කොළඹට වැරදුණු හැටි – බලන්ගොඩට හරි ගිය හැටි

(බලන්ගොඩ නගර සභාවේ සාර්ථක කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ වැඩ සටහන ගැන මේ වන විට බොහෝ අය කතා බහ කරමින් සිටිති. අප දන්නා තරමින් මේ සාර්ථක ව්‍යාපෘතිට අදාලව බොහෝ විට අන්තර්ජාලයන් ද කරුණු අධයයනය කරමිින් වෙහෙස වු අයෙකු වේ නම් ඒ එවකට සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් පේ‍්‍රමතිලක මහතා ය. එහෙත් පසුගිය දිනවල කසළ දේශපාලකයෙකුගේ මැදිහත් වීමෙන් ඒ සියලූ තටයුතු වලින් ඔහුව ඉවත් කොට බලන්ගොඩ නගර සභාවෙන් ද මාරු කොට යවා තිබේ. මේ දේශපාලන කසළ භක්ෂකයින් කිසිදු උපද්‍රවයකින් තොරව වෙසෙමින් සිදු කරන මේ ජාතික සංහාරය ජනතාව තවදුරටත් ඉවසන්නේ නම් ඉල්ලා අස් විය යුතුව ඇත්තේ ආණ්ඩුව නොව ජනතාව යි. කෙසේ වුව නිමල් පේ‍්‍රමතිලක මහතා එකී ව්‍යාපෘතිය සාර්ථකව වැවැත් වු ඒ කාලයේ දී ලියු මේ ලිපිය මුලින්ම පල වුයේ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාගේ කර්තෘත්වයෙන් පල වු ”සියත” (2009. 06. 14* පුවත්පතෙහි ය. එවකට ස්වර්ණවාහිනි නාලිකාවේ ”මුල් පිටුව” සංස්කරණය කළ බන්දුල පද්ම කුමාර මෙම ලිපියට මුල් තැනක් දී කියැවු බව ද කිව යුතුය. එහෙත් අවාසනාවකට මෙන් අද මේ එක් අයෙකුවත් ඔවුන් සිටිය යුතු තැන්වල නැත*.

පිදුරුතලාගල ශ‍්‍රී ලංකාවේ උසම කන්ද වුවත් ලංකාවේ උසම කුණු කන්ද තිබෙන්නේ කොළඹ බ්ලූමැන්ඩල්වල ය. අනික මාදම්පිටියේ ය. මෙයිනුත් අවස්ථා කිහිපයක දීම ගිනි කන්දක් මෙන් පුපුරා ගියේ බ්ලූමැන්ඩල් කුණු කන්ද යි. වර්මාන පරිසර ඇමතිවරයා ද බ්ලූමැන්ඩල් කූණු කන්ද ගැන කිහිප අවස්ථාවක දීම කථා කොට තිබේ. ඒ එක් අවසථාවක දී කුණු බෝම්බයක් වැනි යැයි ඔහු කියා තිබේ. එය අපගේ හිස් මත පැටවුණු බෝම්පයක් වැනි ය. මේ බෝම්බය කොයි මොහොතක හෝ පුපුරා යෑමට ඉඩ ඇත. එහි අභ්‍යන්තරයේ ජනනය වන ටොන් මිළියන ගණනක මිතේන් වයුව නිසා කුණු කන්ද ගිනි කන්දක් වීම ට ඉඩ තිබේ. ඉදින් එය එසේ වුවහොත් මුළු ප‍්‍රදේශය ම වුණත් ගිනි ගැනීම ට ඉඩක් නැත්තේ නොවේ. එය අනාගත වාක්‍යයක් විය.

16830714_10208650245917055_7919470896658179067_n13220959_1765487530354370_3355564756867204806_n (1).jpg

ගිනි කන්දක් ලෙසින් පුපුරා ගිය කුණු කන්ද මිනිසුන් ගේ හිස් මත කඩා ගෙන වැටුණේ ය. ඒත් සමඟම ඒ ගැන අමාත්‍යවරයා සිය කණස්සල්ල ප‍්‍රකාශයට පත් කලේය. ඒ අවට ප‍්‍රදේශයෙන් ජනතාව ඉවත් වී නො යෑම නිසා ය.

