මේ සියල්ලම එකතු වීමෙන් තමයි අපි කතා කරන මේ ශානරය ගොඩ නැගෙන්නේ -චුලානන්ද සමරනායක

සෝවියට් ලේඛක චිංගිස් අයිත්මාතව් ගේ The Place of The Skull නම් කෘතිය පසුගිය දා , දංගෙඩිය , නමින්3_New_Books_from_Subhavi_Publishers_2015_Sept සිංහලයට නැගිණි. ඒ චූලානන්ද සමරනායක අතිනි. ඒ සම්බන්ධයෙන් ඔහු සහ අප ුතර ඇති වූ සංවාදයයි මේ.
සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතව් ගේ The Place of The Skull කෘතිය ,දංගෙඩිය, නමින් සිංහලයට පරිවර්තනය කිරීම මොන වගේ පදනමකින් ද කළේ කියා ඇසුවොත්….?

චිංගීස් අයිත්මාතව් සෝවියට් සාහිත්‍ය ධාරාවේ ලේඛකයෙක්. එහෙත් ඔහුට චෝදනාවක් නැගෙනවා සෝවියට් ප‍්‍රචාරකයෙක් කියලා. චෝදනාවක් වශයෙන් එය අසාධාරණයි. ඒ වගේම ආධානග‍්‍රාහි යි.

ඔහුගේ ,දුයිෂෙන් , (ගුරු ගීතය) කොන්දේසි විරහිතව විප්ලවයට ඇලූම් කල චරිතයක්. ඒක ඇත්ත. ඒත් ඒ විප්ලවවාදියා පසුකාලීනව තනබායිල යෙදිගෙයි වැනි විවේචනාත්මක ආස්ථානයක ට ප‍්‍රවේශ වෙනවා. එහෙම නැත්නම් එවැනි තැනකට සංවර්ධනය වෙනවා. ,දංගෙඩිය, නවකතාවේ එන අව්දි එහිම ක‍්‍රම විකාශයක්. ඒ ආකාරයට ,සමුගනිමු ගුල්සාරි, සමඟ ආරම්භ වූ ඒ ගමන ඇතුලේ 366892අයිත්මාතව් කියන පුද්ගලයාගෙ චින්තනය පිළිබඳව වටහා ගැනීම ට අවස්ථාවක් වගේම ඔහු කවරෙක් ද යන්න පිළිබදවත් ඉදිරිපත් කිරීමක් තියෙනවා. ඒ වගේම තවදුරටත් ඔහු සම්බන්ධයෙන් ප‍්‍රධාන කාරණා කිහිපයක්ම හඳුනාගන්න පුළුවන්. ඒ තමයි සමාජවාදය කියන දේශපාලනයෙන් බිහි වන ඔහු තමන් ගේ රට (කිර්ගීසියාව*ල තමන්ගේ මුල්ල තමන්ගේ සංස්කෘතියල තමන්ගෙ ප‍්‍රජාවගේ අනන්‍යතාවයල ඔවුන්ගේ ජනශ‍්‍රැතියල සාහිත්‍යය යනාදිය සම්බන්ධයෙන් දැක්වූ ඇඟයීම කොටින්ම සිය අනන්‍යතාවය ගැන ඔහුට තිබුණ අවධානය ගැන විශේෂයෙන්ම කිව යුතුයි. ඔය කාලය වන විට සෝවියට් දේශයේ කලාපීය අනන්‍යතාවයන් මහා රුසියානු සංස්කෘතියට යටපත් වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් විරෝධයක් තමයි අයිත්මාතව් ට තිබුණෙ. මෙන්න මේ තත්වයත් ලෙනින්ගේ මරණයෙන් පසු ව තමන් දුටු දේශපාලන අපගමනයත්ල ඒ වන විට මූලික අරමුණුවලින් බැහැරව ගමන් කරමින් තිබූ සමාජවාදි ක‍්‍රමයේ පීඩනයත් ඉදිරියේ ඊට සිය විරෝධය දක්වන්න ඔහු ට අවශ්‍ය වුණා. ඒත් ඔහු දැන ගෙන සිටියා ඒ ක‍්‍රමය තුල ඝාතනය වූ කොමියුනිස්ට්වාදින් අතරින් ඔහුගෙ පියාත් එක්කෙනෙක් ය කියලා. (අයිත්මාතව් ගෙ පියා සිය ළදරු වියේදී ම ඔහු ට අහිමි වෙනවා. ඒ වේදනාව ඔහුට තියෙනවා.* ඒ නිසාම තමයි ඔහු තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් කටයුතු කරන්නෙ. එතැන තිබුණෙත් අර කියපු සමාජ දේශපාලන තත්වයට එරෙහි විරෝධයක්. ඒ කර්තව්‍යයල ඒ වගකීම තමයි ඔහු මේ ,දංගෙඩිය,
කියන කෘතිය දක්වාම අරගෙන ආවේ. ලෝකයේ පළමු සමාජවාදී රටේ සිදු වුණු ඒ දේශපාලන අපගමනය ට එරෙහි ව නිර්මාණාත්මක විවේචනයක් හැටියට මේ කෘතිය සැලකිය හැකියි. ඒ වගේම මනුෂ්‍යත්වය විශ්ව සාධාරණත්වය වෙනුවෙන් ද ඔහු ඒ නිර්මාණාත්මක විවේචනය තුළ පෙනී සිටිනවා. එතැන දී මම කල්පනා කලා ඔහුගේ ඒ පෙනී සිටීම ගැන කතා කිරීම අතිශයින්ම සුදුසු යි කියලා.

