මේ කතාවත් – කුණු කතාවක්.

කොළඹ දිස්ත‍්‍රික්කයේ පිහිටි ඉතාම අතලොස්සක් වන පහතරට වැසි වනාන්තර අතරින් ”ඉඳිකඩ මුකළාන”ට සුවිශේෂත්වයක් හිමි වන්නේ ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත්, කොළඹ දිස්ත‍්‍රික්කයේ පිහිටි දෙවන විශාලතම (ද්වීතියික* වැසි වනාන්තරය වීම නිසා ය. එනිසා වනාන්තර ආඥා පනත යටතේ 2008 ඔක්තෝබර් මස 21 වන දින ඉඳිකඩ මූකළාන රක්ෂිත වනාන්තරයක් බවට පත් කිරීම අතිශයින්ම සාධාර කටයුත්තක් බව කිව යුතු ය. එහෙත් එවකට සිටි පාරිසරික හා ස්වාභාවික සම්පත් අමාත්‍යවරයා එසේ මෙය රක්ෂිතයක් බවට පත් කිරීමෙන් හරියටම මාස තුනක් ගත වන දින එනම් 2009 ජනවාරි මස 21 වන දා එකී රක්ෂිත බව අහෝසි කර දමන ලදී. ඒ කොළඹ දිස්ත‍්‍රික්කයේ කුණු කසළ ගෙන ගොස් එහි දැමීම සඳහා ය.

20130609_212046.jpg

මෙම වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් විය යුතු යෝජිත රක්ෂිතයක් ලෙසින් නම් කෙරෙන්නේ 1960 දශකය තුළ යැයි සිතමි. පසුව ඉහතින් දැක්වුණ ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රක්ෂිතයක් බවට එය පත් වන්නේ හෙක්ටෙයාර 572 ක භූමි වපසරියක් සහිතව ය. ඒ අංක 1572 – 9 දරන ගැසට් නිවේදනය මඟිනි. එදා සිටි පරිසර හා ස්වාභාවික සම්පත් ඇමතිවරයා මෙසේ එය රක්ෂිතයක් බවට පත් කොට මාස තුනක් ඇතුළත 2009 ජනවාරි 21 අංක 1585 – 14 දරන ගැසට් නිවේදනයෙන් ඒ රක්ෂිතභාවය නැවත ඉවත් කොට දැමුවේය. එකම අරමුණ වුයේ කොළඹ කුණු කසළ ගෙන ගොස් එහි අත්හැරීම ය. රක්ෂිත බව ගැසට් නිවේදනයකින්ම ඉවත් කලේ එහට නෛතික විරෝධයක් ඇති වීම වැළැක්වීමට ය.

slide_410868_5171974_free.jpg

මේ සම්බන්ධයෙන් පළ වු වාර්තාවකින් පැවසුණේ කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශවලින් එක්රැුස් කෙරෙන කැළි කසළ හා කොළඹ බ්ලූමැන්ඩල් කුණු කන්දේ කැළි කසළ ගෙනැවිත් ඉඳිකඩ මූකළානේ එක් කෙළවරක ගොඩ ගැසීම ස\හා එවකට සිටි පරිසර අමාත්‍යවරයා යෝජනාවක් ඉදරිපත් කොට තිබු බව යි. ඒ අනුව පැල්පොළ ග‍්‍රාම නිළධාරි වසමට අයත් මේ මහා වන පෙත එළිපෙහෙලි කොට මහා පරිමාණ කසළ රැුඳවුම් මධ්‍යස්ථානයක් ක‍්‍රීයාත්මක කිරීමට යෝජනා වී තිබිණි. එහෙත් ඒ වන වට එය රක්ෂිතයක් ලෙසින් ගැසට් කොට තිබීම නෛතික බාදාවක් මතු කිරීමට හේතු විය හැකි බව කල් තියා අවබෝධ කරගත් හිටපු පරිසර ඇමතිවරයා යට දැක්වුණ ආකාරයට එය ඉවත් කිරීමට කටයුතු කොට තිබේ. කෙසේ වෙතත් ප‍්‍රදේශවාසීන්ගේ සහ සැබෑ පරිසරවේදීන්ගේ බලවත් විරෝඨතාව හමුවේ ඒ අමනෝඥ යෝජනාව හකුලා ගැනීමට පරිසර ඇමතිවරයාට සිදු විය. කොහොම නමුත් මෙතැන ඇති පුදුම සහගත කරුණ වන්නේ කොළඹ නගරය සීමාවකින් තොරව බැහැර කෙරෙන කුණු කසළ රැුඳවීමට ස්වාභාවික වන රක්ෂිතයක්ම තෝරා ගැනීමට වෙනින් කවුරුවත් නොව පරිසර අමාත්‍යවරුන්ම කටයුතු කිරීම යි. ජාතියක් වශයෙන් අජ අද දවසේ වාසය කරන්නේ අවලස්සන දේශපාලන ක‍්‍රියාකාරීත්වයක් හමුවේ විනාශයට පත් වෙමින් ඇති බරපතල පාරිසරික හායනයක් තුළය යන කාරණය මේ අනුව පැහැදිලි විය යුතු ය. එමෙන්ම ඒ බව අමතක නොකළ යුතු ය.

En – Reporting

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s