාවයන් වැළඳගෙන වැළපීමේ නිෂ්ඵල බව ඔහුට පහදා දෙනවා. දුරස්ථ හෙවත් ආගන්තුකකරණය ගැන හොඳ පැහැදිලි කිරීමක් එතැන තියෙනවා.

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

(මෙම අදහස් මුලින්ම පල වුණේ 2014. 04. 27 ”රන්දිව” පුවත්පතෙහිය.)

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s