එහෙම නැති තැන ඇති නිශ්ශබ්දතාව හරි වේදනාකාරියි.

මම පළමු වරට කොළඹට එන්නේ යෞවන සමාජ නාට්‍ය තරඟයට ඇතුළත් වෙමිනුයි. ඒ සඳහා නිෂ්පාදනය කළ නාට්‍යයක් සමඟයි. නාට්‍ය නිෂ්පාදනයක් සමඟ එහෙම ආවත් හුදෙක්ම නාට්‍ය පැත්තටම යොමු නොවී (ඒත් ඒ ආභාෂය මම අත හැරියෙ නෑ.* ප‍්‍රවීණ කැමරාවේදී ඇන්ඩෘ ජයමාන්න ගුරුතුමාගේ පාඨමාලාවට සම්බන්ධ වුණා. ඒ තුළින් මම කොළඹ නගරය එක්තරා ආකාරයකට හ\ුණාගත්තා යැයි කියන්න පුළුවන්. ඒත් මම කොළඹට එන්නේ ලේඛකත්වයක් හිස තබාගෙන යි. ඒක විශේෂයෙන්ම කියන්න ඕනෙ. කොයි ආකාරයෙන් හරි ලේඛකයෙකු වීමේ ගිජු කමක් ඒ දවස්වල මට තිබුණා. ඒක කාලයේ බලපෑමක් ද විය හැකියි. ලිවීම පෞරුෂත්වයක් ඇති කළ කාලයක් තමයි ඒ කාලය. ඔය ආකාරයට ”අරලිය” පත්තරේට ලියන්න මම මගක් පාදා ගන්නවා. පසුව ලංකාදීපයේ සමන්ත යහම්පත්ගේ සහායත් ලැබෙනවා. මා හිතනවා මගේ ලිවීම වෙනම තැනකට ගෙන යන්නේ සිරිමල් විජේසිංහගේ ”පාරාදීසය” යි කිගලා. ඒ විතරක් නෙවෙයි වෙනම ඇසුරක් ද ඒ නිසා නිර්මාණය වෙනවා. මනෝහාරි හේවාවසම්ගේ ඒකාංගික ටෙලි නාට්‍යයන්හි සහාය කටයුතු වලට යොමු වෙන්නේ ඒ අනුවයි.

ඒ කොහොම වුණත් මාව ටෙලිවිෂන් ක්ෂේත‍්‍රයට ගෙන එන්න් ශාන්ත බණ්ඩාර. අදටත් ඒ සම්බන්ධයෙන් මට තියෙන්නෙ කෘතවේදී හැඟීමක්. මේ ආකාරයට ලද අත්දැකීම් මෙන්ම ඇසුරු කිරීම් රාශියක් මැද තමයි මගේ ART එක හැදුණෙ. අදට සාපේක්ෂව ඒ මිනිසුන් ළඟ තිබුණා මිනිස් ගුණ සුවඳ. ඔවුන් දැන සිටියා ඒ වගේම විශ්වාස කළා නව අනාගතයක් වෙනුවෙන් නව පෙලගැස්මක් අවශ්‍යයි කිගලා. ඒ අනුව ඒ නව පෙලගැස්ම ඇති කරන්න මිසක් නැති කරන්න කටයුතු කලේ නැහැ. එහෙත් වසර 30 ක් පුරා ඇදී ගිය සිවිල් යුද සමයෙන් පසු එවැනි මිනිස්කම හ\ුණන එක්ව ගමනක් යා හැකි අයවළුන් මට හමුවන්නේ නෑ. නිතරම අනිකා පෙරලා දමන්නට උත්සහා කරන මහා කියන තැනකට තමන්ව ඔසවා ගැනීමට නිරන්තර උත්සහායක යෙදෙන හිස් බෙලෙක්ක මෙන් හඬ නගන්නවුන් සමඟයි ඉන් පසුව අපි ගමන් කරන්නෙ. මෙය සැමවිට ම ඉවසිය නොහැකි තත්වයක් බවට පත් වෙනවා. තරගය….අන්ධ තරගය හැරුණම අන් කිසිවක්ම නැති තත්වයක් අප වටා ඇති වෙනවා. මිනිසෙකුගේ පරිචය, මනුෂ්‍ය සංවේදිතාව පොතක් පතක් කියවීම, සංවාදයකට යොමු වීම මේ කියන කාලයේදී පුදුම සහගත විදිහකට අපෙන් ඈත් වෙනවා. භයානකම දේ තමයි අප මේ තත්වයට හුරු වීම.

