තමන්ගේ ම වනයේ දී වාහන වලට හැපී මිය යන ලංකාවේ කොටියා

(මෙම වාර්තාව මුලින්ම පල වුයේ 2011.11.27 දින ”රන්දිව” පුවත්පතෙහිය. නමුත් අදටත් මේ තත්වයේ අවසානයක් වී නැත.)z_p-25-Predator-02

ස්ථානය – පට්ටංගල වන සීමාව
වෙලාව – උදේ 6 ට පමණ
සිද්ධිය – තරුණ කොටි ෙධිනුවක් මිය ගොස් සිටින අයුරු වන සත්වලෝලි කණ්ඩායමක් දකියි.
හේතුව – ඒක දිග කතාවක්

තමන් ට ඒ කොටි දෙනගේ සිරුර හමුවන විටත් ඇගේ ශරීර උණුසුම පහ නොවී තිබුණේ යැයි වන සත්ව ලෝාි කණ්ඩායම පවසා තිබේ. මුලින් සිතුවේ ආක‍්‍රමණශීලි වල් ඌරෙකුගේ පහර දීමකින් ඒ කොටි දෙන මිය යන්නට ඇති බවකි. මීට පෙරත් සිදු වු කොටින්ගේ මරණ හමුවේ වන ජීවි සංරක්ෂණයෙන් නිතර අසන්නට ලැබුණු මරණ වලට හේතුවත් එය ම විය. එනම් වල් ඌරු ප‍්‍රහාරයක් හමුවේ එම සතා මියගොස් ඇතිය යන්නයි. කොහොම වුණත් මෙතැනදී නම් ඒ චෝදනාවෙන් නිදහස් වීමට වල් ඌරා ට පුළුවන් විය.

කොටි දෙනගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ට අනුව ඇගේ ඉල ඇට සහමුලින්ම වාගේ පොඩි පට්ටම් වී ඇත. ඒත් සමඟම පෙනහලූ ද විනාශ වී තිබේ. එය බරපතල ආකාරයට සිදු වු ගැටුමකින් හට ගත්තක් යැයි පැහැදිලි කෙරිණි. ඒ අනුව වනෝද්‍යානය තුළ වේග පාලනයකින් තොරව පිස්සු වැටුණු එවුන් මෙන් ධාවනය කෙරෙන සෆාරි ජීප් රථයක ගැටී මේ තරුණ කොටි දෙන මියගොස් ඇති බව අනාවරණය කර ගැනීමට හැකි විය. එහෙත් මේ වනහි ඒ ආකාරය ට සිදු වූ පළමු මරණය නොවන අතර මීට පෙර ද එසේ වේගයෙන් ධාවනය වූ වාහනයක ට අසු වී කොටි පැටවකු ද මිය ගොස් ඇති බවක් ද වාර්තා වේ. සිද්ධිය ඇසින් දුටුවන් ඒ බව හෙලිකරද්දීත් වන ජීවි සංරක්ෂණ නිලධාරීහු එය වල් ඌරු ප‍්‍රහාරයකින් සිදු වූ මරණයක් යැයි කීහ.

yala-national-park-sri-lanka-0191.jpg

ජ්‍යෙෂ්ඨ පරිසරවේදීන් පවසන අන්දමට ලංකාවේ කොටියා බහුලව වෙසෙන වනෝද්‍යානයක් වශයෙන් විල්පත්තුව ප‍්‍රකට වුණත් කොටි ඡුායාරූපගත කිරීමට සුදුසු වනෝදත්‍ානයක් හැටියට යාල වනෝද්‍යානය වැදගත් වේ. ඒ නිසාම දේශීය මෙන්ම විදේශීය වෘත්තීය ඡුායාරූප ශීල්පීහු ඒ වෙනුවෙන් යාල ට පැමිණිමට උනන්දුවක් දක්වති. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් සංචාරක ආකර්ශනය වැඩිපුරම දිනාගත් මෙරට වෙසෙන විශාලතම බිළාලයා වන කොටියකු දැක ගැනීමේ අරමුණ මත වනෝද්‍යානය තුළ උපරිම වේලාවක් ?ඳී සිටීමේ තත්වයක් ද ගොඩ නැඟී තිබේ. ඒ ආකාරයට 11822458_1473887629603867_1748914483157004814_nවනෝද්‍යානයෙත් පිට මං විය යුතු වේලාව ආසන්න වන තෙක් ම එසේ ?ඳී සිට පසුව පිටවීමේ දොරටුව කරා වේගයෙන් ජීප් රිය පදවාගෙන යෑම පිලිගත් ක‍්‍රමවේදයක් බවට පත් වී ඇත්තේ කිසිදු නෛතික බාධාවකින් තොරවය. එසේ ඔවුන් පැමිණෙන ඒ වේගය වනෝද්‍යානයක් තුළ තබා සාමාන්‍ය මාර්ගයකටවත් ඔරොත්තු දෙන්නක් නොවේ. නමුත් එය එසේ ම සිදු වේ. මෙසේ වේගයෙන් ධාවනය වන වාහන වලට හැපී මිය යන සතුන් වල් ඌරු ප‍්‍රහාරයකින් මිය ගියා යැයි පවසන වන ජීවි සංරක්ෂණ නිලධාරින් ද ඒ ගැන නොදන්නවා නොවේ. ඇත්තම කියනවා නං අපට වඩා හොඳට ඔවුහු ඒ ගැන දනිති.

