සම්භාව්‍යය සිංහල සාහිත්‍යයේ සිනමාරූපි කෝණ – කථිකාචාර්ය ජිනෙසි අපොන්සු

(ජිනෙසි අපොන්සු පේරාදෙනි සාහිත්‍යය පසුබිමේ බිහි වු ලේඛකයෙකි. ඔහු වඩාත් ප‍්‍රකට වුයේ කවියෙකු වශයෙනි. එමෙන්ම සිංහල සාහිත්‍යය අරබයා ශාස්ත‍්‍රීය අධ්‍යයනයන්හී ද නිරත වුවෙකි. ගිරාගම සෞන්දර්යය ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු විශ‍්‍රාම ලැබීමෙන් පසුත් සිය ශාස්ත‍්‍රීය හැදැරීම් අත් නොහලේය. මේ සාකච්ඡුාවට පදනම් වුයේ සම්භාව්‍ය සාහිත්‍යයේ දෘශ්‍යමය මුහුණුවර මැයෙන් ඔහු විසින් සිදු කලා වු එවැනි පර්යේෂණාත්මක හැදැරීමකි. මෙය මුලින්ම පල වුයේ 1994.03. 20 ’රාවය’ පුවත්පතෙහි ය. )

පැරණි සම්භාව්‍ය සාහිත්‍යයේ දෘශ්‍යමය මුහුණුවර මැයෙන් ඔබ කරන විග‍්‍රහයේ ’දෘශ්‍යමය තත්වය’ යනු කුමකි දැයි මුලින්ම පැහැදිලි කලොත්…..?

මෙයින් අදහස් වන්නේ සම්භාව්‍ය සාහිත්‍යයේ දෘශ්‍ය කාව්‍ය රචනා වු බවක් නොවේ. මෙතැනදී සිද්ද වෙලා තියෙන්නේ ලේඛකයාගේ ප‍්‍රකාශන ශූරතාව නිසා මතු වු භාෂා ප‍්‍රයෝග, සන්දර්භ රීතින් යන මේවා අනුව කතාවල තීව‍්‍ර අවස්ථා රංගානුභූතියකට පත් වීම යි. ඒ සඳහා උපයුක්ත අංග ලක්ෂණ තමයි මෙහිදී සලකා බලන්නට යෙදුණෙ.

cinema.jpg

 

නිදසුන් මගින් පැහැදිලි කළහොත්….?

සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යය කෘති අතරට අයත් වන බුත්සරණ, ධර්ම ප‍්‍රදීපිකාව, අමාවතුර, සද්ධර්මරතනාවලිය, ජාතක පොත යනාදියත් පද්‍ය ගණයට අයත් වන කව් සිළුමිණ, ගුත්තිලය, බුදුගුණ අලංකාරය, කාව්‍යශේඛරය යන සායිත්‍ය නිර්මාණයන් හි මේ තත්වය දැකිය හැකියි. උදාහරණයක් හැටියට කව් සිළුමිණ හි එනවා මෙවැනි වර්ණනයක්. ඊට අනුව මත් වු කාන්තාවක් මධු බ\ුනේ පෙනෙන තමන්ගේ නෙත්වල ඡුායාවන් දැක ඒවා පිස හරිනු වස් ඊට සිය මුවින් පිඹින අයරු දකින රජු සතුටින් පිනා යයි. මේ කාව්‍ය වර්ණනය සිනමාරූපීව ගත් කළ එය අති සමීප රූපයක් බවට පත් වේ. ඒ වගේම වචනයෙන් මැවු සිනමා කෝණයක්. ඒ අනුව එය සහෘද මනසේ අති සමීප රූපයක් ජනනය කරනවා. මෙන්න මේ විදිහට අරගෙන බලන්න.aaefd25594ff46e0c42c47ea14b45da4

මධු බ\ුනේ සමීප රූපය
ඒ තුළ දිස්වෙන ස්ත‍්‍රී නෙත් වල ඡුායාව
ඊලඟ රූපය- මධුබ\ුනට පිඹින ආකාරය
ඊලඟට සිනාවෙන් පිරී ගිය රජුගේ මුහුණ

