ඒ තමයි පැවැත්මේ විවිධත්වය.

දෙමාපියන් ට දරුවන් අහිමි වීමත්, දරුවන්ට මා පිය සෙනෙහස සමඟ දෙමාපියන් අහිමි වීමත් ඕනෑම සමාජයක පුද්ගල මට්ටමින් සිදුවිය හැකි බරපතල අන්දමින් බලපෑම් ඇති කළ හැකි තත්වයක්. මේ අහිමි වීම ඕනෑම පුද්ගලයෙකුගේ අධ්‍යාත්මය දෙදරවන ජීවිතයේ පදනම් ඉරි තලා යන සාධකයක් බව ට බොහෝ විට පත් වෙනවා. එය ජීවිත ස්වභාවය යැයි කියා කෙනෙකු ට සිත හදා ගන්න පුළුවන්කම තිබුණත් ජීවිතාවබෝධය කියන්නේ හුදු සිත හදා ගැනීමක් ම නෙවෙයි. එය ඊට වඩා ගැඹුරු දෙයක්.

”බොහෝ කාලයක් ජීවත් වු තැනැත්තා යැයි කියන්නේ බොහෝ සෙයින් වැඩිමහලූ තැනැත්තා ට නොවේ” ය කියලා ප‍්‍රකට කියමක් තියෙනවා. එහෙම බැලූවම යමෙකු ගේ ජීවත්වීම හුදු ජීවත් වීමක් පමණක් නොවෙයි. ජීවත්වන කාලය තුළ දී තමන් විසින් සිදු කරන්නා වු කාර්යභාරයේ දිග පළල හා ගැඹුර ජීවත්වීම නම් සංසිද්ධියත් සමඟ තරයේ බැඳී පවතිනවා. අන්න ඒ කාර්යභාරය තමයි කෙනෙකු ගේ ජීවිතය පිළිබඳ ව තක්සේරුවක් ඇති කරන්නෙත්. එහෙම නැතුව වැඩි කලක් ජීවත්වීම ම නෙවෙයි.

අනිත් අතට ඒ කාර්යභාරය කියන්නෙත් අප එදිනෙදා කරන කටයුතු නොවේ ය කියලත් විශේෂයෙන් ම ග‍්‍රීක්වරු පිලි අරගෙන තියෙනවා. ” දෙවිවරුන් ට එරෙහිව දොළොස් දෙනෙක්” යන කෘතිය ඉදිරිපත් කරමින් බොලිතො සිය ජීවිතාවබෝධය මෙසේ පල කර සිටිනවා.

the_endless_fields_of_queenstown-Beautiful_natural_scenery_wallpaper_medium.jpg

”හොඳම දේ යනු ඉතා ම අසීරුවෙන් කළ යුතු දැය”

ඒත් සමඟ ම ජීවත්වීම නම් කාර්යභාරයේ සැබෑ පැවැත්ම ඩග්ලස් මැලොක් කවියා කාව්‍යානුභූතියක් වශගෙත් ගෙන කරන්නා වු ඉදිරිපත් කිරීම ද අමතක කළ හැක්කක් නෙවෙයි.

”ක\ු මුදුනෙහි ෆයින් ගසක් විය නොහැකි නම් ඔබ5oiev5fjphkx
මිටියාවතෙහි ප\ුරක් වෙන්න.
ඔව් දොළක් අසල වැඩුණු හොඳම ප\ුර වෙන්න.
ඉදින්
ගසක් විය නොහැක්කේ නම් ප\ුරක් වීම සුදුසු යි.
තවද ප\ුරක් වීමට ද නොහැක්කේ නම්
තණ බිමක්, තෘණ අහිනක් වීම මැනවි.
මාර්ගයක් විචිත‍්‍රවත් කරන මස්කි ගසක්
විය නොහැකි නම් ඔබ
බාස් ගසක් හෝ වෙන්න.
හැබැයි විළක් අද්දර සුන්දරත්වයෙන් අනුනව
නියමුවෝ විය නොහැකි වෙත් සියල්ලන්ට ම
එහෙත් පොදු නම් වු පැවැත්ම තුළ
අප සියළු දෙනා හට
පැවරුණා වු යමක් තිබේ.
කළ යුතු මහා කර්තව්‍යයන් අතර
සුළු කටයුතු ද වේ.
එසේ හෙයින් මහ පාරක් විය නොහැකි තැන
පටු මඟක් හෝ විය යුතු වේ.
නොහැකි නම් වීම ට සූර්යයා
තරුවක් විය හැකිය ඔබ ට
ඔබේ ජය තීරණය කරන්නේ
එහි ප‍්‍රමාණය නොවේ.
කොහොම වුණත් ඒ කවුරු වුණත් විය යුතුය ඔබ
හොඳම කෙනෙක්. ”

