මේ අහස ජයගන්න ඔබට ඇති බාධාව කුමක්ද? – ජෙසිකා කොක්ස්

ජෙසිකාගේ ජීවිතයේ පෙර ගමන්කරුවන් වුණේ ඇගේ ම මාපියන් බව කියන්න ඕනෙ. ඔවුන් දෙදෙනා මහ ස්ථම්භ දෙකක් බවට පත් වී ඇය ව නගා සිටවුවා. ඒක තමයි ඇත්ත.

”මගේ අම්මා මගේ ම ප‍්‍රතිරූපයයි. ඇය හැම වෙලේම කිව්වෙ, මට කරන්න අවශ්‍ය කුමක්ද? ඒ සියලූ දේ මට කළ හැකිය කියළයි. මගේ තාත්තා මං ගැන හිතලා එක ක\ුළක්වත් පිස දැම්මෙ නෑ. මගේ උත්පත්තියේ කිසිදු වරදක්් දුටුවෙත් නෑ. ඒ වෙනුවට දුෂ්කරතා හමුවේ නැගී සිටින්න ඔහු මට ශක්තියක් වුණා. මගේ අධිෂ්ඨාය ද වු ඔහු මට මගේ අද දවස ලබා දුන්නා.

ඇගේ නම ජෙසිකා කොක්ස්. සාමාන්‍යයෙන් දෑත් ඇතිව මිනිසුන් උපදිනා ලෝකයක ඇය උපන්නේ දෙ අත් නැතිවයි. පුංචි කාලයේ ඉඳළම ඇය ට ඒ වෙනස දැනුණා. ඒ විතරක් නෙවෙයි ඒ ආකාරයට දෑත ම අහිමි වී ඉපදීම ඇය ට දරාගත නොහැකි දුෂ්කරතාවක් ද වුණා.

ඒත් ඒ ගැන ලතැවීම පසෙකින් තැබූ ඇය තමන් ට අසීරු වු පාසැල් කටයුතු පවා සීරුවෙන් කරන්න ට ඉගෙන ගත්තා. ඒ ආකාරයට ගායනය නර්තනය විතරක් නෙවෙයි ජිම්නාස්ටික් ක‍්‍රීඩාවෙන් පවා වේදිකාව ආලෝකවත් කරමින් නැගී සිටියා. ඒ හැම විටකම ඇය ට අමතක වු දෙයක් ද තිබුණා. ඒ තමයි තමන් ට අත් දෙකක් නැහැයි කියන කාරණාව.

122545871_640.jpg

තරුණ වියට පැමිණි ඇය සංතාපයට, සංවේගයට විරුද්ධ වුණා. තමන්ගෙග් අහිමි දෑත් ගැන නෙතු අග මතුවන ක\ුළු අනවශ්‍ය යැයි ඇය තීරණය කොට තිබුණා. ජෙසිකාට තිබුණු ලොකුම අභියෝගය තමයි සෙස්සවුන් සමඟ කරන කියන හැම කටයුත්තකදී ම ඔවුන් අභිබවමින් ඒ කටයුතුවල නිරත වීම. ඒ වගේම ඒ කටයුතු වලින් ජය ගැනීම. එතැනදී ඇය සිය මුළු ශක්තියෙන්ම ක‍්‍රීඩා කරන එකත් කලා.

වීදියේ ඇවිද යද්දී, දෙපයින් ආහාර ගනිද්දී මිනිස්සු තමන් දෙස බලා සිටියා යැයි ඇය පවසනවා. ”ඒනිසා සිත කරදර වුණ අවස්ථා තිබුණා. ඒත් පසුව මා ඉගෙනගත්තා සෑම සිදුවීමක් දෙසම සුබවාදීව බලන්න. ඒත් සමඟම මට ලොකු ශක්තියක් දැනෙන්න වුණා. ඒ ධනාත්මකව හැඩ ගැසීමත් සමඟ මට මා ගැන ම ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා.