වර්තමානයේ නම් එය සිනමා කැමරාවක් තුළින් තිරය මත විකසිත වන රූප සරණියක්.කව් සිළුමිණ කවියා ඒ රූප සරණිය අපුරු ලෙසින් වාච්‍ය රූපය ට නඟා පෙන්වනවා. තවත් එවැනි උදාහරණයකට ගියොත් ’මධු බ\ුනේ ඔබ මුව තැවරුණ තැන ඹා හට අමතක ව ගියේ යැයි රජු ස්ත‍්‍රීයක ට කියයි. ස්ත‍්‍රිය සිනා සී අමනාපය දුරු කොට රජු ට මී පෙව්වා ය. මෙතැන දී රජු ගේ මදු බ\ුන සහ මුහුණ සහ ස්ත‍්‍රියගේ මුහුණ අති සමීප රූපයක් නිර්මාණය කරනවා. ඊලඟ ට රජු ඇය අමතන අවස්ථාව ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් සමීප රූප නිර්මාණය කරනවා. ඒ ආකාරයට රජු ඇය ට කරන ආමන්ත‍්‍රණය, ඇගේ සිනා පිරි වත, ඇය රජු ට මී පෙවීම යන ආකාරයට කව් සිළුමිණ කවියා අවස්ථෝචිතව සමීප රූප පාඨක චිත්තයේ මවන්නේ ඒ දර්ශන වල ට අදාලව තීවු සහෘද ආස්වාදයක් ගොඩ නැගීමට බව පෙනී යනවා.

Copyright_Soho_Farm_House_Electric-Barn-Cinema-012.jpg

ඒ විතරක් නෙවෙයි ඔහු මධ්‍ය හා දුර රූපත් භාවිතා කරනවා. ඒක මෙහෙමයි. ීනැටුම් ගත් මත් වූ කාන්තාවකගේ ලිහිල් වු වස්ත‍්‍රය නිතරම බැලූ රජු ඇය අන්‍යයන්ගෙන් විශේෂ කලේය. එතැනදී එම කාන්තාව දකිනා රජු ගේ ඇසින් රූප රාමුවක් නිර්මාණය වෙනවා. රජු සහ ලිහිල් වු වස්ත‍්‍රයක් සහිත ස්ත‍්‍රිය එමෙන් ම රජුගේ බැල්ම මධ්‍ය සමීප රූපයක් වී නැවත ඒ ස්ත‍්‍රිය රජුගේ ඇසින් දර්ශනය වෙනවා.

ඒ වගේම වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයත් දෘශ්‍ය රූප ලක්ෂණ මැනැවින් ප‍්‍රකට කරන කෘතියක්. එහි දී යම් පුවතක් ඉදිරිපත් කිරීමේ දී එය යම් නාට්‍යමය ජීව ගුණයකින් ජදිරිපත් කරන්න උන් වහන්සේ සමත් වෙනවා. මූසිල, ගුත්තිල ඇදුරුගේ නිවසට පැමිණි අවස්ථාව විස්තර කරල තියෙන ආකාරය බලන්න.

මදක් සැතප ඉඳ
මහ බෝ සතුන්ගේ සොඳ
වෙණ රැුගෙන මන නඳ
වැයීමට ඔහු පටන් ගත් සඳ

මේක හොඳ මධ්‍ය රූපයක්. මුසිල ගුත්තිල නිවස ට පැමිණ මදක් සැතපී සිට අවදි වු මොහොතේ ගුත්තිලයන් ගේ වීණාව දකිනවා. සෙමින් එය කරා යන ඔහු එය රැුගෙන වාදනය කරනවා. ඒ වගේම එහි ඊලඟ පද්‍යයත් මධ්‍ය රූපයක්. ඒ අනුව ගුත්තිලයන් ගේ වාද්‍ය හැකියාව ඉදිරියෙි මුසිල ගේ වාද්‍ය හැකියාව කෙසේද යත් කතුවරයා ඒ අඳ මව්පියන් දෙදෙනා වීණාව මීයන් කති යි සැක කොට සූ සු කියමින් අත් ගැසු බව යි. ඊට පසුව තමයි එන්නේ ගුත්ත්ල සහ මුසිල ගේ ප‍්‍රදර්ශනාත්මක වීණා තරඟය. එයත් සාර්ථක මධ්‍ය රූපයක් බව කිව හැකියි.

Cinema-Applications-Masthead36dd370527a050e88433f7c9ea54df0e

මගේ ඊලඟ තෝරා ගැනීම කාව්‍ය ශේඛරය යි. මෙහි එන සිද්ධියකට අනුව බමුණු මාල්ලා ගේ තරුණ බිරිඳ සිය සොර සැමියා නිවස තුළ ට ගෙන්වා ගැනීමේ අදහසින් බමුණාව නිවසින් පිටමං කිරීමට ගන්නා ප‍්‍රයත්නය මෙසේ විස්තර වෙනවා.

