මට ඔබේ අනුකම්පාවෙන් පලක් නැත.

මේ මොහොතේ ඔබ මේ ලිපිය කියවන්න ට සුදානම් වන්නේ නම් මීට වඩා නරක ලියවිල්ලක් තවදුරයත් කියැවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි කියා සහතිකයක් ලබා දීමට පුළුවන්කමක් නැත. ඊට හේතුව මිනිසෙකු ට අත් විය හැකි නරකම අත්දැකීම මේ ලිපියෙන් විස්තර වීමයි. විවිධ සමාජාර්ථික හේතු නිසා මිනිසෙකු දුප්පත් වීම මේ ලෝකයේ නොසිදු විය හැක්කක් නොවේ. එය නොවිය යුත්තක් වීම වෙනම කතාවකි. එහෙත් අසීමිත නිර්ධනකමක් හමුවේ ඒ ගැන දැනුවත් වීම ඒ අනුව යමින් දුප්පත්කම කුමක් දැයි ලොව හමුවේ විස්තර කිරීමට හැකි වීම තවද යමෙකු එහි ලා සමත් වීම කලාතුරකින් අත් විඳිය හැකි ගැඹුරු කම්පනයක් වේ. ඒ නිසාම මේ සාහිත්‍යයික ලිපිය කියවීම ට ඔබ බලාපොරොත්තු වෙනවා නම් එය ඔබ බලාපොරොත්තු වුණාටත් වඩා නරකම කියවීමකට, ඒත් සමඟම ඔබ ගමන් කරනු ඇත.

මේ අතර යො ගුඞ්වින් පාකර් (Jo Goodwin Parker) නම් මෙය ලියු ලේඛකයා මේ සම්බන්ධයෙන් විශේෂ සටහනක් තබා තිබේ. ඒ මෙය කොයි ආකාරයෙන්වත් චරිතාපදාන සටහනක් වශයෙන් නොගත යුතුය කියාය.

8470d28a53164d8f4fa247ddca2716b6.jpg

ඔබ මගෙන් අසන්නේ දුප්පත්කම කියන්නේ මොකක්ද කියළයි. මට ඇහුං කන් දෙන්න. ඒ වගේම මා දිහා බලන්න. මේ අපිරිසිදුකම …. මේ කුණු ගඳ ….. ශිෂ්ට විදිහට යට ඇ\ුමක්වත් නැතුව ඔබ හමුවේ කිටින මගේ දත් මුල් වලින් හමන දුගඳ….. ඒ කොහොම වුණත් මම කියන දේ අහගෙන ඉන්න. ඒත් මට අනුකම්පා නොකරන්න. මට ඔබේ අනුකම්පාවෙන් පලක් නැත. ඒත් අවබෝධයක් ඇතිව මට ඇහුං කන් දෙන්න. මගේ කිළිටිකම….. ඒ ගැන හිතන්න එපා. ඒක වැඩකට ඇති දෙයක් නෙවෙයි. ඒ වෙනුවට මං කියන්න යන දේ අහන්න.

හැම උදෑසණක ම අර අපිරිසිදු රෝගකාරක මෙට්ටයෙන් නැගී සිටිනවා. ඒ තමයි දුප්පත්කම. ඒත් එක්කම මූත‍්‍රා ගඳ….. නරක් වීමෙන් ඇඹුළට හැරුණු කිරි වල ගඳ….නරක් වු තවත් ආහාරත් සමඟ එන ඒ දුගඳ ඒ සියල්ල සමඟ නැති නොවී පවතින්නේ දුප්පත්කමයි. සමහරක් වෙලාවට උයන්න ය කියා ගෙනාපු බාල ළුැනු වල සැර ගඳත් ඊට එක්කහු වෙනවා. ඒත් ඒ කොහොමද? කොයි අත සිට එනවාද? මේ කිසිවක් ගැන හරි අවබෝධයක් ලබන්න ඔබට පුළුවන්කමක් නැහැ. ? අ\ුර…. අන්න ඒ වගේ තද කරුවලක් ඇති පටු මඟකින් එය එනවා වෙන්න පුළුවන්. කාලයක ඉඳලම ශීතකරණය වැඩ කරන්නෙ නැහැ. ඒක කැඩිලා. ඒක ඇතුලේ ඇති කිරි නරක් වීමෙන් හටගත් දුගඳ නැවතීමක් නැතිව හමා එනවා. එය යථා තත්වයට පත් කරන්න සැළකිය යුතු මුදලක් අවශ්‍යයි. එවැන්නක් නොකෙරෙන පසුබිමක ඒ දුර්ගන්ධය කුණු වුන කසළ ගොඩකින් හමන ගඳක ට සමානයි. ඒවා වළ දමන්නත් බැහැ. ඒ වෙනුවෙන් අවශ්‍යම කරන සවලක් මට නැහැ. එහෙම දෙයක් ගන්නත් මුදල් අවශ්‍යයි.

