ලංකාගම ට ගිය ඒ ගමන

ගිං ගඟ හඬක් නො නඟයි එහෙත් ගලා යයි. ඇතැම් තැනක දී නිදි ගත් නදියක් වැන්න. තවත් තැනකදී හඬ නඟමින් ජල සුළි නඟමින් ගලා යන්නේ ය. අප ඉදිරියට යමින් සිටින්නේ ගඟත් සමඟ එක් ව දිවෙන පටු මඟක් ඔස්සේ ය. හිරු බැස යමින් සිටි යි. බසින හිරු ගේ විඩාපත් ආලෝකය වැටුණු තන්හි මාර්ගය ආලෝකවත් ය. එහෙත් ඇතැම් තැනෙක සරුවට වැඩුණු වනයේ හේඩාව මඟ අ\ුරු කරනුයේ එක්වනම හිරු නිවී ගොස් ? කාලය පැමිණි කලෙක මෙනි. එවන් තන්හි ?හිහු ද මහ හඬින් වැළපෙති. වනපෙත අප ව අමතන්නේ ඔවුන්ගේ මුවින් දැයි සිතෙ යි.

අප වටා ඇති මේ වනපෙත, ඒ අ\ුර මතු නොව කෘමි නාදය සහ ඉදිරියට හමුවන සියල්ලේ එකම කර්තෘකයා සිංහරාජය නම් මහා වනෝද්‍යානය යි. එහෙත් අපේ ගමනේ ඉලක්ක ස්ථානය වන්නේ වනපෙතට මායිම් ව පිහිටි ලංකාගම යි. නමුත් ඊට පෙර අද රාති‍්‍රය ගෙවා පහන්් කළ යුතු ය. ඒ සඳහා අප තෝරාගෙන තිබෙන්නේ සිංහරාජ වනෝද්‍යානය තුළ පිහිටි වනෝද්‍යාන බංගලාවකි. හැන්දෑවේ දිගුව යන හෙවනැලිත් සමඟ ඉක්මන් නොවු ගමනින් අප යමින් සිටියේ ඒ වන නිවස්නය වෙතට ය. ඒ මොහොතේ අප හමුවට එමින් සිටි ගැමියෙකු මුලින්ම අප දෙස හොඳින් බලා දෙවනුව මෙසේ විමසුවේ ය.

Sinharaja-Seyana-Eco-Lodge_Lankagama.jpg

”මහත්තයලා කෑම්ප් එකට ද යන්නෙ? එහෙම නං ටිකක් අඩිය ඉක්මන් කලොත් හොඳ යි. කරුවල වැටුණම මේ පාරෙ යන එක ඒ තරං හොඳ නෑ.” ඔහු දයාබර මිනිසෙකි. ඔහු කෑම්ප් එක යැයි හැඳින්වු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ට අයත් අපේ රාත‍්‍රී නවාතැන ට සැලකිය යුතු දුරක් තවමත් ඉතිරි වී තිබේ. ඒ මුළු දුරින් අප තවමත් ගෙවා ඇත්තේ අඩක ට ආසන්න දුරක් පමණි. හැන්දෑවේ අවසාන ආලෝක දහරාවන් ද නිවී යමින් තිබේ. අප දැන් ගමන් කරමින් සිටින්නේ අ\ුරේ ය. වැදගත්ම දේ සර්ප දෂ්ටනයෙන් ගැළ වී ගමන් කිරීම ය. අර ගැමියා කී දේ නිවැරදි බව දැන් නම් පැහැදිලි ය. යම් පමණකට හෝ සැනසිල්ලකට තිබුණේ එය සඳ පහන් රාත‍්‍රියක් වීම යි. අපට හමු වු ගැමියා කෑම්ප් එක යැයි හැඳින්වු වන නිවහන පිහිටා ඇත්තේ ගංඟාවෙන් එහා ඉවුරේය. හිස් තෙල් බැරල් වලින් තැනූ කුඩා පාලම් පාරුවක නැඟී ගඟ තරණය කොට වන නිවහන ට යායුතුව ඇත. මෙහා ඉවුරේ සිට බැලූ විට අ\ුරින් වැසුණු කුඩා තොටුපලක් වැනි එහා ගං ඉවුරේ කඹයකින් ගැට ගසා ඇති පාලම් පාරුව පෙනෙයි. දැන් අප කළ යුතුව ඇත්තේ එහා ඉවුරට ඇසෙන ලෙසින් ”හූ” හඬක් නැගීම ය. ඒ සඳහා ඇති එකම සන්නිවේදන මාධ්‍යය එය යි. ගඟ දිය මත පතිත සඳ ආලෝකය අමුතු හැඟීමක් සිත තුළ ඇති කරයි එහෙත් ඒ කුමක් දැයි එක්වනම නො වැටහෙ යි. අප නැඟූ හූ හඬ අසා වන නිවහන දෙස සිට ඒ කුඩා පාලම් පාරුව අප දෙස ට ඇදෙනු පෙනෙ යි.

