අහිංසක පුරවැසියා, අහිංසක ජනතාව…නෑ, ඒවා ඇත්ත නෙවෙයි. – චුලානන්ද සමරනායක

(චුලානන්ද සමරනායක සමඟ මේ සංවාදය 2013 වසරේ ඇති වුවකි. කවියෙකු හැටියට ඔහු මෙරට කාව්‍ය ක්ෂේත‍්‍රය තුළ කුමන ස්ථානයක් අත් කර ගත්තත් සමාජ විචාරකයෙක් වශයන් ඔහුගේ අදහස් හි සපලතාවය නිසාම එය මෙසේ පල කිරීමට සිතුවෙමු.)

කවියෙකු වශයෙන් ඔබට හිමි අනන්‍යතාව කුමකි දැයි නොවිමසාම ’’විලංගුවෙන් ලියු කවි’’ නම් ඔබගේ කාව්‍ය සංග‍්‍රහය ගැන විමසන්න කැමතියි….?234

කාව්‍යකරණයට අදාළව අපට ගුරු වූණු පරම්පරාවල් ගණනාවක්ම සිටිනවා. මුලින්ම සම්භාව්‍ය යුගයත් ඒ වගේම කොළඹ යුගය, පේරාදෙනි සමය වගේම මෑත කාලීනව රත්න ශ‍්‍රී විජේසිංහ, ධර්මසිරි ැාජපක්ෂ, මොනිකා රුවන්පතිරණ, පරාක‍්‍රම කොඩිතුවක්කු වැනි නිර්මාණශීලින් හරහාත් කවිය සඳහා ගුරු ආභාෂයක් අප ලබනවා. ඊට අදාලව මා ගැන කියනවා නම් මම කවි ලියන්නට පෙර පුළුල් කියවීමකට ගිය අයෙක්. මගේ කවිය ප‍්‍රතිනිර්මාණය කරන්නේ මා අත්විඳි සමාජ අසහනය යි.ඒ අසහනය නිර්මාණය කළ සමාජ අසාධානණයයි. විලංගුවෙන් ලියු කවි බොහොමයක් සිර කඳවුරු වල දී ලියු ඒවා බවත් කියන්න ඕනෙ. මම තුන් වතාවක් (89, 90, 91* අත් අඩංගුවට පත් වෙනවා. මම මගේ උපාධිය සම්පුර්ණ කරන්නෙත් එසේ අත් අඩංගුවේ සිටින අතරවාරයේ දීයි. උපාධි ප‍්‍රදානෝත්වවයට සහභාගි වෙන්න ඒ සමුහ ඡුායාරූපයට පෙනී සිටින්න ඒ නිසා මට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. එසේ විලංගුවේ සිටි කාලයේ දී ලියු කවි මෑත කාලීනව ලියු තවත් කවි කිහිපයක් ද එකතු කරල තමයි මේ කාව්‍ය සංග‍්‍රහය නිර්මාණය කලේ.

එහි එන බොහොමයක් කවි එසේ විලංගුවේ සිටිය දී ලියු නිසාම ද එය ඒ නමින්ම ඉදිරිපත් කරන්නෙ….?unnamed (3)

නෑ, ඒ අර්ථයෙන්ම විතරක් නෙවෙයි. අනික එදා මම ඒ විදිහට විලංගුවේ සිටියේ භෞතික සිරුරින් පමණයි. ඒත් අද මා විතරක් නෙවෙයි අපි හැමෝම කායිකව පමණක් නෙවෙයි මානසිකවත් විලංගුවේ සිටින තත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ විදිහට වර්තමානයේ වෙසෙන අප සංස්කෘතික මූලධර්මවාද, ගෝත‍්‍රවාද, ජාතිවාද යන මේ ආකාරයේ විලංගු ගණනාවකින් අද අත් අඩංගුවට පත් වෙලා සිටිනවා. එහෙම යුගයක් මේක. ඒ වගේ පුළුල් අර්ථයකින් තමයි මම ඒ නම මගේ මේ කවි එකතුවට යෙදුවේ.

ඒ පැහැදිලි කිරීමට අනුව වර්තමානයේ වෙසෙන්නේ කොයි ආකාරයෙන්වත් නිදහස් මිනිසෙක් නෙවෙයි. විලංගු ලූ මිනිසෙක්…..?