දුප්පත්කම වෙහෙස ඇති කරනවා. මට හරිම වෙහෙසයි. රෝහල්ගත වු අවස්ථාවක දී ඒ අය මට කිව්වා කල්ගත වු නිරක්ති තත්වයක් එහෙම නැත්නම් රක්තහීනතාව කියන රෝගයෙන් මා පෙළෙනවාය කියලා. මන්දපෝෂණය තමයි ඒකට හේතුව. පණු ආසාදනය හේතු කොටගෙන තත්වය තව දුරටත් නරක් වෙලා ඇති නිසා ශල්‍යකර්මයකට යා යුතුව තිබෙනවා. මම ආචාරශීලිව එයට ඇහුංකන් දුන්නා. දුප්පත්කම සැම විට ම වගේ ආචාරශීලියි. ඒ වගේම දුප්පත්කම සැම විටම සවන් දෙයි.

blog_house-hands.jpg

තමන් ට යකඩ පෙති, හොඳ ආහාර, පණු ආසන ඖෂධ මිළ ට ගැනීමට මුදල් නැති බවක් (දුප්පත්කම* ඔවුන් ට පවසන්නේ නෑ. ශල්‍යකර්මයක් සඳහා යන වියදම ඊටත් වඩා බියකරුයි. එහෙම බලනකොට මා ඉදිරියේ ඇත්තේ අභියෝගයක් නම් මා කරන්නේ ඊට සිනාසීම යි. ශල්‍යකර්මයකින් සුවපත් වෙන්න කාලයක් යනවා. මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. කව්ද එතෙක් මගෙ දරුවන් රැුක බලා ගන්නෙ.

මම රස්සාවක් කරනවා. අවසන් වරට මම ගියේ ඔවුන් ව ඒ අයගේ අත්තම්මා ගාව නවත්වල යි. මම ආපහු නිවස ට ඇවිත් පොඩිම දරුවා ගැන හොයා බලන කොට ඒ ළමයා කුණු වලිනුයි මැස්සන්ගෙනුයි වැහිලා හිටියා. මා යනකොට අන්දවා ගිය නැපිය පිටින්ම යි එතකොටත් ඒ දරුවා හිටියෙ. ගෙදර ඇවිත් මම ඒක ගලවන්න උත්සහා කලා. ඇඟටම ඇලී ගොස් තිබු එය ගැළවුණේ දරුවාගේ සිරුරු මස් කෑල්ලකුත් සමඟයි. එතකොට අනිත් දරුවා අඩක් බිඳී ගිය වීදුරු කෑල්ලක් අතේ තියාන සෙල්ලම් කර කර හිටියා. වැඩිමල් දරුවා ගැන හොයා බලද්දී එයා වැව අයිනේ තනිවම සෙල්ලමක යෙදී් හිටියා. මට සතියක ට උපයන්න පුළුවන් මුදල ඩොලර් 22 යි. ඊට වැඩිය වැඩි වෙන්නෙ නෑ. හොඳ තත්වයේ ළමා සුරැුකුම් මධ්‍යස්ථානයක් දරුවන් තිදෙනෙකු වෙනුවෙන් ඩොලර් 20 ක් ඉල්ලා සිටිනවා.

