වන ජීවි සංහාරය සහ විල්පත්තුව

ශ‍්‍රී ලංකාවේ වන ජීවී සංරක්ෂණයට සෘජුවම බාධා කරන ප‍්‍රධෘනම ක‍්‍රියාවන් දෙකක් වශයෙන් වන සතුන් දඩයම සහ ඒ වෙනුවෙන් සහ ඊනියා සංවර්ධනය පෙරට දමා සිදු කෙරෙන වනාන්තර සංහාරය හ\ුණාගෙන තිබේ. පොදුවේගත් කල සෑම වනාන්තරයකම වාගේ මේ තත්වය දැකිය හැකි වුවත් මෑත දී ඒ සම්බන්ධයෙන් වඩාත් කතා බහට ලක් වුණේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ඒ ආශ‍්‍රිත කටයුතු බැවින් කාලීන වටිනාකම සලකා ලෝක වන ජීවි දිනය වෙනුවෙන් එයම පාදක කර ගැනීමට සිතුවෙමු.

විශේෂයෙන්ම පසුගිය කාල වකවානුවේ දී පුත්තලම සහ මන්නාරම එක් කරමින් මහා වනෝද්‍යානය දෙකඩ කරමින් ඉදි කලා වු මාර්ගයත් සමඟ විල්පත්තු වනයට අ\ළව යට කී පාරිසරික අපරාධ ඉහල අගයකින් වැඩි දියුණුවන තත්වයක් නිර්මාණය වී තිබේ. මෙම වනයේ විශේෂත්වය සහ ස්වාභාවික අවශ්‍යතාවක් ද වශයෙන් පවතින ”විල්ලූ” නම් පාරිසරික කලාප කිසිදු අනුකම්පාවකින් තොරව එකී මාර්ග සංවර්ධනය වෙනුවෙන් විනාශ කොට තිබේ. විල්ලූ යනුවෙන් හැඳින්වෙන්නේ අලි ඇතුන් වනයේ වඩාත් ප‍්‍රිය කරමින් ?ඳෙන ආහාර බිම් වේ. ඒවා එසේ විනාශයට පත් කිරීම යනු අලි ඇතුන් ආහාර අහේනියකට ගොදුුරු කොට ගොවීන්ගේ වගා බිම් කරා ඒ සතුන් කැඳවා ගැනීමක් නොවේ නම් අන් කුමක් දැයි විමසිය යුතුව තිබේ. නිරීක්ෂණය කොට ඇති ආකාරයට පාලම් නුනක් ද සමඟ ඉදි කොට ඇති මේ මාර්ග නිසා කරුවලකුඩා, පොම්පරිප්පු, පෙරියඔප්පු විල්ලූ, පෙරිය විල්ලූ, සින්න ඔප්පු විල්ලූ, මොල්ලිකුලම්, මයිලවිල්ලූ, කාලිවිල්ලූ වැනි පාරිසරික වටිනාකම් සහිත කලාපයන් විනාශයට පත් වෙමින් තිබේ. එමෙන්ම මෙය තනි මාර්ගයක් නොවන බවත් ඒ හා බැ\ුණු මාර්ග කිහිපයකින්ම එය සමන්විත බවත් සිහි තබා ගත යුතු වේ. තවද ඒ නිසා විනාශ වන සෑම බිම් අඟලක්ම වන ජීවි නිවාසස්ථාන ය යන කරුණ ද සිහිපත් කළ යුතු ව තිබේ.

9(95).jpg7-1.jpg

නින්දිතම කටයුත්ත වන්නේ එකී කටයුත්තට අවශ්‍ය පස් ලබා ගෙන ඇති ආකාරය යි. ඒ අනුව එකී මාර්ග වෙනුවෙන් පස් ලබා ගැනීම ස\හා විනාශ කෙට ඇත්තේ අර මුලින් කී විල්ලූ නම් මෘදුු මෙන්ම අලි ඇතුන් ගේ ආහාර බිම් ද වන විල්ලූ නම් පරිසර කලාප යි. සිදු කොට ඇති ඒ විනාශය ඔබ, ඔබේ ඇසින් ම දැකිය යුතුය.

මේ කියන මා්රග සංවර්ධනයටම අදාල වන වෙරළබඩ මාර්ගයට ගොදුරු වී තිබුණේ වැලි ක\ු ද කටු ප\ුරු සහිත ල\ු කැළෑ බිම් වලින් ගහන වියළි මිශ‍්‍ර සදාහරිත භූමි කලාපයකි. එය මුළුමනින්ම වාගේ ඩෝසර් කොට තිබේ. ඒත් සමඟම තම්බපණ්ණ් නම්න් හැඳින්වෙන පෙතිහාසික භූමිය ද විනාශ වී ඇතැයි වාර්තා වේ.

අදාල මාර්ග ඉදි කිරීමෙන් පසු වන ජීවින්ගේ නිවාසස්ථාන සහ ඔවුන් ගේ ජීවිත කිසිම වටිනාකමක් නොතබා වැනසීම ද ආරම්භ විය. ඒ අනුව ලොරි රථවල නැග ගත් වන සංහාරකයෝ වනයට ඇතුළු වෙමින් සිටිති. විශේෂයෙන්ම පලූ ශාක වල පල හට ගන්නා කාලයට පලූ ගෙඩි කැඞීමට පැමිණෙන මේ මිනිස්සු ඒ ගස්වල අතුු කපා බිම හෙලමින් ඒ කටයුත්තේ නිරත වන්නේ මෙය ජාතික වනෝද්‍යානයක් ය යන්න තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. තවද එකී ශාකවල අතු වලට ගැට ගැසු කඹ යළි බර වාහන වලට ද ගැට ගසා එකී රථ ධාවනය කරවීමෙන්, ඒ අතු කඩා බිඳ හෙලන්නේ දැවැන්ත වන විනාශයක් ඒ අවට නිර්මාණය කරමිනි.

04.jpg

එය එතැනින් නවතින්නේ ද නැත. නීති විරෝධි දඩ මස් ජාවාරම ද ඒත් සමඟම බැඳී පවතී. අර කීව මං ඔස්සේ වනය ට පිවිසෙන වාහන වලම පටවා එකී දඩ මස් ප‍්‍රවාහනය ද බාධාවකින් තොරව ම සිදු වේ. එසේ ගෙන ගිය දඩ මස් කොන්ඩවිච් නම් ප‍්‍රදේශයේ වෙළඳ සැළක ද තිබී අසු වුණු බවටත් වාර්තා පල වුණි. ඒත් සමඟම කාලවිල්ලූ ප‍්‍රදේශයේ දී දඩයම් සඳහා යොදා ගන්නා නීති විරෝධි ගිනි අවි සහ පතරොම් ද හමු වී ඇත.

ජාතික වනෝද්‍යානයක් වුවත් ඊට අයත් ශක්තිමත් නීති පද්ධතියන් ආරක්ෂා වීමට නියමිතව තිබුණත් විල්පත්තුව ජාතික වනෝද්‍යානය පවතින්නේ අර කී ආකාරයේ කණගාටුදායක තැනක බව පැහැදිලි විය යුතුය. විල්පත්තුවට මුකුත්ම වෙලා නැද්දැයි අප මුල සිට ම ඇසුවේ මේ ආකාරයේ විනාශයන් සම්බන්ඨ වාර්තා අප සතුව ඇති හෙයිනි.

En – Reporting

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s