quote-all-that-is-valuable-in-human-society-depends-upon-the-opportunity-for-development-accorded-albert-einstein-8-73-76.jpg

ඒ වගේම අපි බොහෝ දේ අමතක කරනවා. ප‍්‍රතිරූප හඹා යෑම, අවසානයේ දී හිස්ටීරියා රෝග තත්වයක් නිර්මාණය කරනවාය කියන කාරණයත් අර විදිහටම අපි අමතක කරනවා. මේක සමාජ හුදෙකලාවක්ය කියන කරුණ අපට අමතක වෙනවා. හැම තැනකම අපට දකින්න ලැබෙන්නේ දිය වෙලා ගිය මනුෂ්‍ය සබඳතා සහිත අවපැහැගත් චිත‍්‍රයක් වැනි සමාජ පරිසරයක්. ජීවිතය අද අපට අහිමි වරප‍්‍රසාදයක් බවට පත් වෙලා. සොයා යෑමක් නිර්මාණය වෙන්නේ නැති වීමක් ඇතුලෙයි. ඒත් සොයා යෑම කෙසේ කළ යුතුද කියන කාරණය පහසුවෙන් තීරණය කරන්න බැහැ. ටෙලිවිෂන් යන්ත‍්‍රයක්, ශීතකරණයක් සොයා ගෙන ගිහින් ගන්නවා වගේ ඒ දේ එහෙම කරන්න බැහැ. ඒ සඳහා විශේෂ මහන්සියක් අවශ්‍යයි. ගැඹුරු සිතීමක් අවශ්‍යයි. එහෙම නැති තැන ඇති නිශ්ශබ්දතාව හරි වේදනාකාරීයි.

දවසක් මට හමු වූ ළදරු නිර්මාණකරුවෙක් කියනවා, ජාතීන් දෙක එකට හප්පලා නැගලා යන හිට් එකක් කරමුය කියළා. ඒක කන්සෙප්ට් එකක්ය කියළත් ඔහු පැවසුවා. ඔබම හිතා බලන්න මේ මොන කතාවක්ද කියලා. විඥානයක් නැති මේ අය මේ විදිහට නිර්මාණය වුණේ කොහොමද? ඒ වගකීම පැවරෙන්නෙ කාටද?

quote-Mahatma-Gandhi-measures-must-always-in-a-progressive-society-41665_1.png

සංවර්ධිත ලෝකය මීට සාපේක්ෂව බොහෝ ඉදිරියෙන් සිටින බව පැහැදිලියි. ඔවුන් ඉතිහාසය තුළ ඔවුන්ට නොතිබු දේ ඇති කර ගනිමින් සිටිනවා. ඒ අනුව වර්තමාන තාක්ෂණ දියුණුව සමඟ අධ්‍යාපනයේ දියුණුව, සදාචාරය, මානව සංවර්ධනය යන ප‍්‍රගතීන් ඔවුන් ඇති කර ගනිමින් සිටිනවා. නමුත් අපි පිරිහෙනවා. දෛනිකවම ඒ දේ එිදු වෙනවා. ඒක ඇතුලෙ කාය වර්ධනය පමණක් සිදු වෙනවා.

පරාක‍්‍රම ඒකනායක.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s