අලූත් ආණ්ඩුවක් ?

පසුගිය සිංහල අවුරුදු නිවාඩු සමයේ දී අළුත් ආරක කෙටිකතාවක් කියවන්න ට ලැබුණි. ”අළුත් ආණ්ඩුව” නම් එය මංජුල කල්දේරා විසින් සිංහල ට නඟන ලද ඒ නමින්ම යුත් විදේශීය කෙටිකතා සංග‍්‍රහය ට ඇතුළත් වුවකි. පකිස්ථානු ජාතික ලේඛක සදාත් හසන් මත්තෙ විසින් ලියන ලද එය කෙටි කතාවක් වශයෙන් ගත් කල බරපතල අරුත් නංවන ගඹුරු කතාවක් ලෙසින් ගත නො හැකි බව ඇත්ත ය. බැලූ බැල්මටම වර්තමානයේ පුවත් පත් සඟරා ඇසුරේ බිහිවන කෙටි කතාවක හැඩරුව හා සරල බව ගත්්ත ද වස්තු විෂය අතින් මතු නොව එහි එන Exif_JPEG_420උපහාසාත්මක ආර තුළ අළුත් බවක් නැතැයි කීම නම් කුහකකක් යැයි සිතේ.

අළුත් ආණ්ඩුව නමින් පරිවර්තිත එම කෙටි කතාවෙන් කියැවෙන්නේ පවත්නා සුදු ජාතික පාලනය අවසන් කරමින් රටට අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලැබෙන්න ට යනවාය කියන කාරණාව යි. එය ඉන්දියානු නිදහස් සටන් සමය පසුබිම් කොට ගෙන ලියැ වී ඇති බවක් පෙනේ.

කතාවේ ප‍්‍රධාන කථකයා උස්තාද් මංගු ය. ටොංගො නමින් හැඳින්වෙන කුලී ගමන් සඳහා යොදා ගන්නා අශ්වයන්් බැඳි කරත්තයක් පදවමින් ඔහු සිය ජීවිකාව ගෙන යයි. කුලී රියේ ගමන් කරන විවිධ තරාතිරමේ මිනිසුන්ගේ කතා බහ නිසා ඔහු ට බොහෝ විට අළුත් ආරංචි ලැබේ. රටට අළුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ලැබෙන්්න යනවා ය කියන ආරංචිය ඔහු ලබා ගත්තේ ද ඊට වෙනස් විදිහකින් නොවේ. එහෙත් එය ඔහු ට බොහෝම ප‍්‍රබෝධයක් ලබා දුන් ප‍්‍ර‍්‍රවෘත්තියක් ම විය. ඒ විදිහට අළුත් ව්‍යවස්ථාවක් රටට ලැබෙනවා ය කියන්නේ තමන් වැනි මිනිසුන් ට උපන් රටේ නිදහස් ජීවන අයිතියක් ලැබෙනවාය කියන එක ය. වෙන මොනවා නැතත් එතකොට මහ මගේ දී තමන් වැන්නවුන් ට අහංකාර ලෙසත් නිර්දය අයුරිනුත් සලකන ටොමියන් ට (විජාතක සොලදාදුවන් ට තැබූ උපහාසාත්මක නමකි.* මතක හිටිිින පාඩමක් උගන්වන්න ට ඔවුන් ට අවස්තථවක් ලැබෙන බව නම් සිකුරු ය. උස්තාද් මංගු සෘජුවම ඒ දේ ප‍්‍රාර්ථනා කලේ ය. තවද නො ඉවසිලිමත්ව ඒ මොහොත බලාපොරොත්තු වුණේ ය.

967278.jpg

මේ අතරවායේ දී කුලී ගමනක් සඳහා රිය ට ගොඩ වු බැරිස්ටර්වරුන් දෙදෙනෙක් අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන කථා කරමින් ගිය හ. ඔවුහු ව්‍යවස්ථාව ගැන නෛතික විවේචනයක යෙදුණාහ. ඒ සාකච්ඡුාවේ බොහොමයක් වදන් ඉංග‍්‍රීසියෙන් කියැවීම නිසා රියදුරු මංගු ට බොහෝ දේ නොතේරුණත් ඒ කතාව අළුත් ව්‍යයස්ථාව ට සතුරු එකක් යැයි ඔහු ට දැණිනි. ”පාහරයෝ” ඔහු සිත යටින් ඔවුන් ට අවඥා කලේය.

පසුව ඊට ගොඩ වැදුණෙ සරසවි සිසුන් තිදෙනෙකි. ඔවුහු නව ව්‍යවස්ථාව ගැන උණුසුම් ලෙස කතෘ කළහ. තමන් ගේ අයටත් ඒ තුළින් පාර්ලිමේන්තුවට යෑමට ඒ නිසා හැකි වෙනු ඇතැයි ද උපාධිධාරීන් ට රැුකියා ලැබීම ද ඒ නිසා ම සිදු වනු ඇතැයි කියා ද ඔව්හු බලාපොරොත්තුු ඇති කරගෙන සිටිය හ ”ඔවුන් ගේ කතාබහින් මංගු උද්දාමය ට පත් වුයේය…….අළුත් ව්‍යවස්ථාවක් කිසිදු ඔපයක් නැති මොට්ට හැම දේට ම අළුත් පැහැයක්, ඔපයක් දෙන දිදුලන අගනා යමක් විය යුතු ය.”

