සිංහරාජය කැබලි නො කරන්න

ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර පද්ධතිය ගත් කළ, එහි කට්ටි කිරීමට හසු නොවු වනයක් වේ නම් එය විස්මයක් යැයි කිවහැකි තරම් වේ. මේ ඛේදවාචකය ආරම්භ වන්නේ යටත් විජිත යුගයේ වතු වගාවත් සමග‘ය යන්න ඔබ නොදන්නා කරුණක් නොවේ. පසුව සීග‍්‍ර ජනාවාසකරණය හමුවේ ද තෙත් කළාපීය වනාන්තර අනුකම්පා විරහිත ලෙසින් කුට්ටිකරණය වීම වැළැක්විය නොහැකි තත්වයක් බව ට පත් විය. ඒ අනුව අද වන විට තෙත් කළාපීය වන වැස්ම සියයට 2.14 ක් තරම් (වර්ග කිලෝ මීටර් 1415 ක්) තරම් අඩු තැනකට ගමන් කොට ඇතැයි වාර්තා වේ. ඉනුත් අනාරක්ෂිත තත්වයෙන් නොමිදුණු මේ වනාන්තර පද්ධතියට රැුකවරණයක් ලබා දී ඇත්නම් ඒ ද සියයට 68 ක් තරම් අඩු ප‍්‍රතිශතයක් තරම් ප‍්‍රමාණයකට යැයි විශේෂයෙන්ම කිව යුතුව තිබේ. බොහොමයක් තෙත් කළාපීය වනාන්තර අදටත් පවතින්නේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, වැවිලි සංස්ථාව යන ආයතන සහ පෞද්ගලික හිමිකරුවන් යටතේ ය යන්න බොහෝ දෙනා නොදත් කරුණක් වේ.

අද වන විට ලෝක උරුමයක් වශයෙන්ද පිලිගෙන ඇති වටිනා තෙත් කලාපීය වනාන්තරයක් වන සිංහරාජය පවා ඉහත තත්වයෙන් අත් මිදී නැත. සිංහරාජ වනපෙත 1988 වර්ෂයේ දී ඔක්තෝබර් 21 අංක 528 -14 දරන ගැසට් නිවේදනය මඟින් හෙක්ටෙයාර 11187 ක වනාන්තර සීමාවක් ආරක්ෂිත වනාන්තරයක් ලෙසටත් 1988 අංක 4 දරන ජාතික උරුම වන භූමි පනතට යටත්ව ජාතික උරුම වන භූමික් ලෙසිනුත් ප‍්‍රකාශයට පත් කොට තිබේ. නමුත් ඊට හසු නොව් විශාල වන බිම් ප‍්‍රමාණයක් (පරිවාර වනාන්තර* මුළුමනින්ම අනාරක්ෂිත තත්වයක් යටතේ සිංහරාජය වටා පැතිර පවතී. එහෙත් විය යුතුව තිබුණේ එසේ අනාරක්ෂිතව පවතින ඒ වනාන්තර සමුහය සිංහරාජ මව් වනාන්තරයට අයත් වෙන අයුරින් නීති ප‍්‍රකාරව කටයුතු කිරීමයි. ප‍්‍රශ්නය වන්නේ එය එසේ වුණා ද කියන එක ය. නමුත් එසේ කටයුතු කරන බව පවසමින් රුපියල් මිලියන ගණනින් මුදල් වැය කරමින් සැලසුම් සකස් කොට ඇතත් ඒවා එකක්වත් ක‍්‍රියාත්මක වුයේ නැත.

ey3235image-747760

කෙසේ වුව මෙසේ සකස් කළ සැළසුම් අතරින් 2004 වර්ෂයේ දී ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කරන ලද්ද අනාගතය ගැන සිතා සැලසුම් කරන ලැබුවක් ලෙසින් සලකා පරිසරවේදීන්ගේ ඇගැයීමට ලක් වී තිබේ. ඊට අනුව 2004 ජූලි 22 දින අංක පී. එස්.- සී. එස්- 26 – 2004 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශය හරහා සිංහරාජ වන පෙතට යාව හෝ ඉන් කි. මී. බාගයක දුර ප‍්‍රමාණය තුළ ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් සියලූ වනාන්තර ඉඩම් සිංහරාජයටම පවරන්නැයි ඉල්ලා තිබේ. තවද එය පැවැරිය යුත්තේ 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නෛතික විධි විධාන 22(1* ඊ සහ 44 (ඒ* වගන්ති යටතේ අගය ශුන්‍ය කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන්ය යනුවෙන් දැනුම් දී තිබිණි. ඒත් එසේ නිර්දේශ ලැබුණත් ඊට අදාල ලිපි ගොනු පරිසර අමාත්‍යාංශයට අයත් පරිසර කළමනාකරණ ඒකකයේ කාලයක් යන තුරු ම ගොඩ ගසාගෙන සිටියේ යැයි පැවසේ. යට කී කැබිනට් පත‍්‍රිකාවට අනුව කටයුතු සිදු වුණේ නම් හෙක්ටෙයාර 2508.4 ක නොඉ\ුල් වන බිම් ප‍්‍රමාණයක් සිංහරාජයට අළුතින් එක් වීමට නියමිතව තිබිණි.

