අනුලාගේ දිවි නසා ගැනීම හෙවත් රැජිනකගේ රාජ්‍ය තාන්ත‍්‍රික පරාජය

සිංහල නවකතාව කලාත්මක මාධ්‍යයක් වශයෙන් ඉස්මතු වුනද කිසිදා එය සාර්ථක සමාජ දේශපාලනික කතිකාවතක් බවට පත් නොවන්නේ නවකතාකරුවන්ගේම වරදින් යැයි කීමේ කිසිම ඇත්තක් නැත. ඊට වගකිව යුතු ප‍්‍රධානම ක‍්‍රියාකාරීත්වය ලෙස අප දකින්නේ විචාරකයින්ය. මුල් කාලීනව රෙජී සිරිවර්ධන වැනි චරිතත්, පසුව අජිත් සමරනායක වැන්නවුනුත් මෙහිලා යම් දායකත්වයක් සැපයුවද එය වෙනස් වන තත්ව හා වැඩිදියුණු කර ගනිමින් ඉදිරියට ගෙන යා හැකි පු`ථල් දේශපාලනික කියවීමකින් යුත් විචාර කුලකයක් ඉන් බිහිවුනා යැයි කීමට පු`ථවන්කමක් නැත.
අනික් අතට මෙරට නවකතාව හුදු කලා මාධ්‍යක් වශයෙන් පමණක් ගනිමින් නන් දෙඩ වූ පේරාදෙණිය සාහිත්‍ය විචාරකයෝ නවකතාවේ සමාජ දේශපාලන වටිනාකම් දැන හ`දුනා ගැනීමේලා සමත් නොවූහ. සිය ගම් පියස් අතහැර නාගරික සංස්කෘතියේ මැද පාන්තික බුද්ධිමතුන් බවට පත්වන ඔවුහු සිය සමාජ ගන්ධබ්බ දිවි පෙවෙත තුළ උදාසීනව වැතිර සිටීම හැරුණු කල අන් කිසිදු සමාජ දේශපාලන වටිනාකමක් නුදුටුවාහ. විරාගයේ අරවින්ද සහ මළගිය ඇත්තෝහි දෙවොන්දරා සංගෙන් එහාට පුද්ගල චරිත නිෂ්පාදනයක් මෙන්ම, ගම්පෙරලිය මුල් කොටගත් තුන්ඈ`දුතු නවතකාවේ සමාජ දේශපාලන පෙරළියෙන් එහාට එවන්නක් ගැන නොදත්තවුන්ගේ තත්වයට මේ මහැදුරු ප‍්‍රමුඛ ඇ`දුරු කල්ලිය පත්වුනේ කුමන අරුමයක් නිසාද යන්න ඒ අනුව පැහැදිලිය. r2
ඒ පැහැදිලි අරුමයම පසුව අධිපතිවාදී කරුමයක් බවටද පත්විය. අධිරාජ්‍යවාදී දේශපාලන විකෘතියෙන් හටගත් සමාජ පෙරළිය ඉතා හොදින් නිරූපණය කළ ඩබ්ලිව්. ඒ. සිල්වා මෙන්ම, 56 පෙරළියෙන් පසු ආර්ථික දේශපාල ගරාවැටීම් හමුවේ නන්නත්තාර වූ මෙරට ගැමි නාගරික තරුණ ප‍්‍රජාව හා ඒ තුළම පිරිහී ගිය මැදපාංතික ජීවිතය ගැන සිත් කාවදින ලෙසින් කියා පෑ කරුණාසේන ජයලත් ද, අර සාහිත්‍ය අධිපතිවාදය විසින් විනාශයට පත්කරන ලද නිර්මාණශීලී ලේඛකයෝ වුහ. ඒ සම`ගම මෙරට නවකතාව හුදු රසිකයා අතර තහවුරු වීමට බලපෑ හැකිව තිබු ප‍්‍රබල නිර්මාණශීලි චරිතද නිශ්ශබ්ද මරණයකට ඇද දමනු ලැබුහ.
එසේම පසුකාලීනව සුගතපාලද සිල්වාගේ ” බල්ලෝ බත් කති”, කේ.ජයතිලකගේ ”රාජපක්ෂ වළව්ව”, සයිමන් නවගත්තේගමගේ ”ක්‍ෂීර සාගරය කැළඹිණ” වැනි දේශපාලන ආස්ථානයක් සහිත නවකතා පොහොසත් සමාජ දේශපාලන නවකතා සම්ප‍්‍රධායක් ගොඩනැගීමට අපොහොසත් වුනේ මන්දැයි යන්න වෙනම ලිපියකින් විමසිය යුත්තකි.