ලංකාගම ගාල්ල දිස්ත‍්‍රික්කයේ හිනිදුම ආසනයේ නෙළුව ප‍්‍රාදේශීය සභාවට අයත් සිංහරාජයේ මායිම් ගම්මානයකි. ඊට පිවිසීම ට ඇති පහසුම මාර්ගය ලෙසින් සැලකෙන්නේ හිනිදුම – නෙළුව ප‍්‍රදේශ හරහා වැටී ඇති මාර්ගය යි. සිංහරාජ වනාන්තරය හා බැ\ුණු සෘජු ඵෙතිහාසික සබඳතා සමඟ වර්තමානයට පිවිස සිටින මෙම ගම්මානය ඒ නිසාම සුවිශේෂත්වයක් පෙන්වන ගමක් ලෙසින් අදටත් සැලකේ. ඒ අනුව ලංකාගම සාම්ප‍්‍රදායික ජනප‍්‍රවාද වලිත් නොතොර වු ගම්මානයකි.

එවැනි එක් ජන ප‍්‍රවාදයක ට අනුව අතීතයේ එක්තරා කාලයක දී මේ වනාන්තරයේ දැවැන්ත සිංහරාජයෙකු වාසය කොට තිබේ. ඒ කාලයේ ම විසු වළගම්බා රජු ට සේවය කළ මිනිස් යෝධයෙකු අතින් එම සිංහරාජයා මිය යන්නේ තියුණු ද්වන්ද සටනකින් පසුව ය.

255559-sinharaja-forest-on-the-way-to-lankagama-neluwa-sri-lanka.jpg
ඒ යෝධයා වාසය කොට ඇත්තේ ලංකාගමේ ය. ජනප‍්‍රවාදයක් නොවන තවත් කතාවක් ද එහිදී අප ට අසන්න ට ලැබිණි. ඒ තැපැල් සීයා ගැන ය. ජෝන් සිංඤෝ මේ ගමේ විසුවේ ගමක් හැටියට බොහෝ අවම තත්ව මැද පැවැති කාල වකවානුවක ය. ඔහු ට පැවරී තිබුණු රාජකාරිය වුයේ ගම ට ලියුම් ගෙන එන එක ය. කොටින්ම කිව්වොත් ජෝන් සිංඤෝ යැයි කියන්නේ එදා ලංකාගමේ සිටි තැපැල් පියුංට ය. ඔහු ඒ කාර්යය දේව කාර්යයක් මෙන් සැලකුවේ ය. ඒ එනුව ලංකාගම ට ඇති ලියුම් මල්ල ගෙන ඒම සඳහා මේ පුද්ගලයා ු සැතපුම් 11ක් තරම් දුරක් පා ගමනින් ම මෙදේරිපිටියට ආ යුතු ය. පසුව ලියුම් මිටිය රැුගෙන නැවත අර දුර ම ගෙවමින් නැවත ලංකාගම ට පැමිණිය යුතු ය. ඒවෙනුවෙන් ඔහු ට රුපියල් 44 ක දවස් වැටුපක් ලැබිණි. ඒ ත් ඒ වැටුප ගැන ප‍්‍රශ්න නොකළ මේ මිනිසා තමන්ට පැවරී තිබුණු කාර්යය වෙනුවෙන් සිය ජීවිතයෙන් ම කැප වුණේ ය. පසුව කෙමෙන් වයස්ගත වු ඒ දිරිමත් මිනිසා ට ගම්මන්ු ”තැපැල් සීයා” යන නමින් ඔහු ව ඇමතුවේ සිය ගෙෘරවයති, කෘතවේදීත්වයත් පල කිරීමට ය. එහෙත් අද ලංකාගම අද තවදුරටත් එවැනි පරාවෘත්ත වටිනාකම් මත ම පවතින ගමක් නොවේ. නූතන සමාජාර්ථික දේශපාලනයත් සමඟ ගනුදෙනු කරන තත්වයන්ට එය පත් වී තිබෙන්නේ සිංහරාජය හා බැ\ුණු බොහෝ පුරා මතක ක‍්‍රමයෙන් අත්හරිමිනි.earthday17b (1)