තවද වනෝද්‍යානය තුළ ජංගම දුරකථන භාවිතය ද වාහනවල වේගය වැඩි කරන්නක් බවට පත් වී තිබේ. මෙහිදී බොහෝ දුරටම රථ රියදුරන් මෙන්ම මඟ පෙන්වන්නන් තමන්ගේ දුරකථන හරහා සෙසු එවැන්නවුන් හා සම්බන්ධ වෙමින් සතුන් සිටින ස්ථාන වමසමින්, එවැන්නක් දැනගත් සැණින් රථය වේගයෙන් එතැනට පදවාගෙන යෑම බොහෝ විට සිදු වන්නක් වේ. එහිදි පවත්නා වාහන තදබදය හමුවේ නියමිත මාර්ගයෙන් යෑමට ඉඩක් නැත්නම් වනාන්තරය පොඩි කරමින් මාර්ග නිර්මාණය කරගෙන ගමන් කරන තත්වයට ම මේ සෆාරිකරුවෝ ශක්තිමත් වී සිටිති. මේ ආකාරයට විශේෂයෙන්ම යාල ජාතික වනෝද්‍යානය තුළ අවම මට්ටමින් හෝ පරිපාලනමය මෙන්ම නෛතික අධීක්ෂණයක් නැතැයි කිව හැකි තත්වයක් සෆාරි සංචාරක මාෆියාව විසින් වනෝද්‍යානය තුළ ඇති කරනු ලැබ තිබේ.

දිගු කාලීනව පැවැති සිවිල් යුද තත්වයකින් පසු සංචරණය ට සහ විනෝදය ට තිබු බාධා ඉවත් වීම තුළ එවැනි ස්ථාන කරා ජනයා ගේ එක් රොක් වීම පසුගිය කාලය පුරාම දක්නට ලැබුණු තත්වයක් වේ. කෙසේ වෙතත් එය එසේ වෙනවාය කියා හෝ එයින් ලැබෙන ලාභය ගැන සිතා හෝ විශේෂයෙන් ම ජාතික වනෝද්‍යානයක් තුළ පවත්නා නෛතික රාමුව පවා උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කෙරෙන්නට ඉඩ හැරීම වන ජීවි සංරක්ෂණයට සම්බන්ධ ආයතනයක ට, කොයි ආකාරයෙන්වත් ගැලපෙන කටයුත්තක් නොවේ. මේ ආකාරය ට සීමාව ඉක්මවා සංචාරකයින්ගේ පැමිණීමෙන් විනාශ වු ප‍්‍රසිද්ධ ජාතික වනෝද්‍යාන අතරට යාල සහ මහ එළිය තැන්න (හෝර්ටන් තැන්න* විශේෂයෙන්ම අයත් වේ. යාල ට අදාලව ගතහොත් අධික සංචාරකගහනය හේතු කොට ගෙන සතුන් ට පමණක් නොව එසේ පැමිණෙන්නවුන්ට ද ඔරොත්තු නොදෙන තරම් තත්වයක් ඇති වී තිබේ. එහෙත් ඒ සියල්ල නිසා අවසානයේ දී විනාශය ට පත් වන්නේ වන ජීවි සංරක්ෂණය නම් ඊට වගකිව යුත්තෝ කවරහු ද?