”මම පළමුවරට කාර් එකක් ඩ‍්‍රයිව් කරන්නත් ඉගෙන ගත්තා. නව තාක්ෂණ පහසුකම්වලට ස්තූති වේවා. ඒත් එය හොඳින් උගත් පසු මම කලේ ඒ සිගලූ තාක්ෂණ පහසුකම් කාර් එකෙන් ගලවා ඉවත් කිරීමයි. අද මම කාර් එක ඩ‍්‍රයිව් කරන්නේ කිසිදු කොන්දේසියකට යටත් නැති නෛතික බලපත‍්‍රයක් හිමි අයෙකු හැටියට යි.

jessica_writing1.gif2A13F1B100000578-3143119-Happy_days_A_smiling_Jessica_inside_a_plane_in_2013_after_gainin-a-136_1435580438554.jpg

උසස් අධ්‍යාපනය ස\හා ඇරිසෝනා විශ්ව විද්‍යාලයට ඇතුළු වන ඇය භෞතික විද්‍යාව විෂයෙන් උපාධිය ලබා ගන්නවා. ඇය සිය මෝටර් රථය ට ගෑස් පුරවන දර්ශනය කාට කාටත් සිත් කා වදින දර්ශනයක් වුණා යැයි සඳහන් වෙනවා.

ජෙසිකාට දැන් වයස (මෙහි මුල් ලිපිය ලියැවෙන කාලයේ දී* අවුරුදු 26 යි. ලෝක ඉතිහාසයේ ප‍්‍රථම දෙ අත් නැති ගුවන් නියමුවරිය ද ඇය යි. එදා ඒ මුල් දවසේ ම ඇය අහසේ පය 103 ක් ගත කොට ඇති බවක් වාර්තා වෙනවා.

”සමහර වෙලාවට අපි බයවෙන්නේ නොදන්නාකම පිළිබඳ අපේ අඩුපාඩුවක් නිසා යි. පියාසර කරන්න පටන්ගත් තැන සිටම ”බිය” ක‍්‍රමයෙන් මා කරා එන බව මට දැනුණා. නමුත් මා කරන්නා වු කටයුත්ත ගැන පුර්ණ වැටහීමක් මට තිබුණා. ඒ ගැන වුවමනාවටත් වඩා අවබෝධයක් තිබෙන බව මට දැනුණා. ලෝකයා බය වෙන්නෙ තමන්ගේ ආත්ම ශක්තියේ අඩුපාඩුවක් නිසා යි”

mg_8520

සත්තකින්ම ඒ ආත්ම විශ්වාසයට, සුදානමට, ධෛර්යවත් අභිලාෂයන්ට කෘතඥ විය යුතුයි. ජෙසිකා අද සිටින්නා වු ස්ථානයට පැමිනෙන්නේ ඇයටම ආවේණික මාවතකින් බොහෝ දුරක් ගෙවීමෙන් අනතුරුවයි. ඇගේ ජීවිත අත්දැකීම් ලෝකය හා බෙදා ගන්න ඉකුත් පස් වසරක කාලය පුරා ළමා පරපුර වෙත මඟ පෙන්වන්න ජාත්‍යන්තර වෙබ් ජාලයක් ද ඇය නිර්මාණය කොට තිබෙනවා.

”දෙ අත් නැති වුණත් මා යා යුතු තැනට අවහිරයක් නැතිව ගියා. බය කියන්නේ හුඟක් ලොකු දෙයක් නෙවෙයි. එය ලොකුවට ගණන් ගත යුතු නෑ. සිත ශක්තිමත් නම් අපි ඉන්නේ හුඟක් ඉහලින්. මිනිස්සු ජීවිතයේ දුක් කම්කටොලූ ඉදිරියේ බොහෝ සෙයින් හැඟීම්බර වෙනවා. ඒත් විශිෂ්ටත්වය වන්නේ ඒ දුක් කම්කටොලූ අභිබවා ජීවිතය දීප්තිමත් කර ගැනීම යි.”

(මෙම විශේෂාංග ලිපිය මුලින්ම සකස් කලේ 2012. 04. 01 ”රන්දිව” පුවත්පතට ය. මෙය එය යලි සකස් කොට ඉදිරිපත් කිරීමකි*

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s