අද්‍යතන සංඛ්‍යා ලේඛණ වලට අනුව රට පරා ම දිිනකට සෑම ප‍්‍රදේශවකින්ම වාගේ ඉවතලන කුණු සහ අපද්‍රව්‍ය ප‍්‍රමාණය මෙට‍්‍රික් ටොන් 2840 ක් පමණ වේ. කොළඹ පමණක් ගත් කළ එය මෙට‍්‍රික් ටොන් 700 – 800 ත් අතර යැයි සැලකේ. මේ සියල්ලම පාහේ එකතු වන්නේ බ්ලූමැන්ඩල් සහ මාදම්පිටිය යන කණු ක\ු වලට ය. වෙන එකක් තියා අවිස්සාවේල්ල සහ කඩුවෙල යන ප‍්‍රදේශවල කුණු ගෙනැවිත් අතාරින්නේත් බ්ලූමැන්ඩල් කුණු කන්දට ය. අවිස්සාවේල්ල එසේ ගෙන එන එක කුණු ට‍්‍රැක්ටරයකට රු. 900 බැගින් කොළඹ ට ගෙවන බවක් ද වාර්තා වේ.

මේ අතර වසර 2012 දී කසළින් තොර ශ‍්‍රී ලංකාවක් අරමුණු කරගත් කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ”පිළිසරු” නමින් ක‍්‍රියාත්මක වේ. එහි ”ආර් 3” නමින් සංකල්පයක් ද ඇති අතර එය පහත ආකාරයෙන් විස්තර කළ හැකි ය. 13450894_10206734136375514_8793206385507575048_n

Reduce -අවම කිරීම

Reuse -නැවත භාවිතය

Recycling -ප‍්‍රතිචක‍්‍රීකරණය

තවද රට පුරාම කුණු එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම ද මේ වැඩ පිළිවෙලටම අයත් වුවක් විය.

වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වන නිමල් පේ‍්‍රමතිලක මහතා අපට මුලින්ම හමු වන්නේ මාර්තු මස 3 දා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඝන අපද්‍රව්‍ය කළමනානරණය පිළිබඳව පැවත්වුණු සම්මන්ත‍්‍රණයක දීය. ඔහු ඊට සහභාගි වී සිටියේ බළන්ගොඩ නගර සභාවේ කසළ අපද්‍රව්‍ය නිෂ්පදන අමුද්‍රව්‍යයක් බවට පත් කොට ගෙන ගොඩනගන්නට යෙදුණු කොම්පෝස්ට් ව්‍යාපෘතියක් ගැන කරුණු එළිදරව් කරන්නට ය. එහිදී ඔහු ඉතා අපුරු කථාවක් කොළඹ ප‍්‍රතිපත්ති සම්පාදකයින් ඉදිරියේ දී සිදු කලේ ය.

13412872_10206734081774149_305804474438242366_n.jpg

”අපි කසළ සල්ලි දීලා ගන්නවා. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ අපට කසළ ගෙනැවිත් දෙන්න කියල යි.” නිමල් පේ‍්‍රමතිලක මහතා ගැන නොමැකෙන සටහනක් ුඅප තුළ ඇති වුණේ ඔහු ගේ ඒ ප‍්‍රකාශයත් සමඟ ය. තවද ඒ නිසාම බළන්ගොඩ නගර සභාවේ ඒ උසස් උත්සහාය ්්සියත” පුවත්පත වෙනුවෙන් දැක බලා වාර්තා කිරීමට පසුගියදා අප බළන්ගොඩ ට ගියේ එහි ප‍්‍රතිඵලයක් හැටියට ය.

