පරිසර අනාථයින්ගේ වර්තමාන කතාව

අද ලෝකය අළුතින්ම හඳුණා ගත් ගැටළුව බවට පත් වී ඇත්තේ පරිසර අනාථයින්ගේ ප‍්‍රශ්නය යි ඒ අනුව අද ලෝකය පුරා මිලියන එකක් තරම් ජනතාවක් පරිසර අනාථයින් බවට පත් වී සිටිති. ඒ ඔවුන් වගා කරමින් සිටි වගා බිම් කිසිදු දැනුම් දීමකින් තොරවම කාන්තාරසරණයට ගොදුරු වීම නිසා ය. ලෝක කාන්තාරකරණය ජගත් පරිසර අර්බුදයේ බරපතලම සංසිද්ධිය බවට පත් වී ඇත්තේ එවැනි පසුබිමක් තුළ ය. පොදුවේ ගත් කල අද වන විට රටවල් 110 ක් පමණ මේ ඛේදවාචකයට මුහුණ දී තිබේ. ඒ අනුව වාර්ෂිකව හෙක්ටෙයාර් මිලියන 12 ක පමණ වගා කළ හැකි භූමි කලාපයක් කාන්තාරකරණය හේතුවෙන් ලෝකයට අහිමි වෙමින් තිබේ. තවද ඒ හේතු කොට ගෙන හෙක්ටෙයාර් මිලියන 15.2 ක ප‍්‍රමාණයකින් වනාන්තර ප‍්‍රමාණයක් ලෝකයට අහිමි වෙන බව ගණනය කොට තිබේ. ඒ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය 1994 දී කාන්තාරකරණය වළැක්වීමේ හා නියඟයේ ආදීනව පිටු දැකීමේ සම්මුතිය සම්මත කරගත් ඒ දිනය සෑම වසරකම ජුනි මස 17 දිනට යෙදේ. ශ‍්‍රී ලංකාව ද එහි සාමාජිකත්වය ලබා ඇත.

නොවැළැක්විය හැකි ලෙසින් සිදු වන මානව ක‍්‍රියාකාරකම් මෙන්ම දැවැන්ත සංවර්ධන කටයුතු හේතු කොටගෙන මේ තත්වය තව තවත් ඉදිරියට තල්ලූ වෙමින් තිබේ. පරිසර අනාථයන් යනු එහි නියත ප‍්‍රතිඵලයක් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වරක් නයිරෝබිි නගරයේ දී පැවැත් වූ මේ කරුණට අදාල සම්ෙමිලනයක දී මතු වී ඇති තත්වයට හේතු පාදක වන ප‍්‍රධාන පෙලේ මානව ක‍්‍රියාකාරකම් හතරක් ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු කලේ ය.

1 අසීමාන්තික ලෙසින් සිදු කෙරෙන බෙෘ්ග වගාව

2 සීමාවකින් තොරව ව්‍යාප්ත කෙරෙන තණ බිම්

3 දර කැපීමෙන් දිගින් දිගටම සිදු කෙරෙන වනාන්තර විනාශය

4 දුර්වල මට්ටමින් සිදු කෙරෙන වාරිමාර්ග ක‍්‍රම

ඊට සමගාමීව පහතින් එන කාරණා ද ලෝක කාන්තාරකරණය ට අනුබල සපයන්නේ යැයි හඳුණාගෙන තිබේ.

635839976367406184-TDSBrd-11-22-2015-DesertSun-1-A001--2015-11-22-IMG-MAIN-Farmworker-Day-1-1-SVCEUR7O-L704229684-IMG-MAIN-Farmworker-Day-1-1-SVCEUR7O.jpg

1 වන ආවරණ කිසිදු සොයා බැලීමකින් තොරව ඉවත් කිරීම
2 අධික ජනගහන ව්‍යාප්තිය
3 තේරුමක් ඇතිවත් නැතිවත් ගස්වැල් කපා හෙලීම
4 මිහිතලය උණුසුම් වීම හා බැ\ුණු සාධක