ජීවිතය දෙස සුබවාදීව බලන්නට පුළුවන් මානසික තත්වයක් ඇති කර ගැනීම තමයි ලොව පවතින අසීරුතම සහ විශිෂ්ටතම කාර්යභාරය. තම පැවැත්ම ලොව පවත්නා වාසනාවන්තම පැවැතීම ලෙසින් සලකන්න පුළුවන් අයෙකු වේ නම් ඔහු හෝ ඇය ලොව සිිිටින වාසනාවන්තම පුද්ගලයා ද වෙනවා.

මානසික පුහුණු විශේෂඥයකු වන ඇන්ජිලෝ පැට‍්‍රි ඒ සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කළ අයෙක්. ඒ අනුව ”සිතින් හා කයින් යම් පුද්ගලයෙකු බව ට පත් වී සිටියදීත් නොතිත් ආසාවෙන් යුතු ව ඊට වඩා වෙනස් පුද්ගලයෙකු ම වීම ට තැත් කරනා අයෙකු, වෙනත් ඕනෑම අයෙකු ට සාපේක්ෂව අවාසනාවන්තයෙකි.”

ඊට අදාළ ව කියුවක් නොවුණත් ඒ අනුව යන කියමනක් හැටියට ඩර්මානු ජාතික දාර්ශනික ආතර් ෂෝපන්හෞවර් ගේ මේ කියමන පෙන්වා දෙන්න පුළුවන්. ”අප සතුව ඇති දේ ගැන අප සිතන්නේ කලාතුරකින් වුණත් අප ට නැති දේ ගැන නම් අපි නිතරම සිතමු.” තවද ”ජීවිතය යැයි කියන්නේ එක් අතකින් නිෂ්ඵල තවත් අතකින් වේදනාකාරී එහෙත් හැම අතින්ම නිර්භීත පැවැත්මකට ය.”

ජීවත්වීම යැයි කියන්නේ ඒ ඒ අවස්ථාවල දී අප හමුවේ පැන නඟින අවස්ථා සිද්ධි කළමනාකරණයකටය කියන කරුණත් මෙහිලා පෙනවා දීම සුදුසු යි. ව්‍යාපාරික (මෝටර් රථ නිෂ්පාදක* හෙන්රි ෆෝඞ් මෙහෙම කියනවා. ”සිදුවීම් මෙහෙයවන්නට අපොහොසත් නම් මම ඒවා ට ඉබේම මෙහෙයවීමට ඉඩ හරිනවා.” ඒක එක විදිහක්. ඒ. ටී. කලර් කියන්නෙත් ව්‍යාපාරිකයෙක්. ඔහු පවසන අන්දමට දුෂ්කර අවස්ථාවක් පැමිණියහොත් ඊට මුහුණ දීම ට ඔහු සුදානම් ය. එමෙන්ම එහිදී කළ හැක්කේ කුමක් ද ඒ දේ තමන් කරන බව ය. ඒත් තමන් හමුවේ ඇත්තේ නොකළ හැක්කක් නම් එය අමතක කර දමන බවක් ද ඔහු පවසනවා. කලර් ජීවත්වීම ගැන මෙහෙමත් කියනවා. ”ජීවත් වී සිටින කිසිම කෙනෙකු ට කිව නොහැකි දෙයක් තියෙනවා. ඒ අනාගතයේ දී කුමක් සිදුවිය හකිද කියන එකයි. ඒ නිසා මම කිසිම විටක අනාගතය ගැන සිතමින් කරදර වෙන්නෙ නෑ. අනාගතය ට බල පෑ හැකි බොහෝ දෑ තිබෙන්න පුළුවන්. ඒත් ඒ දේවල් ඇති වන්නේ කෙසේද කියා කීම ට හෝ වටහා දීම ට කිසිවෙකු ට පුළුවන්කමක් නැහැ. එහෙම එකේ ඒ ගැන කරදර වෙන්නෙ ඇයි?”

1920_1080_20091222123240597477.jpg

එක් ජනප‍්‍රීය ගීයක ජීවත්වීම ගැන කියැවන්නක් මෙහිදී මට මතක් වෙනවා. ඒක මෙහෙම යි. ”මිහිමත ඇති කුදු මහත් සෑම රෝගයකට ම එක්කො ප‍්‍රතිකාරයක් තියෙනවා. එක්කො ප‍්‍රතිකාරයක් නැහැ. ඉදින් ප‍්‍රතිකාරයක් තිබේ නම් එය සොයා යන්න. කිසිදු පුතිකාරයක් නැතිනම් ඒක අමතක කර දමන්න.”