නමුත් පුදුම සහගත කරුණ වුයේ තමන් යටතේ ඇති වනාන්තර ඉඩම් ජාතික මෙන්ම ලෝක උරුමයක් ද වන සිංහරාජයට නැවත පවරා දීමට නම් ඒ සඳහා වන්දි මුදලක් තමන් ට ලබා දිය යුතු බවට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව දන්වා සිටීම යි. තවද පසුගිය කාලයේ ිමහත් ආන්දෝලනයක් ඇති කළ සිංහරාජ අඩවියට අයත් බිමෙහි ඉළුබකන්ද සිට සුරිය කන්ද දක්වා සකස් කිරීමට ගිය මාර්ගයේ ඉදිකිරීම් නිසා වනපෙත් කළාපයට සිදු වු හානි වාර්තා කිරීමට පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ අතර ද විශේෂයෙන් ම සඳහන් වී තිබුණේ අර කී කරුණමය. එනම් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම් නොපමාව සිංහරාජයට පැවරීම ට කටයුතු සිදු කළ යුතු බව ය. නොනැවතී සිදුවන මානව ක‍්‍රියාකාරකම් හමුවේ සිංහරාජ වන පෙත මුහුණ පා සිටින ඛේදනීය ඉරණමෙන් එය ගලවා ගැනීමට ඒ හැර අන් විකල්පයක් නැත. විශේෂයෙන්ම රූන කන්ද, දෙල්ගොඩ, පනාගල, වරතැල්ගොඩ හා තිබ්බොටුවාව යන යෝජිත රක්ෂිතයන් සියල්ලම සිංහරාජයට සම්බන්ධ කිරීම අවශ්‍යය. ඒ සියල්ලම සමඟ සිංහරාජය මුළුමන්න්ම ආරක්ෂිත වනාන්තරයක් ලෙසින් රැුක ගත යුතුය.

home_banner5.jpg

How one man grew a forest –Otara Del (Published on Mar 20, 2017)

Otara interviewing Udaya Chanaka – Founder of the Roonakanda Rain Forest Conservation Center


පෙර කී සංරක්ෂණ ක‍්‍රියාමාර්ගයෙන් අනතුරුව සමස්ත වනාන්තර ප‍්‍රදේශය වටා සැතපුමක හෝ කිලෝ මීටරයක පේ‍්‍රරණ කලාපයක් ඇති කිරීම ද අවශ්‍යයෙන් ම කළ යුතු ය. ජාතික පාරිසරික පනත ට අනුව එය එසේ කිරීම නෛතික අවශ්‍යතාවක් ද වේ.

සිංහරාජය රක්ෂිත මායිමේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ට අයත් පවරා ගැනීමට නිර්දේශිත වනාන්තර බිම්.

  • රත්නපුර දිස්ත‍්‍රික්කය
  • මුර කැලේ වත්ත – ෆැබ් වත්ත – ඉළුබකන්ද වත්ත – මෝනිං සයිට් වත්ත – කැන්ටර් වත්ත – ගේස් වත්ත – ගොන්හෙළ වත්ත – ඇබරෝස් වත්ත – බැක්වෙයා වත්ත – කෝදුරුගල වත්ත – දඹහේන වත්ත.
  • මාතර දිස්ත‍්‍රික්කය
  • එන්සල් වත්ත – කුරුලග වත්ත – බෙවර්ලි වත්ත – හේමගිරි කත්ත.
  • ගාල්ල දිස්ත‍්‍රික්කය
  • හෝමදොළ වත්ත

vb

(තොරතුරු සහාය – සජීව චාමිකර – පරිසර සංරක්ෂණ භාරය)

සකස් කලේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

 

nh

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s