1930 වන විට අප‍්‍රිකාවේ සහරා කාන්තාරය දකුණු දෙසට ව්‍යාප්ත වෙමින් ඇතැයි හ\ුණා ගත්තත් ඒ සම්බන්ධයෙන් පිලිගත් මට්ටමින් අවධානය යොමු කොට කටයුතු කිරීමට ජගත් ප‍්‍රජාව අසමත් වීම අද දවසේ විවේචනයට ලක් වෙමින් තිබේ. එය බරපතල අන්දමේ නොසැළකිල්ලක් ම විය. ඉන් වසර 40 කට පසුව එනම් 1970 වසරේදීත් යළිත් ඒ තත්වය වැඩි දියුණු වෙමින් තිබෙනුු දැකිය හැකි විය. පසුව මෙ ගැන පෙරට වඩා අවධානය යොමු වීම හේතු කොට ගෙන සිදු කළ ගවේෂණයන් නිසා ලෝකයේ වෙනත් කළාප වලින් ද එවැනි තත්ව හ\ුණාගැනීමට හැකි වී තිබේ. තවත් පමා නොවී වහාම ඒ සඳහා පිළියම් යෙදිය යුතුය යන තැනට ලෝකය පැමිණෙන්නේ ඉන් පසුව ය.

චීනය නම් වනාන්තර ඝාතකයා

සිය සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් මහා පරිමාණයෙන් මතු නොව කිසිදු අනුකම්පාවකින් තොරව වනාන්තර විනාශශ කළ රටක් හැටියට චීනය හ\ුන්වා දීමේ කිසිදු වරදක් ඇතැයි නො සිතමි. ව්ශේෂයෙන්ම උතුරු චීනයේ යුලින් ප‍්‍රදේශය මෑත ඉතිහාසයේ බරපතල අන්දමින් මේ තත්වයට මුහුණ පෑ භූමි ප‍්‍රදේශයක් හැටියට සැලකේ. .මීට වසර දෙසියයකට පමණ ඉහත කාලයේ දී විශාල වනගහනයක් සහිතව පැවැති මේ කළාපය අද දවසේ ලෝක කාන්තාරකරණයට අදාළ හොඳම උදාහරණය බවට පත් වී තිබේ. එකී කාන්තාරකරණ සංසිද්ධිය හේතු කොටගෙන වීනය තුළ විනාශයට පත් වෙමින් තිබෙන ගොවි බිම් සංඛ්‍යාව හෙක්ටෙයාර් 1, 20, 000 ක් තරම් ප‍්‍රමාණයක් යැයි ගණනය කොට තිබේ. එසේ ගත් කළ උතුරු චීනය තුළ ඇති කාන්තාරකරණයට ගොදුරු වු බිම් ප‍්‍රමාණය හෙක්ටෙයාර් මිලියන 12 ක් තරම් විශාල බවත් තවදුරටත් හෙක්ටෙයාර් මිලියන අටක් තරම් ප‍්‍රමාණයකට එය ව්‍යාප්ත වෙමින් පවතින බවත් හ\ුණාගෙන තිබේ.

B9g6YrbIIAAhfHq.jpg

මෙවැනිම කණගාටුදායක තත්වයක් ශ‍්‍රී ලංකාවේ රජරට කළාපය පසුබිම් කරගෙන ද පසුගිය කාලයේදී අසන්නට ලැබිණි. අතීතයේ සිටම සශ‍්‍රික ගොවි කළාපයක් වු මෙම ප‍්‍රදේශය පසුගිය කාලයක් තිස්සේ විධිමත් පාංශු සැළැස්මකින් තොරව වාණිජ බෝග වගාවන්ට යොදා ගැනීම නිසා සශ‍්‍රික ගොවි බිම් වශයෙන් පැවැති ඇතැම් ප‍්‍රදේශයන්හි ශුෂ්ක කලාපීය ශාක ව්‍යාප්ත වෙමින් තිබෙනු දැකිය හැකි යැයි ඒ ආශ‍්‍රිතව පර්යේෂන පැවැත් වූ උද්භීද විද්‍යාඥයින් විසින් නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබ තිබේ. විශේෂයෙන් මහවැලි සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් බිහි වූ බොහෝමයක් අ¥රදර්ශි කටයුතු මෙන්ම ආශ‍්‍රිත වනාන්තර එළි පෙහෙලි කිරීම් මේ තත්වයට හේතු වී ඇති බව පැහැදිලි ය. මේ ආකාරයට ගොවිබිම් වශයෙන් පවත්නා කළාපයන්හි යට කී ආකාරයට ශුෂ්ක කළාපිය ශාක පහල වීම කොහෙත්ම හොඳ තත්වයක් නොවේ. එයින් කියැවෙන්නේ එම ප‍්‍රදේශ මතු අනාගතයේ ශුෂ්ක කළාපයක් බවට පත් වීමට හොඳටම ඉඩ ඇති බව යි. අනිත් අතට රජරට කළාපය එවැනි තත්වයකට මුහුණපානවා යැයි කියන්නේ ඒත් සමඟම ආහාර අනාරක්ෂිත අවදාම්කාරී තත්වයක් ද අප වෙනුවෙන් නිර්මාණය වෙනවා ය කියන එක යි. මේ ආකාරයට හම්බන්තොට වැනි ශුෂ්ක කළාපයන්ට ආවේණික ශාක විශේෂ රජරට ගොවිබිම් හි අර කී ආකාරයට දක්නට ලැබෙයි නම් ඒ ගැන අවධානය යොමු කිරීමට තවත් කල් පසු කළ යුතු නැත.

