ඒ විමසීම තමයි ලෝකය ඉදිරියට ගෙන යන්නෙ. – ටි. අන්ද්රාදි

BNM

අප කතාකරන්නට සුදානම් වන ඔබේ අලූත්ම පරිවර්තන කෘතිය නවකතාවක්ද, එහෙම නැත්නම් ඉන් එහාට ගිය ආස්ථානයක පිහිටි ආඛ්‍යානයක්ද යනුවෙන් විවාදාත්මක තර්නයක් මතු කරනවා. Report to Greco  නම් එම කෘතියේ සිංහල පරිවර්තනයට අදාලව ඒ හ\ුණාගැනීම සම්බන්ධයෙන් ඔබේ එකඟතාවක් තියෙනවද….?

”ගැලවීම සොයා ගිය දිගු වන්දනා ගමනක්” මැයෙන් මා විසින් සිංහල බසට නැගූ ඒ කෘතිය මුලික අරුතින් නවකතාවක් යැයි ගත හැකි වුණත් අවසාන විග‍්‍රහයේදී ස්වයං චරිතාපදාන දාර්ශනික නවකතාවක් යැයි කිව හැකි තැනකට යනවා. අනිත් අතට පොදුවේ අපි හ\ුණන ස්වයං චරිතාපදාපදාන නවකතාවක ස්වරූපය ඒ ආකාරයටම මේ කෘතියේ ඇතැයි ඔබ සිතිය යුතු නෑ. ඒක එහෙම නෑ. නවකතාවක ස්වරූපය ගෙන ලියු ස්වයංචරිතාපදාන අප මීට පෙර කියවල තියෙනවා. චාල්ස් ඩාවින්, ඒබ‍්‍රහම් ලින්කන්, මයිකල් ආන්ජිලෝ යන චරිත ගැන අර්වින් ස්ටෝන් ගේ ලිවීම් තුළ ඒ චරිතාපදාන ස්වභාවය අපි දකිනවා. ඒත් ඊට වෙනස් තත්වයක් තමයි මෙහිදී අපට දකින්න ලැබෙන්නෙ. ඔහුගේම වචන මෙහිදී අපට වැදගත් වේවි.

”මගේ මේ කෘතිය ස්වයංචරිතාපදානයක් නොවේ. මගේ පෞද්ගලික ජීවිතයට එහි කිසියම් වැදගත්කමක් ඇත. එය අතිශයින්ම සාපේක්ෂය. ඒ මට ය. අන් කවරෙකුටවත් නොවේ. ඒ තුළ මා අනුදන්නා එකම එකම වටිනාකම වනුයේ, එක් පියවරක සිට ඊලඟ පියවර වෙත නැඟීමටත් එය සතු සවි ශක්තිය සහ අධිෂ්ඨානශීලිත්වය මඟින් එය ගෙන යා හැකිව තිබූ, ක‍්‍රීටානු බැල්ම යනුවෙන් මා හිතුවක්කාරී ලෙසින් හැඳින් වු එහි උච්චස්ථානය වෙත ළඟා වීමටත් දැරුණු එහි ප‍්‍රයත්නය වේ.” (කතුවරයාගේ පෙරවදන)

කෙනෙකු සිය ජීවිතය ඇසුරින ්සමස්ත මිනිස් වර්ගයාට අදාල භෞතික අධ්‍යාත්මික සංස්කෘතිකමය ගැටළු වමසා බලමින් යම් ලිවීමක් කරයිද අන්න ඒ ආකාරයේ ආඛ්‍යානයක් තමයි මේ කෘතියෙන් ඉදිරිපත් වෙන්නෙ. නවකතාවක් වශයෙන් ගත්41kqbm8mqcl-_sx307_bo1204203200_ විට ගලා යෑමේ සරල බවක් මෙහිදී අපට දැකිය හකි වුණත්, ඇතැම් විටටක මනස මදක් වෙහෙසවා කියවිය යුතු තැන් ද නැතුවා නෙවෙයි. ඒත් එය එසේ වීම අතිශයින් ස්වාභාවිකයි.

