කොළඹ කාක්කන්ගෙන් කොහාට වාසි සහගත ගනුදෙනුවක්

ජ්‍යෙෂ්ඨ පක්ෂි නිරීක්ෂක, නීතිඥ ජගත් ගුණවර්ධන විසින් කොහා පක්ෂියා ගැන සිදු කරන ලද නිරීක්ෂණ වාර්තාවක් ඇසුරින් මේ ලිපිය සකස් වේ. එම වාර්තාව මීට පෙර 2012 අපේ‍්‍රල් මාසයේ ”සදාහරිත” සඟරාවේ පළ වුවකි.

වැසි සමය අවසන් වෙමින් පැමිණෙන බක් මාසයේ දී අහන්නට ලැබෙන කොහාගේ හඬ ගෑම අපගේ සංස්කෘතික උත්සවයක් වන සිංහල අළුත් අවුරුදු සමය සිහි කැඳවුයේ අතීතයේ සිටම ය. එමෙන්ම කොහා කපුටුවන්ගේ කූඩුවේ බිත්තර දමනවාය යන්නත් අතීතයේ සිට ම සිදු කෙරුණා වු පක්ෂි නිරීක්ෂණයක් වේ. එහෙත් කොහා සමඟ බැ\ුණු දුර්මත අදටත් අප අතර පවතී. ඒ අනුව ඇතැමුන් සිතන්නේ කොහා අවුරුදු කාලයට පමණක් මෙරටට පැමිණෙන සංක‍්‍රමණික පක්ෂියෙක්ය කියා ය. එසේම මේ පක්ෂියා සෞභාග්‍යයේ සංකේතයක් ලෙසත්, ඉදින් ඌ වැඩිපුර ගැවසෙන තැනක් වේ නම් එතැනට සෞභාග්‍යය ළඟා වන්නේ යැයි කියාත් අදහන්නෝද වෙති.

කොහා හෙවත් කොවුලා Koel – Indian Koel (Eudyímys scoloecea) කැකුලිඬේ කුලයට (Family – Cuculidae) අයත් මෙරට හමුවන පක්ෂින් අතරින් සුලබම එමෙන්ම වැඩිම ව්‍යාප්තියක් පෙන්වන විශේෂය යි. ඔවුන්ගේ ලිංගික ද්වීරපීතාව හෙවත් ගැහැණු – පිරිමි බව වර්ණ රටා දෙකකින් දැකිය හැකි ය. ශරීරය දිගටි ය. වල්ගය සිහින් දිගු හැඩයකින්ද පාද ඉදිරියටත්, පසුපසටත් විහිදුණු ඇඟිළි වලින් ද යුක්ත ය. අගින් මදක් නැමුණු විසල් හොට ලා කොළ මිශ‍්‍රිත සුදු පැහැයකින් දැකිය හැකි ය. පිරිමි, ගැහැණු දෙවර්ගයේ ද ඇස් තද රතු පාට ය. ඔබ කවුරුත් දන්නා ආකාරයට පිරිමි පක්ෂියා මුළුමනින්ම කළු පැහැති ය. ඒ අතර නිල්, දම්, කොළ දිස්නයක් ද දැකිය හැකි ය. එහෙත් ගැහැණු පක්ෂියා දුඹුරු පැහැති පසුබිමක ළා දුඹුරු හා සුදු ඉරි හා පුල්ලි විසිරුණු ශරීරයකට හිමිකම් කිය යි. පිරිමි පක්ෂියාගේ කළු පැහැය කාක වර්ණයට සමාන වුණ ද ශරීරයේ සහ හොටයේ හැඩය මෙන්ම දීප්තිමත් රක්ත වර්ණ ඇස් නිසා කොහා ව වෙන් කොට හ\ුණාගැනීම කොහෙත්ම අපහසු නැත.

1.jpg

සාමාන්‍යයෙන් කුළෑටි පක්ෂියෙකු වන කොහා අතුපතර සැඟැ වී වැඩිකාලයක් ගෙවන්නෙකි. ඒ හැරුණු කළ ප\ුරු අතරෙහි ද ගැවසෙන්නෙකි. බිමට බැස්සොත් ඒ ඉතාමත් කලාතුරකින් අවස්ථාවක ය .සිංහල අළුත් අවුරුදු කාලය මේ පක්ෂීන්ගේ ප‍්‍රජනන සමය යි. ප‍්‍රජනන සමයෙන් බැහැර වු විට ඔවුන් බොහෝ දුරට නිශ්ශබ්ද පක්ෂීහු වෙති. ඒ නිසාම මේ පක්ෂීන් පිළිබඳව අවධානය යොමු වන්නේ සිංහල අළුත් අවුරුදු කාලයට ය. මොවුන් සංක‍්‍රමණිකයන් ලෙසින් වරදවා වටහා ගැනීම නිර්මාණය වන්නේ මේ කාරණාව පසුබිමේ ය. කොහා සර්ව භක්ෂකයෙකි. එහෙත් පළතුරු ආහාරයට ගැනීමට වැඩි නැඹුරුතාවක් දක්වයි. ඒ හැරුණ කළ කුඩා කෘමීන්, කුඩා සතුන්, පක්ෂි බිත්තර හා කුඩා පැටවුන් මෙන්ම නිවෙස් වලින් බැහැරලන ආහාර ද්‍රව්‍ය මොවුන්ගේ සෙසු ආහාර අතර වේ.

