මෙය තව දුරටත් ඉවසිය හැකි තත්වයක් නොවේ.

කළු ගල් කැඩීම ව්‍යාපාරයක් වශයෙන් නැගී එන්නේ යටත් විජිත යුගයේ සිට යැයි සිතමි. ඒ ඔවුන් ඇති කලා වු නගර සහ මාර්ග සංවර්ධනය හේතු කොට ගෙන ය. කෙසේ වුව ව්‍යාපාරයක් වශයෙන් ඉදිරියට ආ එය ජාවාරමක් සහ බරපතල පාරිසරික ප‍්‍රශ්න සහිත සමාජ හිංසනයක් බවට පත් වෙන්නේ වැඩි ඈතක සිට නොවේ. ඒ කැත නින්දිත දේශපාලනය නීතියට පයින් ගසා කටයුතු කරන්නට පටන් ගැනීමත් සමඟය. ඔවුන් ද මේ ජාවාරමේ ජාවරම්කරුවන් බවට පත් වීමත් සමඟය.

භූ විද්‍යාව හ\ුණාගන්නා ආකාරයට කළු ගල් යනු විපරීත පාෂානයකි. ඊට ආදේශක නැත. එනිසාම කිසිදු අනුකම්පාවකින් තොරව දුපත් පිහිටීමක් වන ශ‍්‍රී ලංකාවේ භූ විෂමතා වටිනාකම්ද අමතක කොට තමන් තෝරා ගත් ප‍්‍රදේශ වලින් කළු ගල් කඩා ඉවත් කර ගන්නා යට කී ජාවාරමුන් ඊට එරෙහිව පවත්නා නීතිය ද පසු බස්වා තිබේ.

රටේ නීතියට අනුව නම් කළු ගල් කැඞීමට අවශ්‍ය බලපත‍්‍රය ලබා ගැනීමට ආයතන හතරක් මැදිහත් විය යුතුය. පළාත් සභාව, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශය, සහ මධ්‍යම පරිසර අධිකාරිය යනු ඒ ආයතන හතරයි. ඊට අමතරව පුපුරන ද්‍රව්‍ය පාලනය කිරීම වෙනුවෙන් පොලිසියේ සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත් වීමේ අවශ්‍යතාව විශේෂත්වයකින් යුතුව සැලකිය යුත්තකි. ඒ අනුව කළු ගල් කැඞීම සඳහා පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් සහ කළු ගල් කැඞීමේ බලපත‍්‍රයක් අවශ්‍යමය. එතැනදී පරිසර ආරක්ෂණ බලපත‍්‍රය මධ්‍යම පරිසර අධිකාරියෙන් නො එසේනම් අදාල පලාත් පාලන ආයතනයෙන් ලබා ගත යුතුය. ගල් කැඞීමේ බලපත‍්‍රය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීමේ කාර්යාංශයෙන් ලබා ගත යුතුව තිබේ.

hambantota-2013-11-04-14-44-41-n

එසේ බලපත‍්‍ර නිකුත් කිරීමේදී බෝර වලවල් සකස් කළ යුතු ගැඹුර, එක් වලකට දැමිය යුතු පුපුරන ද්‍රව්‍ය (ඇමෝනියම් නයිටේ‍්‍රට් හා ජෙලග්නයිට් ප‍්‍රමාණය* එමෙන්ම පිපිරීමකදී ඇති වන උපරිම කම්පන හා ශබ්ද සංඛ්‍යාතය වැනි දත්ත අදාල බලධාරි ආයතන විසින් සොයා බැලිය යුතුය. බලපත‍්‍රයක් ලබා දීමේ දි යට කී දෑ කොන්දේසි වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව ද එකී බලධාරි ආයතන වලට තිබේ. නමුත් ප‍්‍රශ්නය වන්නේ එකී නෛතික විධි විධාන ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වෙනවාද කියන එකයි. විශේෂයෙන්ම භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්යාංශයට මේ සම්බන්ධයෙන් ඇත්තේ සුළුපටු වගකීමක් නොවේ. එහෙත් ආයතනයක් වශයෙන් ඔවුන් එහිලා කොතරම් බලවත්ද?

විශේෂයෙන්ම මෑතක සිට නොවැළැක්විය හැකි ලෙසින් නිර්මාණය වන නාය යෑම් සඳහා මේ ව්‍යසනය කොයි තරම් බලපෑමක් කරනවාද යන්න සම්බන්ධයෙන් අවම මට්ටමේ සොයා බැලීමක්වත් මේ බලධාරී ආයතන සිදු කොට තිබේද? සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව නිකුත් කෙරුණු 2000 නොවැම්බර් 22 දින අංක 115 – 22දරන ගැසට් නිවේදනයෙන් කළු ගල් කැඞීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත‍්‍රයක් ලබා ගැනීම, කළු ගල් කැඞීමක් යනු කුමක්ද? පළාත් පාලන ආයතනයෙන් බලපත‍්‍රයක් ලබා දෙන කළු ගල් කැඞීමක් යනුවෙන් හැඳින්වෙන්නේ කුමන තත්වයක්ද? යන කරුණු වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කොට තිබේ. ඒ අනුව වරකට එක් බෝර වලක් බැගින් පුපුරුවන මසකට මීටර් 600 කට අඩු ධාරිතාවක් සඳහා වූ පිපිවීමකට පළාත් සභාවෙන් බලපත‍්‍රයක් ලබා ගැනීම ප‍්‍රමාණවත්ය. එහෙත් වරකට බෝර වලක් බැගින් පුපුරවමින් මසකට ඝන මීටර 600ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් වූ නිෂ්පාදන ධාරිතාවක් වෙනුවෙන්් අවශ්‍ය බලපත‍්‍රය ලබාගත යුත්තේ මධ්‍යම පරිසර අධිකාරියෙනි.