එහෙම කියන්නෙ හේතුවක් ඇතිවද…?

ඔව්, ඒකට හේතුව තමයි කතුවරයා නවකතාකරුවකු තරමටම දාර්ශනිකයකු වීම. ඇත්තම කියනවා නම් ඔහු නවකතාව මාධ්‍යයක් කරගත්තා සිය දාර්ශනික මතවාද ඉදිරිපත් කරන්න. නිකොන් කසාන්ත්සාකිස් වන මේ කතවරයා විසිවන සියවසේ බිහි වු විශිෂ්ටතම ලේඛකයින් අතර පළමු පෙළ සිටින්නෙකු ලෙසින් ගැනෙනවා. ක‍්‍රීට් දිවයිනෙි යි ඔහු උපත ලබන්නෙ. ඔටොමන් තුර්කි අධිරාජ්‍යයාගේ යටත් විජිත පාලන සමය තමයි ඔහුගේ සමාජ පසුබිම නිර්මාණය කරන්නෙ. ඒ යටත් පාලනයට එරෙහිව ගෙන ගිය ජාතික විමුක්ති අරගලය (විශේයෙන්ම ඔහුගේ පියා ඒ සටනේ සිටි සටන්කාමී ක‍්‍රියාකාරිකයෙක් විය.* තමන්ගේ ජීවිත ආභාෂය බවට පත් කරගත් අයෙකු යැයි කිව හැකියි. තමන්ගේ ලිවීම එක්දාස් නවසිය තිස් ගණන්වල සිටම කරගෙන යන ඔහු වැඩි සංඛ්‍යාවක් ලියා 21ඇත්තේ සංචාරක අත්දැකීම් සහිත කෘති බව දැකිය හැකියි. ඔහු ලියු දීර්ග කාව්‍ය සංග‍්‍රහය තමයි ”ඔඩිසි මොඩන් සීක්වල්” නමින් හැඳින්වෙන්නෙ. කවි 33333 කින් සමන්විත එය වසර 13 ක් තිස්සේ ඔහු ලියුවා. 1885 දී ක‍්‍රීට් දිවයිනේ දී උපත ලබා 1957 දී මිය යන නිකාසෝ කසාන්ත්සාකිස් නම් මේ ලේඛකයා ඒ වන විට කෘති 30 කට අධික ප‍්‍රමාණයක් ලියා අවසන් කොට තිබෙනවා. එහෙත් මා දන්නා තරමින් ”සෝබා නම් ග‍්‍රීකයා” (සද්ධාතිස්ස වඩිගමංගාවගේ පරිවර්තනයක්* නම් කෘතිය හැරුණු කළ මීට පෙර ඔහුගේ කෘතියක් සිංහලට පරිවර්තනය වෙලා නෑ. අනිත් අතට එයම තමා ඔහුගේ වඩාත්ම ප‍්‍රකට කෘතිය.

නිකාසො කසාන්ත්සාකිස් ඔතඩොක්ස් නිකායෙ සාමාජිකයෙකු වුණත් ඔහුගේ මෘත දේහහය දේවස්ථාන භූමියේ වළ දැමීමට නිකායික පූජකවරු ඉඩ නොදෙන තත්වයක්ද නිර්මාණය වෙනවා. The Last Temptation of Christ  (ක‍්‍රිස්තුස් වහන්සේගේ අවසන් පොළඹවාලනු ලැබීම)  නම් ඔහුගේම කෘතිය ඊට හේතුවක් වෙනවා. ඔහු ඒ ගැන මෙසේ පවසනවා.

kazantzakis3.jpg

Nikos Kazantzakis

”පියතුමනි, ඔබලා මට ශාප කළෙහු. මම ඔබලාට ආශිර්වාද කරමි”