වෙනස් තත්වයන්ට අනුව හැඩ ගැසීමේ හැකියාවෙන් යුතු කොහා ඒ නිසාම ඕනෑම ගස් මෙන්ම ප\ුරු සහිත ස්ථානයන්හි විසීමට මනා දක්ෂතාවක් ලබා තිබේ. තවද ඉතාම ජනාකීර්ණ මෙන්ම කලබලකාරී නාගරික පරිසරයන්හි වාසය කිරීමේ හැකියාවෙන්ද මොවුහු යුක්ත වෙති.

කොවුළන්ගේ ප‍්‍රජනනය, කපුටන්ගේ ප‍්‍රජනනය හා බැඳී පවතින බව අප‍්‍රකට කරුණක් නොවේ. ප‍්‍රජනන සමයේ දී ඔවුන් නඟන හඬ පසුගිය වසර ගණනාවක් පුරා ම ජනවාරි මාසයේ දී ආරම්භ වුව ද මේ වසරේ (2012* එය මදක් ප‍්‍රමාද වී ආරම්භ වී තිබේ.

මේ ප‍්‍රජනන නාදයේ තීව‍්‍රතාව මුල් කාලයේ දී අඩු ය. ඒ නිසාම මුල් අවස්ථාවේ දී එය වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වන්නේ නැත. එහෙත් කපුටන් කැදළි තනන්නට පටන් ගැනීමත් සමඟම මේ නාදය උච්ච ස්වරයකට යයි. එසේ උච්ච ස්වරයකට නැගෙන එම නාදය සාමාන්‍යයෙන් දිවා කාලය පුරාත් සඳ පහන් රාත‍්‍රී කාලවලත් ඇසිය හැකි ය. නාදය උච්ච ස්වරයට පත්වීම සාමාන්‍යයෙන් මාර්තු – අපේ‍්‍රල් කාලවල සිදුවන අතර බොහෝ වසර වලදී නැවතත් ජුනි හෝ ජුලි මාස වල ද සිදු වේ. මේ ආකාරයට නොවුලන්ගේ හඬ නැඟීම හා බැ\ුණ ප‍්‍රජනන සමය අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය දක්වාත් විහිදී යෑමක් දැකිය හැකි ය.

KoelA-ct-feeding-Nikhil-Paul.jpg

ශ‍්‍රී ලංකාවේ හමුවන කපුටු විශේෂ දෙකටම අයත් කැදළිවල කොහාගේ බිත්තර දැකිය හැකි ය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඌ වැඩි ප‍්‍රවණතාවක් දක්වන්නේ කොළඹ කාක්කන්ගේ House Crow කැදළිවල බිත්තර දැමීමට ය. කාක්කන් තමන් කැදළි තනන හා බිත්තර දමන කාලවල දී සිය කැදළි ආසන්නයේ ගැවසෙන කොවුළන්ට දරුණු ලෙස පහර දීමට ඉදිරිපත් වෙනු දැකිය හැකි ය. අනිත් අතට කපුටු කූඩුවේ බ්ජු ලෑම ස\හා කොහා පුයෝජනයට ගන්නේද කපුටන්ගේ එම ප‍්‍රහාරාත්මක හැසිරීම ය. ඒ අනුව තමන්ගේ කැදැල්ල අසල කොහා එසේ හැසිරෙනු දුටු මතින් කාක්කා කරන්නේ වහාම ඌ පසුපස හඹා යෑම ය. එවිට ඒ සුළු අවසරය ප‍්‍රයෝජනයට ගන්නා කෙවිළිය කපුටු කූඩුවට වැදී එහි බිත්තර දමා පලා යන්නී ය.