unnamed (2)

මෙසේ වෘක ෙධිනුවට එම බියකරු දිනය අවසානය කරා එළඹ තිබුණේ ය. දැන් මුළුමනින් ම මාතෘමය ඉවෙන් මෙලෙවීහුන් ඇය බියවූවා කෙසේවත් තමා පිළිබඳව නම් නොවේ., මේ ආකාරයට අක්බාරා සහ ටාශ් – චයිනාර් යන වෘක යුවල මේ ආඛ්‍යායනයේ මුල සිට අග දක්වාම එහි සාමාජිකයන් වෙනවා. ඒ වගේම සමස්ත සිද්ධි දාමයේ වග උත්තර කරුවන් විදිහට ද හැසිරෙනවා. ඔබ සිතන හැටියට එම වෘක හැසිරීමේ තේරුම කුමක් ද?

මා සිතනවා එක්තරා ආකාරයක සංකේතාත්මක ඉදිරිපත් කිරීමක් ඒ වෘක යුවල හරහා සිදු වෙනවා ය කියලා. අනිත් කරුණ තමයි පාරිසරික විචිත‍්‍රත්වය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අයිත්මාතව් අපූරු හැකියාවක් දක්වන ලේඛකයෙක් ය කියන එක. කාර්මික යුගයේ නවීන තාක්ෂණයත් සමඟ ගැට ගැහෙන මනුෂ්‍යයාගේ පැවැත්ම අවසානයේ දී මනුෂ්‍යයාට විතරක් නෙවෙයි සියළු පාරිසරික තත්වයන්ටත් සත්ව වර්ගයාටත් එකම විනාශයක් අත් කර දෙන ආකාරය මෙහි දී පැහැදිලි වශයෙන් ම දකින්න තිබෙනවා. එහෙම බලන කොට මේ වෘක පවුල සංකේතාත්මක ඉදිරිපත් කිරීමක් වශයෙන් ගත හැකි යි. මේ තත්වය ඇතුළේ ඔවුන් ට ද බෙහෝ අහිමි වීම් සිදු වෙනවා. ඒ ව්‍යසනයට ඔවුන් ද ඇතුලත් බව දැකිය හැකියි.

රටේ ආහාර අනාරක්ෂිත බව ඉදිරියේ පාලකයන් කරන්නේ රටේ පාරිසරික පැවැත්ම වනසමින් සත්ව සම්පත ක්රූර ලෙස ඝාතනය කරමින් ඒ අහාර අර්බුදයට විසදුම් සෙවීම යි. එතැන දි ඒ ක්රූරත්වය සත්ව ප‍්‍රජාවට සහ පරිසරයට කොතරම් අසාධාරණ ආකාරයෙන් ද බලපාන්නේ කියන මතු කිරීම මෙතැන තියෙනවා.