එහෙත් යේසුස් වහන්සේ මෙසේ කීහ. ”දිව්‍ය රාජ්‍යය ඔබ හමුවේ ඇත..”

පසු කාලයක එකී අදහස් ධනාත්මක චින්තනය සමග’ අති වු අදහස් පෙරළිය වෙනුවෙන් යොදා ගත්තත්, ඇත්ත වශයෙන්ම එයින් කියවෙන්නේ ජීවත්වීම නම් සංසිද්ධිය තුළ ඇතිවන බොහෝ අප‍්‍රියතාවන් පරාජය කිරීමටය කියන කාරණය මෙහිදී අමතක නොකළ යුතුයි. ඒ වෙනුවෙන් අහෝසි නොවන ඉවසීමක් වගා කර ගැනීමටයි. ෂෝපන්හෞවර්ගේ වචන වලින්ම කියනවා නම් ”ජීවිතය නම් වු සංචාරයේ අවශ්‍යතා සම්පුර්ණ කර ගැනීම උදෙසා අතිශයින්ම වැදගත් වන්නේ ඉවසීම නම් කළමනා එක්රැුස් කර ගැනීම යි. මිනිසුන් ජීවත්වීමේ අගය වටහාගත යුත්තේ ජීවත් වෙමින් මිසක් එතැනින් ඉවත් වෙමින් නොවේ. එහෙම බලනකොට ජීවත්වීම වෙනුවෙන් මානසික සුදානමක් අවශ්‍ය වෙනවා. අද යුගයේ කාගෙත් අත්දැකීමක් බවට පත් වී ඇති මානසික ආතතිය නියත වශයෙන්ම එහි ප‍්‍රතිඵලයක් වේ. එතැනදීත් යේසුස් වහන්සේ මෙසේ කීහ.

”ඔබ තනිවම හුදෙකලා ස්ථානයක ට පිවිසෙන්න. එසේ ගොස් සවල්ප මොහොතක් විවේක ගන්න.”

beautiful-nature-wallpaper-6659-6937-hd-wallpapers.jpg

මේ සියල්ලෙහි සංක්්ෂිප්තගත සාරංශය කුමක් විය හැකිද? රබීන්ද්‍රනාත් තාගෝර් ඒ ගැන කියන්නේ මෙහෙම යි. ”මිනිසුන් වැරදි කරනු ඇත. එයින් අනර්ථයක් ද සිදුවනු ඇත. ඒත් එසේ සිතා කිසිවක් නොකර නොසිටිය යුතුය. කෙනෙකු තමා සුදුසු යැයි සිතන දෙයක් වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරනු ඇත. එවැනි ක‍්‍රියාවන් නිසාම පවිත‍්‍ර වන්නා වු ජලයෙන් යුතු සංසාර නදියේ ජල ධාරාව බැඳ තබන්නට කටයුතු කළොත් ඒ වනාහි විනාශය ම කැඳවා ගැනීමක් බව දනිම්.”

”මේ ලෝකයේ යම් අයෙකු ධෛර්යවත් වී සිය ජීවත්වීම කෙරෙන් ප‍්‍රශ්නකාරී තත්වයක්ගැන විමසා බලන්න ට අලූත් ආකාරයක ට ඉදිරිපත් වෙනවා නම් සමාජය උසස් බව ට පත් වන්නේ එවැන්නවුන් නිසා ය. සම්ප‍්‍රදාය අනුව ම ගමන් කරන අය සමාජ පැවැත්ම විසින් කැඳවාගෙන යනු ලබන අය වෙති. ඔවුහු කිසිදා පුරෝගාමීන් නොවෙති.”

තවද ”මිනිස් ජීවිතය ගලා බසින ගංගාවක ට සමාන යැයි තාගෝර් කවියා පවසනවා. එය සිතිය නුහුණු අයුරින් කලින් නොගියා වු අලූත් මං සොයමින් ඒ ගංගාව වේගයෙන් ගලා බසිනවා. ”එය තමයි පැවැත්මේ විවිධත්වය. සිතිය නොහැකි ආකාරය ට එය යොමු කිරීමයි මැවුම්කරුවාග් බලාපොරොත්තුව.ජීවවිතය කියන්නේ සැලසුම් කළ මඟක් ඔස්සේ ගමන් කිරීම ට සකස් කළ ඇලක් නොවේ.” (බලන්න ’ගෝරා’ නවකතාව)

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s