එපමණක් නොව කිසිදු විධිමත් සැළැස්මකින් තොරව මහවැලි කළාපයේ වනාන්තර එළි කිරීම හේතු කොටගෙන ඇතැම් වගාබිම් විනාශයට පත් වී ඇත්තේ කාන්තාරකණ තත්ව නිසාම පමණක් නොවේ. වන වන ආවරණ එසේ අවිධිමත් ලෙසින් ඉවත් කිරීම හේතු කොටගෙන සුළං හමන දිශානතීන් ද වෙනස් වීමෙන් එතෙක් බෝග වගා කළ ගොවි බිම්හි තවදුරටත් බෝග වගා කළ නොහැකි තත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙහිදී සිදුව ඇත්තේ සුළෙඟ් වේගය පාලනය කළ වන ආවරණය නැති වීම හේතුවෙන් වගා බිම්හි වවා ඇති බෝග කරටියෙන්ම කැඞී යන තත්වයක් ඇති වීම යි. ඒ ගැන ගොවීන් පවසන්නේ එවැනි සුළං සහිත කාල වකවානු වල දී බෝග තබා තණකොළයක්වත් එකී සුළෙඟ් වේගය හමුවේ ඔරොත්තු දී ගත නොහැකිව විනාශයට පත් වන බව යි.

 

පවත්නා තත්වය තුළ කාන්තාර නිර්මාණය වීම ගැන කරන ලද අධ්‍යයනයන් අනුව ඉහත ආකාරයේ හ\ුණා ගැනීම් ප‍්‍රකාශයට පත් කොට තිබේ. ඒ අනුව සීමාවකින් තොරව සිදු කෙරෙන වාණිජ බෝග වගාවන් හේතු කොට ගෙන පස නිසරු වී යැම අවසානයේදී නාන්තාරකරණයට මං පාදන්නේ යැයි හ\ුණාගෙන තිබේ. ඒ හැරුණු කළ ප‍්‍රමාණය ඉක්මවා ගස් හා වෙනත් පැළෑටි හෝ ශාක විශේෂ විනාශ කර දැමීම ද උක්ත තත්වය සඳහා හේතු වන්නේ යැයි නිරීක්ෂණය කොට තිබේ. අනිත් අතට වනාන්තර වලින් දර කැපීම හේතු කොටගෙන ද සියයට 31.08 කින් වන විනාශයක් සිදුවන බවත් ඒ නිසාම හය සුළුවෙන් නො තැකිය යුතුය යනුවෙනුත් තතු දත් පර්යේෂකයෝ පෙන්වා දෙති. මීට අදාළ අනිත් බරපතල කාරණය සීඝ‍්‍ර ජනාවාසකරණය හා නගර ව්‍යාප්තිය යි. ඒ හැරුණු කළ තද සුළං ප‍්‍ර‍්‍රවාහ හේතු කොටගෙන ගසාගෙන යන වැලි දිගින් දිගටම තවත් ප‍්‍රදේශයක තැන්පත් වීම හේතු කොට ගෙනද ලෝක කාන්තාර ව්‍යාප්තියට සියයට 5.5 ක අනුග‍්‍රහයක් ලැබී ඇතැයි හ\ුණාගෙන තිබේ.