buvsrFGuOCECrKB-1600x900-noPad.jpg85aa357f9a26af00a642e91270f5f06a

ජාතික වනෝද්‍යානයක් තුළ සංචාරකයන් හැසිරිය යුතු පිළිවෙල ගැන පිලිගත් තත්වයක් තියෙනවාය යන්න විශේෂයෙන් ම අද සිටින දේශීය සංචාරකයන් නොදන්නම කාරණාව බව ට පත් වී තිබේ. ඒ අනුව සම්මත ස්ථානයක දී මිස කිසිදු සංචාරකයකු ට හිතු මතයේ වාහනයෙන් බැසීම ට නුපුළුවන. පෞද්ගලික බස් රියදුරන්ට ආවේණික අවිනීත අයුරින් රිය ධාවනය වනෝද්‍යානයක් තුළ දී සිදු කළ නොහැකි ය. සංරක්ෂණ නිලධාරීන් ලෙස රාජ්‍ය සේවකයින් කොටසක් ජනතාවගේ මුදලින් වැටුප් ගෙවා පත් කොට සිටින්නේ ම එකී නීති රීති ආරක්ෂා කොට වනෝද්‍යාන ?ක ගැනීමටය. ඒ මිසක් ජාවාරමුන් හා හවුල් වී නීති කඩන්නවුන්ට ?කවරණය දී සාක්කු පුරවා ගැනීමට නොවේ.

අනිත් අතතට ඉහත කී ආකාරයෙන් මිය යන ශ‍්‍රී ලංකාවේ වෙසෙන කොටියා විශේෂ කොටි වර්ගයක් ය කියන කාරණය ද මෙහි දී විශේෂයෙන්ම මතක තබා ගැනීම වැදගත්ය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී රුක්ෂන් ජයවර්ධන කී ආකාරය ට අපට ආවේණික ”පැන්තරා පාඩුස් කොටි්‍යෘ” ඉන්දියානු කලාපීය එම සත්ව විශේෂයෙන් වෙනස් ය. එමෙන්ම සුවිශේෂ ය. තවද මෙරට ට ආවේණික විශේෂයක් ද වෙයි. අප මේ සත්වයා විශේෂයෙන්ම ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වන්නේ ද ඒ නිසා ය. ඒ හැරුණු කළ ඊට අදාලව තවත් ප‍්‍රධාන හේතුවක් ද තිබේ. ඒ අනුව මෙරට වනාන්තර පද්ධතියට අයත් ආහාර දාමයේ ඉහළින්ම සිටින්නේ මොහු ය. ඒ ආකාරයට ආහාර දාමයක ඉහළම සිටින පුරුකක් හැලී යාම සමස්ත වන ජීවි පැවැත්ම ම ව්‍යාකූල කිරීම ට ඇති ඉඩ මහත් ය. ඒ හා සමාන තත්වයක් ඇමරිකාවේ ”යෙලෝ සෝන් ”නම් උද්‍යානයේ දී සිදු විය. වනෝද්‍යානයේ පාලකයන් එහි සිටි වෘකයන් වඳ කිරීමට ගත් තීරණයෙන් පසු මුවගහනය අසීමිත ලෙසින් ඉහල ගොස් එහි ශාක ප‍්‍රජාව සීමාන්තික ලෙසින් විනාශයට පත් වීම නොවැළැක්විය හැකි තත්වයක් බවට පත් විය. එතැනදී බියට පත් වනෝද්‍යාන පාලකයෝ නැවතත් වෘකයන් එයට හ\ුන්වා දීම ට තීරණය කළහ. ඒ අර ශාක ප‍්‍රජාවේ ආරක්ෂාව උදෙසා ය. වනාන්තරයක පවත්නා ජෛව තුලනය මිනිසාට අවශ්‍ය අයුරින් වෙනස් කළ නොහැකි ය.

රුක්ෂන් ජයවර්ධන මෙහිදී තවත් විශේෂ කරුණක් ගැන ද සිහිපත් කළේය. ඒ අනුව ඔහු පැවසුවේ මේ වටිනා සත්ව විශේෂය ?ක ගැනීමට කිසිදු වැඩ පිළිවෙලක් හෝ සංවිධාන ව්‍යුහයක් අදටත් අපට නැති බව ය. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ මේ විශිෂ්ට සත්වයා සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීමේ හඬක් නිර්මාණය නොවීම ය. එසේ හෙයින් මෙරට පරරිසරයට අවශ්‍ය ම පැවැත්මවල් වන කබරගොයින් හා කිඹුළන් මෙන්ම කොටියා ද තැත තැන තනි වී මරණයට පත් වෙමින් සිටියි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s