හොඳින් හිරු එළිය වැටෙන පරිසරයක දී නම් කිතුල් ගසක් වසර 8 – 9 අතර කාලයක දී පුදින්නේ යැයි කියැ වේ. ලංකාගමේ ප‍්‍රධාන ආර්ථික ඉපැයීම්ක් ලෙසින් නිතුල් කර්මාන්තය අදටත් පවතී. එහෙත් ඔවුන් අදටත් එය සිදු කරන්නේ වනාන්තරය ඇසුරු කරමින් ලබා ගන්නා ස්වාභාවික ප‍්‍රතිලාභයක් වශයෙන් සලකමිනි. ඒ අනුව කිතුල් මල් මදින සම්ප‍්‍රදායික ක‍්‍රමය ඔවුන් ද අනුදත් ක‍්‍රමය වේ. නමුත් ඒ සම්ප‍්‍රදායික ක‍්‍රමය යැපීම මුල් කොටගත් සමාජාර්ථිකයකට ඔරොත්තු දුන්නත් වර්තමාන තරඟකාරි වෙළඳ ආර්ථිකය ට ඔරොත්තු නොදෙන බව පෙන්වා දෙමින් කාර්මික තාක්ෂණ ආයතනය ඒ දවස් වලදී ම ”තෙලිජ්ජ නිෂ්පාදන වර්ධන ප‍්‍රතිකාරය” දීප ව්‍යාප්ත මට්ටමින් හ\ුන්වා දීම ට කටයුතු කලේ ය. සිංහරාජය සමඟ බැ\ුණු පුරාවෘත්තයක් වැනි පැවැත්මක් හිමි වී තිබු ලංකාගම නව සමාජාර්ථික ඉසව් ඔස්සේ වෙනස් වීම ට මෙවැනි ප‍්‍රතිසංස්කරණ ද හේතු වී තිබේ.

252511-secondmain-cascade---the-duli-fall-neluwa-sri-lanka.jpg

එහෙම වුණත් ලංකාගම සතු පාරිසරික පැවැත්ම එසේ වෙනස් විය යුත්තක් ලෙසින් නොව ආරක්ෂා කළ යුත්තක් හැටියට සැළකිය යුතු වේ. විශේෂයෙන්ම ගම සිසාරා ගලා හැලෙන දිය ඇළි සමුහය පාරිසරික මතු නොව සංස්කෘතික වටිනාකම් සහිත පරිසරයක් මුලික වශයෙන් ලංකාගමටත් පොදුවේ ගත් කළ රටටමත් ලබා දී ඇත.

සිංහරාජ වන පෙත නැරඹීමටත් ඉන් නොනැවතී උක්ත ගම්මානය ඇසුරේ ගලා හැළෙන දිය ඇළි සෞන්දර්ය විඳීමටත් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ගේ සාමාන්‍ය අගය වසරකට 12 000 ක් තරම් වන්නේ යැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එසේ පැමිණෙන සංචාරකයින්ගේ වැඩි අවධානයක් දිනා ගැනීම ට මහත් වූ පාරිසරික සෞන්දර්යයකින් හෙබි ලංකාගම සමත් වී තිබේ. එසේ ගත් කළ පාරිසරික සංචරණයක අත්දැකීම් ලබා දීමට ගිං ගඟ ආසන්නයේ මතු නොව ඉන් පොහොණිය ලබන දිය ඇළි කලාපයක් මධ්‍යයේ පිහිටි ලංකාගම අතිශයින් ම සුදුසු වේ. එහෙත් උස්වැටකෙයියාව, උනවටුන වැනි හායනයට පත් සංචාරක කලාප තත්වයට ඇද නො දමා ගලවා ගැනීමේ යුතුකමක් ද වගකිව යුත්තන් ට තිබේ.

ලංකාගම ට පිවිසෙන ගම්දොරදීම හමුවන බ‍්‍රාහ්මණ ඇල්ල හැරියාව දොළෙන් උපත ලබන්නකි. ඊට ඉහළින් ඇත්තේ ලංකාගම දුවිළි ඇල්ල යි. නෙළුගොල්ලේ දී හමුවන ¥විළි ඇල්ල ට වඩා එය උසින් වැඩි ය. එනිසා ලංකාවේ ¥විලි ඇළි අතර වෙනස් ආරක් ප‍්‍රකට කරන ස්වභාව නිර්මාණයක් ලෙසින් ලංකාගම ¥විළි ඇල්ල ගත හැකි ය. එහි පාමුල විසල් පිහිනුම් තඩාගයක් නිර්මාණය කොට ඇත්තේ ද ස්වභාවධර්මය විසින්ම ය. ඊට සාපේක්ෂව නෙළුගොල්ල දිය ඇල්ල පාමුල නො ගැඹුරු ය.

