විල්පත්තුවට නැති වුණේ පරිසරය විතරක් නොවේ -රුක්ෂන් ජයවර්ධන

රතු පස් බිම

ඉතිහාසය හැදෑරීමේදී මහාවංශය ට හිමි තැනක් තියෙනවා. ඒ වගේම විවේචනයකුත් තියෙනවා. විශේෂයෙන්ම විජයට පෙර එහි එන ලිවීම අගතිගාමී බව පැහැදිලියි. නමුත් පුරා විද්‍යාඥයන් හැටියට ඒ විදිහට ඉතිහාසයක් කොන්කරන්න අපට පුළුවන්කමක් නැහැ. අප හිතනවාට වඩා ප‍්‍රාග් ඵෙතිහාසික යුගයේ මානව සංස්කෘතිය සංකීර්ණයි. ඒ නිසාම ඒ ගැන හැදෑරීම් කළ යුතුයි. විල්පත්තු ජාතික වනෝද්‍යානනය කියන්නේ එවැනි පුරා තොරතුරු සමුහයක් සඟවා ගත් ප‍්‍රදේශයකටයි. මේ වන විට එවැනි පුරා ස්ථාන ගණනාවක් එහි හ\ුණාගෙන තිබුණත් හ\ුණා නොගත් ප‍්‍රදේශ ඊට වැඩි වෙන්නත් පුළුවන්. අනිත් අතට වනෝද්‍යානයක් වෙන්නම ඕනෙ නෑ. ඕනම එළිමහන් භූමියක එවැනි ප‍්‍රාග් ඵෙතිහාසික ස්ථානයක් – ඒ අතීත මිනිසුන් නවාතැන් ගත් තැනක් හමු වෙන්න පුළුවන්. නමුත් වනෝද්‍යායක්ය කිව්වම අපි දන්නවා ඒ තුළ මිනිස් ක‍්‍රිියාකාරකම් අවම මට්ටමකිනුයි සිද්ද වෙන්නෙ. නමුත් හොරෙන් නිදන් හෑරීම් වැනි දෑ වනෝද්‍යානයක් තුළ වුණත් සිද්ද වෙන්න පුළුවන්. ඒත් අපට පිලිගන්න පුළුවන් එළිමහනකට වඩා ආරක්ෂාවක් වනෝද්‍යානයක් තුළ ඊට අදාලව තිබෙනවාය කියලා. ඒ මොකද වනෝද්‍යානයක් ආරක්ෂා කරන්නේ කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරපු නෛතික රාමුවක් තුළයි.

අප හොඳින් මතක තබා ගත යුතු කරුණක් තමයි හැම පුරා සාක්ෂියක්ම ජාතික උරුමයක්ය කියන කාරණය. ඒ නිසා හුදෙක් සංවර්ධනය කියන පදනම මත මේවා කඩා බිඳ දමන්න ඉඩ දිය යුතු නැහැ. සංවර්ධනය කියන කරුණ ගැනත් විශේෂ පැහැදිලි කරගැනීමක්, මේ නිසා අද අපට අවශ්‍ය වෙලා තියෙනවා. පසුගිය දිනවල ආන්දෝලනයට ලක් වූ විල්පත්තු වන බිම හරහා කපන ලද මාර්ගය අරගෙන බලන්න. ඒක නීති විරෝධියි. එහෙම තිබියද්ත් එය පොදුවේ වාහන ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමත් ප‍්‍රශ්නයක්. වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැබිනට් මණ්ඩලයෙන් සම්මත කළ නෛතික පද්ධතියකින් ආරක්ෂිත වනෝද්‍යානයක් තුළ කිසිදු නෛතික අවසරයකින් තොරව මේ ආකාරයෙන් කටයුතු කිරීම පුදුම සහගතයි. බුන්දලත් මහත් පුරා වටිනාකමක් සහිත බෙලිකටු ඇති ගොඩැල්ලක් විනාශ කරමින් පාරක් කපලා තියෙනවා.එතනට ගියොත් කපන ලද පස් අතරේ ප‍්‍රාග් ඵෙතිහාසික බෙලි කටු විසිරිලා තියෙනවා ඔබටත් එය දකින්න පුළුවන්. නැවත එතැන නිසිි අයුරින් පුරා විද්‍ය ගවේෂනයක් සිදු කරන්න බැහැ. මතක තියාගන්න මේ ආකාරයට අපට අහිමි වෙන්නේ අපේම ජාතියේ ෙඔ්‍්‍රෂ්ඨත්වයය කියන කාරණය.