සබරගමු පළාතේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි පැරණිම නගර සභාව වන්නේ බළන්ගොඩ නගර සභාව යි. වර්ෂ 1939 දී සර් හෙන්රි බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා අතින් පිහිටුවන්න ට යෙදුණු මෙහි සභාපති අසුනේ මුල් වරට හිඳගත් කාන්තාව ලොව ප‍්‍රථම අගමැතිණිය බවට ද පත් වූවා ය . ඇය සිරිමාවෝ බණ්ඉාරනායක යි. එහි වත්මන් සභාපතිවර නිමල් ගාමිණි ද උක්ත කොම්පෝස්ට් ව්‍යාපෘතිය තුළ ප‍්‍රධාන පෙලේ ක‍්‍රියාකාරිකයෙකු වී සිටි යි. ඔවුහු උද්යෝගිමත් මිනිසුන් වෙති. නගර සභාවේ බල ප‍්‍රදේශය වර්ග කි. මී. 16.2ක් වන අතර ඒ තුළ ස්ථිර ජනගහනය 23, 875 කි. කොළඹ – බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ පිහිටි බළන්ගොඩ නගරයට අගනුවර සිට ඇති දුර ප‍්‍රමාණය කි. මී. 142 කි.

පසුගිය දිනවල අවසන් වු බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් මහ ඇමතිවරයා ලෙසින් තේරී පත් වු ප‍්‍රසන්න රණතුංග ඉකුත් ”සියත” පුවත්පතකට ප‍්‍රකාශ කොට තිබුණේ මෙම නව තනතුරත් සමඟ තමන් මුහුණපාන බරපතල අභියෝගයක් ලෙසින් බස්නාහිර පළාතේ කුණු ප‍්‍රශ්නය සලකන බව යි

කොළඹ කියලා කිව්වොත් මතක් වෙන්නෙ කුණු. ඒක තමයි ඉස්සරහින් ම තියෙන්නෙ. කුණු ප‍්‍රශ්නය පිළිබඳව වගකීම් තියෙන්නේ නගර සභා වල ට. නගර සභාවල පාලනය තිබෙන්නේ අපේ අතේ නෙවෙයි. ඒත් මධ්‍යම පරිසර අධිකාරියේ වැඩ පිළිවෙල හරහා අනිත් පළාත් මේ පශ්නය ට විස\ුම් හොන්න කටයුතු කරල තියෙනවා. මේක හරි ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් දෙයක් නෙමෙ යි. මේක අවුරුදු ගාණක ඉඳලා ගොඩ ගැසුණු ප‍්‍රහ්නයක්. ඒක විසඥාගත නොහැකි තැනකට ඇවිල්ලා. බස්නාහිර පළාත මේ සඳහා ප‍්‍රඥප්තිය හදා අවුරුදු 4 ක් වෙනවා. ඒත් මෙතෙක් ක‍්‍රියාත්මක වී නෑ.1661414_10201516155969265_1730014207_n.jpg10398733_1095547552390_4885458_n.jpg

