බළන්ගොඩින් ඉගෙන ගනිමු – එවැනි මිනිසුන් රටට තවත් අවශ්‍යය.

අප රටේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන බොහෝ අය බොෝ විට කථා කළත් ක‍්‍රියාත්මක පක්ෂයේ දී එය තවමත් පවතින්නේ අතිශයින් දිළි\ු තැනක ය. අදටත් අපද්‍රව්‍ය එක් රැුස් කිරීමේ සිට එය කළමනාකරණය දක්වා යන ගමනේ සියලූ කටයුතුවල වැඩි වගකීම පැවරී ඇත්තේ නගර සභා සහ ප‍්‍රාදේශීය සභා ඇතුළත් වන පළාත් පාලන ආයතනික ව්‍යුහයට ය. නමුත් ඒ ආයතන බොහෝමයක් ම අදටත් එය ඉටු කරන්නේ කරන්නන් වාලේ කරන කටයුත්තක් හැටියටය යන්න අසීරුවෙන් දැකගත හැක්කක් නොවේ. අද දිවයින පුරාම ඇති වී තිබෙන සනීපාරක්ෂක ගැටළු, ඩෙංගු උවදුර පවා ඔවුන්ගේ ඒ නොසැලකිල්ලේ සෘජු ප‍්‍රතිඵල වේ. ඒ අනුව පසුගියදා මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඇති වු මනුෂ්‍ය ඛේදවාචකයේ ද සෘජු වගකීම ද ඔවුන් ට පැවරිය යුතුම ය. එහෙත් සියලූ විපත් ජනතාවටම පවරා ජනතාවගේම බදු මුදල් වලින් අදටත් ඔවුහු සුවසේ ජීවත් වෙති.

මෙතැනදී පැහැදිලිව තේරුම් ගත යුතු කාරණාව වන්නේ දිනෙන් දින වැඩි වැඩියෙන් ජනනය කෙරෙන සියලූ ආකාරයේ අපද්‍රව්‍ය කළමනාකරණයට අදාලව කිසිදු සුදානමක් අදටත් මේ අයට නැතිය යන්න යි. අනිත් අතට කසළ බැහැර කිරීමේදි ඒවා අවම මට්ටමින්වත් වර්ග කොට ඉවත දැමීමට පංති භේදයෙන් තොරව මෙරට ජනතාව දක්වන අකමැත්ත පවතින්නේ ද අතිශයින්ම කැත තැනක ය. අනිත් අතට එසේ වර්ග කොට ජනතාව ලබා දෙන කසළ අදාල පළාත් පාලන ආයතනයේ වාහනය විසින් එක ගොඩකට හලාගෙන ප‍්‍රවාහනය කිරීම ද සුලභව දැකිය හැකි තත්වයක්ම ය. මෙහි භයාකනම තත්වය දැකිය හැකි වන්නේ රෝහල් අපද්‍රව්‍යයන්ද ඒ අතරට එකතු වුණ කල්හි ය.

31821_1304750062322_6977564_n.jpg23569_1278811053863_6914329_n.jpg

දිරාපත් නොවන කසළ හැකි සෑම ආකාරයකින්ම ප‍්‍රතිචක‍්‍රීකරණයට ලක් කිරීම අවශ්‍යම තත්වයක් වේ. එහෙත් ඒ අතරට එකතු වන ප‍්‍රතිචක‍්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය රට හමුවේ තබා ඇත්තේ සුළුපටු තර්ජනයක් නොවේ. විශේෂයෙන්ම කඩා ඉවත් කෙරෙන ගොඩනැගිලි ද්‍රව්‍ය ඒ ආකාරයට බරපතල අවහිරතා ඇති කරන්නා වු අපද්‍රව්‍ය විශේෂයක් වේ. මේ තත්වය වැඩි දියුණු කිරීමට පොදුවේ මිනිසුන් තුළ පවත්නා නො දියුණු මෙන්ම නොහික්මුණුකම ද හේතුවක් යැයි කවුරුන් හෝ පවසන්නේ නම් ඊට විරුද්ධ වීම ට මම කිසිසේත් අදහස් නො කරමි. ඒ හා සමානවම අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් බොහෝ අය තුළ අල්පමාත‍්‍රයකිින්වත් සංවේදි කමක් නැති කමද බරපතල ප‍්‍රශ්න ඇති කොට තිබේ.