ඒ විතරක් නෙවෙයි. වර්තමාන මිනිසා අහිංසකයෙකුත් නෙවෙයි. අපි කියනවනේ අහිංසක පුරවැසියා, අහිංසක ජනතාව කියලා. නෑ, ඒවා ඇත්ත නෙවෙයි. වර්තමාන දේශපාලනඥයන් තරමටම රටේ ජනතාවත් කපටියි. මේ දෙපාර්ශවයම දේශපාලනයේ නාමයෙන් සිදු කරන්නේ පෞද්ගලික වාසි ඉලක්ක කරගත්ත කපටි ගනුදෙනුවක්. ඒ වගේම ඔය කියන අහිංසක පුරවැසියා ඇතුලේ විවිධ චරිත සිටිනවා. විටෙක දේශපේමියෙකු වන ඔහු දේශයේ සංස්කෘතියට ගල් ගසන්නෙකු ද වෙනවා. මානව හිතවාදියෙකු හැටියට එක් අවස්ථාවකදීත් තවත් අවස්ථාවකදී තමන්ගේම අසල්වැසියාට එරෙහිව මානව විරෝධියෙකු හැටියටත් කටයුතු කරනවා. සාධාරණත්වය ගැන කතා කරන ඔවුන්ම බොහෝ අසාධාරථයන් හමුවේ නිහඬ මුවින් සිටිනවා. මේ විදිහට මේ පරම්පරාව ඉදිරි අනාගතය මුළුමනින්ම අහුරමින් සිටිනවා. එවැනි පසුබිමක මේ පරම්පරාවට මනුෂ්‍යත්වය ගැන කියා දීමත් ලොකු අභියෝගයක් වෙලා තියෙනවා.

unnamed (2).jpg

ඒත් සමඟම කියන්න ඕනෙ සංඛ්‍යාලේඛන අපව නොමඟ යවනවා. අපේ රටේ සාක්ෂරතාව සියයට 90 ක්ය කියනවා. එහෙම සාක්ෂරතාව තියෙන තරුණියක් (එක්තරා කාන්තා පුවත් පතකයි මෙය තිබුණෙ* පසුගිය දාක තමන්ගේ පෙම්වතා තමන්ව සිප වැළැඳගෙන ස්පර්ශ කළ බවත්, ඒ නිසා තමන් ගැබ් ගනීවි දැයි අසා තිබෙනවා. එතැනදී වෛද්‍ය විශේෂඥයා ඇගෙන් අහනවා ඔබ වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිිිල්ලා නැද්ද කියලා. එහෙම බලනකොට ඉතාම පැහැදිලියි අපේ නීර්ණායකයන් බොහෝ විට අපට අපේ සැබෑ තත්වය පෙන්වා දෙන්නේ නැති බව.

ඒ වගේම තමයි අපේ ඉගැන්වීම් බොහොමයක් අද අපට එරෙහි වෙලා තියෙනවා. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා කියනවනෙ. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනෙ කියනවා. මේවා ඉගන්වීම්. ඒත් ඒ ඉගැන්වීම් අද පට්ටපල් බොරු බවට පත් වෙලා තියෙනවා. අපේ සංස්කෘතික සද් පැවැත්ම අප ඉදිරියේම කඩා වැටෙමින් තිබෙනවා. මේ තත්වයට මා ද ඇතුළුව මාත් සමඟ තරුණ විය පසු කල අපේ පරම්පරාවම මුහුණ දී සිටිනවා. අපි ඒ ගැටුමට මැදි වෙලා සිටිනවා. මගේ කවියත් අවසානයේදී ඒ සමාජ අරගලයේම ප‍්‍රකාශනයක් බවට පත් වෙනවා.

ඒ සඳහා සුදුසු ආකෘතියක් ගැන විශේෂ අදහසක් ඔබට තිබුණද…..?

මගේ කවියට නිශ්චිත ආකෘතියක් නැහැ. එහෙම ආකෘතියක් හදාගෙන කවි ලියන්න මම උත්සහා කරලත් නැහැ. එය කවිය විසින් ම තීරණය කළ බවයි මට කියන්න තියෙන්නෙ. අනිත් අතින් කවිය කියන්නේ මේ විෂම සමාජ ක‍්‍රමයට එරෙහිව භාවිතා කළ හැකි එක් මාධ්‍යයක් පමණයි. කොහොමවුණත් මම වෘත්තීය කවියෙක්් නෙවෙයි.

කාව්‍යකරණය විෂයයිකව ආභාෂය ලැබිය හැකි පුර්ව සහ සමකාලීන කවීන් අපට සිටිනවා. ඔවුන්ගේ කවි සම්බන්ධයෙන් මා එකඟ වුණත් නැතත් ඒවා රස විඳීමේ හැකියාව මට තිබෙනවා. නමුත් මේ මොහොතේදී මගේ කවිය සමාජ විවේචනයක් වීමෙන් වළක්වාගන්න මට පුළුවන්කමක් නහැ. එහෙම වුණොත් පුර්ණ වශයෙන්ම එය ව්‍යාජයක් වේවි.

