ඉගැන්වීමේ මොට්ට ක‍්‍රම – මහාචාර්ය කාල් සේගාන්

මගේ දෙමව්පියෝ විද්‍යාඥයෝ නොවුහ. ඔවුන් විද්‍යාව පිළිබඳව කිසිවක් හෝ නොදත් තරම් ය. එහෙත් සංශයවාදය වෙතත්, විමර්ශනය වෙතත් මා යොමු කිරීම මඟින්, විද්‍යාත්මක ක‍්‍රමයට කේන්ද්‍රීය වන්නා වු අපහසුකාරී ලෙස සහජීවනයේ යෙදෙන චින්තන ක‍්‍රම දෙක ඔවුහු ුමට ඉගැන්වූහ. ඔවුන් සිටියේ දුගී බවින් පියවරක් පමණක් ඔබ්බෙනි. එහෙත් තාරකා විිද්‍යාඥයෙකු වීම ට මට අවශ්‍ය බැව් මා කියා සිටි විට මට ඔවුන්ගේ පූර්ණ සහාය ලැබිණි. එසේ වුයේ තාරකා විද්‍යාව යනු කිමෙක්ද යන්න පිළිබඳ අතිශය මුලික මට්ටමේ අදහසක්වත් (මා තුළ මෙන්ම* ඔවුන් තුළ ද නොතිබියදී ය. සෑම දෙයක්ම සැලකිල්ලට ගත් විට දොස්තර කෙනකු හෝ නීතිඥයකු හෝ වීම වඩා හොඳ යයි ඔවුහු කිසි විටෙකත් මට යෝජනා නො කළහ.

මගේ ප‍්‍රාථමික හෝ නකිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ හෝ පාසැල් දිනයන්හි සිටි ආස්වාදජනක විද්‍යා ගුරුවරුන් පිළිබඳව ඔබට කීමට මට හැකි විණි නම් මම සතුටු වෙමි. ඒ පිළිබඳව සිතීමේ දී, එවැන්නන් කිසිවෙක් නොමැත. …….(Periodic elements) ලීවර සහ තීර්යක් ධාරාතල (Incined Planes) ප‍්‍රභා සංශ්ලේෂණයයනාදිය පිළිබඳව කට පාඩම් කරවීම නම් පැවතිණි. එහෙත් ඉහල නගින්නා වු විස්මයජනක බව පිළිබඳ හැඟීමක් නම් නො වීය. කලෙක දී හැම දෙනා ම විශ්වාස කළ වැරදි අදහස් පිළිබඳ කිසිවක් හෝ නො වීය. අප ලබා දිය යුතු යැයි සැලකුණ පිළිතුරු, ජ්‍යෙෂ්ඨ පාසැල් පාඨමාලා තුළ තිබිණ. අප ඒවා ලබා නොගතහොත්, අප ව වෙන්කොට සටහන් කර ගැණිනි. අප කැමති දේ හෝ සහජ හැකියාවන් හෝ සංකල්පිකමය වැරදි ඉදිරියට ගෙන යාමට උනන්දු කිරීමක් හෝ නො වීය. ූඋනන්දුව ජනනය කළ හැකි යැයි කිව හැකි දේ පාඨ ග‍්‍රන්ථවල පිටුපස විය. අප ඒවා වෙත ළඟා වීමට පෙර පාසැල් වසර හැම විටම අවසන් විය. තාරකා ශාස්ත‍්‍රය පිළිබඳ විශිෂ්ඨ ග‍්‍රන්ථ පුස්තකාලවල දි සොයා ගත හැකි විය. එහෙත් පංති කාමරයේ දී ඒවා ලබාගත නොහැකි විය. පොතක ඇති නියමයන් මාලාව උගන්වනු ලැබුවේ, වැඩි කිරීම් සහ අඩු කිරීම ඔබට නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ කෙලෙස දැයි කරුණු පැහැදිලි කිරීමකින් තොරවය.

d23.gif

ඉහල පාසැලේ දි වර්ග මූලය සොයා ගන්නා ආකාරය ගෞරව සම්ප‍්‍රයුක්ත ලෙස කියා දෙනු ලැබුවේ, හරියට ම එය සිනායි කන්දෙන් ලබා දෙනු ලැබුවක් වු පරිද්දෙනි. අපේ කාර්යය වුයේ අපට නියම කරනු ලැබු දේ මතක තබා ගැනීම පමණි. නිවැරදි පිළිතුර ලබා ගන්න. ඔබ කරන්නේ කුමක් ද යන්න අවබෝධ කර ගැනීමට කිසිවිටෙක නොසිතන්න. ගණිතය පිළිබඳ බොහෝ දේ් ඉගෙන ගත් දෙවනි පංතියේ ඉතා දක්ෂ වීජ ගණිත ගුරුවරයෙක් විය. එහෙත් ඔහු ගැහැණු ළමයින් හැඬවීමෙන් සතුට ලැබූ, අනුන්ට හිරිහැර කරන්නෙක් විය. ගණිතය පිළිබඳ මගේ ආශාව එම මුළු පාසැල් කාලය තුළම පවත්වාගෙන යනු ලැබුවේ විද්‍යාත්මක කරුණු සහ ප‍්‍රබන්ධ පිළිබඳ පොත් සහ සඟරා කියැවීම මඟිනි.

50 ගණන්වල සිටි මගේ ගුරුවරුන්ට මම සදා කෘතඥ වෙමි. මගේ එම ඇගයීම් ඔවුන් හැම දෙනෙකුටම දැන ගැනීමට සැලැස්වීමට මම උත්සහා දැරීමි. එහෙත් මම ආපසු හැරී බලන විට අත්‍යවශ්‍යම දේ මා ඉගෙන ගත්තේ මගේ පාසල් ගුරුවරුන්ගෙන් හෝ මගේ සරසවි මහාචාර්යවරුන්ගෙන් නොව, විද්‍යාව ගැන කිසිවක් ම නොදැන සිටි මගේ දෙමව්පියන්ගෙන් බව මට පැහැදිලිව පෙනී යයි.

qw

The Demon Haunted World  සිංහල පරිවර්තනය – ටි. අන්ද්රාදි

විශ්ව ග‍්‍රන්ථාවලියෙන් ෙඡ්ද කෝෂයක්

සංස්කරණය හා පරිවර්තනය ටි. අන්ද්රාදි

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s