අනිත් අතට රටේ ආගමික සංස්ථාව සතු අත්තනෝමතික බව ඒ ආගමික ඉගැන්වීම් වල හරය සොයා යන අයෙකු ට අත්වන හානිකර ඉරණම කුමක් ද යන්න අව්දිගේ චරිතය හරහා ප‍්‍රකාශ වෙනවා. එතැන දි මතු කෙරෙන තර්කය තමයි ක‍්‍රිස්තියානිය තුළල ක‍්‍රිස්තියානිය වෙනුවෙන් පෙනී සිටින ඒ මනුෂ්‍යත්වය දයාව වෙනුවෙන් ඉදිරිපත් වන පූජකයින් ක‍්‍රිස්තුස් වහන්සේ ගේ සැබෑ වචනය නිවැරැුදිව ගෙන තමන්ගෙ මතය පල කරන අවස්ථාවක ඒ නිවැරදිකරුවා ව වැරදි කරුවකු කළ හැකි තැනක සම්ප‍්‍රදායික ආගමික ආධිපත්‍යය පවතින ආකාරය මෙහිදී අපට හඳුනා ගත හැකියි. තමන් ගේ ඒ විශ්වාසය වෙනුවෙන් නො පැකිලව ක‍්‍රියා කරන ඒ තරුණයා (පල්ලියෙන් පිටමං කල තරුණ දේව ගැතිවරයා* ඒ නිසාම සමාජය තුළ දී වධයටත්ල හිංසාවටත් ලක්වන්නේ කොහොම ද කියන පෙන්වා දීමත් මෙතැන තියෙනවා. ලෝක ආගමික අත්තනෝමතික බවට එරෙහිව පැමිණි ඒ තරුණයා ගේ අවසාන ඉරණම අයිත්මාතව් මෙහිදී ඉදිරිපත් කරන්නේ ඊට එරෙහි කරන නිර්මාණාත්මක විරෝධයක් ද හැටියට යි. ඒ අනුව සැබෑ පවිත‍්‍ර විශ්වාාසය යටපත් කිරීම සහ පලවා හැරිම කියන එකත් මේ සමස්ත ව්‍යවසනයේ ම අන්තර්ගතයක් හැටියට කර්තෘවරයා මෙහි දී දකිනවා.

FC2BC5D6-2654-4BD5-A599-B85052E23ED0_w640_r1_s_cx19_cy21_cw81.jpg

,දංගෙඩිය, කෘතියෙ තුන්වැනි ඉදිරිපත් කිරීම තමයි අත්තනෝමතික නිලධාරිවාදි පාලනය විසින් කැපවීමෙන් කටයුතු කරන අවංක ක‍්‍රියාකාරිකයකුට සිදු කරනු ලබන ව්‍යසනයල එතැනදි ඔහුව ඇද දමන අන්ත අසරණ තත්වය. මේ සිද්ධි තුනම එකිනෙක සමඟ ගැටෙනවා. ඒ බලවේග එකිනෙකා ගෙ පැවැත්මට දායක වෙන්නෙ කොහොමද කියන ආකාරයත් ඒ තුළ එකිනෙකා මර්දනය කෙරෙන ආකාරයේ විග‍්‍රහයත් අයිත්මාතව් මෙහිදි ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔහුගෙ මේ වෑයම ඓතිහාසික වූවක් යන්න පැහැදිලියි.

නවකතාවක් හැටියට මේ කෘතිය කොයි ආකාරයෙන්වත් අප හඳුනාගෙන සිටින පොදු ආකෘතිය සමඟ ගැලපෙන්නෙ නෑ. එහෙම බැලූවම ,දංගෙඩිය, නවකතාව සම්මත ආකෘතිය තුල හැසිරෙන්නෙ නැති නවකතාවක්. මම හිතනවා මේ කතාව කියන්න කථිකයෙකුත් නැහැයි කියලා. ඒ කථිකයාගෙ තැන අරගෙන තියෙන්නේත් ආඛ්‍යායනයමයි. මේ ගැන ඔබේ අවධානය යොමු වුණා ද?