බළන්ගොඩ නගර සභාව අපට පෙන්වා දුන් ආකාරට 1999 කාලය වන විටත් බළන්ගොඩ නගරය පැවැතුණේ කසළ නිසා හුස්ම හිර වී මිය යා හැකි තත්වයකි. අද ඔබ දකින සුන්දර නාගරික ක‍්‍රීඩාංගනය එදා කුණු කසළින් පිරුණ අපායක් වැනි විය. ඉවසාගත නොහැකි තැනට ම දුර්ගන්ධය ඉහළ නැග තිබිණි. අද දවසේ නගරයට සිහිළ සදමින් ගලා යන ”දොරංවල ඔය” එදා පැවැතුණේ කැළි කසළින් පිරුණු පල් වලක් පරිද්දෙනි. මෙම බරපතල පාරිසරික ව්‍යසනයට සෘජුවම මුහුණ දුන්නේ සභාපති නිමල් ගාමිණි මහතා ය. ඒ සඳහා එවකට සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක පි‍්‍රයන්ත කුමාර මෙන්ම පරිසර නිලධාරි බන්ධුල හේවාපතිරණ යන මහත්වරු ඊට සහාය වුහ. අවශ්‍ය මුල්‍ය අනුග‍්‍රහය ලබා දුන්නේ සබරගමුව පළාත් සභාව යි. කාබනික පෝර නිෂ්පාදනය එකම ඉලක්නය බවට පත් විය. මුල් දිනවල දී සති පොළෙන් එකතු වන කසළ පමණක් එක්රැුස් කළ ඔවුහු ඊට සුදානම් වුහ. නමුත් ඒ වන විටත් නගර සභා ක‍්‍රීඩාංගනය අසල මෙට‍්‍රික් ටොන් දහයක් තරම් වන කසළ තොගයක් ගොඩ ගැසෙමින් තිබිණි. මේ අතර ක‍්‍රීඩාංගනය අසල කුණු දැමීම තහනමට ලක් කරමින් නාගරික සංවර්ධන අධිකාරිය බළංගොඩ නව නගර සංවර්ධන කටයුතු ආරම්භ කිරීමත් සමඟම නගර සභාව බරපතල අභියෝගගයකට මුහුණ පෑවේ ය. ඒ වන විටත් ඔවුන් ආරම්භ කොට තිබු කසළ ව්‍යාපෘතිය එවැනි මහා පරිමාණ කුණු කන්දක් ප‍්‍රතිචක‍්‍රීකරණයේ ලා අසමත් වීම ඊට හේතුව විය. එහෙත් නගරය පුරා එක් රැුස් වු මෙට‍්‍රික් ටොන් දහයක් පමණ වු ඒ කුණු කන්ද ඉවත්කිරීම අනිවාර්ය කොට තිබිණ. අවසානයේ දී ඒ සියළු කුණු රැුගෙන බැංකිය වත්තට යාමට නගර සභාවට සිදු විය. නිමල් පේ‍්‍රමතිලක මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂක වශයෙන් කටයුතු කලේ මේ කාලයේ දීය. කසළ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පිළිගත හැකි දැනුමක් ඒ වන විටත් ඔහු ලබා සිටියේය. කුමන වෙහෙසක් දරා හෝ කසළ දිරන සහ නොදිරන වශයෙන් මුලික වර්ගීකරණයකට ලක් කර ගැනීමට ඔහු යන්නේ ඒ නිසා ය. මේ අනුව බැංකිය වත්තේ දීම කසළ කළමනාකරණ මධ්‍යස්ථානයක් ගොඩ නැගෙන්න ට විය. එහිදී වෙන් කර ගත් දිරන කසළ Open Windrow ක‍්‍රමය ට අනුව කාබනික පෝර නිෂ්පාදනය ට යොදා ගත් නමුත් මුල දී පැවැති සම්පත් හිඟතාව නිසා පෝර නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු නො කෙරිණි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන මුලික දැනුමක් තිබේ යැයිි පේ‍්‍රමතිලක මහතා කීය. එය මෙසේ පෙන්වා දිය හැකි ය.

1 ඝන අපද්‍රව්‍යයන්හි ඇති කාබන් හා නයිට‍්‍රජන් අනුපාතය
2 උෂ්ණත්වය පාලනය හා ඊට අවශ්‍ය තෙතමනය පවත්වා ගෙන යෑම
3 බැක්ටීරියා ක‍්‍ර‍්‍රියාකාරීත්වය ගැන අවබෝධය

මේ මුලික අවබෝධය නොසලකා හැර කොම්පෝස්ට් ව්‍යාපෘතියක් සාර්ථකව පවත්වාගෙන යා නො හැකිය යන්න නිමල් පේ‍්‍රමතිලක මහතා ගේ අදහස යි. ඒ වන විටත් අප සිටියේ ද මනා ලෙස ගොඩ ගැසු මහා කුණු තැන්පතුවක් තුළ ය. අල්පමාත‍්‍රයකින්වත් කුණු ගඳක් යැයි කිව හැක්කක් අප ට දැනෙන්නේ නැත. බේතකටවත් හොයා ගැනීම ට මැස්සෙක්වත් නැත.

”මේක නං මහ පුදුම කුණු ගොඩක්” යි මට කියැවිණි.
”මෙතැන තමයි කොළඹ ට වැරදුණු තැන” ඊට නිමල් පේ‍්‍රමතිලක ගේ ක්ෂණික පිළිතුර වුයේ එය යි. පසුව ඔහු එය මෙසේ විස්තර කලේය.