”උස්තාද් මංගු සෝවියට් සංගමයේ සමාජවාදී ක‍්‍රමය ගැන තොරතුරු රැුසක් දැන සිටියේ ය. එහි නව ආණඩු ක‍්‍රමය හා අත්හදා බැලීම් සම්බන්ධයෙන් ඔහු ඉමහත් ප‍්‍රසාදයට පත් වී සිටියේ ය.”ඒ ආකාරයටසිය රට ට අදාලව ද අළුත් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඔහු උණුසුම් බලාපොරොත්තු ඇති කරගෙන තිබුණේ් නිකංම නොවේ යැයි පැහැදිලි වේ. ඒත් ඒ කොයි හැටි වුණත් ”ඔහු විශේෂයෙන් ම සතුටු වුයේ අළුත් ව්‍යවස්ථාවෙන් ටොමියන් ට (ඔහු ට අනුව සුදු පාට ඌරු මීයන් ට* අත්වන ඉරණම සම්බන්ධයෙනි. උන් ට සදහට ම ගල් අස්සට රිංගා ගෙන ඉන්න ට සිදු වනු ඇත.”manto

 

අවසානයේ දී අළුත් ව්‍යවස්ථාව සම්මත වන දිනය පැමිණියේ ය. උස්තාද් මංගු මහත් උත්සවාකාරයෙන් මඟට බැස්සේ ය. සිය අසුන්ට ද හිස් වැසුම් පළඳවා අළුත් ව්‍යවස්ථාව සමරන්න ට ඔහු අමතක නොකලේ ය. එහෙත් මඟ තොටේ නම් කිසිදු වෙනසක් දැකිය නොහැකි වීම ගැන ඔහු පුදුමයට පත් වී සිටියේය. ඒත් ඒ ආහ්ලාදය කොහේ හෝ තැනක ඇතැ යි සිතූ හෙතෙම දිගටම ගමන් කලේය.

ඒ ගමන අවසන් වුයේ බීමත් ටොමියෙකු සහ ඔහු අතර ඇති වු ලොකු ආරවුලකිනි. ටොමියා වෙනදා ආකාරයට ම හැසිරීම ඔහු ගේ කෝපය අවුළුවා තිබිණි. අළුත් ව්‍යාවස්ථාවක් යටතේ රටේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කීම ට අපගේ රථාචාර්යවරයා ටොමියා ට හොඳ පාඩමක් උගන්වා තිබුණි. එහෙත් අවාසනාවන මහත…. ඒ නිසා ඇති වු ප‍්‍රතිඵලයේ කිසිදු අළුත් බවක් නො තිබිණි. ”කොස්තාපල්වරු උස්තාද් මංගු පොලිසිය තුළ ට ගෙන ගියහ.” පුරුදු හැටියටම සිරගත කෙරිණි. එපමණකි.

එය අපුරු කතාවක් යැයි කීමෙන් වරදක් සිදු නො වනු ඇතැ යි සිතමි. කෙසේ වෙතත් කතාව කියවා ගෙන යන අතරවාරයේ දී මට කුෂ්වාන්ත් සිං නම් කීර්තිමත් ඉන්දියානු ලේඛකයාගේ TRAIN TO PAKISTAN නවකතාවේ එක් අවස්ෂාවක් සිහිපත් වු බව ද කිව යුතු ය. යථොක්ත කෙටි කතාව ට ඌන පූරණයක් ලෙසින් ඒ කොටස ඇද දක්වන්න ට සිතුවේ ඒ නිසා ය. ඉන්දියානු නිදහස් සටන් අරගලය ට අදාළව වාමාංශික පක්ෂ ක‍්‍රියාකාරිකයෙකු වු බාබුු සහිබ් නම් මැද පාන්තික විප්ලවවාදී ඉංග‍්‍රීසි උගතා ජනතාව සංවිධානය කරනු වස් ඈත ගම් දනව් වල ඇවිදියි. එසේ යන අතවාරයේ දී හමු වු ගම්මුළාදැනියෙකු සහ ඔහු අතර ඇති වු සංවාදය අවසන් වුණේ මෙසේ ය.

khushwant.jpg

Khushwant Singh
Novelist

”ගම්මුළාදෑනියා නිහඬතාව බිඳමින් පිළතුරු දුන්නේ ය.

”නිදහස ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඉතිං අප ට ඒ නිසා ලැබෙන දෙයක් තියෙනවද? බාබු සහීබි ලා වගේ ඉංග‍්‍රීසියෙන් ඉගෙන ගත්තු අයට සුද්දො කරපු රස්සාවල් වලට යන්නට හැකි වේවි. ඒත් ඒ නිසා අප ට මීට වැඩියෙන් ඉඩං ලැෙබිවි ද? දැන් ඉන්නව ට වැඩියෙන් මී හරක් ලැබෙයි ද?”

”නෑ” මුසල්මානුවා පිළිතුරු දුන්නේ ය. ”නිදහස ට අයිතිවාසිකම කියන්න ට හැකි වෙන්නේ ඒ වෙනුවෙන් සටන් කරපු උගත් උදවියට යි. සුද්දන් ගෙ වහල්ලූ වෙලා හිටිය අපිට සිද්ද මීට පස්සෙ සිද්ද වෙන්නෙ උගත් ඉන්දියානුවන් ගෙ එහෙම නැත්නම් පකිස්ථානුවන් ගෙ වහල්ලූ වෙන්න යි.”

ඉක්බාල් (බාබු සහිබ්) ඒ විස්තරය අසා විස්මය ට පත් වුයේය.’

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s