දුප්පත්කම අපිරිසිදු යි. ඔබේ පවිත‍්‍ර රෙදි පිළි ලැබෙන්නේ ඔබේ පිරිසිදු නිවෙසින් ය කියලා ඔබ ට කියන්න පුළුවන්. ඔනෑම අයෙකු ට පිරිසිදු ව ඉන්න පුළුවන්. ඒත් මට කියන්න- පුළුවන් නං ගෙදරක් පිරිසිදුව තියා ගන්නෙ කොහොමද අතේ මුදලක් නැතුව. උදේ ආහාරයට මම මගේ දරුවන් ට අඹරා ගත්ත අමු ධාන්‍ය ආහාරයක් තමයි දෙන්නෙ. ඒවාත් එක්ක දෙන්න ඔලියො එහෙම නැත්නම් ඉරිඟු පාන් නෑ. බිත්තරයක්වත් නෑ. භාජනේක ට දාලා දෙනවත් නෙවෙයි. කොහේ තියෙන භාජන ද? හෝදා ගන්නේ සීතල ජලයෙන්. සබන් පෙන්නන්නෙවත් නෑ. බාලම වර්ගයේ සබන් කැටයක් පරිස්සමට තියාන ඉන්නවා පොඩි දරුවගේ රෙදි හෝද ගන්න.

20140902_poor_image.jpg

මේ බලන්න මගෙ අත් දෙක දිහා. පුපුරලා ඉරි තැළිලා විතරක් නෙවෙයි රතු වෙලා තියෙන හැටි පේනවද? නැපිය අන්දලා පොඩි දරුවගේ ඇඟ පුරාම බිබිළි දැම්මා. මාස දෙකක් තිස්සෙ වැස්ලින් භාජනයක් ළඟ තියාන හටනක් කරලා තමයි ඒ තත්වය යම්තාක් දුරකට හරි පාලනය කර ගත්තෙ. ඒත් ඒවා සල්ලි වලට ගන්න ගිය අවස්ථාවේ සති දෙකක් තුළ ඒවායෙ මිල ඉහල ගිහින් තිබුණා. ඒ හින්දා මමත් පොඩි එකාත් පුදුම දුකක් වින්දා. පුපුරු ගහන අත් කිසි ම ආවරණයක් නැති ව සැර සබන් වලින් අතුල්ලා සීතල වතුරෙන් හේදුවේ ඒක යි. ඔබ අහන්න පුළුවන් ඇයි උණු වතුර පාවිච්චි නොකලෙ කියලා. ඒක ට හේතුව තමයි ඉන්ධන වල ට මිලක් තිබීම. ඒවා නිකං හම්බ වෙන්නෙ නෑ. දර පාවිච්චියට ගත්තා වුණත් විදුලියෙන් වතුර උණු කර ගත්තා වුණත් ඒ වෙනුවෙන් මුදල් වැය කළ යුතු යි. ඒ වගේ සුඛෝපබෝගී ජීවිතයක ට යන්න මට පුළුවන්කමක් නැහැ.

මම තරුණ යි. එහෙම කීව ගමන් ඔබ පුදුම විදිහට පුදුම වන බව මම දන්නවා. මම පෙනුමින් හරිම වයස යි. ඒ වගේ ම රළු යි. හැම දවසකම බොහෝ ? බෝ වන තුරු වතුර බක්කිය ළඟට වෙලා පාසැල් යන දරුවන්ගේ හැම ඇ\ුමක් ම සෝදන්න මට සිද්ද වෙලා තියෙනවා. උදේ වෙනකොට ඒවා වේල ගන්නත් ඕනෙ. දුප්පත්කම හැම රාත‍්‍රියක් එක්ක ම පවතිනවා. සීත කාලයේ රාත‍්‍රී කාල වල උණුහුමටය කියළා ගින්දර පත්තු කළොත් පත්තර කඩදහි වලින් බිත්ති ආවරණ හදල තියෙන මේ ගෙදර ට එක ගිනි පුපුරක් හොඳට ම ඇති. දරුවන් නින්දේ දීම ගින්නෙන් පි්ළිස්සී මිය යාවි.

