වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් රජයේ වනාන්තර වල පස්, කළුගල්, බොරලූ හා වැලි කැනීමට නීති විරෝධීව කැබිනට් අනුමැතිය ලබා දෙයි

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති තුමන්ගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අංක 08/2017 දරන කැබිනට් පති‍්‍රකාව ම`ගින් මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර ඉඩම් වලින් සංවර්ධන කටයුතු ස`දහා අවශ්‍ය පස්, කළුගල්, බොරලූ හා වැලි ලබා ගැනීමට 2017 මාර්තු 21 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. සංවර්ධන කටයුතු ස`දහා මෙන්ම යටිතල පහසුකම් ගොඩනැංවීමේ දී භාවිතා වන මෙම අමුද්‍රව්‍ය වලට අධික ඉල්ලූමක් පවතින බැවින් රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් නොකළ රජයේ වනාන්තර ඉඩම් වලින් මේ ද්‍රව්‍ය ලබා ගැනීම ස`දහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින රක්ෂිත ලෙස ගැසට් නිවේදන ම`ගින් ප‍්‍රකාශයට පත් නොකළ විශාල වනාන්තර ප‍්‍රමාණයක් යෝජිත රක්ෂිත හා රජයේ වනාන්තර බිම් ලෙස පාලනය වේ. මෙම වනාන්තර ජල පෝෂක ප‍්‍රදේශ, අලි – ඇතුන් ඇතුළු ආවේණික ජෛව ප‍්‍රජාවගේ වාසස්ථාන හා පුරා විද්‍යාත්මකව වටිනා ප‍්‍රදේශ ලෙස සුවිශේෂී වැදගත්කම් රැුසක් පවතී. මේ නිසා මෙම වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතට ලක් කර තිබේ.
මේවායේ කළුගල්, පස්, බොරලූ හා වැලි කැනීම් හේතුවෙන් ජල පෝෂක ලෙස පවතින වැදගත්කම ඇතුළු වටිනාකම් සියල්ල බි`ද වැටීමට ලක් වේ. මේ තත්ත්වයට පසුගිය කාලය පුරාම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල වනාන්තර මුහුණ දී තිබුණි. 2009 වසරේ දී යුද්ධය නිමවනවාත් සම`ග ම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල මාර්ග පද්ධති සකස් කිරීම හා ඉදිකිරීම් කටයුතු ස`දහා අවශ්‍ය පස් හා කළුගල් මහ පරිමාණයෙන් රක්ෂිත වනාන්තර විනාශ කර ලබා ගැනීම සිදු විය. ඒ හේතුවෙන් පසුගිය කාලයේ දී උග‍්‍ර ජල හි`ගයකට ඒ ප‍්‍රදේශ අවට ජනතාවට මුහුණ දීමට සිදු විය. මෙම කැබිනට් අනුමැතියත් සම`ග ම මේ තත්ත්වය තව දුරටත් වර්ධනය විය හැකි ය.

hqdefault
මේ වන විට හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ලෙස පවතින මහවැලි අධිකාරියට අයත් වනාන්තර වල මහ පරිමාණයෙන් කළුගල් හා පස් කැනීම් කටයුතු සිදු වේ. අධිවේගී මාර්ගය ඇතුළු වෙනත් සංවර්ධන කටයුතු ස`දහා මෙසේ පස් හා කළුගල් කැනීම සිදු වේ. මේ හේතුවෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය දැඩි බලපෑමකට ලක් වී ඇති අතර හම්බන්තොට ප‍්‍රදේශයේ අලි – මිනිස් ගැටුම උග‍්‍ර මට්ටමකට පත් වෙමින් පවතී. මෙම කැබිනට් තීරණයත් සම`ග ම ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකිය.
වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව යෝජිත රක්ෂිත හා රජයට අයත් වනාන්තර බිම් අවශේෂ කැලෑ ලෙස පාලනය වේ. එම වගන්තියට අනුව රජයේ අවශේෂ වනාන්තරයක පස්, වැලි, බොරලූ
හා කළු ගල් කැනීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවක නිරත ව සිටින පුද්ගලයෙකු හෝ ඒ ස`දහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරදකරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් ස`දහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය ස`දහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.


මෙවන් නීතිමය තත්ත්වයන් යටතේ රජයේ වනාන්තර බිම් පාලනය වෙද්දී ඒවායේ නීති විරෝධී ලෙස කළුගල්, පස්, බොරලූ හා වැලි කැනීමට කැබිනට් අනුමැතිය ලබා දීම නීති විරෝධී කි‍්‍රයාවකි. මේ අනුව කැබිනට් මණ්ඩලය සිදු කර ඇත්තේ නීති විරෝධී කි‍්‍රයාවල නිරත වීමට අනුබල ලබා දීමකි. යහපාලනයේ ප‍්‍රධාන මූලධර්මයක් වන නීතියේ ආධිපත්‍යය වත්මන් රජය විසින් ම මෙලෙස අභියෝගයට ලක් කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ දී මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක වශයෙන් ජනතාවට ඉදිරිපත් කළ මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබාදහම රැුක ගැනීම කොටසේ වනාන්තර ආරක්ෂා කිරීම ස`දහා අපක්ෂපාතීව, තරාතිරම නොබලා පාරිසරික නීති කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවට ජනතාවට පොරොන්දු විය. නමුත් බලය ලබා ගත් පසුව ඒවා විනාශ කිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණකි.
පරිසරවේදීන් වශයෙන් අප මේ තත්ත්වය දැඩි ලෙස හෙළාදකින අතර වත්මන් රජය යටතේ මෙරට වනාන්තර සංවර්ධන ව්‍යාපෘති ස`දහා බිළි දීමට කටයුතු කිරීම පිළිබ`දව කනගාටු වෙමු. මේ තත්ත්වය හමුවේ ජනාධිපති තුමන් නැවත නැවතත් ප‍්‍රකාශ කරන ලංකාවේ වන ආවරණය 32% ක් දක්වා වර්ධනය කිරීම සිහිනයක් පමණක් වනු ඇත. මේ නිසා අප රජයට අවධාරණය කරන්නේ මෙම කැබිනට් තීරණය වහාම අහෝසි කර ලංකාවේ වනාන්තර වල රැුකවරණය සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස ය.

vb

සජීව චාමිකර | Sajeewa Chamikara

පරිසර සංරක්ෂණ භාරය

 


16508227_1450459548321097_5649769825438804128_n

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s