ඝන අපද්‍රව්‍ය බැහැර කළමනාකරණයේදී මුලින්ම පිලිගත යුතු කරුණ වන්නේ අප විසින් බැහැර කරනු ලබන මෙම කසළ සඳහා ද මිළක් ඇති බව යි. එමෙන්ම අප විසින් බැහැර කෙරෙන ඒ අපද්‍රව්‍ය සඳහා වාණිජ වටිනාකමක් ඇති බව යි. එම කාරණාව නිවැරදි ලෙසින් සමාජගත වන ආකාරයට සැලසුම් ඉදිරිපත් කිරීම ද මෙහිදී අවශ්‍යම තත්වයක් වේ. එවැනි කාර්යක්ෂම කළමනාකරණයකින් අපද්‍රව්‍ය විකුණුම් ද්‍රව්‍ය බවට පත් කළ බළන්ගොඩ නගර සභා ආදර්ශය අදටත් වගකිව යුත්තන්ගේ අවධානයට ලක් වී ඇද්ද යනු ප‍්‍රශ්නය කි. අනිත් අතට එවැනි අවධානයක් ඊට ලැබුණානම් එහිලා පුරෝගාමී වු නිමල් පේ‍්‍රමතිලකලා වැනි නිලධාරීන් කුරිරු දේශපාලන පලිගැනීම් වලට ලක් වේවි ද?

ඒ ආකාරයට වඩාත් කාර්යක්ෂම කළමනාකරණ වැඩ පිලිවෙලකට යාමේ අවශ්‍යතාව තේරුම් ගෙන කටයුතු කිරීමක් වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍යම කරන තැනකට අද රට පත් වී තිබේ. එහෙම වුණත් මේ කරුණට අදාළව පළාත් පාලන ආයතන වල පවත්නා නො දියුණුකම සුළුවෙන් තැකිය හැකි තත්වයක් නොවේ. එවැනි කිසිදු පුර්ව සැලසුමකින් තොරව ප‍්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් පමණක් මේ ප‍්‍රශ්නය විසඳීම කළ හැකි දෙයක් නොවේ. කෙසේ වෙතත් ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි ඉවතලන අපද්‍රව්‍ය වෙළඳ වටිනාකමක් ඇතිව ප‍්‍රයෝජනයට ගැනීමේ බළන්ගොඩ ආදර්ශය අදටත් අපට ඇති වැදගත් මඟ පෙන්වීමක් යැයි සිතමි. 2010 වසරේ දී මේ ගැන අපට විස්තර කළ එවකට එහි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් පේ‍්‍රමතිලක මහතා කළ විස්තරයට අනුව එය මෙසේ ය.

21065_1215424269233_361338_n.jpg21065_1215419309109_4368983_n.jpg21065_1215424709244_2427316_n.jpg