ඔව් මේ කෘතිය ලියනකොට අයිත්මාතව් කියන්නෙ සාමාන්‍ය ලේඛකයෙක් නෙවෙයි. ඒ වන විට ඔහුට තිබුණා පෙරවාදි ශික්ෂාවන් ගැන පුළුල් කියවීමක්. විවිධ ආගමික බලපෑම් ගැනල දේශපාලන ධාරාවන් ගැන පරිචයක් ඔහු ලබා ගෙන තිබුණා. මේ සියල්ලම එකතු වීමෙන් තමයි අපි කතා කරන මේ ශානරය ගොඩ නැගෙන්නේ. මේ දැනුම් එකතුවක් සමග සම්මත යථාර්තවාදය කියන තැනින් ඔහු ඉදිරියට යනවා. ඒ විදිහට නව අත්හදා බැලීමකට ගිය ආකාරයක් මෙහිදී අපිට දකින්න ලැබෙනවා. ඇත්තටම එය හරි නැවුම් තත්වයක් බව කිව යුතුයි. ඊට අදාලව මායා යථාර්තවාදය වගේ හඳුනාගැනීම් මතු වේවි. කොහොම වුණත් මෙතැන දි යථාර්තවාදය තුළ ම සිදු කළ අත්හදා බැලීමක් තියෙනවාය කියන කරුණ පැහැදිලිව දැකිය හැකියි.

ඒ වගේ මේ පරිවර්තන කාර්යය වුණත් සාමාන්‍ය මට්ටමින් කල හැකි යැයි මා සිතන්නේ නෑ. බැලූ බැල්මට වුණත් කෘතිය පුරාම දකින්න ලැබෙනවා සීරුවෙන් කල යුතු අසීරු අවස්ථා. එවැනි තැන් හිඟ නෑ. මෙහි පරිවර්තකයා වශයෙන් ඔබට සහතික වෙන්න පුළුවන් ද පාඨකයා සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන්න ඔබට හැකි වුණාය කියලා?

e3dc8a2bcac7b991013ac76e0aed4f8c.jpg

පිළිතුර – ඇත්තටමල මේ කෘතිය පරිවර්තනය කරන්න අවුරුදු දෙකහමාරක වගේ කාලයක් මට ගත වුණා. සමහර අවස්ථාවල දි පරිවර්තන කටයුතු නවතා දැමුවා. ඊට පස්සෙ බයිබලය කියවන්න ගත්තා. ඉතිහාසය සම්බන්ධයෙන් වුණත් හරි සීරුවෙන් වටහා ගත යුතු තැන් මේ කෘතියෙ තියෙනවා. එහි එන ජන ව්‍යවහාරයන් ගැන බොහොම කල්පනාකාරී විය යුතුව තිබුණා. එවැනි වෙහෙසක් මට ගන්න සිදුවුණා. මේ පරිවර්තන කටයුත්ත සාර්ථක කරගන්න. ඒ වගේම අයිත්මාතව් ගෙ මේ කෘතිය කියවීමේ දි පාඨකයාට ත් වගකීමක් පැවරෙනවා. ඒ අනුව මෙය සාමාන්‍ය තත්වයෙන් නෙවෙයි වඩාත් අවධානයෙන් කියවිය යුතු කෘතියක් වෙනවා සෙසු පරිවර්තන කටයුතු වලට සාපේක්ෂව මේ කර්තව්‍යය අවසානයේ දී මට ලොකු වෙහෙසක් දැනුණා.

ඇත්ත වශයෙන් ම මෙහි දී අයිත්මාතව් ට අවශ්‍ය වෙනවා මනුෂ්‍යත්වය ට ගෞරව කරන සමාජ පරිසරයක් ගැන කතා කරන්න. තමන් ගේ අනන්‍යතාවය රැුක ගෙන ජීවත් විය හැකි වාතාවරණයක් ඔහු අපේක්ෂා කරනවා. රුසියාව තුල එවැනි ස්ව අනන්‍යතාවයෙන් යුත් සමාජ පරිසරයක් ස්ථාපිත කිරීමේ වුවමනාව ඔහුට තිබෙනවා. අයිත්මාතව් කියන්නේ සමාජවාදයේ නිර්මාණයක්. ඒ වගේම සමාජවාදි සමාජයක පසු කාලීනව මතු වූ ප‍්‍රතිවිරෝධතා අත් වින්ද සාහිත්‍යකරුවෙක්. සොවියට් දේශය සමාජවාදයෙන් පටන් ගෙන නිලධාරිවාදය හරහා ගිය ඒ පරිහානියේ ගමන ගැන ඒ වගේම මනුෂ්‍යත්වයේ පරිහානියේ ගමන ගැන ක‍්‍රමික විග‍්‍රහයක් ද සමඟයි මේ කෘතිය අපට ඉදිරිපත් කරන්නේ.

සාකච්ජා කළේ
මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s