bod_rukshan

WNPS President Rukshan Jayewardene

බෙලි කටු පුරා විද්‍යා වටිනාකමක් සහිත සාක්ෂියක්. නමුත් වෙරලාසන්්නයෙන් හමු විය යුතු මේ බෙලි කටු රට අභ්‍යන්තරයෙන් ද හමු වෙන තත්වයක් තියෙනවා. කිතුල්ගල ලෙන ඊට උදාහරණක්. බුන්දල කියන්නෙත් එහෙම තැනක්. මේ නිසා අපැහැදිලි තත්ව අතරින් වුණත් මෙතැනදී අපට හිතන්න සිද්ද වෙනවා ප‍්‍රාග් ඵෙතිහාසික ්මිනිසාට ආහාර හෝ ආර්ථික වටිනාකමක් ලබා දුන් මේ බෙල්ලන් කල් තබා ගැනීමේ ක‍්‍රමයකින් ආරක්ෂා කරගෙන රට මැදට ගෙන ආවාය කියලා. එක් කාලයකදී ප‍්‍රචණ්ඩ වන සමුද්‍ර රළ හමුවේ රට මැදට සංක‍්‍රමණය වීමට සිදු කෙරුණ බල කිරීමේදී සිය ආහාර අවශ්‍යතාව වෙනුවෙන් බෙල්ලන් කල් තබා ගැනීම් ඔවුන්ට අවශ්‍ය වුණා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ බෙලි කටු ගොඩවල් සමඟ රතු පස් ගොඩැලි හමුවන බවද කිව යුතුයි. ඒ පාංශුු පරිසරය රතු පාටයි. මීට අවුුරුදු 35,000 ක් 100 000 ක් තරම් ඈත කාලයකදී මේ දිවයින අතිශයින් වියලි කාලගුණයකට හිමිකම් කියනවා. එවැනි තත්වයකදී සුළඟ විසින් ගෙන එන වැලි මේ පොළවේ තැන්පත් වීම සිදු වුණා. ඒ කාලයේ මෙහි වාසය කළේ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයන් වන අතර ඔවුන් රට පුරාම විසිරී සිටියා. ඒ බව සනාථ කරන එකී කාලයට අයත් ශිලා ආයුධ (තිරිිවාන ගල් කැබලි, ඊතල මූණත්, පිහිතල ආදිය* ඉරණමඩු ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ඒ යුගයේ ඇතිවන කාලගූණ විපර්යාසයක් හමුවේ අර කියපු වියළි කාලගුණය අවසන් වෙනවා. ඊලඟට එළඹෙන්නේ තද වැසි සහිත කාල වකවානුවක්. ඒත් සමඟම දීර්ඝ කාලයක් තිස්සේ වියලූණු පස් තට්ටු හරහා යකඩ වැනි ඛනිජ ද්‍රවය ගමන් කිරීමෙන් හා තැන්පත් වීමෙන් ඒ වැලි රතු පාටට හැරෙනවා. ඒ අනුව රතු පස් කඳු මේ භූමියේ නිර්මාණය වන්නේ කාලගුණ විපර්යාසයක ප‍්‍රතිඵලයක් හැටියටයි. මෙවැනි රතු පස් ක\ු බහුලවම දකින්නට ලැබෙන්නේ විල්පත්තුවේ බටහිර වෙරලේ ස්ථාන කිහිපයක, කුදිරමලේ සහ බුන්දල පතිරාජවෙල යන ප‍්‍රදේශ වලයි. ඉනුත් කුදිරමලේ මෙන්ම බුන්දලම – පතිරාජවෙල යන ස්ථානයන්හි බෙලි කටුත් හමු වී තිබෙනවා.