ඉන් පසුව එළඹෙන්නේ ග‍්‍රීෂ්ම කාලය යි. ඒත් දුප්පත්කම නැති වෙන්නෙ නෑ. හෝහපුටුවන්, මැස්සන් ඔබේ හඬන දරුවාව ඒ ක\ුළුත් එක්ක ම උරා බොනවා ට සහතික යි. එය වළක්වන බාහිර ආවරණයක් අර ගන්න නම් ඊට අවශ්‍ය කරන ඒ සුළු කුළිය ගෙවා ගන්න ඔබ ට පුළුවන්කමක් තියෙන්නෝනෙ. ඉදින් ඊට ඔබ අසමත් නම් එවැනි ආවරණයක් ඔබ වෙනුවෙන් සවි කෙරෙන්නේ නෑ. එහෙම තමයි දුප්පත්කම. කෘමීන් ඔබේ ආහාර පාන වහ ගනීවි. ඔබේ නාසය, ඇස් මත උන් සිටීවි. නිදා ගත්තම ඇඟ උඩ නළියාවි.

B9322409456Z.1_20160603103545_000_G8MEIGKT1.1-0.jpg

දුප්පත්කම ් වැස්සට ඔරොත්තු දෙන්නෙත් නෑ. එතකොට නැපි රෙදි වේල ගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි ඔබේ දරුවා ගේ නාස් කුහර තුළින් සොටු දියර ගලා යන්න සලස්වන්නත් දුප්පත්කම ට පුළුවන්. එතැන දී කඩදහි පිස්නා අවශ්‍යයි. ඊට මුදල් ද අවශ්‍යයි. කඩමාලූ රෙදි කැබළි ඇතුළු එවැනි සියලූ අවශ්‍යනා සම්බන්ධයෙන් ද තත්වය එසේම යි. ඒ අනුව දුප්පත්කම ඔබේ අවශ්‍යතා නිෂ්ක‍්‍රීය කරනවා. එතැනදී නිසි අහරක් නැතිව ඉවුම් පිහුම් කරන්නත්, සබන් නැතිව පිරිසිදු කර ගැනීමත් කියන තැනට ම දුප්පත්කම ඔබ ව අරගෙන යනවා.

දුප්පත්කම උපකාර අනුග‍්‍රහ ඉල්ලා සිටිනවා. එතැනදී ඔබට වුණත් සැම විට ම වාගේ එහෙම උපකාර අවශ්‍ය වෙනවා. දුප්පත්කම නිසා දුක් විඳින ඔබේ දරුවන් දකින කොට ඔබ ට එහෙම නොඉල්ලා සිටින්න බැරි වෙනවා. ඒ සඳහා ඇති එක ම මඟ වෙන්නේ ණය මුදලක් ඉල්ලා සිටීම යි. මම කියා දෙන්නම් එහෙම අවස්ථාවක් ඔබ ට දැනෙන්නේ කොහොමද කියළා. කර්යාලයේ ඒ සඳහා ගමන් කළ යුතු සීමාව ට ළමයින් ගැන හිතමින් හතර පස් වතාවක්වත් ඒ වෙනුවෙන් යන්න ඔබ ට සිද්ද වෙනවා. ඒත් එහි සිටින හැම කනෙකු ම කාර්ය බහුල යි. කොහොම හරි අන්තිමේ දී එළිය ට පැමිණෙන අයෙකු හමුවේ ඔබ, ඔබේ වුවමනාව ගැන කියනවා. තමා ට පිහිටක් අවශ්‍ය බව ඒ විදිහට ඔබ කිව්වත් ඒ පුද්ගලයා ට ඒ ගැන වගක් නැති පසුබිමක ඒ විදිහට ම තවත් පුද්ගලයෙකු ළඟට යන්න සිද්ද වෙනවා. මේස පුටු අතරින් ඒ විදිහට ඔබ ඇවිදගෙන යනවා. එහෙම යන කොට කඩා ගෙන වැටෙනවා එක දෙයක්. ඒ තමයි දුප්පත්කමේ ලැජ්ජාව.