කෙඳිරි පර ගානි
ඇති සිත ඉඟි නො පානි
පෑ ආණි බාණි
කියා එබසට බැමිණි ගෑණි

මෙතැන සිද්දවන්නේ මහළු පමුණා අගෙන් සො\ුර දඅක් සැප කිමැ යි විමසන අවස්ථාවේ දීතරුණ බැමිණිය ඇති සිත සඟවා ඔහු ට ඇණුම් බැණුම් වර්ෂාවක් එල්ල කිරීම යි. ඊට ම අදාලව තවත් තැනක දී නිවස ට පැමිණෙන බමුණා මදුලේ සටහන් වී තිබු කාන්තාවක ගේ පිය සටයන් දැක තත බිරිඳ දුටුවාක් වැනි හැඟිමෙන් මහත් සේ සතුටු වෙනවා. මේ තැන් අපුරු සිනමා රසයක් ඇති කරනවා. රූප රාමු සරණියකින් ජනනය කළ හැකි සිනමා රසයක් එතැන තියෙනවා.

තවත් අවස්ථාවක දී බමුණා නිවස ට ඇවිත් දොර ට සන් කරනවා. නමුත් ඒ වෙලාවේ බැමිණිය සුරාවෙන් මත් වී රතියෙන් වෙහෙසට පත් වී ඒ මොහොතෙත් සොර සැමියා සමඟ යහත්ගත වී සිටිනවා. මෙයසිනමාවේ දී අධ්‍යයනයකට සුදුසු ප‍්‍රබල සමීප රූපයක්.
වීදාගම හිමියන් ගේ බුදුගුණාලංකිරය කෘතියේ එන දෘශ්‍යමය අත්දැකීම් සමාන වන්නේ වාර්තා චිත‍්‍රපටයකට යි. එහි එන විසාලා නුවර තුන් බිය වර්ණනා කරන ආකාරය බලන්න. එහි දී කාව්‍යයෙන් පාඨකයා ට හැෙඟන චිත්ත රූප සිනමාවේ දී කැමරාව තිරස් PAN ධාවනයකින් නැෙඟන රූප සරණියක ට සමාන වෙනවා. කයා නගරයේ වූ ගොඩ ගැසු ඇට සැකිලි, මහ මඟ තිබු බලි බිලි, විසිරුණ වැරහැලි යනාදිය ගැන ඉදිරිපත් කෙරෙන විස්තරය ඒ බව මොනවට පෙන්වා දෙනවා.

z_p-45-Chronicles-03ey1213.jpg

ඒ සියළු නිදර්ශණ සම්භාව්‍යය පද්‍ය සාහිත්‍යයයට සීමා වෙනවා. එවැන්නක් සම්භාව්‍යය ගද්‍ය සාහිත්‍යයෙන් ද ගත හැකියි නේද……?

ඔව්, විද්‍යාචක5වර්තිගේ බුත්සරණ තුළින් ද එවැනි උදාහරණ ඇද දක්වන්න පුළුවන්. එහි එන නාලාගිරි දමනය වර්ණනාව නාට්‍යමය සහ දෘශ්‍ය රූපි ගුණය මැනවින් පෙන්වා දෙන වර්ණනයක්.

’ඈත ධූලින් වැසී ගිය ඇත් රජ ය. මෑත සවණක් රැුසින් වැසී ගිය බුදු රජාණන් ය.’ වශයෙන් එන මේ වර්ණනයට අනුව මරණීය තර්ජනය ත් බිය ත් ගෙන එන ඇත් ඇත් රජු ව වඩාත් සුදුසු දුර රූපයක පිහටුවනවා. ඒත් සමඟම දුටුවනම ශාන්ත සුව එළවන බුදු රඩාණන් වහන්සේ පාඨකයා ට සමීප වන්නේ ප‍්‍රබල සමීප රූපයක් හරහා යි. මේ ආකාරය ට ඒ දුර සහ සමීප රූප ඈත මෑත වශයෙන් ෙඡ්දනය වෙමින් පාඨකයා විෂයෙහි ප‍්‍රබල චිත්ත රූප මැවීමක් ඉදිරිපත් කරනවා. එහෙත් මෙහි වඩාත් ම ඇත්තේ නාටකීය ලක්ෂණයක් ය යන්න මෙහිදී කිව යුතු ම වෙනවා. ඒ අනුව එය අවස්ථා සංසන්දනය නැමැති නාටකීය ලක්ෂණයේ පිළිඹිබුවක්.

’ස්වාමි දරුවාණෝ එක විට ම පෙනී ගියහ. ඇස් දැල් වී ගියේ, කට දැල් වී ගියේ අත් පයින් සිටින්නට වන්හ.’ ඒ ආකාරය ට විස්තර වෙන්නේ ඇතු ගේ චණ්ඩ හැසිරීමෙන් බිය ට පත් ජනයා එක්වන බුදුන් වහන්සේ ව දකින ආකාරය හා ඒ අනුව ඔවුන් තුළ පහලවන උද්වේගකර බව යි. ඒ සඳහා දෘෂ්ඨි ගෝචර රූප තනක් (ඇස් දැල් වී යාම, කට දැල් වී යාම, අත් පයින් සිටීම) යොදා ගෙන තිබෙනවා. අප ට එය මෙසේ පෙළගස්වන්න පුළුවන්.