නව වතාවක්ම ඔහුගේ නම නොබෙල් සාහිත්‍යය ත්‍යාගය සඳූහා නිර්දේශ වෙනවා. ඒත් එක වතාවකදීවත් ඔහුට ඒ ත්‍යාගය ලැබෙන්නේ නැහැ. ඇල් බෑ කැමු ට නොබෙල් ත්‍යාගය ලැබුණු වසරේදීත් ඔහුගේ නම දෙවැනි තැනට නිර්දේශ වී තිබෙනවා. මා අසා ඇති අන්දමට කැමු පවා පිලි අුරගෙන තියෙනවා ත්‍යාගයට සුදුස්සා තමා නොව ඔහුය කියලා. ඒත් ඔහු නොබෙල් ත්‍යාගලාභියෙකු වෙන්නෙ නෑ.

මා මේ කෘතිය කියවා දැනගත් ආකාරයට ඔහු දර්ශනවාදය හදාරා තිබෙනවා…..?

ඔව් ඔහු දර්ශනවාදය හදාරනවා. ඒ අනුව ඔහු බෞද්ධ දර්ශනය ඒ වගේම ජර්මානු දර්ශනයේ නීට්ෂේ ගැනත් හදාරනවා.නමුත් අවධාරණය විය යුතුය ග‍්‍රන්ථකරණයේදි ඔහුට යටත් විජිතවාදයට එරෙහි නිදහස් සටන් ව්‍යාපාරය බල පෑවාය කියන කාරණය.

එහෙම වුණත් කෘතියක් හැටියට ගත්තම එහි එන විග‍්‍රහය දාර්ශනික ඇතුලාන්තයක් සමඟ බැඳී පවතිනවාය යන්න ප‍්‍රතික්ෂේප කරන්න බැහැ…..?

ඔව්, නමුත් මා කීව අවධාරණයත් ප‍්‍රතික්ෂේප කළ නොහැකියි. ඒ නිසා සංකීර්ණ කියවීමක් මේ කෘතියේ තියෙනවා. ඔබ කි ආකාරයට දාර්ශනික විමසීමක් මෙහි තියෙනවා. ඒ නිසාම ඇතැම් විචාරකයින් මෙය නවකතාවක් හැටියට පිලිගන්නත් මැලි වෙනවා. ඒ නිසා තමයි මම කියන්නෙ මෙය නවකතාව මාධයයක් ටකාට ගත් චරිතපදානයක ස්වභාවයෙන් ලියැවුණු දාර්ශනික ආඛ්‍යානයක් ලෙසින් ගැනීම සුදුසුයි කියලා. නමුත් අර යටත් විජිත විරෝධි ජාතික විමුක්ති අරගලයේ සෙවනැල්ල යටයි මේ හැම දෙයක්ම සිද්ද වෙන්නෙ.

දොස්තයෙව්ස්කිගේ ”කරමසොව් සහෝදරයෝ” වැනි කෘතියක් ගත් කල එහි පිටු ගණන් පුරා දිවෙන සංවාද තුළින් මතු වන දාර්ශනික කියවීම් මා ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නෑ. ඒ හා සමාන ඇතුලාන්ත කියවීමක් මේ කෘතියේ ද දැකිය හැකියි. එය සොයා යෑමක් වශයෙන් ගැනීම වඩා සුදුසුයි කියාත් මා හිතනවා.