කෙසේ වෙතත් මෙවැනි විස්තරයක් කරා අප යන්නේ මෑතකදී අප කියවු අපේ ඉතිහාසයේ අහම්බ දේශපාලන පදවි ප‍්‍රාප්තියක් වස්තුකොටගත් නවකතාවක් කියවා හමාරවීමෙන් පසු ඇතිවු අදහසක් නිසාය. කෘතියේ නම ”රැුජින”ය. එය ලියු ලේඛකයා මොහාන් රාජ් මඩවලය. කෘතියක් වශයෙන් ගත්කළ එයද මෙරට දේශපාලන දෘශ්ටිමය පොහොසත් කමක් නැති බොහෝ කියවීම් අතර ඉතා ඉහළ තැනකට යනවා යැයි අප සිතන්නේ නැත. කෙසේ වෙතත් එහි එන සිතා බැලිය යුතු දේශපාලන දිවි නසා ගැනීමක් අප හමුවට පමුණුවන්නට කතුවරයා ගන්නා වූ ප‍්‍රයත්නය නම් නුදුටුවාක් මෙන් සිටීම කළ නොහැකිය.
කෙසේවෙතත් ලේඛකයෙක් වශයෙන් කතුවරයා නිතර පවසන ඉතිහාසය ෆැන්ටසියක් ලෙස ගැනීම, රැුජිනක වූ අනුලාගේ දිවි නසා ගැනීමත් සමග පටලවා නොගැනීමට පරිස්සම් විය යුතුය. ඒ නිසා අනුලාගේ දිවි නසා ගැනීම රැුජින නවකතාව තුළ මතුවන තවත් එක් සිදුවීමක් පමණක් නොව තනිකරම දේශපාලන සංසිද්ධියක් යැයි අපගේ හැගීමය.
ඒ අනුව අනුලාගේ දේශපාලන දිවි නසා ගැනීම අපට අවධාරණය කරන විශේෂ වූ යමක් තිබේ. එනම් දක්ෂ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු යැයි කියන්නේ, මොන ක‍්‍රමයකින් හෝ දේශපාලන බලය අත්කර ගන්නා පුද්ගලයකුට නොවන බවයි. එසේ අත්කර ගන්නා දේශපාලන බලයත් සමග රාජ්‍ය තාන්ත‍්‍රික ඥානයත් නොමිලේ නොලැබීම ඊට හේතුවයි. නමුත් කෙතරම් දක්ෂ රාජ්‍ය තාන්ත‍්‍රීකයෙකු වුවත් තමන් ලද දේශපාලන බලය තම ප‍්‍රධාන පැවැත්ම වශයෙන් ආරක්ෂා කර ගැනීමට ප‍්‍රවේසම් විය යුතුය. ඔහුුගේ හෝ ඇයගේ දේශපාලන ක‍්‍රියාකාරකම්, විනිශ්චයන් මෙන්ම තීන්දු තීරණද සිය රාජ තාන්ත‍්‍රික බව ප‍්‍රකට කරන තරමට ලද දේශපාලනික බලය ආරක්ෂා කරගැනීමටද සමත් විය යුතුය. ඊට සාපේක්ෂව රැුජින නවකතාවේ අනුලාගේ හැසිරීම කෙබදු වේද? 579759_4798273872882_1816649718_n
පොදු මිනිසා සිය දේශපාලන නායකයා වෙතින් බලාපොරොත්තු වන්නේ පැහැදිලි දේශපාලන තීන්දු තීරණය. ඒ සම්බන්ධයෙන් තමන්ට විවේචනයක් තිබුණා හෝ නැතුවා හෝ ප‍්‍රබල දේශපාලන තීන්දු ගැනීමේ හැකියාව ඇති බව අවිඥානිකව හෝ බලාපොරොත්තු වීම මානව ශිෂ්ටාචාරය විසින් පොදු ජනයා තුළ ඇතිකොට තිබේ. ඒ අනුව දේශපාලන අහම්බයක් ලෙසින් බලයට පත්වන්නකු වුව, නායකත්වය ලැබීමෙන් පසුව එය අහම්බයක් ලෙසින් නොව අවශ්‍යතාවයක් ලෙසින් ජනතාව තුළ තහවුරු කිරීමට වගබලා ගත යුතුය. නොඑසේ නම් නායකත්වයට අවශ්‍ය තීන්දු තීරණ දේශපාලන නායකයකු ලෙසින්ම ගත යුතුය. එහෙත් එහිදී අත්‍යාවශ්‍ය කරුණක් වන්නේ ඒ ස`දහා තමන් තුළ වෙසෙන සාමාන්‍ය මනුෂ්‍යයා කැ`දවා නොගැනීමය.
ඉහත කරුණු මත පිහිටා රැුජින නවකතාවේ අනුලා නම් දේශපාලන චරිතය විග‍්‍රහ කරනකල්හි ඇය අසමත් නායිකාවක් බව පෙනේ. එසේම සිය දේශපාලනය අහම්බය ස්ථාවරත්වයක් කරා ගෙන යෑමට ඇය අසමත් වූ බවද පෙනේ. එපමණක් නොව තමන් තුළ දුක් විදිමින් සිටින මනුෂ්‍ය දුව හා රාජ්‍ය තාන්ත‍්‍රීක රැුජින යන ද්වන්ධය නිසි ලෙසින් කළමනාකරනය කර ගැනීමට ඇයට අපහසු වූ බවද පැහැදිලි වේ.