ඔබ ට වගේ ම හැම දෙයක් ම වගේ තිබුණු කාලයක් මට ත් තිබුණා. කුඩා නිවසක් ද අප ට තිබුණා. උණු වතුර පහසුකම් ද සමඟ සෑම දෙයක් ම වාගේ එහි තිබුණා. ඒත් නොසිතූ අවස්ථාවක දී මගේ සැමියාගේ රැුකියාව නැති වුණා. රැුකියා විරහිත වුණොත් ගත හැකි රක්ෂණයක් තිබුණත් ඔය අතර කාලයේ දී රැුකියා දෙක තුනකටම යන්න මට පුළුවන් වුණා. අවසානයේ දී අප සතු ව තිබුණුු සෑම සුන්දර දෙයක් ම නැවත ගොඩ නඟා ගැනීමේ අරමුණ ඇතිව අප මෙහි ආවා. එතකොටත් මා ගැබිණියක්. අපි එනකොට නිවස හුඟක් ම නරක තත්වයකයි තිබුණෙ. හැම සතියක් ම ගත වුණේ තත්වය තවත් නරක තැන් වලට පෙරලමිනුයි. කිසිම දෙයක් සම්පුර්ණ කර ගන්න පුළුවන් වුණේ නෑ. අපිට මුදල් හිඟ යි. නැහැයි ම කිව්වොත් තමා හරි. සැමියා සුළු රැුකියාවල් කීපයක් ම කළත් ඒ හැම සතයක් ම කෑමටයි වියදම් වුණේ. අදටත් මට තේරෙන්නෙ නෑ පහුගිය අවුරුදු තුනේ දරුවො තුන් දෙනෙක් එක්ක කොහොම ජීවත් වුණා ද කියළා. ඒත් අපි ජීවත් වුණා. තව දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි අන්තිම දරුවා ලැබුණට පස්සේ මම ම මගේ විවාහය කටු ගාලා අවසන් කර ගත්තා. එහෙම වුණ එක හොඳයි…….මොන ආකාරයේ හෝ උපත් පාලනයක් සඳහා කොපමණ මුදලක් වැය වෙන්න පුළුවන්ද? ඔබ ට එහෙම කල්පනා වෙලා නැද්ද?eye

මගේ සැමියා නික්ම යන දිනය දක්වා ම මා ඔහුව දැන සිටියා. ඒත් එහෙමය කියලා ඒ නික්ම යෑමට සමු ගැනීම් තිබුණෙ නෑ, ඒත් මට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි කවදා හරි දවසක මේ නරකාදියෙන් ඉවත් වෙන්න. ඒත් වැටුණු තැනින් අපත් සමඟ නැඟිට ගන්න ඔහු ට වුවමනාවක් තිබුණෙ නෑ.

දුප්පත්කම අතරින් මම දකින්නේ අන්ධකාර අනාගතයක්. ඔබේ දරුවන් මගේ දරුවන් සමඟ සෙල්ලම් කරන්නෙ නැහැ. ඒ අය තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න වෙනත් දරුවන් දෙසට හැරෙනවා. මා ඒ දිහා බලා ඉන්නේ බන්ධනාගාරගත වු අයෙක් එහි යකඩ පොලූ අතරින් බලා ඉන්නවා වගෙයි. දුප්පත්කම නිසා නිදහස සොයා මගේ දරුවන් ඇල්කොහොල් හෝ මත්ද්‍රව්‍ය සොයා යන තත්වයක් ඇති වුණොත්. එතකොට මගේ දුව ට මම වගේ ම ජීවිතයක් ගත කරන්න සිද්ද වුණොත්…..ඇය ට යහපතක් වෙයි ද?

ඒ විදිහට සුන්බුන් වු බලාපොරොත්තු සමුහයක් සමඟ ඒ ගැන කියන්න මම එළියට ඇවිත් සිටිනවා. ඒත් තවත් වතාවකට එහෙම නොපැමිණෙන බවත් මතක තියාගන්න. මම කියන්නේ කෝපයෙන් දැවෙන හදවතින් අප දෙස බලන්නය කිගලයි. අප ට උපකාර කිරීමට අ් කෝපය ඔබ ට උදව් කරාවි. ඒ වගේම මා හමුවේ පවසන්නට දෙයක් ඔබ ට ඇත්නම් ඒ කෝපය එයත් මුදා හරීවි. දුප්පත්කම බොහෝ විට නිහඬයි. ඒත් ඒක එහෙමය කියලා ඔබට නිහඬ වෙන්න පුළුවන්ද?

What is Poverty ?

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

c b

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s