ලොව වෙසෙන බොහෝ කොහා විශේෂ මෙසේ වෙනත් පක්ෂීන්ගේ කැදළිවල බිජුලන අතර ඊට පෙර කරන තවත් කටයුත්තක් වෙයි. ඒ අර කූඩුවේ තිබෙන බිත්තර වලින් පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එතැනින් ඉවත් කිරීම යි. නමුත් මෙරට කොහා එසේ සිදු කරනා බවක් නිරීක්ෂණය නොවේ. එසේ කපුටු කැදැල්ලකට වදින කොහා ගැහැණු සත්වයා වරකට බිත්තර එකකට වැඩි ගණනක් දැමීම බොහෝ විට සිදු වේ. කෙසේ වෙතත් එය එකම කෙවිළියක හෝ කිහිප දෙනෙකු විසින් සිදු කරන්නේද යන්න පැහැදිලි නැත. කොහා බිත්තරය නිල්වන් කොළ පැහැති පසුබිමක දුඹුරු පුල්ලි වැටුණු ස්වභාවයක් ගනි යි. වර්ණ රටාවෙන් ඒවා කපුටු බිත්තරවල ට මදක් සමාන වුණත් ප‍්‍රමාණාත්මකව ගත් කළ ඊට මදක් කුඩා ය. මේ ප‍්‍රමාණතේමක වෙනස හා කූඩුවේ බිත්තර ගණන වැඩි වීම කපුටුවන්ගේ අවධානයට ලක් වන්නේද යන්න අපැහැදිලි කරුණක් වේ. විශේෂයෙන්ම ගම් කපුටන් හෙවත් කළු කපුටන්ගේ Jungle Crow බිත්තර ප‍්‍රමාණයෙන් විශාල හා වර්ණවත් වීමෙන් අර කීව වෙනස වඩාත් ප‍්‍රකටවම පෙනුණත්, ඔවුහුද කොහා බිත්තර ?ක බලා ගැනීමේ යෙදෙති.

ලොව බොහොමයක් කොහා විශේෂ එසේ වෙනත් පක්ෂි විශේෂයන්හි කූඩුවල බිජු ලෑ පසු අලූත බිහිවෙන කොහා පැටවුන් සිදු කරන්නා වු කටයුත්තක් තිබේ. ඒ, කැදැල්ලෙහි ඇති අනිත් බිත්තර සහ පැටවුන් වහ වහා ඉවතට විසි කිරීම යි. එය ප‍්‍රසිද්ධ කරුණකි. පසුව ් ඉතිරි වෙන එක් කොහා පැටවෙකු ඒ කැදැල්ලේ තනි හිමිකරුවා බවට පත්වන අවස්ථාද තිබේ. එහෙත් අපගේ කොහා පැටවුන් අතර මේ හැසිරීම දැකිය නොහැකි ය. හැම විටම දැකිය හැක්කේ කපුටු පැටවුන් සමඟ උන් එකම කැදැල්ලේ වෙසෙන ආකාරය යි. ඒ ආකාරයට පැටවුන් එකෙකුට වැඩියෙන් ‍්‍ර(තිදෙනෙක් බොහෝ විට දෙදෙනෙක්* කපුටු පැටවුන්ද සමඟ වෙසෙනු ැකිය හැකි ය. අළුත බිහි වුණු කොහා පැටවුන් ගේ ඇස්වල රතු පැහැය මෙන්ම සුදුවන් හොටය පැහැදිලිවම හ\ුණාගත හැකි ය. ලොව බොහෝ පක්ෂීන් වර්ණය අනුව සමානකම් පාන්නේ ගැහැණු පක්ෂියාට වුණත් කොහා පැටවුන් මුළුමනින්ම පිරිමි පක්ෂියාගේ පැහැය අනුව යයි. මේ තත්වය කපුටු කූඩුවක් තුළ නිරුපද්‍රිතව වැඩෙන්නට ලද ස්වභාව අනුවර්තනයක් ලෙසින් සැලකිය හැකිය.

Baby-koel-being-fed-by-foster-mom-crow-Photo-courtesy-KS-Bains.jpg

අතීතයේදී කොවුළා විශාල ව්‍යාප්තියක් තිබු පක්ෂියෙකු නොවන බැව් හෙලි වේ. 1880 දී ලංකාවේ පක්ෂින් පිළිබඳව වෙළුම් හතරකින් යුත් ග‍්‍රන්ථ මාලාවක් පල කළ Vincent Legge නම් පක්ෂි විද්‍යාඥයා පවසන්නේ පහතරට තෙත් කලාපයේ හා වියළි කළාපයට සීමා වු කොහා ක\ුකරයේදී හමු නොවන්නෙකු බව යි. ඒ අදහසම 1940 දී Hugh Wisler විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ලංකාවේ පක්ෂීන් පිළිබඳ සමීක්ෂණයේ දීද
(Avifauíl Survey of Ceylon) වාර්තාවේ ද දක්වා තිබේ. ඉන් පසුව එනම් 1949 දී  Cisely Lushigton මහත්මිය ප‍්‍රකාශයට පත් කළ ශ‍්‍රී ලංකාවේ පක්ෂීන් බිළිබඳ ග‍්‍රන්ථයේ දැක්වෙන අන්දමට කොවුළා පහතරට තෙත් කළාපයේ මෙන්ම පහතරට වියළි කළාපයේත් ක\ුකරයේ අඩි 1000 ක් තෙක් සීමාවේත් ව්‍යාප්තියක් පෙන්වයි.