කාන්තාරකරණයේ ලක්ෂණ

පාංශු පරිසරයේ පිරිහීම
ආක‍්‍රමණික තත්වයකින් වැලි වැටි හෝ වැලි තලා ඇති වීම
වැසි වැස පොහොසත් වී තිබු භූමි ලක්ෂණ අතුරුදහන් වීම
ලවණතාව ඉහල යෑම
වගා බිම් මෙන්ම මහා මාර්ග වලට නිතර නිතර දුවිල්ල එකතු වීම
වර්ෂාව අඩු වෙමින් නියං කාලය දිගු වීම

Drought land against sunset background

කාන්තාරකරණය පිටු දකින හරිත කළාප

නිර්දය වන සංහාරකයෙකු වශයෙන් ලෝකය හමුවේ කැත නාමයක් ඇති කරනෙ සිටින චීනය 1978 වර්ෂයේ සිට තම රට තුළ ඒ නිඑා හටගෙන ඇති කාන්තාරකරණයට විස\ුම් සොයා යමින් සිටිනු දැකිය හැකි ය. ඒ අනුව කි. මී. 7000 ක දිගින් යුත් හරිත තීරයක් වවන්නට ඔවුහු කටයුතු යෙ¥ුහ. එහි පළල කි.මී. 499 සිට 1700 අතර වේ. මහා රුක් රෝපණ කළාපයක් වශයෙන් ද හ\ුන්වා දෙන එය ආරක්ෂක කළාපයක් හැටියට ද නම් කොට තිබේ. ගොවීන් මිලියනයකගේ සහාය ඊට ලබාගෙන ඇතැය ිද ප‍්‍රථම පියවරේ දි වගා කළ ශාක විශේෂ සංඛ්‍යාව මිලියන හයක් වශයෙන් ද වාර්තා වේ. ඒ නිසාම පසුව ඔවුන් ආරක්ෂා කරගත් ගොවි බිම් ප‍්‍රමාණය හෙක්ටෙයාර් දශ ලක් 6 ක් විය.

එකී තත්වයට සාපේක්ෂව චීන විද්‍යා ඇකඩමියේ පර්යේෂණ කණ්ඩායම් කාන්තාර ප‍්‍රදේශ වගා බිම් බවට පරිවර්තනය කර ගැනීමේ ව්‍යාපෘතියක ද නිරත වූහ. ඒ අනුව ගෝබි කාන්තාරයේ සිට පර්යේෂණ පවත්වමින් වයඹ දිග කාන්තාර ප‍්‍රදේශවල ද නැවත වගා කළ හැකිදැයි සොයා බැලීමට ඔවුහු යොමු වී සිටිති.

කෙසේ වුව ලෝකය කාන්තාරකරණයෙන් වළක්වා ගැනීමට ඉඩම් පරිහරණයට අදාළව පවත්නා ආකල්ප හා ක‍්‍රියාකාරකම් වහාම වෙනස් කළ යුතුය කියන තැනට ද අද ලෝකය පැමිණ තිබේ. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව මේ තත්වය වඩාත් තදින් අවධානයට ගත යුතු කරුණක් බව කිව යුතු ය. විශේෂයෙන්ම සැළසුමක් නැතිව සිදු කෙරෙන කුඩා තේ වතු ව්‍යාප්තිය හේතු කොටගෙන සිංහරාජ වන පෙත ද වියළි පාරිසරික ලක්ෂණ මතු කරමින් තිබෙන බව කලින් අවස්ථාවක දී සිංහරාජය ගැන ලියු ලියවිල්ලකින් අපි පෙන්වා දුනිමු. යම් පරමාදර්ශයක් වෙනුවෙන් වෙහෙසෙන පුද්ගලයෙකුගේ අරමුණු පරාජය කළ නොහැකි යැයි වරෙක මහත්මා ගාන්ධි පැවසීය. ඒ කතාව සහතික වශයෙන්ම ඇත්තක් වුණත් අවාසනාවකට මෙන් අප ජීවත් වෙන්නේ අරමුණු රහිත පරමාදර්ශ නොහ\ුණන කාල වකවානුවක ය. එ නිසාම ඛේදවාචකකය නිර්මාණය වෙමින් පවතින්නේ අපේ ගේ දොරකඩමය.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s