අකමැත්තෙන් වුණත් උත්තර දෙන්න අමාරු ප‍්‍රශ්නයක් අහන්න සිදු වෙනවා. මේ කවි සරණියේ ඔබ වඩාත්ම ප‍්‍රිය කරන කාව්‍ය අත්දැකීම කුමක්ද…..?

ඒක නම් උත්තර දෙන්න අසීරු ප‍්‍රශ්නයක් තමයි. ඒකට හේතුව තමයි මේ හැම කවියකම වගේ තියෙන්නෙ මගේ උණුසුම් ජීවිත අතදැකීම් වීම. ඒ අනුව එ් සෑම කවියකම වගේ අඩු වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා ඒවා සම්බන්ධයෙන් මගේ කැමැත්ත. කොහොම වුණත් ”තාත්තාගේ මරණය” මා වඩාත් සංවේදි වූ කවියක්. ඒ වගේම නීතිය භාවිතය සහ අපි” ”විලංගු ලූ පන්හිඳ” ”පාතාලයා අම්මාට ලියු ලිපිය” යන මේ කාව්‍ය අත්දැකීම් මට වඩාත් සංවේදි වුණා යැයි මා සිතනවා.

1005966_412810842166927_917028199_n.jpg

එක්තරා විවේචකයෙක් පසුගිය කාලයේ කියු කතාවක් මතක් වෙනවා. ඒ අනුව අපි මේ කතා කරමින් සිටින්නේ මහා ප‍්‍රපාතයකට. ඒ ප‍්‍රපාතය අතිශයින්ම නිහඬයි. ප‍්‍රතිචාරයක් නෑ. අඩුම තරමින් අපේ හඬෙි දෝංකාරයවත් අපට ඇසෙන්නේ නැහැ. ඇත්තටම ඒක එහෙමද……?

කාල් මාක්ස් කියල තියෙනවා සියලූ ඝන ද්‍රව්‍ය දිය වී යයි කියලා. අපි මේ අත් විඳිමින් සිටින්නේ ඒ තත්වයම තමයි. ඒත් ඒ දේ එහෙමය කිගලා විස්සෝප වෙනවට වඩා තමන්ට හැකි අයුරින් ඒ සියල්ලට එරෙහිව නිර්මාණ කටයුත්තක යෙදීම යෙදිමයි විය යුත්තේ කියන තැන මම ඉන්නවා. එවැනි නිර්මාණාත්මක සොයා යෑමක් ඇති විය යුතුයි. කියමනක් තියෙනවා රටක නරකම කාලය පුවත්පත් කලාවේදියෙකුගේ හොඳම කාලයයි කියලා. මුලික වශයෙන්ම තමන් නිදහස් මිනිහෙක් වීම අවශ්‍යයි. මා එයින් අදහස් කරන්නේ විලංගු නැති මිනිහෙක් ගැනයි. ඒ අනුව සංස්කෘතික වශයෙන් වේවා ගෝත‍්‍ර වශයෙන් වේවා ජාති වශයෙන් වේවා බන්ධනාගාරගත වීම වැරදියි.

ඇත්ත, අපට පිලිගන්න වෙනවා අපේ නිර්මාණ වලට ප‍්‍රතිචාර නැහැ කියලා. ඒත් කවියට අදාලව යම් ප‍්‍රමාණවත් ඉඩක් අපේ සමාජයේ අදටත් තියෙනවා. ඒක ප‍්‍රමාණවත් නැති බව ඇත්ත. ඒත් නිහඬ වීම නෙවෙයි ඒකට පිළිතුුර. අදට අදාලව කතා කලොත් කොච්චර පිම්මේ ගියත් අපට හැරී බලන්න සිද්ද වෙනවා. ඒක වළක්වන්න බැහැ. කාල් මාක්ස් කියනවා ධනවාදය වැඩියෙන්ම නිෂ්පාදනය කරන්නේ තමන්ට එරෙහි වන්නවුන්ය කියලා. එයත් අද අප අත් විඳින සත්‍යතාවක්.

”දිළි\ු බව ලැබුවෝ වාසනාවන්තයෝය
මක් නිසාද ඔවුහු තරබාරු නොවන්නෝය.
අන්ධ බව ලැබුවෝ වාසනාවන්තයෝය.
මක් නිසාද ශවුන්ගෙන් සුරා ගනු නොදකින්නෝය
ගොළු බව ලැබුවෝ වාසනාවන්තයෝය
මක් නිසාද ඔවුහු ජනයා පොළඹවන අය නොවන්නෝය.”

සංවාදය – මොහාන් ශි‍්‍රයන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s