ගම්මානය තුළ ගලා හැලෙන ගල් ඔරුව දිය ඇල්ල සෙසු ඒවා ට වඩා විශේෂත්වයක් ගනියි. ඒ එහි පිහිටීම හේතු කොටගෙන ය. ගලින් තැනුන ඔරුවක් වැනි විවරයක් තුළ ට වැදී අතුරුදහන් වන ජල කඳ යළිත් මතු වෙමින් ගලා යන ඒ දර්ශනය නිහඬව සිතන අයෙකු ට ඒ සඳහා බොහෝ අවකාශ මතු කර දෙයි. කෙසේ වෙතත් එකී දිය ඇල්ල සහ ඒ ඇසුරේ ඇති ඌරන් වැටුණු ඇල්ල කරා යාම ට තරමක වෙහෙසක් ගත යුතු ය. බින්න (බොරු* හතක් නිසා හත් බින්න ඇල්ල වුවා යැයි කියන හත් බින්න ඇල්ල ගිං ගඟ සිය ජල මූලාශ‍්‍රය බව ට පත් කර ගත්තකි. එය බ‍්‍රාහ්මණ ඇල්ල ට පහළිින් ගලා බසි යි.

255556-neluwa-town-neluwa-sri-lanka.jpg

ලංකාගම ඇත්තෝ අතීත සාම්ප‍්‍රදායිකත්වය ම රැුක ගනිමින් ජීවත් වන්නවුන් නොවෙති. ඔවුන් ද අප මෙන් ම අද්‍යතන සමාජ ආර්ථික රටාවේ කොටස්කරුවන් වීම ට උත්සහා කරන්නෝ වෙති. අදටත් සිය සංස්කෘතික පැවැත්ම අත් නොහැර ජීවත් වීමේ කැමැත්තක් ඔවුන් ට ද තිබේ. නමුත් අදටත් ඔවුහු සිය සංස්කෘතික මුල් සිඳ ගත්තෝ නොවෙති. පාරිසරික වටිනාකම් නො හ\ුණන්නෝ නෙ වෙති. අප මුලදීත් කී ආකාරයට පාරිසරික සංචරණ කළාපයක් වශයෙන් එසේ නැත්නම් ඊට අදාළ ආදර්ශයක් වශයෙන් එය ඉදිරිපත් කිරීමේ දී ප‍්‍රයෝජනයට ගත යුත්තේ ඔවුන් සතු එකී ජීව ගුණය යි. මුළුමනින්ම විජාතිකකරණයට ලක් නොවුණු මෙවැකි සංස්කෘතික හික්මීමක් සහිත ගම්මාන එවැනි සඵලදායක අත්දැකීම් වලට බෙහෙවින්ම සදුුසු ය.
කෙසේ වෙතත් එහි දි නාගරික මැද පාංතික මැදිහත්වන්නා සිය මැදිහත්වීම ගැන පූර්ණ අවබෝධයකින් කටයුතු කළ යුතු ය. සිංහරාජ වනාන්තරයේ ඇවිදින නාගරිකයා කිතුල් කොළපතකින් තැනු මුලක දමා ගත් හකුරු මුළක් නගරයට ගෙනැවිත් සිය සමීපතමයන් සමඟ එක් වෙමින් එයින් විඳ ගන්නේ කෞතුක රසයකි. එහෙත් ඒ කෞතුක රසය ට අර කීව සාම්ප‍්‍රදායික වටිනාකම් අයත් නොවේ. ඒ නිසාම ඔහු එයින් අත් විඳින්නේ ඕපපාතික වින්දනය කි. ඒත් ඔහු යටි සිතින් ගම ගැන පසුවන්නේ වෙනස් තැනක ය. ගමක සෞන්දර්යය ඔහු ට කෞතුක රසයක් ගෙන දුන්නත් ඒ සාම්ප‍්‍රදායික හරයන් දෙස ඔහු බලන්නේ ඒවා නොදියුණු සමාජ ව්‍යුහයකින් උපන්නක් ලෙසට ය. වෙනස් කළ යුත්තේ හරියටම මෙන්න මෙතැන යි. එසේ නොමැතිව ආරම්භ කරන්නා වු කොතරම් උසස් ග‍්‍රාම සංවර්ධන ව්‍යාපෘතියක් වුණත් අවසානයේදී ඉතිරි කරනුයේ අනාගත හායනයක් සහිත ප‍්‍රතිඵලයක් ම බව මතක තබා ගැනීම වැදගත් වේ.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

qww

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s