gf.jpg

Translator T.Andradi


’’පෘථිවිය සමගින්, මුහුද සමගින්, ගැහැණු සමගින්, සහ තරු පිරිවරාගත් අහස සමඟින් වු මගේ පළමු සබඳතාවන් එවන් වේ. දැන් පවා, මගේ දිවියේ අතිශය ගාම්භීර වු අවස්ථාවන්හීදි මෙම බියකරු ද්‍රව්‍යයන් හතර මම අත්දකිනුයේ මගේ ළදරු වියේදී තිබු ආශාවෙන් ම යුතුවය. මගේ සිරුර සහ ආත්මයට කිඳා බැසිය හැකි තරමින් මෙම බියකරු මුල ද්‍රව්‍යයන් හතර අත් විඳීමට අද පවා මට හැකි වී ඇත්තේ මා ළදරු වියේ පසුවෙද්දී ඒවා මට ලබා දුන් ප‍්‍රීතිය අත් විඳීමට සමත් වූ කල්හි පමණි. මගේ ආත්මය අත්පත් කරගෙන සිටින පළමු දේ ලෙස මට දැනුවත්ව හැඟී ගිය පළමු බලවේගයන් වුයේ මේවා වු හෙයිනි. මේ මූල ද්‍රව්‍ය හතර දිය කළ නොහැකි අයුරින් මා තුළ එක් වී එකක් බවට පත් විය. ඒවා හරියට වෙස් මුහුණු දිගින් දිගටම වෙනස් කරන්නා වූ තනි මුහුණක් වැනි විය.” (33 පිටුව)

මේ ආකාරයෙන් ඒ සොයා යෑම දිගටම සිදුවෙනවා. ඔහු බුදුන් වහන්සේ එකල සිටි පිවතුරුම මිනිසා ලෙසින් හ\ුණා ගන්නවා. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ නායක ලෙනින්ගේ අසීමත දේශපාලන කැපවීම ඔහුගේ ප‍්‍රශංසාවට ලක් වෙනවා.

”ගැලවීම සොයාගිය දිගු වන්දනා ගමනක්”හි භාෂාව හා බැඳුණු විලාසය ගැන කතා කලොත්…..?

මෙහි භාෂා විලාසය මා සම කරන්නේ ගැඹුරු සංගීත ස්වර රචනයකටයි.තවදුරටත් පැහැදිලි කරනවා නම් මිනිසෙකු නිසොල්මන් කොට ඔහුට සිය අධ්‍යාත්මයට සවන් දීමට අවශ්‍ය පරිසරය මේ භාෂාවෙන් පසුබිම හැදෙනවා.

මම ද්වේශ සහගත බවකින් සහ කෝපයකින් වෙලා ගනු ලැබීමි. අපගේ මාතාව සමඟ අපිදු ගුවන් ගැබේ ප‍්‍රථම ස්ථානයෙන් බිම ඇද වැටුණෙමු. අන් වචනවලින් කිවහොත්, අපගේ පෘථිවිය වුකලී තරු සමුහයා ගෞරව සම්ප‍්‍රයුක්ත ව භ‍්‍රමණය වන්නා වු ගුවන්ගැබ මධ්‍යයේ වැඩ වසන නිසසල ආර්යාවක් නොවේ. ඒ වෙනුනට ඇය, අවමානයට පත් කරනු ලැබ සහ සදාතනිකව ලූහු බඳිනු ලබමින්, මහා ජංජාලයක අග්නිජාලාව අතර අයාලේ කරක් ගසමින් සිටින්නීය.” (119 පිටුව)

Greek_philosopher_busts.jpg

ඒ ශෛලිය තුළ යම් උපහාසාත්මක බවක් දැනුණත් වඩාත් දුරට යද්දී කර්කෂ බවක් ද ඇති කළත් ඒකාත්මික ධ්වනියක් එහි තියෙනවා. ඒ වගේම ඉහත කී තත්ව ඇති වන්නේ ලෝකය සහ මනුෂ්‍ය පැවැත්ම ගැන පවත්නා පිලිගැනීම් ඒ වගේම තර්කයන් විතර්කයන් බවට පත් වන විටයි. එවිට ඔහු සදය උපහාසය කියන තැනට යනවා. මෙය සොයා යෑමක් බවත්, එය සාංදෘෂ්ඨිකවාදී විමසීමක්ය කියාත් මා නැවතත් කියනවා. පටලවා ගැනීමකින් තොරව අප මේ කෘතිය කියවිය යුතු නිසායි මම එහෙම කියන්නෙ.