illegal-road-through-wilpattu-national-park_efl-e1473775050919dpp_1_copy9.jpg

සොහොන් බිම්

පොම්පරිප්පු නම් ප‍්‍රදේශය අපට හමුවන්නේ විල්පත්තුවේ නිරිතදිග කලාපයෙනුයි. මෙහිදී අපට දකින්න පුළුවන්කම තිබෙනවා ප‍්‍රාග් ඵෙතිහාසික සුසාන බිම්. මේ කැණීම් කටයුතු මුලින්ම සිදු කරන්නෙ පී. ඊ. පි. දැරණියගල මහතායි. ඒ නිසා හටගත් අවධානයත්, උනන්දුවත් නිසා පසුව තවත් එවැනි තැන් කිහිපයක්ම සොයා ගැනීමට පුළුවන් වුණා. දකුණු ඉන්දියාවේත් තියෙනවා මෙවැනි පූර්ව ඵෙතිහාසික සුසාන බිම් සංකීර්ණයක්ම. විශාල බරණිවල දැමු ඇටසැකිලි වශයෙනුයි මේවා හමු වී තිබෙන්නෙ. ඇත්ත වශයෙන්ම මෙතනදී සිද්ද වෙන්න ඇත්තේ පුළුස්සපු මෘත දේහවල නොපිලිස්සී ඉතිරි වුණු ඇට කැබලි මේ ආකාරයට බරණිවල දමා වළ දැමීම විය යුතුයි. අනික ඒ වළ දැමීමද නිකංම කරල නෑ. අවශ්‍ය ප‍්‍රමාණයට කපා ගත් හත?ස් වලවල් ඇතුළත බිත්ති ගල් පුවරු වලින් ආවරණය කිරීමක් මුලින්ම කරල තියෙනවා. ඒ ආකාරයට තැනු ගල් පෙට්ටියක් වනි වලක මේ බරණි තැන්පත් කොට උඩිනුත් විශාල ගල් පියනකින් වැසීමට කටයුතු කරලා තියෙනවා. දැනට දැකිය හැකි ඒ ගල් පියන් ද වනාන්තරයෙන් වැසී ගොස් තිබෙනවා. කොහොම වුණත් ඒ ගල් පියන් පරීක්ෂා කිරීමේදි අපට පෙනී යනවා එය මනා නිමාවකින් යුත් නිෂ්පාදනයක් නොවන බව. ඒවා රළු ප‍්‍රාථමික පැවැත්මකින් යුතුවයි දකින්න ලැබෙන්නෙ. මේ මිනිසුන් බෞද්ධයන් නොවන බවට අනුමාන කළ හැකියි. ඒ නිසාම අපගේ ඉතිහාසයට අදාලව මහාවංශය එක්තරා දුරකට මේ මිනිසුන්ව අවතක්සේරුවට ලක් කළත් ඔවුන් සතුවත් දියුණු සංස්කෘතික පැවැත්මක් තිබිලා තියෙනවා.

wilpattu01

විජය පැමිණෙයි.