මෙහි එක් පියවරක් වුයේ ප‍්‍රතිචක‍්‍රීකරණයට සුදුසු කසළ විකුණන තැනක් නිර්මාණය කර ගැනීම යි. ඒ කටයුත්ත පාසැල් මට්ටමින් සිදු කිරීම එහි ඇති අනිත් විශේෂත්වය යි. ළමයින් ඊට කීවේ ”කසළ පොළ” වුණත් එයට තැබු නම වුයේ ”පිළිසරු පොළ” යන්න යි. කෙසේ වෙතත් ඒ වන විටත් එය අතිශයින් සාර්ථක වැඩ පිලිවෙලක් බවට පත් වී තිබිණි. එහිදී පිරිසිදු කොට තබා ඇති ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි කසළ මිළට ගැනීම විවෘත අයිතියක් වශයෙන් පැවැතිණි. ඒ අනුව මෙය රජයට පමණක් සීමා වු හෝ තෝරාගත් පිරිසක් සමඟ ඇති කරගත් ගනුදෙනුවක් හෝ නො වීය. කෙසේ වෙතත් මේ නිසා ම ළමයින් මුදල් පසුපස හඹා යමින් කටයුතු කරාවිද යන සැකය ඇති වුයෙන් ඒ සම්බන්ධයෙන් ප‍්‍රර්ව දැනුවත් කිරීමක් හා පිලිගත් වැඩ පිලිවෙලක් ඇති කිරීමටද කටයුතු කෙරිණි. එතැනදී දැනුවත් කිරීම සිදු වුණේ පාසැල් අධ්‍යාපනයට සංවේ්දි වන අයුරින් ය. වැඩ පිළිවෙල හඳුන්වා දුන්නේ”ලකුණු පත” Point Card හරහා ය. ඒ අනුව උපයන මුදල් පාසැල් උපකරණ ඇතුළු පොතපත මිළ දී ගන්න යොදවන අය සඳහා සාමාන්‍ය මිළ ගණන් වලට වඩා වැඩි මිළක් ගෙවන්න කටුයුතු කෙරිණි. ඒ තුළින් ළමයා අධ්‍යාපනය සඳහා මුදලක් සපයා ගන්නා අහිංසක තත්වයේම තබා ගැනීමට බලාපොරොත්තු වු අතර එය නිෂ්ඵල නොවු බව ද කිව යුතු ය. ඒ සඳහා බළන්ගොඩ නගර සභාව විසින් සකස් කරන්නට දැන්වීම දළ වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකි ය.

”විද්‍යාලයේ සම්පත් කේන්ද්‍රය මඟින් ඔබට පහත සඳහන් අන්දමට කැළි කසළ අළෙවි කර මුදල් උපයා ගත හැකි ය.

දිරා නොයන අපද්‍රව්‍ය කෙළින්ම අළෙවි කර මුදල් ලබා ගත හැකි ය. (එසේ මුදල් ලබා ගැනීම තුන් ආකාරයකින් විස්තර කොට දී තිබේ.*

1 කෙලින්ම අළෙවි කර මුදල් ලබා ගැනීම
2 අත්‍යවශ්‍ය පාසැල් උපකරණ ලබා ගැනීම

3 Point ලකුණු ලබා ගැනීම

3 ආර් සමාජයේ සාමාජිකයින්ට පමණි.

වසර අවසානයේ ඇගැයීමෙන් උපරිම මුදල්

Reduce
Resime
Recycling

අවම කිරීම
නැවත භාවිතය
ප‍්‍රතිචක‍්‍රීකරණය

10398733_1095520911724_4049961_n.jpg10398733_1095521231732_452344_n.jpg

පාසල් මට්ටමේ සිටම ගොඩ නැගිය යුතු ක‍්‍රියාදාමයක් ලෙසින් ගත යුතු ඉහත ක‍්‍රියාදාමය අද වන විට පළාත් පාලන ආයතන කිහිපයක්ම සාර්ථකව ක‍්‍රියාවට නගා තිබේ. කෙසේ වෙතත් බළන්ගොඩ නගර සභාව එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් 3 ආර් සමාජය සහ ඊට අදාළව ලකුණු පතක් හ\ුන්වා දී තිබේ. සෑම සාමාජිකයෙකුටම එවැනි කාඞ් පත් දෙක බැගින් නිකුත් කොට තිබේ. ඉන් එකක් ළමයාට ය. අනික සම්පත් කේන්ද්‍රයට ය. කාඞ් පතක මුළු වටිනාකම රු. 1000 කි. වැඩිම කාඞ් පත් සංඛ්‍යාවක් සම්පුර්ණ කරන සිසුන් ”වසරේ හොඳම පරිසරයට හිතවත් සිසුවා හෝ සිසුවිය ” ලෙසින් තෝරා ගැනෙ යි. මෙතැනදී කළමනාකරණයක් ඇතිව අපද්‍රව්‍ය බැහැර කිරීම නම් යාන්ත‍්‍රණයකට අමතරව පරිසර සංරක්ෂණයට අදාළ සදාචාරාත්මක සංස්කෘතියක් හ\ුන්වා දීමේ වුවමනාවද බළන්ගොඩ නගර සභාව මේ අන්දමට පෙන්වා දී ඇති බව පැහැදිලි ය. මෙවැනි මිනිසුන් මේ රටට තවත් අවශ්‍යය ය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ


 කොළඹට වැරදුණු හැටි – බලන්ගොඩට හරි ගිය හැටි16864350_10208661248872122_6340367957213008884_n

(බලන්ගොඩ නගර සභාවේ සාර්ථක කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ වැඩ සටහන ගැන මේ වන විට බොහෝ අය කතා බහ කරමින් සිටිති. අප දන්නා තරමින් මේ සාර්ථක ව්‍යාපෘතිට අදාලව බොහෝ විට අන්තර්ජාලයන් ද කරුණු අධයයනය කරමිින් වෙහෙස වු අයෙකු වේ නම් ඒ එවකට සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් පේ‍්‍රමතිලක මහතා ය. එහෙත් පසුගිය දිනවල කසළ දේශපාලකයෙකුගේ මැදිහත් වීමෙන් ඒ සියලූ තටයුතු වලින් ඔහුව ඉවත් කොට බලන්ගොඩ නගර සභාවෙන් ද මාරු කොට යවා තිබේ. මේ දේශපාලන කසළ භක්ෂකයින් කිසිදු උපද්‍රවයකින් තොරව වෙසෙමින් සිදු කරන මේ ජාතික සංහාරය ජනතාව තවදුරටත් ඉවසන්නේ නම් ඉල්ලා අස් විය යුතුව ඇත්තේ ආණ්ඩුව නොව ජනතාව යි. කෙසේ වුව නිමල් පේ‍්‍රමතිලක මහතා එකී ව්‍යාපෘතිය සාර්ථකව වැවැත් වු ඒ කාලයේ දී ලියු මේ ලිපිය මුලින්ම පල වුයේ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාගේ කර්තෘත්වයෙන් පල වු ”සියත” (2009. 06. 14* පුවත්පතෙහි ය. එවකට ස්වර්ණවාහිනි නාලිකාවේ ”මුල් පිටුව” සංස්කරණය කළ බන්දුල පද්ම කුමාර මෙම ලිපියට මුල් තැනක් දී කියැවු බව ද කිව යුතුය. එහෙත් අවාසනාවකට මෙන් අද මේ එක් අයෙකුවත් ඔවුන් සිටිය යුතු තැන්වල නැත… CONTINUE READING


ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට තිරසර විසඳුමක් ඕනෑ |දැනට ඇත්තේ පැලැස්තර ඇලවීම් පමණය ගාමණි නම් ග්‍රාම පාලකයකුගේ නායකත්වයෙන් පැවැති මෙරට සමාජ දේශපාලන සංවිධානය රජු කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් බවට පත් වන්නේ පණ්ඩුකාභය රාජ්‍ය සමයත් සමඟ ය. එසේ ගත් කල නගරය කේන්ද්‍ර කොටගත් සමාජාර්ථික සංවර්ධනයක් අප මුලින් ම හඳුනාගන්නේ මහරජ පණ්ඩුකාභය ගෙනි. විධිමත් නගර සංවර්ධනයක් වෙනුවෙන් පාලන බලයක් සහිත නගර පාලක තනතුරක් “නගර ගුත්තික” නමින් … CONTINUE READING


ලන්ච් ෂීට්වල ප්‍රමිතිය සොයන්නේ කවුද? පරිසර හිතකාමී පොලිතීන් ලේබලයක් පමණයි |ප්ලාස්ටික් යනු ඉලාස්ටික් නොවේ. ද්‍රව්‍යය වශයෙන් ගත් කළ ඒවා එකිනෙකට සපුරා වෙනස් ය. ඒත් ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයෙන් පසු ඉවත දැමීම, ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ඇති වන කතාබහ, ක්‍රියාමාර්ග, යෝජනා නම් හැම අතින් ම ඉලාස්ටික්වලට සමාන ය. ඒවා එක්වනම වේගයෙන් ඉදිරියට ඇදී යන අතර පසුව ගියාටත් වඩා වැඩි වේගයකින් ආපසු සිටි තැනට ම විත් නවතී. පොලිතීන් ප්ලාස්ටික් භාවිතයෙන් … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s