16681853_10208650245517045_6485622762769298033_n.jpg17951762_10209117058227071_4945724724658210064_n.jpg

” ඕනෑම කුණු ගොඩක් දින 5 – 6ක් පරණ වෙනකොට එය අභ්‍යන්තරයේ මිතේන් නම් උෂ්ණාධික වායුව ඇති වෙනවා. නො ඉවසිය හැකි ගඳක් ඇති කරන්නේත් ඒ උෂ්ණත්වයම තමයි. මැසි බිත්තර පුපුරා පිළවුන් එළියට එන්නේ ද ඒ උෂ්ණත්වය නිසා යි. ඒ නිසා අදාල කාල සීමාව තේරුම් ගෙන උෂ්ණත්වය පාලනය කෙරෙන ආකාරයට කුණු ගොඩ ට ජල වහනය ලබා දිය යුතු යි.” ඒ ආකාරයට එකී කසළ මධ්‍යස්ථානයේ සෑම කසළ තැන්පතුවක් අසලට ම නල මාර්ගයෙන් ජලය ලබා දී කරාමය බැගින් සවි කොට තිබෙනු දැකිය හැකි විය. එයින් ජලය වෑස්සෙන්නට ද කටයුතු සලස්වා තිබිණි.

තවද කොළඹ කුණු ක\ු අසල නිතර ගැවසෙන බල්ලන් හෝ කපුටන් ද මෙහි නො වීය. ඒ වෙනුවට එහි සිටියේ සුදු කොකුන් සමුහයකි. ඔවුහු සිය දිගු හොට වලින් මොන මොනවා හෝ අහුලා කමින් සිටියහ. එය ද පිරිසිදු දර්ශනයක් ම විය. නිමල් පේ‍්‍රමතිලක ට අනුව මේ කොක්කු ප‍්‍රධාන පෙලේ කටයුතු දෙකක් ඉටු කරති. ඉන් එකක් වන්නේ කොයි ආකාරයෙන්වත් මැසි මදුරු පිළවුන් ට වැඩෙන්න ට ඉඩ නො දීමයි. දෙවැනි කටයුත්ත තමයි කුණු ගොඬේ උෂ්ණත්වය ඉහළ යාමක් සිදු වී එහි ප‍්‍රමිතිය වෙනස් වුණොත් මේ සතුන් කුණු ගොඩ ට නෑවිත් ඈතට වී සිටිමින් ඒ බව දැනුම් දීම. ඒත් සමඟම අපේ කාර්ය මණ්ඩලය ක‍්‍රීයාත්මක වී කසළ තැන්පතුව නැවතත් පැවැතිය යුතු මට්ටමට ගෙන එන්න කටයුතු කරනවා. පසුව යළිත් එය කරා පැමිණෙන මේ සතුන් පුරුදු ආකාරයට ම හැසිරෙන්න පටන් ගන්නවා. ඒ වගේම කිව යුතු තවත් දෙයක් තමා අදාළ කසළ තැන්පතුව පිරිසිදුව තබා ගැනීමට ලබා ගන්නා ජලයත් ප‍්‍රතිචක‍්‍රීකරණය කළ ජලයයි කියන කාරණාව.ඒ අනුව ගමේ උදවිය දිය නාන විට ඉවතට ගලා යන ජලය එක්රැුස් කොට ගෙන එය ප‍්‍රතිචක‍්‍රීකරණයට ලක් කොට එසේ ප‍්‍රයෝජනයට ගන්නා ආකාරය අපගේ ද නිරීක්ෂණයට ලක් විය.

එහෙත් එසේ ගොඩ නගා ගත් ව්‍යාපෘතිය පෞද්ගලික ආයතනයකට ලබා දීම ට එවකට පැවැති රජය නියෝගයක ලබා දුන්නේ යැයි ද පේ‍්‍රමතිලක මහතා අප හා පැවසීය. කළ හැකි කිසිවක්ම නො වීය. ව්‍යාපෘතිය පවරා දෙනු ලැබී ය. එහෙත් වැඩි කාලයක් ගත නො වීය. එකී ආයතනයේ නො දැනුවත්කමත් අකාර්යක්ෂමතාවත් නිසා බළන්ගොඩ නගරය යළිත් කුණු ගඳ ගහන තැනටම පැමිණියේ ය. ජනතාව බලවත් විරෝධතාවෙන් නැගී සිටින තත්වයක් ද නිර්මාණය වුයේ ය. අවසානයේ දී ව්‍යාපෘතිය යළිත් නගර සභාවටම ලැබීම වාසනාවක් ම විය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s