තමන් තුළ දුක් විදින මනුෂ්‍යත්වයත්, ඒ මනුෂ්‍යත්වයෙන් උපන් ගැහැනියත්, තීරණාත්මක දේශපාලන සංසිද්ධීන් කරා ඇය කැ`දවාගෙන නොයන්නට ඇය වෙත බලපාන ලද අතිශය කණගාටුදායක තත්වයකි. එහි තේරුම නම් රාජ්‍ය තාන්ත‍්‍රික විෂයේදී ගතයුතුව ඇති අවශ්‍යම තීරණ ගැනීම රැුජිනට මිස අර සංවේදී ගැහැනියට බාර නොදිය යුතුය යන්නයි. රැුජින කෘතියට අනුව අනුලාට වරදින්නේ එතනය. මේ නිසා ඇයට කෙතරම් යහපත් අදහස් තිබුණත් පලක් නැත. රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ඕ තොමෝ අසමත් රාජ්‍ය නායිකාවක් වන්නීය. එසේම අවසානයේ සිදුවන ඇගේ දිවි නසා ගැනීම ඇය තුල ජීවත් වු සංවේදී ගැහැණිය විසින් ගත් හුදු පෞද්ගලික තීරණයක් පමණක් නොවන්නේය. නොඑසේ නම් මානුෂීය වශයෙන් ඇය කෙතරම් උත්තුංග වුවත්, ඇගේ දිවි නසා ගැනීම රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ඇගේ අසාර්ථක භාවයේ තීරණාත්මක ප‍්‍රතිපලයක් වන්නේය.
රැුජින කෘතියට අනුව කුඩා තිස්ස පුද්ගලයෙකු වශයෙන් ඝාතනය වීමේ නියත ප‍්‍රතිඵලය වන්නේ අනුලා නම් දේශපාලන අහම්බය මෙරට රාජාවලියට එකතු විමයි. එහෙත් කුඩා තිස්ස විසින් නිර්මානය කරන ලද දේශපාලන යාන්ත‍්‍රණය පරාජය නොවීම තමන්ට දේශපාලන අවධානමක්ය යන කරුණ අනුලා වටහා නොගත්තාය. තවත් අතකින් ඇය රැුජිනට වඩා ඇය තුළ සිටි සංවේදි ගැහැනියට ඇලූම් කළාය. තිස්ස නම් දර කපන්නා යුවරජ තනතුර දක්වාම පැමිණෙන්නේ ඒ සංවේදි ගැහැනියගේ කැමැත්ත මතය. එපමනක් නොව රාජ්‍ය තන්ත‍්‍රය තමාගෙන් ගිලිහී යාමේ බරපතල අවධානමක පවා තිබියදී වාසුකී නම් ගැහැණිය නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇය ගන්නා අත්තනෝමතික තීරණය අර සංවේදී ගැහැනියගේ තීරණයක් විනා, කිසිසේත් ශුර රාජ්‍ය නායිකාවකගේ රාජ්‍ය තාන්ත‍්‍රික තීරණයක් නොවන්නේය.
සමහරවිට ඇය සිතන්නට ඇත්තේ හොද අදහස් හා හොද ක‍්‍රියා හමුවේ නරක පසුබැස යනු ඇති බවය. අවාසනාවකට පියවි ලොව තබා හො`ද නවකතාවකදීවත් එසේ සිදුවන්නේ නැත. ඒ අනුව රාජ්‍ය තාන්ත‍්‍රික සුපරික්ෂාවක් නැති, එහෙත් හොද අදහස් ඇති ගැහැනියක් දේශපාලන බලය හිමිකර ගැනීම ඉදිරියේ නියත වශයෙන්ම අත්කරගත යුතු ඉරණම රැුජින කෘතිය අවසානයේදී අනුලා විසින් හිමි කරගෙන තිබේ.
ඉතිහාසය තුල ෆැන්ටසියක් වශයෙන් ගත හැකි අත්දැකීම් හෝ සිද්ධීන් තිබිය හැකිය. එහෙත් ඉතිහාසය යනු ෆැන්ටසියක්ම නොවේය යන්න අනුලාගේ මෙන්ම ක්ලියෝපැට්රාගේද චරිත හරහා අපට සනාථ කරගත හැකිය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අවසානයේ අත් කරගත් දිවි නසා ගැනීමේ ඉරණම එකම මූලයකින් හටගත්තා යයි අපට කීමට නොහැකිය. එහෙත් එය ඔවුන් දෙදෙනාගේ අසාර්ථක රාජ්‍ය තාන්ත‍්‍රිකභාවයේ ප‍්‍රතිඵලයක් බව සහතිකය.
මේ සංඥාර්ථය හරහා මොහාන් රාජ් අපට නොකියා කියන්නේ, ”අපි ප‍්‍රගතිශීලි” යැයි සිතාගෙන සිටින වර්තමාන රජයට වුනත් තමාට පෙර පැවති දේශපාලන යාන්ත‍්‍රණය සහමුලින් විනාශ කළ නොහැකි නම් අනුලාට මෙන්ම දිවි නසා ගැනීමට සිදුවන බවද?

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s