විජය මෙරටට පැමිණීමත් සමඟ සිදුවන්නේ මේ සංස්කෘතීන් යටපත් වීමයි. ඔවුන් එය ගිල දැම්මා වගේ වැඩක් වුණේ. අපි දන්නවා විජය පැමිණෙන්නටත් පෙර සිටම මේ රටේ දියුණු වාරිමාර්ග ශිෂ්ටාචාරයක් තිබුණු බව. ඒ වගේම එය ඉන්දියාවටත් වඩා උසස් තත්වයකින් පැවැතුණු බව. විජයට පෙර මේ රටේ වාසය කලේ යක්ෂ, නාග කියන ගෝත‍්‍ර ය කිගල කියනවනෙ. එතකොට තර්කයක් ගොඩ නැගෙනවා ඒ පූර්ව ශිෂ්ටාචාර තමයි අර කියපු දියුණු වාරි ශිෂ්ටාචාරය ගොඩ නැඟුවේ කිගලා. මේ සඳහා සෘජු සාක්ෂි නැති වෙන්න පුළුවන්. ඒත් වක‍්‍ර සාක්ෂි තියෙනවා.

විල්පත්තුව කියන්නේ මේ කියන පූර්ව ඵෙතිහාසික සංස්කෘතිය ඒ වගේම පූර්ව ඵෙතිහාසික සොහොන් බිම් ගැන අධ්‍යයනය කිරීමට ඇති සුදුසුම බිම් ප‍්‍රදේශයයි. ඒත් එවැනි පුරා බිම් වනසමින් තමයි අර මුලින් කී ආකාරයට විනාශකාරී විදිහට ඩෝසර් යොදා ගෙන මාර්ග ඉදි කිරීම් කරල තියෙන්නෙ. එසේ විිනාශයට පත් වෙමින් තිබෙන මෙගලිතික් සොහොන් බිම් (දැනට කිහිපයක පමණයි කැණීම් කටයුතු කරල තියෙන්නෙ.* ගැන අද කරන කැණීම් කටයුතු වලට වඩා දියුණු තත්වයකින් තව අවුරුදු 50 කින් ඒ දේ කළ හැකිය යන දැනුවත් බවක් පුරා විද්‍යඥයින් අතර තියෙනවා. නමුත් මේ විදිහට සංවර්ධන කටයුතු කළොත් එහෙම, අපට ඉතිහාසයක් කියල දෙයක් ඉතිරි වෙන්නෙ නෑ.
ඒක හරි බරපතලයි. පරිසර හානියකදී යම් සත්ව හෝ ශාක විශේෂයක් නැති වුණොත් අප අයත්වන දකුණු ආසියානු කලාපයෙන්ම ඒ ජෛව විශේෂය ගෙනැවිත් බෝ කර ගැනීමේ ඉඩක් තියෙනවා. ඒ්ත් පුරා සාක්ෂි එහෙම නෙවෙයි. නැති වුණොත් නැති වුණාමයි.

dpp_5_copy1.jpg

ශිෂ්ටාචාර විනාශ වෙනවා. මොහෙන්ජොදාරො – හරප්පා යන ශිෂ්ටාචාරයටත් ඒ දේ වුණා. ඒ ගැන විවිධ මත තියෙනවා. විශේෂයෙන්ම විශාල පාරිසරික විනායක් හමුවේ එහි අවසානය තීරණය වුණාය කියන මතය වැදගත්. දියුණුවේ ඉහළටම ගිය මේ අය නැව් කර්මාන්තය වෙනුවෙන් දැව ලබා ගැනීමට විශාල වන සංහාරයක් සිදු කළ බවටත් ඒ නිසා හටගත් ස්වාභාවික විපත් හමුවේ පාලනය කළ නොහැකි ව්‍යසනයකට ඔවුන් ගමන් කළ බවත් එයින් කියැවෙනවා. ආර්යාගමනය තුළ ඔවුන්ගේ විනාශය නිර්මාණය වුණාය කියල මතයක්ද තියෙනවා. ශිෂ්ටාචාර විනාශ වෙනවා. ඒවාට විවිධ ඉතිහාසයීය හේතුත් තියෙනවා. ඒත් කිසිම හේතුවකින් තොරව අර කීව ආකාරයට පුරා සාක්ෂි විනාශයට පත් වීමට ඉඩ හැරීම නම් සුදුසු දෙයක් නොවේ.

(සියත පුවත් පත 2010.03. 21)

සකස් කලේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s