DSC_04131.jpg

තවද ජාතික පාරිසරික පනත ප‍්‍රකාශිත 1993. 06. 24 දින අංක 772 – 22 ගැසට් නිවේදනය ප‍්‍රකාරව මීටර 25 කට වඩා ගැඹුරු ගොඩබිම් ප‍්‍රදේශයක කළු ගල කැඞීමක් සිදු කරන්නේ නම් ඊට ප‍්‍රථම පුරා විද්‍යා පනත යටතේ නිශ්චය කළ හෝ ප‍්‍රකාශයට පත් කොට ඇති යම් පුරා විද්‍යා රක්ෂිතයක් එසේ නැත්නම් පුරාණ හෝ ආරක්ෂිත ස්මාරකයක් අදාළ ප‍්‍රදේශයේ තිබේ දැයි සොයා නොබලා කටයුතු නොකළ යුතුය. එමෙන්ම ජලාශයක ජල සැපයුම් මට්ටමේ සිට ඝන මීටර සියයක් ඇතුළත ප‍්‍රදේශයක හෝ වන රක්ෂිතයක, සංරක්ෂිත වනාන්තරයක හෝ ජාතික උරුම වන රක්ෂිතයක කළු ගල් කැඞීමක් අර කී ආකාරයට මීටර සියයක් තුළ සිදු වන්නේ නම් එය පාරිසරික බලපෑම් ක‍්‍රියාවලියට එය යටත් විය යුතුය. එමෙන්ම සංවේදි කලාපයක් ලෙස ප‍්‍රකාශිත භූමියක සිදු වන්නේ නම් එයද පාරිසරික බලපෑම් තක්සේරු ක‍්‍රියා වලියට යටත් විය යුතුය. ඊට අදාලව 2009 අංක 22 දරන පනතින් සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9 අ (1* හා (2* වගන්ති මෙසේ පෙන්වා දෙන ආකාරයට ජාතික රක්ෂිතයක (ජාතික වනෝද්‍යාන, ස්වභාව රක්ෂිත ආදිය* මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ ගල් කොරියක් පවත්වාගෙන යාමට පෙර පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත් ව වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන්පුර්ව ලිඛිත අනුමැතියක් ලබා ගැනීම අවශ්‍යය.chapel-building-11

නමුත් එවැනි නෛතික තත්වයක් තිබියදීත් කොරතොට පුරා විද්‍යා වටිනාකම් සහිත ප‍්‍රදේශයේත්, පුරා විද්‍යා වටිනාකම් මෙන්ම වන ජීවි වටිනාකම් සහිත භූ කළාපයක් වන බුද්ධංගලහි ගල් කොරියක් ආරම්භ වුණේ කෙසේද යන ප‍්‍රශ්නය පැන නගී. මතු වු විරෝධතා හමුවේ එය නතර වන විටත් පුරා විද්‍යා නටබුන් පවා පුපුරවා කළු ගල් ලබා ගෙන තිබුණි. වෙන එකක් තියා අභය භූමියේ මායිම් ද වෙනස් කොට ජාවාරම කරගෙන ගොස් තිබිණි. කොරතොට නම් අදටත් මේ විනාශය සිදු වේ. අප ජීවත් වන්නේ එවැනි කළු ගල් මාෆියාවක් යටතේය. අදාල බලධාරී ආයතනයකින් බලපත‍්‍රයක් ලබා ගැනීමෙන් පසු නීතියක් සම්මතයක් නොතකා කටයුතු කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබේ. තමන් දුන් බලපත‍්‍රය ප‍්‍රකාරව කටයුතු කෙරෙන්නේ දැයි විමසා පසු විපරමක් නොකරන්නේ මන්දැයි අප විමසු විට, ඒ සඳහා නිලධාරීන් නැතැයි කියන්නට තරම් අදාල බලධාරි ආයතන ප‍්‍රශ්නය සැහැල්ලූවට ගෙන තිබේ.hqdefault

අතිශය අවිධිමත් අයුරින් සිදු කෙරෙන භූ පිපිරවීම් නිසා භූ ගත ජල මට්ටම් ද පහත බසින්නේය යන්න බොහෝ අය නොදත් කරුණක් වේ. එවැනි ප‍්‍රදේශවල ජල මුලාශ‍්‍ර විනාශයට පත් වී තිබීම පැහැදිලි අර්බුද නිර්මාණය කරද්දීත් අර වගේ පිළිතුරක් ලබා දීමට බලධාරි ආයතන කටයුතු කිරීම තවදුරටත් ඉවසිය යුතු තත්වයක් නොවේ. නියත වශයෙන්ම මෙවැනි පාරිසරික අපරාධ නැවැත්වීමට විධිමත් මෙහෙයුමක් අවශ්‍යමය. අනිත් අතට රටේ තමන් කැමති ප‍්‍රදේශයක නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය සෑම පුරවැසියෙකුටම තිබිය යුතුය. එය වගකීමක් හැටියට ආරක්ෂා කිරීමේ වගකීමෙන් අත් මිදීමට කිසිදු රජයකට පුළුවන්කමක් නැත.

En. Reporting

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s