ඇතුගේ චණ්ඩ හැසිරීම හමුවේ බියට පත් ජනයා එක්වනම බුදුන් වහන්සේ ස දකින ආකාරය සහ ඔවුන් තුළ පහල වන උද්වේගකර බව.
ඊට අදාලව මුලින්ම බුදුන් ගේ සමීප රුව ත් ඉන් පසුව ඇස් දැල් වී ගිය, කට දැල් වී ගිය, අත් පයින් සිටින ජනයාගේ මධ්‍යම සමීප රූප පෙළ. මේ රූප රාමු ක්ෂණික ෙඡ්දන සඳහා ගෝචරවන අවස්ථාවක්.

Word_Sinhala_in_Yasarath_font.svg (1).png

ඒ වගේම තමයි ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරතනාවලිය. එහි එන පටාචාරාව කායිකව මෙන්ම මානසිකව මුහුණ දුන් පීඩාකාරී බව දෘශ්‍ය රූප සරණියක් ඔස්සේ දැක්වෙනවා.

”මහ වැස්සක් නැගී ය. ඒ වෙලාව ට පිට පිට හෙලන විදුලිය ගසන්නා සේ විලිත් පහරන්න ට විය. ආස ගුගුරන්නා සේ හඬ ගසන්ටත් වන. වස්නා වැසි බෝවා සේ ප‍්‍රසව දුකුත් බෝ විය.” මේ ආකාරය ට කටුක පරිසරයත් පටාචාරාව මුහුණ දුන් ඛේදයත් එකිනෙකට තුලනය කරමින් මවන දෘශ්‍ය රූප පෙළ ක්ෂණික ඡේදන මග’ින් පුද්ගල ප5තිබද්ධතාව දක්වනවා.

සද්ධර්රතනවලියේ එන තවත් ප‍්‍රබල අවස්ථාවක් තමයි භික්ෂුවක් සසුනෙන් ඉවත් කර ගැනීමට වෙසග’නක් ගන්නා ප‍්‍රයත්නය.

’’උකුළ සොළවයි. ගුයිහ ස්ථානය සොළවයි. කලවෙ පායි. ූතුරු සළුව ඉවත් කොට තන බඩතුර පායි. අත ඔසවා කිහිලි පායි. ඇස් මරයි. බැම උපුල්වයි.’’මෙතැන තියෙනවා ඉතා ප‍්‍රබල රූප සරණියක්. වෙසග’නකගේ විවිධ සරාගි ඉරියව්, භාවඊාව ලීලාවන් මොහොතින් මොහොත වෙනස් කරන අයුරු මධ්‍යම රූප පෙළක් සේ එසේ දක්වා තිබෙනවා.

පැරණි සම්භාව්‍ය සාහිත්‍යය සිනමාවේදි අධ්‍යයනයක් වශයෙන් ගත් මේ සුවිශේෂි හැදැරීම ගැන ඔබේ නිගමනය කෙසේ දැයි ඇසුවොත්…..?

සිනමාව කියන්නේ අද අප සතුව තියෙන තාක්ෂණික රසපූර්ණතාවක්. සිනමා කැමරාව සොයා ගත්තට පසුව තමයි අපි ලෝකය දිහා සිනමාරූපීව බලන්න පටන් ගත්තෙ. ඒත් අපේ වියත් සාහිත්‍යකරුවන් ඒ ඈත අතීතයේදීත් සාහිත්‍යය මුළුුමනින්ම වාගේ දෘශ්‍යමය අත්දැකීමක් බවට පත් කරගෙන තියෙනවා. ඒ සඳහා තවති විශේෂ කාරණයක් ද බල පා ඇතැයි මා සිතනවා. ඒ තමයි එදා අපේ සාහිත්‍යකරුවන් හමුවේ සිටියේ පාඨකයින් නොව ශ‍්‍රාවකයින් වීම. අන්න එතැනදී ඔවුන් ට අනිවාර්ය බලපෑමක් කෙරුණා සිය සාහිත්‍යය අත්දැකීම් ඉදිරිපත් කිරීමේ දී එය චිත්ත රූප මැවීමේ සමත් අෘශ්‍යමය අත්දැකීමක් බව ට පත් කරන්න.

සංවාදය

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ
ප‍්‍රීති බණ්ඩාර ධනපාල

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s