ඒ වගේම අතිශයින් විවෘත හෙලිදරව්වක්ද මෙහි එනවා. එය කොතරම්ද කිව්වොත් සිය ෙලෙංගික ජීවිතය ගැන පවා ඔහු විවෘතව කතා කරන තැනකට යනවා. කොහොම වුණත් ඒ පසුබිමේ තියෙන්නේ තියුණු නිරීක්ෂණයක්ය කියලා මතක තබා ගැනීම වැදගත්.

ඒ වගේම මරණින් මතු ජීවිතය සම්බන්ධයෙන් පිලිගැනීමකුත් එහුට තියෙනවා….?e503ae234290aef7fa492c2ce98d0c69

ඔව් ඔහු කියන ආකාරයට දැන් අප මේ ගත කරන ජීවිතයේ දී කළ යුතුව ඇත්තේ අපේ මුතුන්මිත්තන් වෙනුවෙන් සේවය කිරීමයි. මරණයෙන් සිදු වන්නේ අප ඔවුන් සමඟ එකතු වීමයි. ඒ නිසාම අර සේවය පැහැර නොහැරිය යුතු වගකීමක් බවට පත් වෙනවා. එසේ මුතුන්මිත්තන් අතරට යෑම අපගේ මුදුන් මුල් සොයා ගෙන යෑමක් විදිහටත් අර්ථ නිරූපණය වෙනවා. ඊට අදාළව පුරාණෝක්ති සමඟ ජීවිතය කියවීම, එය යළි යළිත් විමසීම, මිනිසුන්ට ඉන් ගැලවීමට නොහැකි බව වටහා ගැනීම මෙහිදී සිදු වෙනවා. කොහොම වුණත් වැදගත්ම දේ තමයි ග‍්‍රීක් සාහිත්‍යයේ එන ස්වභාවයන් හ\ුණා ගැනීම. ඔවුන් දෙවියන්ගේ පැවැත්ම පොදුවේ ගත්තම ලබ්ධිය යන මේ තත්ව ගැන විශ්වාසයෙන් පසු වෙනවා. ඒ වගේම ප‍්‍රකට කවියෙකු වන ගර්තෙ ග‍්‍රීසිය ගැන ලියු දෑත්, මේ කෘතියත් අතර සමානකමක් දැකිය හැකියි.

මේ පැවසීම් අපට පෙන්වා දෙන්නේ ලෝක පැවැත්මේ මුලයන් වෙනස් වෙලා නැතැයි කියන එකයි. වෙනස් වෙලා තියෙන්නේ ඒවායෙ මතුපිට ස්වභාවයන් විතරයි. වහල් ක‍්‍රමය අද නැතැයි ඔබ සිතනවාද? එතකොට වැඩවසම් කමය… මේවා මහා විර්යාස හමුවේ වුණත් වෙනස් වෙලා නැහැ. ඒවායෙ මුලයන් අදටත් තියෙනවා. එතකොට මේ කෘතිය පාදක කරගෙන අපට මෙවැනි නිගමනයකට ආ හැකියි. ඒක මෙහෙමයි. ඉතිහාසය සාහිත්‍යයිකව ඒ වගේම නිර්මාණශීලිව ඉදිරිපත් කලොත් තමයි ඒ ගැන විමසීමක් ගොඩ නැගෙන්නෙ. ඒ විමසීම තමයි ලෝකය ඉදිරියට ගෙන යන්නෙ. ඉදින් එය එසේ නොවුණා නම් ඉතිහාසය කියන්නෙ හුදු වාර්තාවක් පමණයි.

සංවාදය – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ


15697802_238934413211047_526921634721609081_n

පරිවර්තනය -ටි. අන්ද්රාදි

සුරිය ප‍්‍රකාශනයක්

– Contact No. 0382237470

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s