කෙසේ වෙතත් වර්තමානයේ නම් කොවුළා ක\ුකර ඉහළ කලාපයන්හි පවා දැකිය හැකිය. ඒ අනුව පසුගිය වසර 150 ක් තරම් වු කාලයක් පුරා කොවුළා සංඛ්‍යාවෙන් හා ව්‍යෘප්තියෙන් විශාල වර්ධනයක් ඇති කරගෙන තිබේ. මේ සාර්ථකත්වයට පදනම් වු කරුණු ද අතීත වාර්තා ඇසුරින්ම සොයා ගැනීමේ හැකියාවක් අපට තිබේ. ඒ අනුව වින්සන්ට් ලේග් නම් පක්ෂි විද්‍යාඥයා සිය නිරීක්ෂණයේ පළමු පදනම මත සිටිමින් පවසන්නේ ලංකාවේ කොවුළන් බිත්තර දමන්නේ කළු කපුටන්ගේ කූඩුවල පමණක් බව යි. ඉන්දියාවේදී නම් අප කොළඹ කපුටා යැයි හ\ුන්වන විශේෂයේ කැදළිවල ද බිජු ලෑවත් ලංකාවේ කොවුළා එසේ නොකරන බව ඔහු පවසයි. ඔහුගේ ඒ නිරීක්ෂණයට අදාළව එකල මේ කියන කපුටු විශේෂ දෙක ලංකාව තුළ ව්‍යාප්ත වී සිටි අයුරු විමසා බැලීම වටී. ලේග් මහතා දක්වන අන්දමට කළු කපුටා රට පුරාම ව්‍යාප්ත වී සිටි සුලභ පක්ෂියෙකු විය. නමුත් කොළඹ කපුටා නම් විශේෂයේ ව්‍යාප්තිය වෙරළබඩව කළුතර දක්වාත්, බස්නාහිරින් පහළටත්, නැෙඟනහිරින් පොතුවිල් දක්වාත් ව්‍යාප්තියකට සීමා වී ඇත. කෙසේ වෙතත් අද තත්වය ඊට වෙනස් බව කිව යුතු ය. ඒ අනුව කොළඹ කපුටා නම් විශේෂය රට පුරාම ව්‍යාප්තියක් ඇති සුලබ කපුටු විශේෂය බවට පත් වී සිටි යි.

0071

එසේ බලන කළ පසුගිය කාල වකවානුවේදි කොවුළාගේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් හිතකර වෙනස්කම් දෙකක් නිර්මාණය වී තිබේ. ඉන් පළමුවැන්න කොළඹ කාක්කාගේ සංඛ්‍යාත්මක සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් යට කියැවුණ ප‍්‍රගතිය යි. දෙවැන්න එකී කාලය තුළ දී කොවුළන් කොළඹ කාක්කන්ගේ කූඩුවල බිත්තර දැමීමට යොමු වීම යි. මේ අනුව කොළඹ කපුටන්ගේ ගහනය සහ ව්‍යාප්තියේ සම්පුර්ණ වාසිය කොවුළන් සිය ගහනය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලබාගෙන ඇති බවක් පෙනී යයි. අනිත් අතට කොළඹ කාක්කන් මේ තරම් සුලභ වීමට හේතුව නාගරීකරණයත් සමඟ ඇති වෙමින් තිබෙන විවෘත කැළි කසළ ගොඩවල්ය යන්න පැහැදිලිවම පෙනී යන්නකි. මේ නිසා සිය ප‍්‍රජනන සමයේදී දෙවතාවකටවත් බිත්තර දැමීමේ හැකියාව කොළඹ කාක්කාට ලැබී තිබේ. ඊට සාපේක්ෂව කොවුළා වෙනුවෙන්ද ඒ අවස්ථාව නිර්මාණය වී තිබේ කොවුළා ඒ ආකාරයට ඒ ආකාරයට ඉහත කී අවස්ථාව සම්පුර්ණයෙන්ම ප‍්‍රයෝජනයට ගනිමින් සිංහල අවුරුදු සමයේදී පොදුවේ දැකිය හැකි සුලබ පක්ෂියෙකු බවට පත් වී සිටියි.

jagath-gunawardana

ජ්‍යෙෂ්ඨ පක්ෂි නිරීක්ෂක, නීතිඥ ජගත් ගුණවර්ධන

සකස් කලේ – මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

 

c b

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s